IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


‘උතුරු මහඇමැතිට දෙමළ ජාතික සන්ධානයෙන් පිළිතුරු’


 
 
රොමේෂ් මධුෂංඛ
 

'දෙමළ ජාතික සන්ධානය බලයට පත් වූ පසු දෙමළ ජනතාව වෙනුවෙන් සිදුකළ මෙහෙය, නායකත්වය පරාජය වෙලා තියනවා කියනවා නම් ඒක අමූලික බොරුවක්' යැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පැවසීය.


මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ඊයේ (1) යාපනයේ මන්ත්‍රීවරයාගේ නිවසේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.


එහිදී සුමන්තිරන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.


‘උතුරේ අත්පත් කරගත් ඉඩම් නැවත ජනතාවට ලබාදීමට ප්‍රධානතම හේතුව වූවේ මේ දේශපාලන වෙනස්කම නිසයි මෙකෙන් කිසිම දෙයක් වෙලා නැහැ කියන එක පිළිගන්න බැහැ දෙමළ ජාතික සන්ධානය දේශපාලන වෙනසක් කරන්න උදව් වුණා. එකෙන් කිසිම ප්‍රතිඵලයක් ලැබිල නැහැ කියල කියනවා නම් ඒක අමූලික බොරුවක් එය ජනතාව හොඳින් දන්නවා දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට සම්පූර්ණයෙන්ම විසඳුමක් ලැබුණා කියල අපි කියන්නේ නැහැ මේ ලගදිත් ආර්.සම්පන්දන් විපක්ෂ නායකතුමන් විසින් ජනාධිපතිතුමන් හමුවෙලා දෙමළ ජනතාවගේ ප්‍රශ්න ගැන සාකච්ඡා කරල තිබුණා ඒ නිසා කිසිම දෙයක් වුණේ නැහැ කියන එක අමූලික බොරුවක් කියා කියන්න මම පසුබට වෙන්නේ නැහැ. 


"නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මම ගාල්ලේදී පැවැත්වු කථාවේදී අපිට ෆෙඩරල් ව්‍යවස්ථාවක් අනවශ්‍ය බවට මා කියු බව මාධ්‍ය වාර්තා කර තිබෙනවා.මම ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන්න කැමැතියි. 


නව ව්‍යවස්ථාව ඇති කිරීමට අපගේ පිවිසුම මතභේදයට තුඩුදෙන වචන භාවිතයෙන්  වැළකී සිටිමයි. අතුරු වාර්තාවේ බොහෝම පැහැදිලිව ඒ බව කියලා තිබෙනවා.


උතුරු නැගෙනහිර රාජ්‍යය බලය හරි විදිහට බෙදාහරින්න ඕන ජනතාවගෙන් තේරීපත්වන කෙනාගේ අතට එය ලබාදිය යුතුයි, නමුත් එය දිය යුත්තේ ආණ්ඩුකාරවරයාට නොවෙයි." යනුවෙනි.



අදහස් (2)

‘උතුරු මහඇමැතිට දෙමළ ජාතික සන්ධානයෙන් පිළිතුරු’

de silva Sunday, 02 September 2018 02:01 PM

ඉදිරියට උගත් , බුධිමත් අවංක සමාජයක් තුල ජතිවාධය මාර්කට් කරන්න බැරිබව සුමන්තිරන් වැනි බුධිමතුන් දනිති. විග්නේශ්වරන් උගත්කමක් තිබුනට කිසිම අවංක කමක් නැති බුධියෙන් හීන පුද්ගලයෙකි. අවංකවම කතාකරනවා නම් මොහු මෙපමණ කලක් ජීවත්වුණේ ඉගෙන ගත්තේ , රැකියා කලේ මහාධිකරණ විනිසුරු දක්වා උසස්වීම් ලැබෙනේ සිංහලයන් බහුතරයක් වෙසෙන කොළඹ සිට බව මොහුට අමතක වෙලා.

:       0       21

BamunuarachchiMonday, 03 September 2018 01:42 PM

ඔව් ඔව් මොවුන්ගේ මේ ව්‍යායාමය රටින් කෑල්ලක් කඩා ගැනීමට කරන මූලික අඩිතාලම බව ඔය බුද්ධිමතුන්ට තේරෙන්නේ අපි විනාශ වූ පසුව බව අපි දනිමි. මොවුන් ඔවුන්ගේ ටාගට් එකට ලංවන්නේ බොහොම සෙමින්ය. මොවුන්ගේ ක්‍රියා පටිපාටිය අපි සමග වාද කල ඩයස්පෝරාව හෙළිකර ඇත. ඔවුන් කියන්න තව අවුරුදු 100 කින් හෝ අපි රටින් කෑල්ලක් ගන්නවාය කියාය. රට බෙදන්න එපා බලය බෙදන්නලු. මේ කතා කරන ඊනියා උගතුන්ට පෙනෙන්නේ නැද්ද මෙයා කියන්නේ මොකක්ද කියලා. අපේ ඩ්‍රයිවර් ටත් ඕවා තේරෙන්නේ නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 83 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1161 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 908 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2303 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2153 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3683 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 236 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1551 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1454 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site