සුජිත් හේවාජුලිගේ
 
ශ්‍රි ලංකාවට හිට්ලර්ලා වැනි මිනීමරු නායකයන් කිසිසේත්ම අව‍ශ්‍ය නැතැයි මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමෝ පැවසුහ.
 
හිට්ලර් යනු මිලියන හයකට වැඩි පිරිසක් ඝතනය කරපු මිනීමරු නායකයකු බවත් මේ රටට අවශ්‍ය වන්නේ ප්‍රජාත්‍රන්ත්‍රවාදය අගයන ජනතාවගේ හද ගැස්ම තේරුම්  ගත් නායකයකු බවත් උන්වහන්සේ කීහ.
 
රදගුරුතුමන් මේ බව පැවසුවේ කොළඹ රදගුරු නිවසේදී අද (12) පැවති ප්‍රවෘත්ති සකාච්ඡාවේදීය.