IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


‘සජිත්ට පක්ෂ නායකත්වය නොලැබුණොත් විකල්ප ක්‍රියා මාර්ගවලට යනවා ‘

 (ඩයනා උදයංගනී)
 
සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය නොලැබුණහොත් විකල්ප ක‍්‍රියාමාර්ගවලට යාමට සිදුවන බව එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසීය.
 
එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීම හෙට (16)  පැවැත්වෙන අතර එහිදී සජිත් ප්‍රේමදාස මහතාට පක්‍ෂ නායකත්වය ලබාදීමට තීරණයක් ගැනෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ද මන්ත‍්‍රීවරයා සඳහන්  කළේය.
 
ඉදිරි මහ මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් පුළුල් සන්ධානයකින් තරඟ  කළ යුතුය යන්න පක්‍ෂයේ බහුතර මතය බව කී නලීන් බණ්ඩාර මහතා පක්‍ෂයේ නායකයින්ද එම තීරණය ගනු ඇතැයි කීවේය.
 
දැනටත් එම තීරණය ගැනීම ප‍්‍රමාද වී තිබෙන බව කී මන්ත‍්‍රීවරයා ඉදිරි මහ මැතිවරණයට සූදානම්වීමට නම් කඩිනමින් සජිත් ප්‍රේමදාස මහතාට නායකත්වය දිය යුතු බවත්, වත්මන් රජයේ වැඩපිළිවෙල ගැන ජනතාව කළකිරීමෙන් සිටින නිසා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් ඉදිරිපත් වුවහොත් ආසන 113කට වැඩි බහුතර බලයක් ලබාගැනීමේ හැකියාව එක්සත් ජාතික පෙරමුණට තිබෙන බව ද ප‍්‍රකාශ  කළේය.
 

වත්මන් රජයේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර ඇති ගැටුම් නිසා ගෝඨාභය රාජපක්‍ෂ මහතාට අවශ්‍ය රට හදන වැඩපිළිවෙල ක‍්‍රියාත්මක කිරීමට නොහැකි  වී ඇතැයි කී නලීන් බණ්ඩාර මහතා ඉදිරි මහ මැතිවරණයේදී ජයග‍්‍රහණය කර ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනයාම සදහා සහය ලබාදීම තම පක්‍ෂයේ අරමුණ බව ද පැවසීය.

 
නලීන් බණ්ඩාර මහතා මේ බව පැවසුවේ කොළඹ, ශ්‍රීමත් මාකස් ප‍්‍රනාන්දු මාවතේ පිහිටි විපක්‍ෂනායක කාර්යාලයේදී අද (15) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 ( ඡායාරූපය -ශාන්ත රත්නායක) 



අදහස් (5)

‘සජිත්ට පක්ෂ නායකත්වය නොලැබුණොත් විකල්ප ක්‍රියා මාර්ගවලට යනවා ‘

kamal koyrala Wednesday, 15 January 2020 09:45 AM

එජාපයේ අවසානය...... රනිල් යන අයට යන්න දීලා පක්ෂය නවීකරණ කරන්න ඕන.

:       1       0

Rohana Thursday, 16 January 2020 09:14 AM

පක්ෂයට වඩා රනිල් අවශ්‍යයි කියා සිතන තාක් එජාපයට නැගිටීමක් නැති බව නම් පේනවා...

:       0       1

Bamunuarachchi Thursday, 16 January 2020 02:21 PM

ඉතින් යන්නකෝ? අපි කැමතියි රට රාජ්‍ය නායකයෙක් යටතේ තිබෙනවා නම් සජිත් රාජ්‍ය නායකයෙක්ද? JR ගෙන් පසුව එජාපයට රාජ්‍ය නායකයෙක් බිහිවුනේ නැහැ හලෝ...

:       0       0

චමින්දSaturday, 18 January 2020 01:41 AM

ජේ.ආර්.ගෙන් පසුව නායකත්වයට සුදුස්සන් දෙදෙනෙක් සිටියත් දැනට නායකත්වයට පොරකන පොරගේ අප්පා නිසා එක්සත් ජාතික පක්ෂයට ජේ.ආර්. ගෙන් පසුව නායකයෙක් නැතිවුණා. දැනට පොරපිටියේ සිටින කෙනා නායකත්වය ගත්තොත් පක්ෂය නැත්තටම නැතිවෙනවාමයි..!!!

:       0       1

wimani Tuesday, 21 January 2020 08:32 AM

කියා කියා ඉන්නේ ඉක්මනට යන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 136 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1175 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 938 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2317 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2162 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3688 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 271 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1508 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site