නිමල කොඩිතුවක්කු
 
යහපාලන ජාතික රජය වසර තුනක් තිස්සේ ජනතාව මුලා කරමින් රට අගාධය කරා ගෙන ගිය වැඩපිලිවලට තිත තැබීමේ අවස්ථාව ජනතාවට උදාවී ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණී ලොකුගේ මහතා අද(14) පැවසීය.
 
ආර්ථික, සංවර්ධන හා සමාජීය වශයෙන් පිරිහුණු රට යළි නගා සිටුවීමට අවස්ථාව ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමට පමණක් බවද ඔහු කියා සිටියේය.
 
බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.