IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


“මගේ මුල් තැන ගොවියා නගා සිටුවීමයි“

 

 

(නිකවැරටිය ප්‍රියාණි මංගලිකා)

රටේ ආරක්ෂක සැලැස්ම විනාශ කරළ මේ ආණ්ඩුව රටේ ගොවි ජනතාවද වළපල්ලට යැවූ බවද අනාථ වූ ගොවියා නගා සිටුවීමට තම අරමුණු අතර ඉදිරියෙන්ම ඇති බව ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා (14) සවස නිකවැරටියේදී පැවසීය.

රටේ පණනල වන් ගොවි ජනතාව වෙනුවෙන් මංගල රැලියේදීම සහන සැලසීම් පිළිබඳව ප්‍රකාශයට පත් කළේ මේ රට සංවර්ධනය කිරීම සඳහා වූ පළමු වෙඩිමුරය තබමින් බවද හෙතෙම සඳහන් කළේය.

නිකවැරටිය සති පොළ භූමියේදී පැවති ජය තහවුරු කිරීමේ රැස්වීම අමතමින් ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපති අපේක්ෂක රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.
 
දහදුක් විඳලා ගොවියා අතට ගත්ත වී ටිකට නිසි මිලක් නොදී කලට වේලාවට පොහොර ටික නොදී පිටරටින් සහල්ටික ගෙන්වූ යහපාලන ආණ්ඩුව වී ගොවියා අනාථයෙක් බවට පත් කළා. එදා අපි වියළි මිරිස් රටින් ගෙනාවේ නෑ. සියයට 100ක්ම අපි නිෂ්පාදනය කළා. ගම්මිරිස් ටික අපි පිටරට යැව්වා ඒත් දැන් මේ සියල්ල රටින් ගෙන්වීම නිසා අද ගොවියා අසරණ වෙලා අපි මේ සියල්ල නවත්වලා ගොවියා ආරක්ෂා කරනවා. ඩොලර් මිලියන ගණන් පිට රටට දන් දෙන්නේ නෑ.
 
අද මේ වන විට ආර්ථිකය වගේම රටේ ආරක්ෂාවත් සහමුලින්ම කඩා වැටිලා රණවිරුවාට පිළිගැනීමක් නෑ. ප්‍රමුඛතාවක් නෑ. විදේශ උපදෙස් වලට සැලසුම් හදමින් යහපාලන ආණ්ඩුව විනාශ කළ ජාතික ආරක්ෂාව යළි ස්ථාපිත කිරීමට අපි පියවර ගන්නවා. ආහාර සුරක්ෂිත භාවයෙන් රැකියා වලින් සියලු ආකාර වලින් අපි ස්වයංපෝෂිත වෙන්න ඕනෑ. ගොවි ණය කපා හැරලා පොහොර ටික නොමිලේ ලබාදීලා ගොවියා දෙපයින් නගා සිට වූ විට මේ රටේ මුඩු බිම් සියල්ල නිල්ල නගන සරු බිම් බවට පත්වේවි. ගොවියාට නව තාක්ෂණය ජල කළමනාකරණය නවීන බෝග වර්ග සහ විවිධ දේ ගොවියාට හඳුන්වා දී ගොවියා නගා සිටුවීමෙන් සහ කෘෂිකර්මාන්තය නගා සිටුවීමෙන් මිස රටක් දියුණු කරන්න බැහැ.

අද වන විට උසස් පෙළ සමත් වෙලා ද්විතීය අධ්‍යාපනයට යන්න වරම් නොලැබුණු ගොවි පවුල්වල දරුවෝ ඇතුළුව මේ රටේ දරුවෝ සියලු දෙනාම වෙනුවෙන් අපි පළමු වසරේදීම අධ්‍යාපනය වෙනුවෙන් විශාල මුදලක් වෙන් කරන්න අපේක්ෂා කරනවා. උසස් පෙළ සමත් සියලුම දරුවන්ට සරසවි වරම් හිමි කරලා දෙනවා. ඒ වගේම රැකියාද උත්පාදනය කරනවා.

ඒ වගේ උසස් පෙළ අසමත් දරුවන්ට වෘත්තීය පුහුණු විද්‍යාල, කාර්මික විද්‍යාල බිහිකරලා, ඥානය අතින් දියුණුවූ අධ්‍යාපනයක් තහවුරු කරන්න අපි කටයුතු කරනවා. අපේ ආර්ථික සැලැස්ම මත අපේ රටේ දරුවන්ට යහපත් අනාගතයක් උදා කරනවා.
 
