IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘මිල සුත්‍රය තිබුණා නම් පෙට්‍රල්-ඩීසල් මිල රුපියල් 20 කින් අඩු කළ හැකියි’

(ඩයනා උදයංගනී)

යහපාලන රජය ක‍්‍රියාත්මක කළ ඉන්ධන මිල සූත‍්‍රය මෙතෙක් පැවතියේ නම් සෑම ඉන්ධන වර්ගයකම මිල අවම වශයෙන් රුපියල් 20 කින් අඩුකර බස් හා ත‍්‍රීවීල් ගාස්තු ද අඩුකිරීමට තිබූ බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

වර්තමානයේ පවතින තෙල් මිල ගණන් අනුව දැනට රුපියල් 137ක් වන ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 117 කටත්, රුපියල් 161ක් වන ඔක්ටේන් 95 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක් රුපියල්          141කටත්, රුපියල් 104ක් වන ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 84 කට හා රුපියල් 132ක් වන සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 112 කටත් ලබාදීමේ හැකියාව තිබෙන බව ද හිටපු ඇමැතිවරයා කියා සිටී.

පසුගිය රජය සමයේ ලෝක වෙළඳපොලේ මිල ගණන් සංසන්දනය කරමින් මිල සුත‍්‍රය මගින් සෑම මසකම 10 වැනිදා මෙරට පාරිභෝගිකයාට උපරිම වාසියක් අත්වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කරනු ලැබූ බවත්, ජාත්‍යන්තර  වෙළඳපොලේ  තෙල් මිල අඩුවන විට එහි වාසිය පාරිභෝගික ජනතාවට ලබා දෙන බවට තමා තෙල් මිල සූත‍්‍රය හඳුන්වා දෙන අවස්ථාවේදී පොරොන්දුවක් දුන් බවක් හිටපු මුදල් අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

දැනට පවතින ඉන්ධන මිල ගණන් මිල සූත‍්‍රය අනුව 2019 සැප්තැම්බර් මාසයේ දී ප‍්‍රකාශයට පත්කරන විට සිංගප්පූරු වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 65 ක් වූ බවත් අද වන විට එය ඇමෙරිකානු ඩොලර් 45ක් දක්වා පහත වැටී ඇති බවත් සමරවීර මහතා සඳහන් කර ඇත.         

යහපාලන රජය මගින් ගෘහස්ථ ගෑස් සඳහා ද මිල සූත‍්‍රයක් හඳුන්වාදීමේ ප‍්‍රතිඵලයක් ලෙස 2015 දී රු 2000 ට වැඩි මිලකට පැවති කිලෝ ග‍්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 1500 දක්වා අඩු කිරීමට හැකි වූ බව ද මංගල සමරවීර මහතා පවසා තිබේ.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ අද (10) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

මේ වන විට ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල 2019 සැප්තැම්බර් මාසයට සාපේක්‍ෂව 30% කින් පමණ අඩු වී ඇති බැවින් එම සහනය ජනතාවට හිමිවිය යුතු බව ද හිටපු ඇමැතිවරයා එහි දක්වා තිබේ.

මෙම රජය ජනතාවට සහනදීම පිළිබඳව සැබෑ ලෙසම උනන්දුවක් දක්වන්නේ පෙට‍්‍රල් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 20 කින් අඩු කිරීමේ හැකියාව ඔවුන්ට තිබෙන බව ද මංගල සමරවීර මහතා කියා සිටී.

නමුත් වත්මන් මේ රජය ජනතාවට සහන ලබාදීමට කිසිදු ආකාරයකින් කටයුතු නොකරන බව ඉන්ධන මිල සහනය ජනතාවට ලබා නොදීමෙන්ම පැහැදිලිවන්නේ යැයි ද බව මංගල සමරවීර මහතා පවසයි.

 



අදහස් (46)

‘මිල සුත්‍රය තිබුණා නම් පෙට්‍රල්-ඩීසල් මිල රුපියල් 20 කින් අඩු කළ හැකියි’

Bamunuarachchi Tuesday, 10 March 2020 03:28 PM

ඔහේ අත්තනෝමතිකව ගහපු බදු අඩු කළ නිසා ඉන්ධන මිල අඩු නොකළාට කමක් නැහැ. රටම කාලා දැන් ඉන්ධන මිල අඩු කොරන්න කතා කොරනවා.

:       501       1260

AchiraWednesday, 06 May 2020 05:05 PM

වෙනස සැපද?

