(අංජුල මහික වීරරත්න)
 
දෙවැනි පෙළ නායකයන්, අනාගත නායකයන් මේ යැයි පෙන්විය හැකි එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොත මුලස්ථානයේ දී අද (24) පැවැසීය.


වෙනත් කිසිම පක්ෂයකට එවැනි හැකියාවක් නොමැති බව කී අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලකාවේ එවැනි පක්ෂයක් තිබේ නම් පෙන්වන්නැයි අභියෝග කළේය. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුයේ එක්සත් ජාතික පක්ෂයේ අභිනව  ජාතික සංවිධායක ලෙස  වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා වැඩ බාර ගැනීමේ උත්සවය අමතමිනි.


මෙහිදී අදහස් දක්වමින් අභිනව ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා පැවසුයේ තම පියා තමාට ඉගැන්වූ පාඩම අනුව පාක්ෂිකයා අමතක නොකර ඔවුන් සමඟ ඉදිරි ගමනක් යන බවයි. ඒ අනුව ඉදිරි මාස තුන හතර එක්සත් ජාතික පක්ෂයට ඉතා වැදගත් වකවානුවක් වනු ඇති බවද නවීන් දිසානායක මහතා කීය.