(නිමල කොඩිතුවක්කු)
ඉදිරි පළාත් පාළන මැතිවරණයෙන් පසු වහසි බස් දොඩවන දේශපාලන පක්ෂවල සැබෑ තතු හෙළි කරගත හැකි බව කම්කරු සහ වෘත්තීය සබඳතා රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා පවසයි.
පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී අද (08) පැවති මාධය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කීය.
“දැන් මැතිවරණයක් එනවා. ඒ සදහා අපි සියලූ දෙනාම සූදානම් වනවා. ජනවාරි මාසය අවසන් වීමට පෙර පළාත් පාලන මැතිවරණය පවත්වලා ඒ සභාකයින් තෝරා ගනීවි. මේකේ ප්‍රමාදයක් වුණා. ඒ සදහා හේතු රාශියක් තිබුණා. සීමා නීර්ණය සදහා තවමත් හරි තීන්දුවක් නැහැ. සමහර තැන්වලදී අපි බලයේ ඉඳලත් අපිට ඒක හරියට වෙනස් කරගන්න බැරි වුණා. ඒක තමයි ඇත්ත. මේවා සම්පූර්ණයෙන්ම වෙනස් විදියට හදලා තිබුණා.මේක අපිට අවාසි හින්ද අපි ඡන්දය තියන්නේ නැහැ කිව්වා. මැතිවරණයෙන් පස්සෙ බලා ගන්න පුලූවන් වාසි කාටද අවාසි කාටද කියලා.“යැයි ඒ මහතා පැවසීය.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග
මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත
ලංකා දේශපාලන ඉතිහාසයේ තීව්‍රැතම ගැටුම ඉදිරි මාස හත අට තුළ නිර්මාණය වෙනවා. මේක ‘ඩූ ඕ ඩයි’ සටනක් යැයි ජාතික ජනබලවේගයේ නායක පාර්ලමේන්තු මන්ත්‍රී අනුර කුම
ආර්ථිකය ගැන දින හතක විවාදයකට එන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රවාහන හා මහා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට පාර්ලිමේන්තුවේ දී අභිය
මිනිස්සුන්ට අරගල තිත්ත වෙලා යැයි පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ජනාධිපතිවරුන් ලෙස සිට නැවත පාර්ලිමේන්තුවට පැමිණීම නීතියක් ගෙනැවිත් නතර කළ යුතුව තිබෙන බව පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘පක්ෂවල ඇත්ත තත්ත්වය මැතිවරණයෙන් පසු‘
anannda Saturday, 11 November 2017 03:00 PM
බොහොම හරි... දැන් ඔය පාර්ලිමේන්තුවේත් පෙනෙන්නේ පක්ෂවල නියම තත්වය තමයි...
bamunuarachchi Saturday, 11 November 2017 05:08 PM
කාටද ඔය තත්වෙ දැනගෙන ඇති ප්‍රයෝජනය