:       18       69

MP Wednesday, 11 March 2020 01:20 AM

කටින් තමයි ඔක්කොම සූත්තර. මිනිසුන්ට විනකරන එකම තමා ඉන්නකම් කළේ... ආයෙත් නම් කවදාවත් දේශපාලනයට නොඑ්වා..!

:       356       878

vidya Wednesday, 11 March 2020 11:26 PM

ඔයගොල්ල තියලා ගිය සුත්තරේ දැන් පාරලා තියෙන්නේ. දැන් ඒක කැඩිලා.

:       16       90

Senarath Thursday, 12 March 2020 04:16 AM

2015 දී එනකොට තෙල් බැරලය තිබ්බේ ඩොලර් 75ට 2016 සහ 2017 දී තෙල් බැරලය තිබුනේ ඩොලර් 27 ට. කෝ එදා අඩු කලාද?

:       405       750

Bandara Thursday, 12 March 2020 06:57 AM

අනේ යන්න. ඔය කරපු හරිය හොඳටම ඇති...

:       19       327

de silva berlin Thursday, 12 March 2020 02:30 PM

මමත් මංගල විරෝධියෙක්. සුදුසුකම් ඇති ආචාර්ය හර්ෂද සිල්වා වැනි පුද්ගලයන් ආණ්ඩුවේ ඉන්දැද්දී කිසිම සුදුසුකමක් නැතුව ඔහු මුදල් ඇමැතිවෙලා කරපු දේවල් ගැන මගේ කිසිම පැහැදීමක් නැහැ. නමුත් කරුණාකර මෙතන ඔහුගේ දේශපාලනය පටළවගන්න එපා. රටක ඉන්ධන මිල තීරණය විය යුත්තේ ලෝක වෙළදපලේ බොරතෙල් මිල මත. දියුණු රටවල ක්‍රියාත්මක වෙන්නේ මෙම ක්‍රමය.

:       311       343

Kavinda Sunday, 15 March 2020 06:22 AM

මෙයාට අඩුකරන්න පුළුවන්.

:       5       10

wicky Sunday, 15 March 2020 12:22 PM

අහෝ ඛේදයකි. මෙයාගේ අඩු කිරිල්ල... මොකක් නැතත් වැඩිම කළා.. දැන් මහලොකුවට කියවනවා. මෙයා හිනාවේවි මිල සූත්‍රයක් කියලා අකුරු හතරක් පෙන්වලා මාධ්‍ය සංදර්ශන තියලා හිනා වුනේ අපිටයි කියලා අපි හොඳටම දන්නවා...

:       78       153

rohan welivita Sunday, 15 March 2020 06:11 PM

මෙයා කතා කරන්නේ මොන කටින්ද?

:       0       86

NAK Monday, 16 March 2020 09:05 AM

තව චුට්ටක් ඉවසලා ඉන්න... ඡන්දෙ ලං වෙනකොට අඩුකරයි... !!!

:       117       6

prakaash Tuesday, 17 March 2020 05:54 AM

තෙල් මිල අඩු කල යුතු බව ජනතාව බලාපොරොත්තු වෙනවා.

:       38       1

vipula Tuesday, 17 March 2020 08:20 AM

අනේ මෙයාගේ කතා තවත් පත්තර වල දානවනේ. තවම හිතන් ඉන්නේ ලංකාවේ ඉන්නේ කියනදේ එහෙයි කියන ජාතියක් කියලා.

:       94       119

chandima Tuesday, 17 March 2020 12:40 PM

බැරි වෙලාවත් මිල සුත්තරෙත් දිගටම තිබිලා, ඔයාලගෙ ආණ්ඩුවත් දිගටම උන්නනම්. මේවෙනකොට මොනවා වෙයිද?

:       37       139

Thisara Karunarathna Sunday, 22 March 2020 08:19 AM

මිල සූත‍්‍රයට වඩා බඩු මිල අඩු කරපු එක හොදයි. මොකද වාහන නොමැති අයටත් එහි ප්‍රථිලාබ ලබන්න පුලුවන්.

:       15       118

Bamunuarachchi Monday, 23 March 2020 02:35 AM

පැට්‍රල් මිල රුපියල් 20ක් අඩු වුණාම ඒ වාසිය ලැබෙන්නේ වාහන තිබෙන එකාට විතරයි හලෝ පරිප්පු මිල 65 වෙලා සැමන් 100 වුණාම රටේ හැම කෙනෙක්ම ඒ වාසිය ලබන බව සමහර මොළ වලට නොතේරීම රටේ අවාසනාවයි.

