(නාලක සංජීව දහනායක)

නිවාස ව්‍යාපෘතියක් සඳහා අනුරාධපුර ඉපලෝගම ප‍්‍රදේශයේ පුරාවිද්‍යා භුමිය විනාශකිරීමේ වගකීම භාරගෙන නිවාස අමාත්‍යවරයා තනතුරින් ඉල්ලා අස්විය යුතු බව  පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

එමෙන්ම මෙම විනාශයට සම්බන්ධ වූ සියල්ලන්ටම පුරාවිද්‍යා පනත අනුව උපරිම දඬුවම් දිය යුතු යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවැසීය.

නිදන් වස්තු ටික මංකොල්ල කන්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙන් කර තිබූ භූමියක නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කළා. සම්පූර්ණයෙන්ම විනාශ කළ පසුව මේ ප‍්‍රදේශය නැවත නිර්මානය කරන්න බැහැ. මේ අපරාධයට රජය සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි. නිලධාරීන් දෙන්නෙක්ගේ වැඩ තහනම් කිරීමෙන් නොනැවතී මේ විනාශයට සම්බන්ධ සියල්ලන්ටම පුරාවිද්‍යා පනත අනු උපරිම දඬුවම් දිය යුතු යැයි ද කීය.

ඒකාබද්ධ විපක්‍ෂය විසින් බොරැල්ල, ආචාර්ය එන්.එම් පෙරේරා කේන්ද්‍රයේ අද (10) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.