IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


“මන්දිර දේශපාලනය, ජනපති වැටුප, වෙඩි නොවදින වාහන එපා“

(නිමල කොඩිතුවක්කු, සිටිනාමලුව අනීෂා මානගේ)

“ධීවර, කෘෂිකර්ම සහ සංචාරක කර්මාන්ත දියුණු කරමින් තොරතුරු තාක්ෂණය පදනම් කරගත් ශක්තිමත් ආර්ථිකයක් රට තුළ ගොඩනැගීමට කැපවන බව”, නව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා තංගල්ලේදී පැවැසීය.

“මන්දිර දේශපාලනය, ජනාධිපති වැටුප, වෙඩි නොවදින වාහන ප්‍රතික්ෂේප කර හැම අරමුදලක්ම රටේ දියුණුව වෙනුවෙන් යොදවන බවද ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් තංගල්ල නගරයේ සංවිධානය කර තිබූ ජනරැලියට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

දෙණියාය, අකුරැස්ස, හබරාදූව, රත්මලාන සහ බොරැල්ල ප්‍රදේශවලද මෙදින රැලි පැවැත්විණි.

වැඩිදුරටත් අදහස් දැක්වූ නව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීවේය.
“මොරවක සහ අකුරැස්ස ප්‍රදේශවල පැවැති රැස්වීම් කිහිපයකට සහභාගී වී මෙතැනට පැමිණියා. තවත් රැස්වීම් කිහිපයකට සහභාගී වෙන්න තිබෙනවා.  

රටේ ව්‍යාපාරික ප්‍රජාවත් සමග ප්‍රශ්න සහ උත්තර විවාදයක් අද පෙරවරුවේ පැවැත්වුණා. එයට අපේ ප්‍රතිවාදී අපේක්ෂකතුමන් සහභාගී නොවීම ගැන මා කනගාටු වෙනවා.  ඒ විතරක්ද නොවෙයි. වෙනත් කෙනකු දීපු කථාවක් පටිගත කර තමයි, ඒ අවස්ථාවේ ඔහු අදහස් ඉදිරිපත් කළේ.

මෙවර ජනාධිපතිවරණයට මා ඉදිරිපත් වෙන්නේ හම්බන්තොට  දිස්ත්‍රික්කයේ විසිපස් වසරක දේශපාලන ගමනේ යෙදිලයි. දිස්ත්‍රික් සංවිධායකකමෙන් ආරම්භ කළ දේශපාලන  ගමන ඉන්පසු හම්බන්තොට - සූරියවැව සංවිධායක බවටත්, ඉන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, නියෝජ්‍ය අමාත්‍යවරයකු, කැබිනට් අමාත්‍යවරයකු බවටත් පත්වුණා. ජනතාව මට දුන් සහයෝගය මත පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුරට පත්වෙලා අද මා යන්න පුළුවන් ඉහළම අවසාන තැනට ඇවිත් සිටිනවා.

ජනාධිපතිවරයට තව දින කිහිපයයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ වසම් 576 ම ජනතාව 2000 මහ මැතිවරණයේදීත්, ඉන් පසු 2001 දීත්, ඉන්පසු 2004 දීත්, 2010 දීත්, 2015 දීත් අවස්ථා පහකදී දෙවතාවක්ම දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරවා දුන්  හයියේ උච්ඡතම අවස්ථාවට මා දැන් එළැඹිලා.

හම්බන්තොට දිස්ත්‍රික්කයේත්  රට වටා ගිය ගමනේත්  මා ලබපු  අත්දැකීම් තුළ ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කළා. ප්‍රතිපත්ති ප්‍රකාශය සංක්ෂිප්තව ඉදිරි දින කිහිපය තුළ ඔබ අතට ලැබෙනවා.

මැතිවරණ ව්‍යාපාරයත් එක්ක මා මුළු රටේම ගමන් කළා.  මෙදා පාර සජිත් ප්‍රේමදාසට මුළු රටේම ජනතාවගේ හයිය තුළින් ඒ මහා ජනවරම ලැබෙන බවට මට දැඩි විශ්වාසයක් තිබෙනවා. ඒ වරම ලැබෙනවිට 25 වසරක් තමුන්නාන්සේලා වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම කැපකිරීම කළ මට හම්බන්තොට  දිස්ත්‍රික්කයේ තංගල්ල, බෙලිඅත්ත, මුල්කිරිගල, තිස්සමහාරාමය උඩටම උස්සා සජිත් ප්‍රේමදාසව ජයග්‍රහණය කරන්න ඔබ කැපවෙන්න ඕනෑ.