:       29       175

සපුමල් Tuesday, 31 March 2020 12:19 AM

දන්නා දේශපාලනෙකුත් නැහැ. දන්නා මිළ සුත්‍රයකුත් නෑ, ආර්ථික විද්‍යාවකුත් නැහැ. ලෝකේ අනෙක් තැන්වල වෙන දේවල් ගැන දන්නෙත් නෑ.ගොන් මැටි , ළිං ගෙම්බෙක් වගේ කියවන්න එපා. මංගල කියන්නේ මේ රටේ දේශපාලන ක්ෂේත්‍රයේ ඉන්න වැඩක් කල හැකි, දක්ෂ, නිර්මාණශීලි මිනිහෙක්. ජනාධිපතිතුමා වගේ නෙමෙයි. අතේ ලේ නෑ, හොරකම් කරලා නෑ. ජරාව කාලා නෑ. මිග් යානාවලින් කොමිස් ගහලා නෑ. ශ්‍රී.ල.නි.පක්ෂයේ මුල ඉඳලා උඩට දක්ෂ කමින් ආපු මිනිහෙක්. මොනවද දන්නේ කියලා කියනව් ඉස්සෙල්ල ම විවේචනය කරන්න කලින්. මිල සුත්‍රය කියලා දෙයක් ඇත්තටම නෑ. තියෙන්නේ ඉල්ලුම සහ සැපයුම අනුව ලෝක වෙළඳ පොළේ බොර තෙල් මිල අනුව ඉහල පහල යන ආකෘතියක් විතරයි. ලෝකයේ දියුණු රටවල ර දොළහට පටන් ගත්තම වැඩිවෙමින් අඩු වෙමින් දවස පුරාම මිල වෙනස් වෙනවා. ලංකාව වගේ ගොබ්බ රටවල් ඉන්න ගොබ්බයන්ට ගල් යුගයේ මිලටම තෙල් විකුනනවා. උන් ඒක ගැන හදවතින්ම අමණ නායකයන්ට ප්‍රසංශා කරනවා. ඒක ගැනයි මංගල කිව්වේ. තව ඕනෙද පැහැදිලි කරන්න?

:       663       246

Dayana Tuesday, 24 March 2020 02:04 PM

මළ මිනී මතින් දේශපාලනය කරන්න හදන, බුදු දහමටත් නිගා කළ කළ රටටම පිළිකාවක් වූ දේශපාලුවෙකි.

:       33       246

P.Ilangaratne Wednesday, 25 March 2020 08:45 AM

ඔයගොල්ලන්ගේ සුත්තර වලට මිනිස්සු රැවටුනානම් අද රට තුනකට කැඩිලා.

:       47       101

jayath Wednesday, 25 March 2020 10:52 AM

පහුගිය කාලේ ආගිය අතක් නැතුව හිටිය දැන් ආපහු කට ඇරිලද කොහෙද.?

:       2       44

Kumar Friday, 27 March 2020 02:50 AM

මේ සතියේ අපේ නගරයේ පැට්‍රොල් ගැලුමක් (ලීටර් 3.5) ඩොලර් 2 ට තිබුණා. පරිසරය දුෂණය වලකන සංයෝග නිසා කැලිෆෝනියාවේ පැට්‍රොල් මිල අනෙක් ප්‍රන්තවලට වඩා වැඩියි. නැගෙනහිර ප්‍රාන්තවල ගැලුම ඩොලර් 1 ට විකුනනවා. ලංකාව පැට්‍රොල් ගන්නවා ඇත්තේ සිගපුරුවෙ ගල් අඟුරු විකුණන කොම්පැනියෙන් වෙන්න ඇති.

:       155       105

Kumara (Galf)Saturday, 28 March 2020 04:51 PM

ගොනෙක් වූවාට කම් නැත කුමාර්. එහෙත් තප්පුලන්න එපා...

:       26       62

KumarMonday, 30 March 2020 02:19 AM

කලකට පෙර බමුණෙක් මට අංතට්ටුවක් දුන්නා නේද?

:       0       0

සමන්ත Friday, 10 April 2020 03:44 PM

කුමාර් නෙමේ.... ඔහෙයි තප්පුලන්නේ. ඉන්නේ මැදපෙරදිග. කඹුරන්නේ තම්බින්ට. හැබැයි කඩේ යන්නේ ලංකාවේ ඉන්න ගොබ්බයන්ට. බනින්නෙත් තම්බින්ට... කුමාර් කියන්නේ ඇත්ත නිසා එක තේරෙන්නෙත් නෑ . ඒ තරම් කුපාඩි වහල්ලු.

:       239       166

PrasadThursday, 23 April 2020 05:28 AM

මේන් සමන්ත කියලා තවත් කෙනෙක්. මේ දවස් වල සිරිකොතේ වහලා ඇති.

