ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ

70 දශකයේ මේ රට ආණ්ඩු කළ සිරිමා බණ්ඩාරනායක අගමැතිනියත් ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයාත් හැර මේ රට පාලනය කළ අනෙක් සියලුම ආණ්ඩු ක්‍රම යන්නන් වාලේ කළ බොරු ෂෝක්  ආණ්ඩු ක්‍රම යැයි මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේ දී අද (10) පැවසීය.

අටවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය ආරම්භ කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පැවති කල් තැබීමේ විවාදයට එක්වෙමින් ඒ බව පැවසු ඇමැතිවරයා මෙසේ ද කීය.

ලෝකයේ ආණ්ඩු ක්‍රම තුනක් තිබෙනවා. පළමුවැන්න විද්‍යානුකූල ආණ්ඩු ක්‍රමය දෙවැන්න ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු  ක්‍රමය තුන්වැන්න යන්නත් වාලේ කරන බොරු ෂෝක් ආණ්ඩු ක්‍රමය නැත්නම් දේශපාලනය

පසුගිය වසර 7 තුළ මේ රට පාලනය කළ දෙදෙනකු හැර අනෙක් සියලු දෙනාම මේ රට පාලනය කර තිබෙන්නේ බොරු ෂෝක් ආණ්ඩු ක්‍රමයයි.1970 සිට 75 දක්වා සිරිමා බණ්ඩාරනායක අගමැතිනියත් 77 දී ජේ .ආර්.ජයවර්ධන ජනාධිපතිතුමාත් මේ රට ආණ්ඩු කළේ විද්‍යාත්මක ආණ්ඩුක්‍රම මතයි ප්‍රතිපත්ති දෙකක සිට වුවත් එය කළ මැතිනියගේ ක්‍රමය අසාර්ථක වුවත් වෙනත් රටවල් 3 ක්‍රමය අනුගමනය කර දියුණු වී තිබෙනවා.