( නිමල් අල්ගෙවත්ත )

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයට හිමි ඇමති ධුරය අහිමි කිරීම යහපාලන ආණ්ඩුවේ අවසන් ගමනේ පළමු මළ බෙරය බව දකුණු පළාත් සභාවේ හිටපු ක්‍රීඩා ඇමති වීරසුමන වීරසිංහ මහතා පවසයි.

සිය අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමෙන් පසු අද (13) ගාල්ල දක්ෂිණපාය අමාත්‍යංශ සංකීරණයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කීය.

“මම ඉවත් කරලා කියලා නම් තවම මට නිල වශයෙන් දැනුම් දීලා නෑ.  මමත් මේක දැනගත්තේ මගේ ෆෝන් එකට ආපු එස්.එම්.එස්. එකකින්.  මොනවා වුනත් මම ආඩම්බරයෙන් මෙතනින් ගැලවිලා යනවා. මට දුෂණ චෝදනාවක් කරලා ඒවා ඔප්පු වෙලා මේක ඉවත් කරා නම් මට මේ ගැන දුකක් නෑ. මේ ඉවත් කිරීම කරේ එජාපයේ මන්ත්‍රීගේ කීමට. පසුගිය දවස් ටිකේ පත්තරවල මේ ගැන ගියා. එජාපයේ අයට තමයි මේ උවමනාව තිබුණේ. මේ අද මෛත්‍රීපාල ජනාධිපතිවරයා කරේ එජාපයේ උවමනාව. විශ්වාසභංගයකින් කරන්න බැරි දේ තමයි මේ කරේ. එජාපයේ උවමනාව ඉටු කරන්න මගේ ඇමති කම නැති කරා. එජාපයේ උවමනා ඉටු කරන ශ්‍රීලනිපයේ නායකයාට කියන්න තියෙන්නේ මේ ගැන ලැජ්ජයි, ලැජ්ජයි , ලැජ්ජයි කියලා.‍“ යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.