ජයන්ත සමරකෝන්
 
මෛත්‍රී - මහින්ද  එකතුවකින් මිස මෙම ආණ්ඩුව ගෙදර යැවිය නොහැකි යැයි ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසීය.


කවුරු විරුද්ධ වුවත් වහාම සිදුවිය යුත්තේ මෙම නායකයින් දෙදෙනා එකතුවීම බවද , එසේ නොමැතිව පාර්ලිමේන්තුව විසුරුවා හැර නව රජයක් පිහිටුවීමට නොහැකි වන බවද මන්ත්‍රීවරයා කීය.


බොරැල්ල, ආචාර්ය ඇන්.එම් පෙරේරා කේන්ද්‍රයේ අද (1) පැවති ප්‍රතිපත්ති සාකච්ඡාවේ දී මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.