(දයාරත්න ඇඹෝගම)

මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් නව රජයක් පිහිටුවා මසක් යන්නටත් ප්‍රථමයෙන් පොහොර මිටියක් යළිත් රුපිවල් 350/- ගොවියන්ට ලබා දිමට පියවර ගන්නා බව අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්.චන්ද්‍රෙස්න මහතා අද (16) හල්මිල්ලේ පැවැති ජන හමුවක දී පැවසීය. 

මේ ආණ්ඩුව මේ අවුරුදු තුනට මොනවද කරේ.මහ බැංකුව කැඩුවා.ඊයේ පෙර්දා රනිල් වික්‍රමසිංහ මහත්තයා දඟලපු හැටි ටී.වී. එකේ දකින්න ඇති නේද.තමුන්නාන්සේලා දකින්න ඇතිනේ.හොරා හොරා කිය කියා දඟලපු  දැඟලිල්ල.ඒ වගේ මහ බැංකුව කැඩුවා. ඊලගට තමුන්න්නසේලාගේ පොහෙර සහනාධාරය සම්පූර්ණ කපා හැරලා දැම්මා.

අද පොහොර මිටියක් ගන්න නෑ. අද කුඹුරු විනාශවෙමින් පවතිනවා. කන්න කිහිපයක් වර්ෂාව නැතුව ඉඳලා ඉඳලා ලැබුණු වර්ෂාවෙන් යම් කිසා ප්‍රමාණයක් වගා කරගත්තා. ඒවාත් අද වෙනකොට විනාශ වෙලා ඉවරයි. වැස්සත් නෑ. පොහොරත් නෑ. ඒනිසා අද මේ ආණ්ඩුවෙන් සිද්ධ වෙන්නේ තමුන්නාස්සේලාගේ බෙල්ල කැපීම පමණයි යැයි චන්ද්‍රසේන මහතා වැඩිදුරටත් කීවේය.

මෙම අවස්ථාවට උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය  එස්.එම් රංජිත් සමරකෝන්, හිටපු සභාපති ටී.එම් ආර්. සිරිපාල,පළාත් සභා මන්ත්‍රී උපාලි විජේකෝන් යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.