IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මේ ආණ්ඩුව පෙරළන්න කියලනේ ජනතාව තීන්දුව දීල තියෙන්නේ

 

පළාත් පාලන මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කරගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් විය. මේ ඒ ජයග්‍රහණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රෝහණ රාජපක්ෂ මහතා සමඟ කළ සාකච්ඡාවකි.   


ප්‍රශ්නය:- කොහොමද ඡන්ද ප්‍රතිඵලය?   
පිළිතුර:- අතිවිශිෂ්ටයි. අපි මුල ඉඳලම මේ ජයග්‍රහණය දැක්කා. මේ සම්බන්ධයෙන් අපි අනාවැකි කිව්වා. අපි ඒවා කිව්වෙ නිකම් නොවෙයි. විද්‍යාත්මක විශ්ලේෂණ හරහා තමයි අපි එහෙම කිව්වේ. අපි මුලින්ම කිව්වා ප්‍රාදේශීය සභා 160 ගාණක බලය ගන්නව කියලා. අවසන් සතිවල කිව්වා 250-325 අතර ප්‍රමාණයක් ගන්නවා කියලා. ඒ වගේම කිව්වා කොට්ඨාසවලින් සියයට 70 ක් දිනනවා කියලා. ඒ සංඛ්‍යාව අපි ළඟා කරගත්තා. ඒ අතර අපිට තව ඉලක්කයක් තිබුණා. ලංකාවේ දිස්ත්‍රික්ක 25 න් දිස්ත්‍රික්ක 13 ක් හෝ 14 ක් දිනන්න ඕනා කියලා. ඒකත් අපි ලබා ගත්තා.   

 


ප්‍රශ්නය:- තිබුණේ පළාත් පාලන මැතිවරණයක් වුණාට ප්‍රතිඵලවලින් පස්සේ ආණ්ඩු වෙනසක් ගැනත් කතා වෙන්න පටන් ගත්තා?   
පිළිතුර:- මේ මැතිවරණයේදී අපට ඉලක්ක තුනක් තිබුණා. පළමු වැනි එක තමයි සභාවල අවුරුදු 4 ක පාලනය අපේ සභිකයන් අතට ගන්න. මේ අලුත් මැතිවරණ ක්‍රමය යටතේ කොට්ඨාසයකට නියෝජිතයෙකුත් සභාවට නියෝජිත මණ්ඩලයක් පත්කර ගැනීම. දෙවැනි ඉලක්කය තමයි මේ ආණ්ඩුවට අවුරුදු තුනකුත් මාසයක් ගිය තැන තියන මේ ඡන්දය මේ ආණ්ඩුවට එරෙහි ජනමත විචාරණයක් බවට පත්කර ගැනීම. මේ ආණ්ඩුවේ නොහැකියාව කොයිතරම්ද කියන එක ජනතාවගෙන්ම පෙන්වන්න. තුන්වැනි කාරණය තමයි මේ ආණ්ඩුව ඉදිරියට කරන්න හිතාගෙන ඉන්න විනාශකාරී දේවල් ජනතා විරෝධී සමාජ විරෝධී දේවල් නතර කර ගැනීම. ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙන ඒම, ජාතික සම්පත් විකිණීම රටට ආර්ථික වශයෙන් ඉතාම අවාසිදායක එට්කා වගේ ගිවිසුම් නතරකර ගැනීම. ඒ වගේම සමාජ විරෝධී, සංස්කෘතික විරෝධී දේවල්. විශේෂයෙන්ම අපේ හැදියාවට පහර ගහන කාන්තා නිදහසේ මුවාවෙන් කාන්තාවන්ගේ ගරුත්වයට හානි කරන දේවල්. සමලිංගික විවාහ වගේ දේවල් නතර කරගැනීම. මේ ඉලක්ක තුන තමයි අපට ජය ගන්න තිබුණේ. මේක ප්‍රාදේශීය සභා ඡන්දයක් වුණාට ආණ්ඩුවේ ගමන් මග හා පැවැත්ම තීරණය කරන ඡන්දයක් බවට පෙරළා ගන්න අපට අවශ්‍ය වුණා. අපි ඒ ඉලක්කය ඉතාම හොඳින් ජයග්‍රහණය කරලා තියෙනවා. ආණ්ඩුව බරපතළ විදියට දෙදරුම් කාලා තියෙනවා. මේ තත්ත්වය මහජනයා බලාපොරොත්තු වෙච්ච දෙයක්. ඒක තමයි මේ ඇතිවෙලා තියෙන්නේ.   

