IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


“ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රජාතන්තවාදය ඇත්තේ එක තැනකයි“

(අංජුල මහික වීරරත්න සහ නුවරඑළිය - ෂෙල්ටන් හෙට්ටිආරච්චි)

“පිටු 80කින් යුත් ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ‘ප්‍රජාතන්ත්‍රවාදය’ වචනය සඳහන් වී ඇත්තේ එකම එක තැනක පමණකැයි අවධාරණය කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, එමඟින් පිළිබිඹු වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් පිළිබඳව ඔහු තුළ කැපවීමක් හෝ විශ්වාසයක් හෝ නැති බව” යැයි ප්‍රකාශ කළේය.

“තමන්ට එරෙහිව අදහස් ප්‍රකාශ කළ සියලුදෙනා වෙඩි උණ්ඩයෙන් මර්දනය කළ රාජපක්ෂ රෙජීමය මෙරට ජනතාවගේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන්ම පාගා දැමූ බව සිහිපත් කළ අග්‍රාමාත්‍යවරයා, එවන් පීඩාකාරී සහ අඳුරු යුගයකට යළි රට ගෙන යාමට ඉඩ දිය යුතු නැතැයි” පෙන්වා දුන්නේය.

මැද කොළඹ මැතිවරණ කොට්ඨාසයේ මාලිගාවත්ත සහ කෙසෙල්වත්ත ප්‍රදේශවලදී පැවැති පොකුරු රැස්වීම් මාලාව සහ නුවරඑළිය ප්‍රධාන රැලිය අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ, රටේ නීතිය හා සාමය තමන් අතට ගෙන ක්‍රියා කළ අධිපතිවාදී කල්ලියකට රටේ බලය යළි අත්පත්වීම වළක්වා, වත්මන් නිදහස් හා ප්‍රජාතන්ත්‍රවාදී පරිසරය තවදුරටත් ශක්තිමත් කර ඉදිරියට ගෙන යාම සඳහා සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය දෙන ලෙසය.

තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීවේය.

“2015 බලයට පැමිණි අපේ ආණ්ඩුව ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කරමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කළා. ඒ රාමුව ආරක්ෂා කරමින් ඉදිරියට ගෙන යෑම අපේ අරමුණයි.

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සම්බන්ධව කුමක්ද කියන්නේ? ඔහු ඉදිරිපත් කර තිබෙන ප්‍රතිපත්ති ප්‍රකාශයේ පිටු 80ක් තිබුණද ප්‍රජාතන්ත්‍රවාදය යන වචනය තිබෙන්නේ එක තැනක පමණයි.

අප ඇති කළ ස්වාධීන කොමිෂන් සභා ආරක්ෂා කරනවාද? ඒවා තවදුරටත් ශක්තිමත් කරමින් ඉදිරියට යනවාද? එසේත් නැතිනම් එයට විකල්පයක් ගෙන එනවාද? සුදු වෑන් වැනි පැහැරගෙන යෑම් නතර කරනවාද? මාධ්‍යවේදීන් අතුරුදන් කිරීම නතර කරනවාද? අධිකරණය ස්වාධීනත්වය ආරක්ෂා කරනවාද? ජනතාව තුළ මතු වන මේ ප්‍රශ්නවලට ගෝඨාභය රාජපක්ෂ පිළිතුරු දිය යුතුයි.

ජනාධිපතිවරණයේ ප්‍රධාන මාතෘකාව බවට පත්ව තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීමයි. ඒ ගැන කිසිවක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර නැති නම් එවැනි අයකුට ඔබේ ඡන්දය දීමෙන් පලක් තිබෙනවාද? ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන නිසි වැඩපිළිවෙළක් ඇති සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය දෙනවාද? ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් කිසිදු වැඩපිළිවෙළක් ඉදිරිපත් නොකර යළිත් රට අඳුරු යුගයකට ගෙන යෑමට සූදානම් වන ගෝඨාභය රාජපක්ෂට ඡන්දය දෙනවාද කියා තීරණය කළ යුතුයි.

නුවරඑළිය රැස්වීමට ජන ගංගාවක් පැමිණ සිටිනවා. පොහොට්ටුවේ රැස්වීමක් මෙතන පැවැත්වුවා. මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ ඒ වේදිකාවට පැමිණියා. තොණ්ඩමාන්ගේ කණ්ඩායම ඇවිත් මල්මාලා දැමුවේ අපේක්ෂකයාට නොවෙයි. මහින්ද රාජපක්ෂටයි.
මහින්ද රාජපක්ෂට මල්මාලා දමා ගෝඨාභය රාජපක්ෂ පැත්තකට තල්ලු කළා. ඉතින් තවත් කියන්නේ කුමක්ද? අප සජිත් ප්‍රේමදාස එලෙස පැත්තකට තල්ලු කරනවාද. ඊළඟ රැස්වීමේදී ගෝඨාභය ෂර්ට් කොලර් එකෙන් අල්ලා තල්ලු කරාවිදැයි විශ්වාස නැහැ. ඉතින් මේ අය ඡන්දය දෙන්නැයි කියන්නේ කාටද? මහින්ද රාජපක්ෂටද?

නුවරඑළියේ ජනතාව 2005 වසරේදී මහින්ද රාජපක්ෂ ප්‍රතික්ෂේප කළා. 2010 වසරේදීත් ප්‍රතික්ෂේප කළා. 2015 වසරේදීත් ප්‍රතික්ෂේප කළා. එසේනම් තුන්වරක් එපා කී බඩුව දැන් පත්කරනවාද?

ඒ යුගයේ ඔබට නිදහසේ රැකියාව කරන්න නිදහස තිබුණේ නැහැ. අතුරුදන් වන්න සිදුවුණා. සුදු වෑන්වලින් උස්සාගෙන ගියා.

