(මුදිතා දයානන්ද)
නියපොත්තෙන් කඩන්න තිබෙන දේ පොරොවෙන් කපන්න සිදුවන තෙක් බලා නොසිට විජයකලා මහේස්වරන් අමාත්‍යවරියගේ ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න යැයි පිවිතුරු හෙළ උරුමය ප්රචාරක ලේකම් නීතිඥ තුෂාර දිසානායක මහතා ඊයේ (05) පැවසීය.
දිසානායක මහතා මෙසේ පැවසූයේ පිටකෝට්ටේ පිවිතුරු හෙළ උරුම කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
තවදුරටත් අදහස් දැක්වු දිසානායක මහතා මෙසේද පැවසීය.
අකිල විරාජ් කාරියවසම් අධ්‍යාපන ඇමතිතුමන් කියනවා විජයකලා මහේෂ්වරන් මැතිණියට ආතතියක් ඇතිවු නිසා මේ ප්‍රකාශය කළා කියලා. එතුමන්ට අපි කියනවා මුලු රටටම ආතිය දනවන මේ ප්‍රකාශය පොල්කට්ටෙන් වහන්න ලෑස්තිවෙන්න එපා කියලා.කොටි පාසල් යන දෙමළ දරුවන් පැහැර ගෙන ගොස් බෙල්ලේ සයිනයිඩ් එල්ලන කොට විජයකලා මහත්මියට ආතතිය හැදුනේ නැද්ද? කොටින්ට එරෙහි වුණා කියලා දරුවන් හත් දෙනෙකුගේ අම්මායි තාත්තායි මරා දාලා දරුවන් අනාථ කළාම ආතතිය හැදුනේ නැද්ද? ගෝමරංකඩවල අහිංසක පාසල් දරුවන් කපා කොටා මරා දාන කොට ආතතිය හැදුනේ නැද්ද?
මීට ටික කලකට පෙර විජයකලා වහා අත්අඩංගුවට ගනු කියලා යාපනය පුරා පෝස්ටර් ඇලවුයේ විද්‍යා ඝාතනයෙන් දැඩි ලෙස කම්පනයට පත් යාපනයේ ජනතාවයි. ඒ විද්‍යා ඝාතන නඩුවේ ප්‍රධාන වගඋත්තරකරු වන ස්විස් කුමාර් හෙවත් මහාලිංගම් සෂීකුමාර් “ මාව බේරාගත්තේ විජයකලා මැඩම් යැයි අධිකරණයේදි ප්‍රකාශ කිරිම නිසයි. ඒ අපරාධකරුවන්ට රැකවරණය දෙනකොට ආතතියට හැදුනේ නැද්ද?
එල්ටීටී ත්රස්තවාදීන් යළි උපද්දන්න ඕනෑය කියලා ඇමති විජයකලාලාත්, එල්ටීටී උප්පත්තියට බලෙන් පිය පදවිය දුන්නු ඇමති රාජිතත් ඊට වින්නඹුකම් කරන මේ ආණ්ඩුවේ ඇතැම් අයගේ ක්‍රියාකාරකම් හමුවේත්, ලාදුරු රෝගියෙක් මෙන් නොසිටින ලෙස අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. නියපොත්තෙන් කඩන්න තියන දේ පොරවෙන් කපන තුරු නොසිටින ලෙස අපි ආණ්ඩුවට අනතුරු අගවනවා. ආණ්ඩුවේ ඉන්න එල්ටීටීඊ කාරයන්ගෙන් කැබිනෙට්ටුව බේරා නොගත්තොත් එල්ටීටිඊය රට අල්ලා ගන්න පෙර කැබිනට්ටුව අල්ලා ගනීවි.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග
මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත
ලංකා දේශපාලන ඉතිහාසයේ තීව්‍රැතම ගැටුම ඉදිරි මාස හත අට තුළ නිර්මාණය වෙනවා. මේක ‘ඩූ ඕ ඩයි’ සටනක් යැයි ජාතික ජනබලවේගයේ නායක පාර්ලමේන්තු මන්ත්‍රී අනුර කුම
ආර්ථිකය ගැන දින හතක විවාදයකට එන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රවාහන හා මහා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට පාර්ලිමේන්තුවේ දී අභිය
මිනිස්සුන්ට අරගල තිත්ත වෙලා යැයි පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ජනාධිපතිවරුන් ලෙස සිට නැවත පාර්ලිමේන්තුවට පැමිණීම නීතියක් ගෙනැවිත් නතර කළ යුතුව තිබෙන බව පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කොටන තැනට ගේන්න එපා
Bamunuarachchi Friday, 06 July 2018 05:06 PM
විජයකලා කීව දෙය නොව නියපොත්තෙන් කැඩිය යුත්තේ ඒ කියමනට හේතු පාදක වූ හේතුවයි. ඒ හේතුව යාපනයට පමණක් නොව මුළු රටටම හේතු පාදක වී ඇත