:       0       24

Wasantha Thursday, 02 April 2020 05:33 AM

ඔය තෙල් ගහගෙන මේ ඇදිරිනී තියන වෙලේ කොහේ යන්නද.?

:       0       29

Gamekolla Thursday, 02 April 2020 01:51 PM

මංගල කියන්නේ ඇත්ත. මේ ආණ්ඩුව ආපු දවසේ ඉදල රට හෙන ගැහුවා. 2015 පෙර ගතත් නය නිසා තමඊ මේ තරම් රටට අමාරු... කෝ මේ වියත්තු වියත්තු කියා ගත්තු හරක් ටික. දැන් රට කරන්නේ උගත් අමතිලද?

:       274       132

bakinhamThursday, 09 April 2020 08:32 AM

නියම අය බැංකු කඩන්නේ නැහැ.

:       0       67

Silly Point Saturday, 23 May 2020 04:02 PM

2015ට කලින් බැංකු කැඩුවේ කවුද කියලා දන්නේ නැද්ද?

:       0       0

jagath pigera Friday, 03 April 2020 06:52 AM

ඉන්ධන මිල අඩු වුනාම ඒකෙ වාසිය ලැබෙන්න ඕනේ... වාහන අයිතිකාරයට විතරක් නෙවෙයි . ප්‍රවාහනය මත සියලු බඩු මිල අඩු විය යුතුයි. කරුමෙට ශ්‍රී ලංකාවේ එහෙම බඩු මිල අඩු කරන්න ආණ්ඩුවට වුවමනාවක්, ක්‍රමවේදයක්වත් නැහැ.

:       0       167

chandana seneviratne Friday, 03 April 2020 07:48 AM

ද ෆිනෑන්ස් ආයතනය 2009 සිට ම පාලනය සහ නිරීක්ෂණය වූයේ ධ්‍යම බැංකුව මගිනි. වසර 80ක පමණ ඉතිහාසයක් ඇති මෙම ද ෆිනෑන්ස් ආයතනය කඩා වැටෙන්නේ නම් අනෙකුත් ෆිනෑන්ස් ආයතන පිළිබඳ කුමන කතාද. මිල සූත්‍ර ගැන කතා කරන මොහු ගේ කාලයේ මෙම ආයතනය කඩාවැටීමට කටයුතු කළ පුත් පුද්ගලයන් අතර මොහු ද සිටී. මෙවැනි ූල්‍ය ආයතන රැක රැකගැනීමට ඔය කියන මහාචාර්යවරුන්ට හැකියාව නොතිබ්බා ද ??

:       49       36

sunil perrera Friday, 03 April 2020 03:01 PM

මොකද?, මිනිසුන්ට මේ දවස්වල තියන එකම ප්‍රශ්නය කොරෝනා සහ කෑම බෙහෙත් ද‍්‍රව්‍ය යනාදියයි. . පෙට්‍රල් බොන අය මෙහෙ නැහැ . අහිංසක මිනිස්සු ඔලුවට කුහක අදහස් දෙන්නේ නැතිව යන්න.

:       65       76

matara api Thursday, 09 April 2020 08:31 AM

බැංකුව කැඩුවෙ නැති නම් නිකම්ම ඉන්ධන දෙන්න තිබුණා.

:       0       76

piyadasa bandara Sunday, 12 April 2020 01:31 PM

ඔය බිස්නස් ලෝකයම දන්නවා සූත්තර පුංචා.

:       0       12

kavinda Monday, 13 April 2020 03:48 AM

මේවත් ඩීල් වගේ පේන්නේ...

:       0       0

Gayan Tuesday, 14 April 2020 03:20 PM

ඔයාට පිස්සුද?

:       0       0

Anuradha. Melbourne Wednesday, 15 April 2020 09:53 PM

ආදායමක් නැති ආණ්ඩුවට රැකියාවක් නැතුව නිවෙසට වී ඉන්න මිනිස්සුන්ට කන්න බොන්න දෙන්න වෙන්නේ මොනවා විකුණලද?

:       16       2

Kumar (Galf)Thursday, 23 April 2020 08:33 AM

ඔයා හිතුවද ඔයා ඉන්න රටේ ආණ්ඩුව ඔයගොල්ලන්ට අනාතයෝ වගේ සැලකුවට ලංකාවෙ මිනිස්සුන්ට ආණ්ඩුව ඒ වගේ සලකනවා කියලා. අපි නම් දන්නවා ඔය ගොල්ලන්ගේ මහ ලොකු ආණ්ඩුව රස්සා නැති මිනිස්සුන්ට සල්ලි නැත්තන් රස්සාවක් හොයා ගන්න කියලත් කියලා තියෙනවා කියලා. මේ හලෝ ඔස්ට්‍රේලියාවේ ඉන්න සුද්දන්ගෙ පිඟන් හෝද හෝද තමන්ගෙ රටට ගරහන කාලකන්නියෙක් වෙන්න එපා....