 


ප්‍රශ්නය:- යම් ​ෙද්ශපාලන වෙනසක් වෙනවා නම් පොදුජන පෙරමුණේ ස්ථාවරය මොකක්ද?   
පිළිතුර:- ප්‍රායෝගික වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් නොමැත. අපට ඉන්නේ ප්‍රාදේශීය සභා හා නගර සභා මන්ත්‍රීවරුන් විතරයි.   

 


ප්‍රශ්නය:- එතකොට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්?   
පිළිතුර:- ඔව්. අපිත් සමඟ සන්ධානගත වුණු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් ඉන්නවා. ඒක බොහොම බලගතු කණ්ඩායමක්. අර මම මුලින් කියපු මේ ආණ්ඩුව ඉදිරියට කරන්න හිතාගෙන ඉන්න රටට ඉතාම අහිතකර හා විනාශකාරී ක්‍රියාමාර්ග නතර කරගන්න ඒ මන්ත්‍රී කණ්ඩායම ඒ වෙනුවෙන් ගත යුතු ඕනෑම ක්‍රියාමාර්ගයක් ගන්න සූදානම්. ඒ වගේම ඉදිරියේදී ඉතාම ඉක්මනින්ම මහ මැතිවරණයක් ලබාගත යුතුයි.   

 


ප්‍රශ්නය:- ජනාධිපති මෛත්‍රී ආරාධනා කළොත් ඒකාබද්ධ විපක්ෂයෙ මන්ත්‍රී කණ්ඩායමට ආණ්ඩුවක් පිහිටුවන්න. ඔවුන්ගේ ස්ථාවරය?   පිළිතුර:- මෙතැන අපට ගැටලු 2 ක් තියෙනවා. ප්‍රාදේශීය සභා මැතිවරණයේදී අපට එකට ඉල්ලන්න බැරි වුණ ප්‍රධාන හේතුව වුණේ ඔවුන් යූඑන්පියත් එක්ක ආණ්ඩු කිරීමනේ. අපි ඔවුන්ට කිව්වා ‘එන්න එළියට’ කියලා. ඒක තමයි අපේ ප්‍රධාන කොන්දේසිය. දැන් එක්සත් ජාතික පක්ෂය ඉවත් කරලා තනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවනවා නම් ජනතා විරෝධී, රටට අහිතකර දේවල් නොකරනවා නම් මං හිතන්නේ නෑ ඒකට විරුද්ධ වෙන්න අපේ මන්ත්‍රී කණ්ඩායමට හේතුවක් තියෙනවා කියලා.   

 


ප්‍රශ්නය:- එහෙම සහාය දෙනවා නම් කොන්දේසි තියෙනවද? අගමැතිකම මහින්ද රාජපක්ෂට දිය යුතුයි වගේ?   
පිළිතුර:- නෑ... නෑ.. එහෙම කොන්දේසි නෑ. එහෙම කොන්දේසි දාන්න අවශ්‍ය නෑ. අපට ඕනෑ මේ ජනතා ද්‍රෝහී වැඩපිළිවෙළ නතර කරගන්නයි. ජනතා ද්‍රෝහී වැඩ කරන්න වැඩියෙන්ම පෙරමුණ ගන්නෙ එක්සත් ජාතික පක්ෂයෙන්, ඒ වැඩපිළිවෙළින් සපුරා ඉවත්වීම තමයි ජනතාවගේ කොන්දේසිය.   

 


ප්‍රශ්නය:- මේ මැතිවරණයෙන් අගමැති රනිල් වගේම ජනාධිපති මෛත්‍රීත් ජනතාව ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ පරිසරය තුළ ඔය දෙන්නගෙන් කා ළඟ හිටගත්තත් ඔබේ පොහොට්ටුවට ඡන්දය දීපු ජනතාවට පිටුපෑමක්?   
පිළිතුර:- අපි කිසිම සන්ධානගත වීමක් වෙන්නේ නැහැනේ. අපි මේ කතාබහ කරන මොහොත වන විට ඔවුන් සමඟ සන්ධාන රජයකට යන්න කිසිම සූදානමක් නෑ.   

