IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘‘එජාපයේ සියලු දෙනාගේ ආශිර්වාදය ලැබෙන බව විශ්වාසයි‘‘

(පුෂ්පකුමාර ජයරත්න)

රට වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ජීවිතය පූජා කළ රණසිංහ ප්‍රේමදාස මහතාගේ පුතාට රට ගොඩ නැඟීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ කතානායක කරු ජයසූරිය මහත්වරු ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ සියලුම දෙනාගේ ආශිර්වාදය ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව සජිත් ප්‍රේමදාස මහතා අද (05) සවස කුරුණෑගලදී ප්‍රකාශ කළේය.

තමන් බියගුල්ලෙකු හෝ නිවටයෙකු නොවන බවත් තමන්ට එම අවස්ථාව ලබා දුනහොත් සියලුම දෙනා ඒකරාශී කරගෙන රට ගොඩ ගන්නා බවත් පොරොන්දු වන බවද ඒ මහතා පැවසීය.

ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම සඳහා  කුරුණෑගලදී පවත්වන ලද ජන හමුවකදී සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළේය.

ඒ හයිය තමන්ට ලබා දුන්නොත් තමන්ට ඇති රණසිංහ ප්‍රේමදාස එඩිතර භාවයෙන් රට ගොඩ නැගීම සඳහා ප්‍රතිඥා දෙන බවද ඔහු පැවසීය.

මෙය සජිත් සමඟ පෙරට මැයෙන් දිවයින පුරා සංවිධානය කරනු ලබන එජාප ජනහමු මාලාවේ තෙවැන්න වන අතර කුරුණෑගල සත්‍යවාදී පිටියේදී මෙම ජන හමුව පැවැත්විණි.

මෙම ජනහමුව හේතුවෙන් කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගය පැය හතරකට ආසන්න කාලයක් සම්පුර්ණයෙන්ම වසා තැබීමට පොලිසියට සිදුවිය.

මෙම ජන හමුවට ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ ,  විදේශ වෙළද සහ උපාය මාර්ග සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර ජයමහ සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසිංහ

ස්වදේශ කටයුතු අභ්‍යන්තර කටයුතු පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජේ.සී.අලවතුවල,රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා , මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න , ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා , පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි , කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  සුජිත් පෙරේරා , ගම්පහ දිස්ත්‍රික් හිටපු  පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් මයිකල් පෙරේරා , මාතලේ නගරාධිපති  රංජිත් අලුවිහාරේ මහත්වරු මෙම ජන හමුවට සහභාගි වූහ.

ඔවුන්ට අමතරව තොරතුරු තාක්ෂණ හා ඩිජිටල් යටිතල පහසුකම් කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී. පෙරේරා , චන්ද්‍රානි බණ්ඩාර , සුජීව සේනසිංහ , දිලිප් වෙදආරච්චි , ඉන්දික බණ්ඩාරනායක , බන්දුලාල් බණ්ඩාරිගොඩ මැති ඇමැතිවරු සම හිටපු පළාත් නියෝජිතයෝ සහ පළාත් පාලන නියෝජිතයින් විශාල පිරිසක්ද සහභාගි වූහ.

 

 

 

 



අදහස් (6)

‘‘එජාපයේ සියලු දෙනාගේ ආශිර්වාදය ලැබෙන බව විශ්වාසයි‘‘

CHANDIMA Thursday, 05 September 2019 03:52 PM

එත් එජාපෙ ඔක්කොම චන්දෙ දුන්නත් ජනාධිපති වෙන්න බැහැනේ? ඉස්සර නම් රටේ මුළු චන්ද ගණනින් සියයට පනහකටත් වැඩියෙන් උන්න තමයි. නමුත් දැන් සියයට තිහක් තිස්පහකට වැඩිය නැහැනේ?

:       0       0

senaFriday, 13 September 2019 07:34 AM

මෙයා ආවොත් එජාපෙ වැඩි කොටසක් ඡන්දෙ දේවි (වෙන කරන්න දෙයක් නැති නිසා) - නමුත් අපි මොකටද මෙයාට ඡන්දෙ දෙන්නේ..? අපේ රට එක අඟලකින් හරි ඉස්සරහට ගෙන්න මෙයාට තියෙන හැකියාව මොකක්ද? මෙයාගේ වැඩ පිළිවෙල මොකක්ද? මෙයා කිනම් රාජ්‍යතාන්ත්‍රික භාවයක් පෙන්නුම් කරලා තියෙනවාද? නිකම්ම නිකම් අහවලාගේ පුතා කීවාට බැහැ... මොකද අපේ රට එයාගේ තාත්තගේ බූදලේ නෙවෙයිනේ...?