විශේෂයෙන්ම තංගල්ල නගරයේ පොඩි බෝට්ටු, තෙප්පම් වෙනුවෙන් ධීවර ප්‍රජාව සහනයක් ඉල්ලා තිබෙනවා. ලාම්පු  තෙල්වලින් රැකියා කරන කුඩා ධීවර යාත්‍රා 50,000 ක් තිබෙනවා. 16 වැනිදට මා පොදු ජනතාවගේ ජනාධිපති වනවිට ධීවර ජනතාවගේ ඉල්ලීම අනිවාර්යයෙන්ම ඉෂ්ට කරනවා.

රටේ බහුදින යාත්‍රා 3000 කට වඩා වැඩි ප්‍රමාණයක් තිබෙනවා. මෙතෙක් කල් ආදායම් බද්දෙන් නිදහස්ව තිබූ ඒ අයගේ වෘත්තියට දිගටම ඒ නිදහස දෙන්න කියා ඉල්ලීම තිබෙනවා. 16 වැනිදායින් පසු ඒ ඉල්ලීමත් අනිවාර්යයෙන්ම ඉෂ්ට කරනවා කියා මා ඔබට කියන්න කැමැතියි.

ඒ වගේම අසහනයට පත්ව සිටින සංචාරක කර්මාන්තයේ සියලුම දෙනාට අප දුන්නු සහන ඉදිරියටත් දෙනවා.

අපේ රජය තුළ ජාතික ආරක්ෂාව සහ නීතිය සාමය  අමාත්‍යවරයා විදියට සරත් ෆොන්සේකා මහතා තීන්දුකර හමාරයි.  ඒ තුළින් ශක්තිමත්  ජාතික ආරක්ෂාවක් ගොඩනැගෙන විට අනිවාර්යයෙන්ම රටේ සංචාරක කර්මාන්තය නැවත වරක් පිබිදෙනවා කියා කියන්න කැමැතියි.

ජාතික  සංචාරක ප්‍රතිපත්තියක් නිර්මාණය කර ඒ තුළින්  සංචාරක ව්‍යාපාරය ගොඩනගන්න කටයුතු කරනවා. තංගල්ල  පුරවරයේ ආරම්භ කළ නගර සංවර්ධන වැඩසටහන කඩිනමින් අවසන් කරනවා.

තංගල්ල රෝහලට තට්ටු දහයක ගොඩනැගිල්ලක් අනුමත   කර දිලිප් වෙදආරච්චි මහතා සමග රටේ  ජනාධිපති හැටියට මුල්ගල තියා වැඩ ආරම්භ කරන්න මා එනවා.

ක්ෂුද්‍ර මූල්‍ය ණය වැඩපිළිවෙළ නිසා මුළු රටේම කාන්තාවන් අසහනයට පත්ව සිටිනවා. කාන්තාවන්ගේ ක්ෂුද්‍ර මූල්‍ය ණය කපා හරින බවට මගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වනවා.

මගේ පියා දරුවන්ට නිල ඇඳුමයි, දිවා ආහාරයයි දුන්නා. මගේ  ප්‍රතිවාදියාගේ දේශපාලන කල්ලිය තමයි, ඒවා කපා හැරියේ. 16 වැනිදා ජනාධිපතිවරයා බවට ජනතාව මාව පත් කරන විට හතළිස් හතර ලක්ෂයක් පාසල්  දූදරුවන්ට නිල ඇඳුම් කට්ටල දෙකයි, සපත්තු කූට්ටමයි, දිවා ආහාරයයි අනිවාර්යයෙන්ම දෙනවා කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි.

දුප්පත්කම තුරන් කිරීමේ සමෘද්ධි වැඩසටහන තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙනයනවා. සමෘද්ධිය වෙනුවෙන් කැපකරන මුදල් ප්‍රමාණය මා වැඩි කරනවා. රටේ දුප්පත්කම බරපතළ ප්‍රශ්නයයි. එය කෙටි කාලයක් තුළ විසඳිය යුතු ප්‍රශ්නයද වනවා.