 


ප්‍රශ්නය:- යහපාලන ආණ්ඩුව දිගටම යයි කියලා ඔබ විශ්වාස කරනවා?   
පිළිතුර:- එතැනත් ප්‍රශ්නයක් තියෙනවා. මෛත්‍රීපාල ජනාධිපතිතුමා සහ එක්සත් ජාතික පක්ෂය අතර තිබෙන ගැටුම ඇත්තක්මද කියන සැකය තියෙනවා. මේක මේ මගේ පෞද්ගලික මතය. මැතිවරණ කාලෙන් පස්සේ එකතුවෙලා යයි කියලා තමයි විශ්වාස කරන්න වෙන්නේ. මැතිවරණ කාලෙදි දෙපාර්ශ්වයම ගැටුම්කාරී තත්ත්වයක් පෙන්නුවානේ. ඒ තත්ත්වය ඊට පහුවදාම අමතක කරලා මුකුත් වුණේ නෑ වගේ එකට ඉන්නත් බැහැනේ. කිරිඇල්ල කිව්වා වගේ ආදරවන්තයෝ වෙන්න බැහැනේ එක පාරටම. ඒකට පොඩි ඉන්ටවල් එකක් ගන්න අවශ්‍යයිනේ. මේ ඒක තමයි ගන්නේ කියලා තමයි අපිට සැක කරන්න වෙන්නේ. පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරලා නැවත එකට යන්න ඉඩ තියෙනවා. ඒක එක මතයක්. තව මතයක් තියෙනවා මේ ජනතාව ප්‍රතික්ෂේප කරපු ආණ්ඩුව තරමක් දුරට හෝ වෙනස් කරලා ඡන්දයකට යනකම් එකට යන්න. ඔය අවස්ථා දෙකෙන් එකක් තමයි වෙන්න තියෙන්නේ.   

 


ප්‍රශ්නය:- මන්ත්‍රී වාසුදේව නානායක්කාර කියලා තිබුණා චමල් රාජපක්ෂ අගමැති කරලා ආණ්ඩුවක් හදමු කියලා.   
පිළිතුර:- එතුමා ඒ මතය ප්‍රකාශ කරලා තිබුණා වගේම උපක්‍රමයක් හැටියට ආණ්ඩුවෙන් යූඑන්පිය ඉවත් කිරීමට ඒ වගේ ක්‍රියාමාර්ගයක් ගැනීම සුදුසුයි කියලා යෝජනාවක් තිබුණා.   

 


ප්‍රශ්නය:- ඒ ගැන සැලකිල්ලක් නෑ.   
පිළිතුර:- නෑ නෑ ඒ ගැනත් සලකා බැලුවා. නමුත් අවසන් තීන්දුවකට ආවේ නෑ. තවදුරටත් සාකච්ඡා කරලා සුදුසු පියවර අරගන්න මහින්ද රාජපක්ෂ මැතිතුමාට අවස්ථාවට දෙන්න තීරණය කළා.   

 


