(ඩබ්. ඒ. පියතිලක)

‘‘යහපාලන ආණ්ඩුව හරියට එළ හරකයි මී හරකයි බැඳලා හානවා වාගේ. බැඳුම්කර සිද්ධියත් එක්ක මෛති‍්‍රපාල සිරිසේන ජනාධිපතිට වෙලා තියෙන්නේ  ගෙදර ගියොත් අඹු නසී. මග සිටියොත් තෝ නසී වාගේ වැඩක්. හරක් දෙන්නා දෙපැත්තට අදිනවා වාගේ කිසි සමගියක් නෑ. ජනතාවට වැඩකුත් නෑ. වැඩිකල් යන්න කලින් අපි විශ්වාස භංගයක් ගේනවා. ඇතැම් විට පෙබරවාරි 10යට  කලින් රටේ අගමැති මහින්ද රාජපක්ෂ වෙන්න පුඑවන්‘‘ යැයි නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී.රත්නායක මහතා පැවසීය.

‘‘දැන් මතට තිත වෙනුවට මේ හවුල් ආණ්ඩුවෙන් දුන්න සහන තමයි කාන්තාවන්ටත්  බාර්වලට ගිහින් බොන්න පුඑවන්  බාර් රෑ 10 වෙනකං ඇරලා තියන්න පුළුවන්. මේක ද ජනතාව බලාපොරොත්තු වු වෙනස‘‘ යනුවෙන් ද මන්ත්‍රීවරයා කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග වදින අපේක්ෂකයින් සංවිධානය කළ ජනහමුවකට පොළොන්නරුව නව නගරයේ දී එක්වෙමිනි.