සමෘද්ධි වැඩසටහන ක්‍රියාත්මක කරගෙන යනවා වගේම මුළු රටේම දුප්පත්කමේ එරී සිටින ජනතාව එයින් මුදාගැනීමට සමෘද්ධියයි, ජනසවියයි දෙකම එකට දෙනවා කියා මා කියන්න කැමැතියි.

මගේ ප්‍රතිවාදී අපේක්ෂකයා සහනාධාර පොහොර මිලවත් දන්නේ නැහැ. අනුරාධපුරයේ ගිහින් 350 පොහොර නිකං දෙනවා කිව්වා. රක්ෂණ ගාස්තු 150 අමතක වුණා. එතුමන්ට කවුරු හරි ගුලියක් දුන්නා.

ජාතික ආහාර නිෂ්පාදනය උසස් මට්ටමකට ගෙනඒමටත් එයින් ජාතික නිෂ්පාදනයට දැවැන්ත හයියක් දීමටත් මා  කටයුතු  කරනවා. මේ මගින් කෘෂි ක්ෂේත්‍රය වෙනුවෙන් රටේ කිසිම නායකයකු නොකරපු දෙය මා ක්‍රියාත්මක කරනවා.

වී වගාවට, එළවළු, පලතුරු වගාවට ගම්මිරිස්, කුරුඳු, කරාබු නැටි වැනි සුළු අපනයන භෝග වගාවටත් තේ,  පොල්, රබර් වැනි වැවිලි කර්මාන්ත ඇතුළු රටේ කෙරෙන හැම වගාවකටම පොහොර සහානාධාරය පමණක් නොවෙයි නොමිලේ පොහොර දීමටද කටයුතු කරනවා.

යොවුන් පරපුර වෙනුවෙන් රටේ හැම ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයකම  නවීන තාක්ෂණ  විද්‍යාගාර ආරම්භ කරනවා.
එතකොට හම්බන්තොට දිස්ත්‍රික්කයේ එවැනි  විද්‍යාගාර 12 ක් ආරම්භ වෙනවා. ඒ අනුව තංගල්ල ඇතුළු සියලුම  ප්‍රදේශවල ආරම්භවන නවීන තාක්ෂණ විද්‍යාලය තුළින් නැනෝ තාක්ෂණය, නව තාක්ෂණය, ජීව තාක්ෂණය, තොරතුරු තාක්ෂණ, පරිගණක විද්‍යාව, ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාව යෞවන පරපුරට නොමිලේ  ජාත්‍යන්තර මට්ටමින් මා උගන්වනවා.

මෙතැනින් මා නතර වෙන්නේ නැහැ. හැම ප්‍රාදේශීය  ලේකම් කොට්ඨාසයකම තොරතුරු තාක්ෂණ උද්‍යාන ආරම්භ කරනවා.  එතකොට නවීන තාක්ෂණ  විද්‍යාලයෙන් සමත්වන  යෞවනයන්ට ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලට ගිහින් ඩිජිටල් ව්‍යාපාරයේ නිරත වන්නට අවස්ථාව දෙනවා. ඒ සඳහා මූලික ප්‍රාග්ධනයද දෙනවා.

මේ අනුව හම්බන්තොට  දිස්ත්‍රික්කයේ ප්‍රදේශීය ලේකම් බල ප්‍රදේශ 12 ට නවීන තාක්ෂණ උද්‍යාන 12ක්, තොරතුරු තාක්ෂණ උද්‍යාන 12ක් ඇතිවෙනවා. ඒ වගේම මගේ නව ප්‍රතිපත්තිය මත කර්මාන්ත උද්‍යාන 12 කුත්, කර්මාන්ත පුරවර 12 කුත්  ප්‍රදේශීය ලේකම් බල ප්‍රදේශ මට්ටමින් ආරම්භ කර ගමේ නගරයේ දූ දරුවන්ට ඒවායේ රැකියා කිරීමේ අවස්ථාව උදාකරනවා.

රටේ ලක්ෂ සංඛ්‍යාත  ත්‍රිරෝද රථ රියදුරන්ට ඇප රහිතව  ලක්ෂ තුන ගානේ පොලී රහිත ණයක් දෙනවා. දස ලක්ෂ ගණනාවක්  ත්‍රි රෝද රථ රියැදුරන්  සිටිනවා. ඒ අයගේ ජන ජීවිතය ඉහළ  මට්ටමට ගෙන ඒමට මා කටයුතු කරනවා.