එදා විශාල අභියෝග මැදයි මහින්ද රාජපක්ෂ මහත්තයා මේ රට බාර ගත්තේ. වසර 30කටත් වැඩි කාලයක් ආණ්ඩු කීපයක් තුළ දෝලනය වෙමින් පැවති කුරිරු ත්‍රස්තවාදය අවසන් කරන බවට එතුම ජනතාවට දුන් පොරොන්දුව ඉටු කළා. ඇමරිකාව බැහැයි කීව දෙය එතුමා කරලා පෙන්නුවා. වසර තුනක් ඇතුළත මේ සියල්ල ඉටුකර ආසියාවේ දියුණුම රටක් බවට ශ්‍රී ලංකාව පත් කළා. රට තුල ඉතිහාසයේ නොවූ විරූ සංවර්ධනයක් සිදුකර මේ මහ පොළව එකම වැඩබිමක් බවට පත් කළා.

යහපලාන ආණ්ඩුව මේ සියල්ල විනාශ කළා. රට තුළ සුරක්ෂිත කළ ජාතික ආරක්ෂාව විනාශ කළා, රට තුළ බෝම්බ පිපුරුනා. ජනතාවට ආපහු යුද බිය දැනෙන්න ගත්තා. මේක ආපහු බෝම්බ පිපිරෙන රටක් බවට පත් වුණා. කිසිම ආරක්ෂාවක් නෑ. ඒක බාර ගන්න කෙනෙකුත් නෑ. රටේ ජනතාව අනාථ කළා. අපි වටිනාකමක් දුන්න රණවිරුවට කෙනහිලිකම් කළා. ඔවුන්ට අපහාස කළා. පීඩාවට පත් කළා.

මේ සියල්ල වෙනස් කිරීමේ හෝරාවයි. මේ එළැඹිලා තියෙන්නේ මේක විනය ගරුක ජනතාවක් ඉන්න විනය ගරුක රටක්. ජාතික ආරක්ෂාවෙන් සුපෝෂිත සංවර්ධනයේ කඩඉම් පසු කළ එදා තිබුණු සුන්දර ශ්‍රී ලංකාවක් ඔබ සියලු දෙනාට තිබූ යහපත් අනාගතයක් යළි මේ ලක් මවුන් තුළ ස්ථාපිත කිරීමට අපි සියලු දෙනාම අත්වැල් බැඳ ගමු. ඔබගේ බලාපොරොත්තුවේ දෑස් අග රැඳි කඳුළු වියැකී සිනාවේ අරුණලු සමග සුන්දර ලෝකයක් බිහිවන දිනයට තව ඇත්තේ මාසයක් වැනි කෙටි කාලයක්.

හිටපු ජනපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා
නිකවැරටියට එන සෑම විටකම දැදුරු ඔයේ මාගල්ල ජලාශයේ මහා ජලකඳ දකින සෑම විටම අප්‍රමාණ සතුටක් සිතට දැනෙනවා. ඒ මේ ප්‍රදේශයේ ගොවි ජනතාව වෙනුවෙන් මහා යුතුමක් ඉටු කළායි අභිමාණයක් සිතට දැනෙනවා.

ඒත් අද ජනතාව මහා විපතකට වැටිලා ඉන්නවා. ඒ වේදනාව සිතට දැනෙනවා. ඒක මේ ආණ්ඩුවේ නොහැකියාව. එදා යුද්ධය අවසන් කරලා. එකම වැඩබිමක් කරපු රටේ ජනතාව අද දේපළ උගසට සින්න වෙන තැනට වැටිලා. මිනිස්සුන්ගේ අතේ සල්ලි නෑ. එක්සත් ජාතික පක්ෂයේ ලේකම්වරයා කියන ආකාරයට නෙමෙයි. අපිටත් ඕනෑ පඩි ගන්න නෙමෙයි වැඩ කරන්නයි. ඒ නිසයි මම වැඩ කරන්න පුළුවන් මිනිහෙක් තෝරා ගත්තේ.