ප්‍රශ්නය:- 2015 ජනාධිපතිවරණයෙන් පස්සේ හිටපු අගමැති ඉවත් කරලා අලුත් අගමැති කෙනෙක් පත් කරගෙන අලුත් ආණ්ඩුවක් හැදුවා. ඒක නීති විරෝධී මෙන්ම සදාචාර විරෝධී බවයි එදා ඔබලා කිව්වේ. එහෙම නම් ඇයි නරක පූර්වාදර්ශම ගළපා ගන්න හදන්නේ.   
පිළිතුර:- නෑ නෑ ඒ ආදර්ශ නොවෙයි මෙතැනදි ගන්නේ. මේ ආණ්ඩුව ජාතික ආණ්ඩුවක්නේ. පාර්ලිමේන්තුවේ තියෙන ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කරල ජාතික ආණ්ඩුවක් හැටියට නම් කරලා ව්‍යවස්ථාවේ තියෙන ඇමැති මණ්ඩලයේ සීමාව ඉක්මවල ඇමැති මණ්ඩලයක් පත් කරගෙන ආපු ආණ්ඩුවක්. එතකොට මේ ආණ්ඩුව තියෙන්නේ පාර්ලිමේන්තුවේ සම්මත වුණු යෝජනාවට අනුවයි. ඒකෙන් එක පාර්ශ්වයක් ඉවත් වෙච්ච හැටියෙම ඒ ආණ්ඩුව ඉබේම විසිරෙනවා. අගමැතිවරයා යනවා. ඇමැති මණ්ඩලය යනවා. ඊට පස්සෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හැටියට ජනාධිපතිවරයාට පුළුවන් සුදුස්සෙකු අගමැති කරන්න. එහෙම තත්ත්වයක් නොවෙයි එදා තිබුණේ. මේ තියෙන තත්ත්වය තුළ ජනාධිපතිවරයාට බලය තියෙනවා සුදුස්සෙකු අගමැති ධුරයට නම් කරන්න. නිමල් සිරිපාල වෙන්න පුළුවන්, චමල් රාජපක්ෂ වෙන්න පුළුවන්, රනිල් වික්‍රමසිංහ හරි අනුර කුමාර හරි සම්බන්ධන් හරි පත් කරන්න පුළුවන්. පත්කරන කෙනා කවුරු වුණත් එයාට පාර්ලිමේන්තුවේ බහුතර බලය තිබිය යුතුයි.   

 


ප්‍රශ්නය:- පාර්ලිමේන්තුව ඇතුළේ ඔළුගෙඩි එහාට මෙහාට කර ආණ්ඩුවක් හදන එක සදාචාරාත්මකද?   
පිළිතුර:- ඔව්. ඒක සදාචාරාත්මක නෑ. අපේ පක්ෂය නම් ඉන්නේ ඡන්දයකින් මේ රටේ බලය ගන්න. ඒක තමයි අපේ පැහැදිලි ගමන. නමුත් මේ ආණ්ඩුව දෙදරවා හැරීම සඳහා අපට කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ඒක කරන්න ඕනෑ.   

 


ප්‍රශ්නය:- දැන්ම මහ මැතිවරණයකට යන්න බෑ. තව අවුරුදු දෙක හමාරක් තියෙනවා?   
පිළිතුර:- එතෙක් නරක අයගෙන් අඩු නරකක් තියෙන අයත් එක්ක වැඩේ යනවා නම් හොඳයි.   

 


ප්‍රශ්නය:- පොහොට්ටුවට ඡන්දය දුන්න ජනතාව ඒ තීන්දුව අනුමත කරයිද?   
පිළිතුර:- ජනතාව අනුමත කරලනේ තියෙන්නේ. මේ ආණ්ඩුව පෙරළන්න කියලනේ ජනතාව තීන්දුව දීල තියෙන්නේ.   

 


ප්‍රශ්නය:- ආණ්ඩුව කිව්වම යූඑන්පිය විතරක් නොවෙයි?   
පිළිතුර:- ඔව් ඒක හරි. දෙගොල්ලොම ඉන්නවා තමයි. ආණ්ඩුව කියන්නේ ඔය පක්ෂ දෙකම එකට එකතු වුණාම. එයින් එකක් ගියාම එතැන ආණ්ඩුවක් නෑ.   

 


ප්‍රශ්නය:- ඔබ වැඩිම නපුරා හැටියට දකින්නේ යූඑන්පිය?   
පිළිතුර:- ඔව්. අපේ බණ්ඩාරනායක මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනගද්දී යූඑන්පී විරෝධී පක්ෂයක් හැටියටනේ ගොඩනැගුවේ. ඒ වගේම අපේ පක්ෂයත් ගොඩනැගුනෙම මේ ආණ්ඩුවට විරුද්ධව. මේ ආණ්ඩුවට විවිධ මට්ටමින් සම්බන්ධ වෙච්ච පාර්ශ්ව ඉන්නවා. එයින් යූඑන්පී ප්‍රතිපත්ති රටට හිතකරම නෑ. හැබැයි අපි දන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති අවංක ලෙස ක්‍රියාත්මක කරනවා නම් ඒක හොඳයි අරකට වැඩිය.   