1994දී මා හම්බන්තොට දිස්ත්‍රික්කයට ඇවිත් සමාජ සේවය ආරම්භ කළේ පෙර පාසල් ඉලක්ක කරමිනුයි. රටේ පෙර පාසල් 19,000ක් තිබෙනවා. ලියාපදිංචි වෙලා  තිබෙන්නේ 10000 යි.

රටේ සියලුම පෙර පාසල් පාලිකාවන්ට, සහාය පාලිකාවන්ට රජයේ අනුග්‍රහයෙන් වැටුප්, දීමනා දී හැම පෙර පාසලක් වෙනුවෙන්ම අංග සම්පූර්ණ පෙර පාසල් ගොඩනැගිල්ලක්, ළමා උද්‍යානයක් ලබාදෙනවා.

ඒ වගේම  මානව භෞතික සම්පත් දී ඒ දූදරුවන්  වෙනුවෙන් නොමිලයේ දිවා ආහාරයද දී රටේ  පෙර පාසල් අධ්‍යාපනය නිදහස් අධ්‍යාපනයට ඇතුළු කිරීමට මා තීන්දුවක් ගත්තා. එතකොට මවුපියන් මුදල් ගෙවා පෙර පාසල් අධ්‍යාපනය දුන් කාලය මා නතර කරනවා.

විශ්‍රාමික ප්‍රජාවත් මා රැකගන්නවා. විශ්‍රාමික ප්‍රජාවට දෙන්න පුළුවන්  උපරිම සහන ටික දෙනවා. වැඩිහිටි  ආධාරය රුපියල් 2000 සිට 3000 දක්වා වැඩි කරනවා. ඒ විතරක්ද නොවෙයි. රණසිංහ ප්‍රේමදාස සමයේදී වගේ ජනසවිය ගමේ, නගරයේ  සමුපකාරය මගින් ක්‍රියාත්මක  වන විට රටේම සමුපකාර පද්ධතියත් ශක්තිමත් වෙනවා. අපි කරන්න යන වැඩ කොටස් ගැන හෙට උදේ වෙනකම් කතා කරන්න පුළුවනි.

මා ඇමැතිවරයකු  විදියට ඇමැති පඩිය ගත්තේ නැහැ. ඇමැති වාහනය ගත්තේත් නැහැ. පෞද්ගලික වාහනයට මගේ  අතින්ම තෙල් ගහගෙන රට වටේ ගිහින් වැඩ කළා. වරදාන වරප්‍රසාද ගන්නවා වෙනුවට තිබෙන හැම තඹ සතයක්ම  වියදම් කළේ පොදු ජනතාව වෙනුවෙනුයි.

දහසයවැනිදාට තංගල්ල දිනවන විට, මුල්කිරිගල බෙලිඅත්ත, තිස්සමහාරාමය දිනවන විට මා මන්දිර දේශපාලනය ප්‍රතික්ෂේප කර, ජනාධිපති වැටුප ප්‍රතික්ෂේප කර අලුතින් වෙඩි නොවදින වාහන ගෙන්වන එක නතර කර  ජනාධිපති, අගමැති, මැති ඇමැතිවරුන් ඩියුටි ෆ්‍රී පර්මිට් ලබපු  කාලය අවසන් කර ආණ්ඩු වෙනස්වෙන විට අමාත්‍යාංශවලට වාහන ගෙන්වන පුරුද්ද නතර කර හැම අරමුදලක්ම මම මගේ මාතෘ භූමිය වෙනුවෙන් යොදවනවා.

මගේ හිතවත්  ප්‍රතිවාදියාට විවාදයකට ආරාධනා කර දැන් සති දෙකක් ගතවෙනවා. අද උදෙත් අවේ නැහැ. මා කියනවා. එන්න බය නම් ජනාධිපති අයියත් එක්ක එන්න. එහෙම නැතිනම් පවුල් ගහේ ඉන්න හැම දෙනාම කාල්ටන් නිවසට ගෙන්වන්න. එහෙම නැතිනම් මැදමුලන වලව්වට ඥාති, රොත්ත බුරුත්තම ගෙන්වන්න. හැබැයි සජිත් ප්‍රේමදාස එන්නේ තනියම කියා මා කියන්න කැමතියි.

