(එෆ්.අස්ලම්)

උතුරු නැගෙනහිර පළාත් සංවර්ධනය කිරීමේ ජනාධිපති කාර්යංශයට දෙමළ ජාතික සන්ධානය සම්බන්ධ වීම ජාතික  ප්‍රශ්නයට ස්ථීර දේශපාලන විසදුම් ගෙන ඒමේ උත්සහායට කිසිදු බලපෑමක් අත් නොවන බව එම සන්ධානයේ නායක විපක්ෂනායක ආර්.සම්පන්ධන් මහතා සදහන් කළේය.

ජනාධිපති කාර්යංශයේ අඩුපාඩු පෙන්වා දී ඒවා නිවැරදි කිරීම දෙමළ නියෝජිතයින් වන තමන්ගේ වගකීම බවත් එතුළින් දෙමළ ජනතාවගේ ගැටළුවලට විසදුම් ගෙන ඒමේ හැකියාවක්ද පවතින බවත් විපක්ෂනායකවරයා අවධාරණය කළේය

උතුරු මහ ඇමති සී.වී.විග්නේෂ්වරන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් උතුරු නැගෙනහිර සංවර්ධනය කිරීමේ ජනාධිපති කාර්යංශයට එක්වීමට ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පලකරමින් විපක්ෂනායකවරයා මේ බව අවධාරණය කළේය

තවද මෙම කාර්යංශය හා එක්වීම තුළින්  දේශපාලන  විසදුම් ගෙන ඒමේ උත්සහාය සාර්ථක කරගැනීමටද හැකිවනු ඇතැයි තමන් විශ්වාස කරන බවද කීය.

මෙම කාර්යංශයේ රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද  (27) රැස්වීමට නියමිතව ඇති අතර දෙමළ ජාතික සන්ධානයද මෙම රැස්වීම හා සහභාගී වීමට නියමිතය