(නාලක සංජීව දහනායක)

ඉදිරියේදී පැවැත්වීමට නියමිත සියලූම මැතිවරණ සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් නෙළුම් පොහොට්ටුව ලකුණින් තම පක්‍ෂය තරග කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජි.එල්. පීරිස් මහතා අද (14) පැවැසීය.
       
තම පක්‍ෂය මැතිවරණයක් සඳහා ඕනෑම මොහොතක සූදානම් බවත් මැතිවරණවලට ඉදිරිපත් වීමට කිසිම ප‍්‍රමාදයක් නැතැයිද  මහාචාර්යවරයා කීය.
             
මහාචාර්යවරයා මෙසේ ද සඳහන් කළේය.
 
19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මඟින් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න බැහැයි කිව්වට පාර්ලිමේන්තුව තුළ රජයට එරෙහිව මතයක් හැදුවොත් ඕනෑම මොහොතක  පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුළුවන්. පොදුජන පෙරමුණේ අපි ඕනෑම මොහොතක මැතිවරණයකට සූදානම්. 
 
අපේ අනන්‍යතාවය ආරක්‍ෂාකර ගනිමින් හිටපු ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් නෙළුම් පොහොට්ටුව ලකුණින් මැතිවරණ සඳහා ඉදිරිපත් වෙනවා යැයිද කීය.