මා තනියම ගිහින් වාද විවාද කර විවාදයත් දිනා ජනාධිපතිවරණයත් දිනනවා.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලු දෙනාම ජයග්‍රහණයට සූදානම් වෙන්න. 1994 ඉදන් තමුන්නාස්සේලාගේ දුක සැප සියල්ලක්ම හොයා බලා කරන්න පුළුවන් උපරිමය මා කළා. තව වැඩි වැඩියෙන් උදවු පදව් කරන්න දිස්ත්‍රික්කය ජයග්‍රහණය කර දෙන්න කියා මා ඉල්ලීම කරනවා.” යයිද, සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා:
“හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් දේශපාලනය ආරම්භ කළ සජිත් ප්‍රේමදාස මහතා  හත්වැනි විධායක ජනාධිපති දුර තරගයට ඉදිරිපත්ව සිටිනවා. රාජපක්ෂවරුන් විධායක ජනාධිපති ධුරය හොබවලත් කරන්න බැරිවෙච්ච විශාල සේවාවක් එතුමා මේ ප්‍රදේශය වෙනුවෙන් කළා.

නියඟයට, ගංවතුරට ඕනෑම ගැටලුවකට මේ ප්‍රදේශවලට පිහිටවුණේ සජිත් ප්‍රේමදාස මහතායි.  එතුමා මේ ප්‍රදේශවල වෙහෙර විහාර ඉදිකර ශාසනය වෙනුවෙනුත් විශාල සේවයක් ගෙනගියා. ජාති ආලයෙන්, ආගම් ආලයෙන් කතාකරන රාජපක්ෂවරුන් අඩු ගානේ චෛත්‍යයක්වත් ඉදිකර නැහැ.

සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය නිකං ලැබුණේ නැහැ. කොක්කෙන් හරි කෙක්කෙන් හරි ජනාධිපති අපේක්ෂකත්වය එතුමන් ගන්නවා කිව්වා. ඒ වගේම 16 වැනිදාට රටේ නියත ජනාධිපති බවට සජිත් ප්‍රේමදාස මහතා පත්කරගන්නවා” යයිද ඔහු කීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා  මහතා:-
    “එදා රාජපක්ෂ පාලන සමයේදී පොලිස් නිලධාරීන්, ආරක්ෂක අංශ නිලධාරීන්, රාජ්‍ය නිලධාරින් කොච්චර භීතියකින් කටයුතු කළාද?. අද එහෙම භීතියක් නැහැ. ඔවුන් අභිමානයෙන් තමන්ගේ වෘත්තියේ නියැලෙනවා. එදා ආතතියෙන් භීතියෙන් කටයුතු කළ මැතිවරණ කොමසාරිස් අද බොහොම ගැම්මෙන් කොන්ද කෙළින් තියන් වැඩ කරනවා.

රටේ ආරක්ෂාව පිළිබඳ වගකීම මට පවරන බව සජිත් ප්‍රේමදාස මහතා පැවසුවා. ඒ වගකීම අකුරටම ඉටුකරමින් සියලුම ජනතාවට ජීවත්විය හැකි සුරක්ෂිත ශ්‍රී ලංකාවක් වෙනුවෙන් මා කැප වෙනවා.

ඒ වගේම අද තරුණ පරපුර මත්ද්‍රව්‍ය, මත්කුඩුවලට  ඇබ්බැහි වෙලා. ඔවුන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ගොදුර බවට පත්ව සිටිනවා. තරුණ පරපුර මේ තත්වයෙන් ගලවා ගැනීමටත් පුනරුත්ථාපනය කිරීමටත් මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන්ට දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරමින් රටද මේ තත්වයෙන් ගලවා ගැනීමට මා කැපවෙනවා” යයිද ඔහු පැවැසීය.

විශාල පිරිසක් රැලිවලට සහභාගිවී සිටියහ.



අදහස් (0)

“මන්දිර දේශපාලනය, ජනපති වැටුප, වෙඩි නොවදින වාහන එපා“

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 167 2

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1180 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 951 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2318 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2164 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3691 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1671 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site