:       0       24

KumarFriday, 24 April 2020 03:49 PM

මට පෙනෙන හැටියටනම් මුදල් වැඩිපුර මුද්‍රණය කිරීමෙන් විදම් කරන්න මුදල් සොයාගන්න ඇත්තෙ. වැඩිපුර මුදල් මුද්‍රණය කලවිට රුපියලේ වටිනාකම වැටෙනවා. ලඟදි රුපියල වැටෙන්න ඇත්තෙ ඒ හේතුවෙන් වෙන්න ඇති.

:       0       0

janahitha Sunday, 26 April 2020 02:36 PM

අපිට සුද්දෝ සල්ලි දෙනවා... එක වළදකට මුට්ටියකට දෙන්නේ ඩොලර්වලින්... සුද්දෝ එහෙම තමයි.

:       0       0

විජේ Thursday, 23 April 2020 07:14 AM

මොංගල් වැඩ තමයි....

:       0       0

janahitha Sunday, 26 April 2020 02:33 PM

හ්ම් හිටියා නම් මිනිස්සුන්ට රුපියල් 20 දීලා කෝටියක් විතර ලොක්කගේ ගෝලබාලයන්ට හම්බකරලා දෙන්න තිබුණු වාහන ගෙන්නලා බෙදාහදාගෙන කන්න තිබුණා...

:       0       0

dickie bird Wednesday, 29 April 2020 09:55 AM

මොංගල් නම් ලංකාවට බිහිවුණු සාපයක්...

:       0       1

යොහාන් සමරවික්‍රම Tuesday, 05 May 2020 12:05 PM

මෙච්චර මේ ඇඳිරි නීති දාල තියෙන වෙලාවේ අඩු කරපු පෙට්‍රල් ගහන් මොන අට මගලෙක යන්නද මනුස්සයෝ? ඔහොම බූරුවෝ තමයි අර 45000ක් විතර පොලිසියට අහු වෙලා ඉන්නේ... ඕනවට වඩා කරන්න ගියාමත් අගයක් නෑ... මුන්ට මෙච්චර සහන දීලත් කිසිම කෙලෙහි ගුණයක් නෑනේ. වෙන රටවල වැටුන තැනින් නැගිටින්න උත්සහ කරනවා අපේ එවුන් කුලල් කකා ඉන්නවා රට කන්න. දැන් වත් ලංකාවේ මනුස්සයෙක් විදියට රට ගොඩ දාන්නයි උත්සහ කරන්න ඕන. මේක තමයි හොඳම අවස්ථාව. මොකෝ අපිට අමුතුවෙන් වැටෙන්න දෙයක් තිබ්බේ නෑනේ. 2015 ඉඳන් කාල කාල තාම දිරවගන්නත් බෑ... ඒ උනාට තාම බලේ අල්ලන්න කතාව. අම්මප සිරිසේනගේ ආණ්ඩුව තිබ්බ නම් මේ කමෙන්ට් එක මාවත් අද වලපල්ලේ කොරෝනා හැදිලා. මෙච්චර දේවල් වෙලත් තවත් මුන්ව සුද්ද කරන උන් ඉන්නවනේ. ප්‍රභාකරන් වලේ ඉඳන් බඩ අල්ලන් හිනාවෙනවා ඇති. කිව්වා හරි මුන්ට මතක සතියයි. එක අතකට පෙට්‍රල් අඩු කරලා ඇඳිරි නීති කඩන උන්ගෙන් ඒවා අල්ලන්න ඕන පොලියත් එක්ක දැඩි දඩ එක්ක. පෙට්‍රල් ගහන අහවල් මගුලක යන්නද අඩු කරලා. මිනිස්සුන්ට මොලයක් දීල තියෙන්නේ හිතන්න. පුතානෝට වගේ සෙල්ලම් බත් උයන්න නෙමේ...

:       1       87

eresh S kumara Wednesday, 13 May 2020 11:02 AM

නරකද අර තෙල් ටැංකි, ඔක්කොම රජයට අරගෙන ගෙන්නලා ස්ටොක් කළොත්?

:       0       0

mangala Monday, 18 May 2020 05:16 AM

මේ වගේ අය ඉන්නකොට රටට හරියයිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 58 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1159 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 896 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2299 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2151 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3681 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1532 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site