IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘බැඳුම්කර වාර්තාව හමස් පෙට්ටියට දාන්න හදනවා‘

(විනීතා එම් ගමගේ)

ආණ්ඩුව හදන්නේ බැඳුම්කර වාර්තාව පිළිබඳ කතාබහ පෙබරවාරි 10තෙක් ඇදගෙන ගොස් ඡන්දයෙන් පසු එය හමස් පෙට්ටියට දමා වසා දැමීමට යැයි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් මොහමඩ් මුසම්මිල් මහතා ප‍්‍රකාශ කළේය.   

බැඳුම්කර වාර්තාවේ නිර්දේශ කඩිනමින් ක‍්‍රියාවට නැංවීම පසෙක ලා එය පදනම් කරමින් ‘බොරු රණ්ඩුවක්’ හදාගෙන ඇති ආණ්ඩුවේ නිල් - කොළ හා රතු පළු පෙබරවාරි 10වැනිදා තම තමන්ගේ ඡන්ද මලූ පුරවා ගැනීමේ උත්සාහයක නිරතව සිටින බව ද ඔහු පැවැසීය.

එම සියලු ගැටුම් පෙබරවාරි 10 වැනිදායින් අවසන් වන බවත් ඉන්පසු බැඳුම්කර වාර්තාව හමස් පෙට්ටියට දමා යතුරු දැමීම මේ අයගේ අපේක්ෂාව බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය. 

මොහොමඞ් මුසම්මිල් මහතා මේ අදහස් පළ කළේ පිටකෝට්ටේ ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

‘‘බැදුම්කර කොමිෂන් සභා වාර්තාවේ ඉංග‍්‍රීසි පිටපත් පමණයි පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා වෙත ලබා දී තිබෙන්නේ. ස්ථාවර නියෝග අනුව සිංහල, දෙමළ හා ඉංග‍්‍රීසි යන ත්‍රෛභාෂා පිටපත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්න්ට ලබා දිය යුතුව තිබෙනවා. ත්‍රෛභාෂා පිටපත් ලබා නොදුන්නොත් ජනවාරි 23 වැනිදා ද මේ බැඳුම්කර කොමිෂන් සභා වාර්තාව පිළිබඳ විවාදයක් පැවැත්වීමට ඉඩ ලැබෙන්නේ නැහැ. එජාප නායකයින්ගේ සම්බන්ධය’   ජනාධිපතිවරයා  නොපැවසුවාට අපට ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අනාවරණය වී තිබෙනවා. මෙම ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ තැන් කිහිපයකම එජාප නායක රනිල් වික‍්‍රමසිංහ, උප නායක රවී කරුණානායක, සභාපති මලික් සමරවික‍්‍රම හා මහලේකම් කබීර් හෂීම් යන අයගේ නම් සදහන් ව ඇති බව. මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක මෙරට දේශපාලන පක්ෂයක නම කියැවෙන්නේ ප‍්‍රථම වතාවට‘‘ යැයි ද ඔහු කීය.



අදහස් (10)

‘බැඳුම්කර වාර්තාව හමස් පෙට්ටියට දාන්න හදනවා‘

Navarathna Banda Thursday, 18 January 2018 09:25 AM

මහනුවර දිස්ත්‍රික්කයේ කුණ්ඬසාලේ ආසනයේ ගෝනවල ග්‍රාමයේ ඉතා දුපත් පවුලක ඉපිද ස්ව උත්සාහයෙන් දියුණු වී ඉතා සැපවත් දිවියක් ගෙවන මුසම්මිල් මැතිඳුනි ඔබ ගැන ඉතා ආඩම්ඹරයි. හැමෝම ගිලෙන නැවෙන් පැන යද්දී තමාට තාන්න මාන්න ලබා දුන් නායකයා රැක ගැනීමට පෙනී සිටින ඔබ කළගුණ හඳුනන උතුමෙකි.