නිකවැරටිය මැතිවරණ කොට්ඨාසයේ පමණක් නොවෙයි මුළු රටේම පානීය ජලය නොමැති කමින් විශාල පිරිසක් පීඩා විඳිනවා. අපේ ආණ්ඩුවකින් සියලු ජනතාවට ගම්දනව් සිසාරා නල මගින් පානීය ජලය ලබා දෙනවා. ඒ වගේම අබලන් වෙලා තියන ප්‍රධාන මාර්ග ඇතුළු සියලු මංමාවත් කඩිනමින් සංවර්ධනය කරනවා. මේ ආණ්ඩුවට මේවා කරන්න වුවමනාවක් නෑ.
 
ලෙඩකට බෙහෙත් ටිකක් ගන්න ගියාට රෝහල් වල බේත් නෑ. බාල බෙහෙත් ගෙනල්ලා කොමිස් ගහලා ජනතාවට මරණය උරුම කරපු ආණ්ඩුවක් මේක ලාභ බෙහෙත් ගෙනල්ලා ජනතාවට බෙදලා. මේ ආණ්ඩුව මොනවද මේ කරන්නේ. මේවා ශාප වෙන අපරාධ. අපිට ආර්ථික සංවර්ධන සැලැස්මක් තිබුණා. අපි කරපුවා සේරම විකුණුවා. සල්ලි වලට කරපු දෙයක් නෑ. පිටරටවල් වලට අවුරුදු 200කට බදු දුන්නා. ඒ විදියට බදු දුන්නේ අපේ දරුවන්ගේ අනාගතයයි. දරුවන්ට මේ රටේ සම්පත් තියෙන්න ඕනෑ.

පාර්ලිමේන්තුවේ බලය අල්ලාගෙන එහෙම කරන්න මේ ආණ්ඩුවට අයිතියක් නෑ. ජනතාවට මේ ගැන අවබෝධයක් තියෙන්න ඕනෑ.

මහ බැංකුව කොල්ලකෑමෙන් පටන් අරගෙන රටේ සෑම අංශයකින්ම විනාශ කරලා බොරු සංදර්ශන මවා පාලා රට රවට්ටන්න හදන හැටි. ඒ වුණාට එදා රැවටුණු මිනිස්සු අද නැහැ. එදා ලොකු වැරැද්දක් වුණා කියලා ජනතාව අවබෝධ කරගෙන අහවරයි.

 එදා විද්‍යා අධ්‍යාපනය ගමට ගෙනියන්න අපි ගමේ දරුවන් වෙනුවෙන් රට පුරා හදපු මහින්දෝදය විද්‍යාගාර 1000ක් විවෘත කළේ නෑ. බෝඞ් ගලවලා දැම්මා. මහින්ද චින්තනය තියෙන්නේ බෝඞ් වල නෙමෙයි. මිනිස්සුන්ගේ හදවත් තුළ තියෙන්නේ කියලා මෙදා පාර ජනතාව ඔවුන්ට කියලා දේවි.

සජිත් ප්‍රේමදාස කියනවා තාත්තාගේ යුගය නැවත ආරම්භ කරනවාලු. ප්‍රේමදාස යුගයේ මේ රටේ තරුණ තරුණියෝ දහස් ගණනක් මහ පාරවල් වල මරාදාපු හැටි ජනතාවට තවම මතක ඇති. ඒ තරම් තරුණ ජීවිත අමු අමුවේ විනාශ කළ යුගයක් තවත් නැහැ.