 


ප්‍රශ්නය:- ඇමැති රාජිත එහෙම කියන්නේ මහින්ද රාජපක්ෂගේ ඡන්ද මේ පාරත් අඩුවෙලා කියලයි?   
පිළිතුර:- ඒ ගැන මට කියන්න තියෙන්නේ මේ ඡන්දෙන් ඒගොල්ලෝ දිනලා නම් තියෙන්නේ ඒ වගේ ජයග්‍රහණ තව තවත් ලැබේවා කියලයි අපි ප්‍රාර්ථනා කරන්නේ.   

 


ප්‍රශ්නය:- කොහොම වුණත් ජනාධිපතිවරණයේදී මහා මැතිවරණයේදී ගත්ත ඡන්ද සංඛ්‍යාවට වඩා මේ පාර මහින්ද කඳවුරේ ඡන්ද අඩුයි.   පිළිතුර:- අඩුයි නොවෙයි. කොළඹ දිස්ත්‍රික්කය ගන්න. ඒ ඔය ඔබ කියපු ඡන්ද දෙකේදීම අපි පරාදයි. නමුත් මේ පාර කොළඹ අපි දිනුම්. ගම්පහ දිස්ත්‍රික්කය දෙලක්ෂ අසූදාහකින් අපි වැඩියි. පොළොන්නරුව ගන්න. ඒක හරිම වැදගත්නේ. ඒකත් අපි දිනුම්.   

 


ප්‍රශ්නය:- මේ ඡන්දෙදිත් සුළු ජාතික ඡන්ද දිනාගන්න පොහොට්ටුව අසමත්?   
පිළිතුර:- අපේ පක්ෂයේ නියම ව්‍යුහය හදාගෙන ගියේ ග්‍රාමසේවක වසම් දාහතර දාහෙන් දොළොස් දාහකයි. ඊට පස්සෙ අපි තීරණය කළා උතුරු - නැගෙනහිර තියෙන අනිත් දෙදිහාටත් ඇතුළු වෙන්න ඕනෑ කියලා. ඒ වෙනකොටම තමයි මේ මැතිවරණය අපට ලැබුණේ. අපි ඒ පළාත්වල සංවිධාන පිහිටුවන්නත් කලින් අපිට ලොකු ඉල්ලුමක් තිබුණා. ඒ නිසා අපි ඉදිරිපත් වුණා. ඉදිරියේදී අපි සම්පූර්ණ වෙර දාලා ඒ පළාත් සංවිධානය කරනවා.   

 


ප්‍රශ්නය:- ඡන්දයෙන් පස්සේ ආණ්ඩුවේ ප්‍රබලයන් කතා කළාද?   
පිළිතුර:- මම නිල වශයෙන් කා එක්කවත් කතා කළේ නෑ. එක්සත් ජාතික පක්ෂයේ කිසිම කෙනෙක් හම්බ වුණේ නෑ.   

 


ප්‍රශ්නය:- නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ ඇමැතිවරුන් දෙන්නෙක් ඔබව මුණ ගැහුණා.   
පිළිතුර:- ඔව්. එස්.බී. දිසානායක ඇමැතිතුමා සුසිල් ප්‍රේම්ජයන්ත ඇමැතිතුමා මුණගැහුණා. ඒ අවස්ථාවට සාක්ෂිකරුවෙක් විදියට බන්දුල ගුණවර්ධන ඇමැතිතුමත් එක් වුණා.   

 


ප්‍රශ්නය:- මොනවද කතා කළේ?   
පිළිතුර:- අලුත් තත්ත්වය ගැන තමයි කතා කළේ.   

 


ප්‍රශ්නය:- අවසන් තීරණ නෑ.   
පිළිතුර:- නෑ. සාමාන්‍ය කතාබහක් තමයි වුණේ.

සාකච්ඡා කළේ   
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්   



අදහස් (0)

මේ ආණ්ඩුව පෙරළන්න කියලනේ ජනතාව තීන්දුව දීල තියෙන්නේ

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 79 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1161 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 908 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2303 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2153 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3683 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1448 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site