(නිමල කොඩිතුවක්කු)

පසුගිය වසරේ නොවැම්බර් මාසය දක්වා ජීවන අංකය වැඩිවීමට අනුව රාජ්‍ය සේවකයන්ගේ වැටුප තවත් රුපියල් 5697කින් වැඩිවිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද (22) පැවසීය.

රාජ්‍ය සේවය කප්පාදු කළ රනිල්, මෛත‍්‍රි, රාජපක්ෂ කණ්ඩායම්වලට රාජ්‍ය සේවකයන්ගෙන් ඡන්දය ඉල්ලීමේ අයිතියක් නොමැති බවද ඔහු කියා සිටියේය.

බත්තරමුල්ල පැලවත්ත ප‍්‍රදේශයේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණු ප‍්‍රධාන කාර්යාලයේ දී  පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.