සජිත් ප්‍රේමදාසවත් එක්සත් ජාතික පක්ෂයවත් ඔය දකිමින් සිටින සිහිනය කවදාවත් ඉටු නොවන එකක් බව කියන්නම ඕනෑ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා.
සජිත් කියනවා දූෂිතයන්ගෙන් තොර රටක් හදනවාලු. එයාට ඇප අත්සන් කළෙත් මහ බැංකු කොල්ලයට ගෑවුනු අය නම් අන්තිමට සජිත්ට සජිත්වත් ඉතිරි වෙන්නේ නැහැ. නිකවැරටියේ ජනතාවට විතරක් නෙමෙයි මේ රටේ ජනතාවට යහපාලන ආණ්ඩුව කළ දෙයක් නැහැ. මේ අය ආර්ථිකය අසමත් රටේ ආරක්ෂාව අතින් අසමත් රැකියා උත්පාදනය සංවර්ධනය සහ සියලු දෙයින් අසමත් හැම දෙයම ෆේල් වෙලා තියාගෙන නන් දොඩවනවා. මේ ආණ්ඩුව පට්ට කාලකණ්නි ආණ්ඩුවක්, මේක නම් දේව ශාපයක් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගැන ජනතාවගේ ලොකු විශ්වාසයක් තියනවා. එතුමා මේ රටේ ජනාධිපති වෙනවා. ඒක ස්ථිරයි. ඒක සජිත් ප්‍රේමදාසටවත් එක්සත් ජාතික පක්ෂයටවත් වෙනස් කරන්න බෑ. පරාජය පෙනි පෙනී යහපාලන ආණ්ඩුව වියරුවෙන් දඟලනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිකවැරටිය ආසන සංවිධායක නිලන්ත රාජපක්ෂ මහතා
ජනාධිපති ආපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීම සඳහා උපරිම සහය ලබා දෙමින් අපි මේ වන විට අත්වැල් බැඳගෙන ඉවරයි. අපිට ගැළපෙන අපේ රටට ගැළපෙන නායකයෙක් අවශ්‍යයි. මහින්ද රාජපක්ෂ මහත්තයා මේ රටට ආදරය කරන නායකයෙක්, එතුමා  මේ ගත්ත තීරණය ඉතාම නිවැරදියි. අපි සතුටු වෙනවා. ඒ ගැන අපි සියලු දෙනාම ගෝඨාභය රාජපක්ෂ මහතාට පතනවා, ලබන 16 වෙනිදාට අපි අපේ යුතුකම ඉටු කරනවා.

මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා
සජිත් කියනවා මිනිස්සුන්ට නිවාස නොමිලේ දෙනවලු. කෑම බීම නොමිලේ දෙනවලු තව තව නොයෙක් නොයෙක් දේවල් නොමිලේ දෙනවලු. ඒ කියන්නේ ජනතාවගේ අතේ සල්ලි නෑ. ඇයි මිනිස්සු දුප්පත් වුණේ ඔබලා කැමති නැද්ද ඔබේ දරුවා එක්ක කඬේකට සාප්පුවකට ගිහින් බඩු ගන්න. ජනතාවගේ අතට සල්ලි එන විදියකුයි හදන්න ඕනෑ. යැපුම් මානසිකත්වයෙන් ජනතාව මුදවලා ඔවුන්ගේ අතට සාක්කුටව සල්ලි එන සංවර්ධන සැලැස්මක් හදන එකයි අපේ අරමුණ.

මන්ත්‍රිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය.
ඇල්පිටිය ඡන්ද ප්‍රතිඵලයේ රැල්ල තමා රට පුරාම තියන රැල්ල සජිත් මහත්තයෝ ඇල්පිටියට මොකද වුණේ. එක්සත් ජාතික පක්ෂයට ගිය කල, මේක ජාතික ප්‍රශ්නයක් නේද? අවුරුදු පහක්ම බොරු කීවා ඇති. වැඩබැරි ආණ්ඩුව ගෙදර යන්න කාලේ හරි.

නිකවැරටිය ප්‍රාදේශීය සභාවේ සභාපති එම්.ජී. පතිරණ මහතා
එදා නුගේගොඩින් ආරම්භ කරපු මහින්ද සුළඟ අද රට පුරාම හමාගෙන යනවා. යහපාලන ආණ්ඩුව අවුරුදු හතර හමාරක් තිස්සේ මේ රටත් ජනතාවත් පීඩනයට පත් කළා. අපේ නායකයින් හිරේ විලංගුවේ දාලා අපිව නතර කරන්න උත්සාහ කළා. සත්කෝරලයේ ජන නායකයාට හිරිහැර කළා. හිරේ දැම්මා. ඒත් මර්දනය කරන්න බැරි වුණා. ගෝඨාභය මහත්තයාගේ ජනපති වෙන එක වලක්වන්න නොයෙක් උපක්‍රම ගෙනාවා. ඒ සියල්ල පරාජය වුණා. තව ටික දවසයි. සජිත් ප්‍රේමදාසට එක්සත් ජාතික පක්ෂයට පරාජය බාර ගන්න වෙනවා.



අදහස් (0)

“මගේ මුල් තැන ගොවියා නගා සිටුවීමයි“

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 80 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1161 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 908 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2303 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2153 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3683 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1453 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site