:       0       54

Sanath Thursday, 18 January 2018 09:39 AM

මේ පක්‍ෂයේ දැන් ඉතුරු වෙලා ඉන්නේ මෙයයි මෙයාගෙ නායකයයි විතරයි. තනතුරු තණ්හාවට ජ​.වි.පෙ. බිඳ දමා දුර්වල කිරීමේ විපාක තමා අද මේ රටට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ. ජ​.වි.පෙ. ශක්තිමත්ව සිටියානම් මේ ආණ්ඬු දෙකටම මේ විදිහට ජාතික ධනය කොල්ල කන්න ඉඩ ලැබෙන්නේ නෑ.

:       42       131

Chandra Thursday, 18 January 2018 09:54 AM

ඔබලා රජ කරද්දී කරපු හෙන ගහන වංචා දුෂණ දැන් හමස් පෙට්ටියේ නෙමේද ?

:       3       256

himal Thursday, 18 January 2018 09:58 AM

මුසම්මිල්, විල්පත්තු වන විනාශය ගැන තමුන්ගේ මතය මොකක්ද?

:       0       6

parakkrama Thursday, 18 January 2018 05:09 PM

මුසම්මිල් මහත්තයෝ, ඔබ ඇතුළු සෙට් එකම කියන දේ පිළිගන්න අතලොස්සක් ඉන්නවා තමයි. ඔබගේ පක්ෂයේ ඔබද ඇතුළුව ලොකු ලොකු අය කර ඇති දේවලුත්, ඒවා වසා ගන්න කියපු දේවලුත් මහජනතාවගේ බහුතරයක් හොඳාකාරවම දනිති. කළු සුදුවලින් ඇති යමක් පිළිබඳව, ඉතා විශ්වාස කටයුතු මාර්ගයෙන් දැනගන්න ලැබුණාය කියමින්, තමුන් නුරුස්සන කණ්ඩායමේ අයගේ නම් කියකියා, ඇඟිලි දික් කරමින් බුද්ධිමත් ජනතාවගේ ඔළුගෙඩි කුරුවල් කිරීමේ සූදුවේ යෙදෙන ඔබට, ඒ ඉතා විශ්වාස කටයුතු මාර්ගයෙන් ඔච්චරමද දැනගන්න ලැබුනේ? අනුන්ට මඩ හරි, අසුචි හරි ගහනකොට ඒවා තමුන්ගේ අත්වලත් තැවරිලා තිබෙන බව තමුන්ට දැනෙන්නේ තමුන්ගේම නහය පිස දමන වෙලාවක තමයි. එතෙක් ඔබම දන්නේ නැත.

:       2       27

සෙනෙවි Thursday, 18 January 2018 06:56 PM

අනිත්පැත්තෙන් මෙයාගේ ලොක්කගේ වංචාවල් වලට හොර පාස් පෝට් වලට දඬුවම් දීම ඊළඟ ආණ්ඩුව වෙනකම් නැද්ද?

:       0       18

Sayiman Friday, 19 January 2018 03:34 AM

ඥාතෘන්ට රජයේ ගෙවල් සංග්‍රහයේ වාර්තාවත් හංගන්න එපා කියන්න හොඳේ...

:       0       35

සපුමල් බණ්ඩාර Friday, 19 January 2018 07:38 AM

මෙයාලගෙ පක්‍ෂයේ දැන් ඉතුරු වෙලා ඉන්නේ මෙයයි මෙයාගෙ නායකයයි විතරයි. ජ​.වි.පෙ. කඩා බිඳ දමා දුර්වල කිරීමේ විපාක තමයි අද මේ රටම විඳින්නේ. ජ.වි.පෙ. ශක්තිමත්ව තිබුණානම් දෙපැත්තෙම හොරුන්ට මේ විදිහට මහජන දේපළ හොරා කන්න ලැබෙන්නේ නෑ.

:       1       333

Ajith Nissanka Sunday, 21 January 2018 07:30 PM

පරණ ආණ්ඩුව වගේ සුදු වෑන් වලට දාන්නේ නැනේ!

:       44       1

Samith Monday, 22 January 2018 07:27 AM

මෝඩ කතාවක් නේද කිව්වේ ඔයා? දැන් ආණ්ඩුව කරන්නේ කව්ද චන්ද්‍ර ?

:       0       1

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 19 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1154 1

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 885 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2298 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2149 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3678 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site