පඩි වැඩි කළේ නැහැ. ගෙවල් දුන්නේ නැහැ. කඳුකරයේ සිටි සිංහල දෙමළ මුස්ලිම් සියලුම දෙනා ඒකීය බව සඳහා සහාය දුන්නා.

වෙනම රාජ්‍යයකට එන්නැයි ප්‍රභාකරන් මේ දෙමළ ජනතාවට ආරාධනා කළා. ඔබ ප්‍රභාකරන්ට උදවු කළේ නැහැ. සිංහල මුස්ලිම් ජනතාව සමඟ එකව සිට කොටි සංවිධානය පරාජය කරන්න ඔබත් උපකාර කළා.

දැන් රාජපක්ෂලාට මේ ජනතාව හොඳ නැහැ. ඒත් කේ.පී. කරුණා අම්මාන් පිල්ලෙයාන් වැනි අය රාජපක්ෂලාට නම් හොඳයි.

ඔබට පුරවැසි බව දෙන්න සූදානම් වෙද්දී ඔවුන් දැමූ ගෝරි මතකද? රාජපක්ෂලා මේ ප්‍රදේශවලට කරන්නේ කුමක්ද? ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ කඳුරට ගැන වචනයක්වත් නැහැ.

බොගවන්තලාව ප්‍රදේශයේත් ගොල්ෆ් පිටියක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා. එවිට මෙහි ජනතාවට කාමර කුලියට දීම, ආපනශාලා, සාප්පු සංකීර්ණ ත්‍රිරෝද රථ යෙදවීම සංචාරක මාර්ගෝපදේශකයන් බවට පත්වීමට හැකියාව ලැබෙනවා.

නුවරඑළියේ ජනතාවට ගෝඨාභය සලකන්නේ කෙසේද? ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පිටු 80ක් තිබෙනවා. එහි අන්තිමටම වතු ආශ්‍රිත ප්‍රජාව යැයි සඳහන් කරනවා. අප කියන්නේ කඳුකරයේ ජීවත්වන දෙමළ ජනතාව යනුවෙනුයි.

හැම වත්තටම පිච්ච මල් වගා කරන්න ඉඩමක් දෙන බව ගෝඨාභය කියනවා. මේ කරන්න හදන්නේ තේ ගස් ටික ගලවා පිච්ච මල් වගා කරන්නද?

ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ අප පාසල් කීයක් දියුණු කළාද? දැන් කළ යුත්තේ ගෝඨාභය රාජපක්ෂත් ළඟම පාසල හොඳම පාසලට යැවීමයි.

අඩු තට්ටු නිවාස දෙන බවත් ගෝඨාභය කියනවා. මේ ජනතාවට නිවාස දෙන්න පටන් ගත්තේ රණසිංහ ප්‍රේමදාස මහතායි. ඒ අප පාලනය කරන විට ජනතාව අමතක කර තිබුණා. අප බලයට පැමිණ මෝදි අගමැතිතුමාගේ සහය ගෙන මෙහි නිවාස ඉදිකළා.

ගැබිණි මව්වරුන් සඳහා පෝෂණ ආධාර දෙනවාලු. අප කලින්ම පෝෂණ මල්ලක් දුන්නා. දැන් ගෝඨාභය ගුරු විද්‍යාල ගැන කියනවා. අප ගුරු විද්‍යාල ඇරැඹුවේ 1980 දශකයේදීයි.

ගෝඨාභය ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරනවාද? ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රජාතන්ත්‍රවාදය යන වචනය එක්වරක් තිබෙනවා. ජාතික සමඟියට මග කියන ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් යයි කියනවා.

ඔබ ඡන්දය දෙන්නේ සුවසැරිය බිහි කළ අයටද? සුදු වෑන්කාරයන්ටද? ප්‍රදේශයට නිවාස වැඩසටහන් කළ සජිත් ඇමැතිතුමා ජනපති කරමු. එතුමා පිච්ච මල් වවන්න යැයි කියන්නේ නැහැ. එතුමාට අවශ්‍ය දුප්පත්කම තුරන් කරන්නයි.

ප්‍රේමදාස ජනපති ඇරඹූ වැඩසටහන අපි ඉදිරියට ගෙන යමු. තොණ්ඩමන්ගේ කණ්ඩායමට ගෝඨාභය පැත්තකට තල්ලු කරන්න හැකි නම් අපත් ඔහු දේශපාලනයෙන් ඉවත් කරමු.

ඔබේ දියුණුව නුවරඑළියේ සිට බොගවන්තලාව තෙක් ගෙන එන්න කැමැතියි. බොගවන්තලාව තිබෙන්නේ කොහිදැයි ගෝඨාභය දන්නවා ඇතැයි මා කියනනේ නැතැයිද” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීවේය.

 



අදහස් (4)

“ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රජාතන්තවාදය ඇත්තේ එක තැනකයි“

Raveendra Monday, 11 November 2019 06:59 AM

පේනවා නේද මේ අය තාමත් අනුන්ගේ ඇඳුම් හෝදන එකමයි වැඩේ. නොදකින් රටේ නායකයෙක් කියන්නේ මේ වගේ අයටද?

:       7       76

Bandara Monday, 11 November 2019 09:05 AM

මට නම් හිතෙන්නෙම අපේ රටේ නෙවෙයි ඉන්නේ කියලා...

:       0       28

Gamarala Monday, 11 November 2019 09:36 AM

ඒ තියන එකම තැන වුණත් රටක් වටිනවා.

:       8       75

Gamarala Monday, 11 November 2019 09:39 AM

ඉංග්‍රීසි වචනය එහෙම පිටින්ම සිංහලට හරවලා..!

:       0       0

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 171 2

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1180 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 954 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2318 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2165 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3691 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site