:       0       0

Rata Perata Thursday, 05 September 2019 04:17 PM

බම්බුව තමයි. ඔය වගේ බල තණ්හා එකෙක්ට ලැබෙයි ආශීර්වාද, බලාගෙන ඉන්නකෝ. ඊට ඉස්සරවෙලා අර ලක්ෂ 36,000 ට කරපු දේ කියන්න.

:       0       1

Chanak los angeles Thursday, 05 September 2019 08:59 PM

පක්ෂ විවස්තාවට විරුද්ධව තම ඒකමතික තීරණයක් ගෙනෙමින් මමයි ජනපති අපේක්ෂක කියා පක්ෂයට තර්ජනය කරන මොහු නිකමට හරි බලයට පත්වුනොත් හිට්ලර් මුසොලීනිට වඩා දරුණු නොවෙයි කියා කියන්න පුලුවන්ද ?

:       42       19

thilakasiri Friday, 06 September 2019 06:30 AM

විනය නිතිය සදාචාරය යනාදියට පයින්ගසා හිතුමතේ වෙනත් දෙයකට වෙන්කර ඇති මුදල් හෝ වෙනයම් ප්‍රතිපාදන පුද්ගලිකව නොයෙදුව්ත් නිසි අවසරයන් හා නිසි දැනුවත් කිරීම් වලින් තොරව තමන්ගේ හිතුමතයට යෙදවීම වැනි ක්‍රියාකරන අය පිස්සන් මැරයන් ත්‍රස්තවාදීන් ලෙසයි හදුන්වන්නේ. සජිත් එජාපයේ නායකයටවත් අවනත නොවී රටේ මෝඩ ජනතාව එදා ජේවීපිය කලා මෙසේ පෙළගැස්වීම එවන් ත්‍රස්ත හෝ මැර හෝ පිස්සු ක්‍රියාවක්ම පමණි. මොහුට 2001දි උප ඇමතිකම ලැබුණ දවසේ පටන් ඔහු ජනාදිපති පුතු නිසා පක්ෂයේ බලය ගන්න සිරිකොතටත් ගල්මුල් ගසමින් මෛත්‍රී ජනපති කිරීම දක්වා යටි වැඩ කර 2015 සිට මෛත්‍රි අල්ලගන පක්ෂ නායකයා අසීරු තාවයට පත්කර පක්ෂයේ බලය ගන්න ක්‍රියාකර මෙසේ ජනපති අපේක්ෂකයා වෙන්න මේ කරන අශෝභන ක්‍රියාවට සහය දෙන සැමදෙන ද පිළිකුලින් යුතුව ප්‍රතික්ෂේප කලයුතු අතර මෙවැනි මැර හෝ ත්‍රස්ත හෝ පිස්සු අයෙකු ජනපති කරන්න තරම් එජාප නායකයෝ මන්දබුද්ධිකයයි නොසිතමි. මොහු මේ කරන දෙය අනාගත පරපුර නොමග යවන ඔව්වුන් පාලනය කළනොහැකි පිරිසක් බවට පත් කරන වැරදි පුර්වදර්ශයකි.

:       0       1

thilaksiri Friday, 06 September 2019 07:25 AM

රට හා එජාපය වෙනුවෙන් රණසිංහ ප්‍රේමදාස දිවිපිදුවේ නැත. විශ්ව ගම්මානයක් වූ යම් දියුණුවක් ලබාඇති වත්මන් ලංකාව පාලනය කිරීමට එදා තරම්වත් බැරිය. මහින්ද 2015 නොපැරදුණානම් ලෝක බලවතුන්ගේ තහංචි අපේ රටට වැටෙන්නට නියමිතව තිබුණු අතර ඔහුව ජාත්‍යන්තර අධිකරණයට ගැනීමට ලෝක බලවතුන් සැරසෙන බව මහින්දම ප්‍රකාශ කිරීම තුළින් රට පාලනය මැර හෝ ත්‍රස්තවාදී හෝ පිස්සු වැඩ කරමින් සජිත් කියනවා වගේ බැරි බව දත යුතුයි. සජිත් ජනපති කළොත් යමකට වෙන්කර තිබෙන සල්ලි එයාට ඕනෑ රටේ වැඩකටම යොදා පුද්ගලික වැඩක් කෙරුවේ නැහැ කියයි. එහෙම හරිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 167 2

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1180 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 951 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2318 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2164 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3691 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1672 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1530 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site