IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


‘ආණ්ඩුව හත්පොලේ ගාගෙන‘

(විනීතා එම් ගමගේ)

විගණන පනතට දේශපාලන වුවමනාවන් අනුව සංශෝධන ඇතුළත් කිරීමට ගොස් ආණ්ඩුව හත් පොලේ ගාගෙන ඇතැයි ජවිපෙ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල්  හඳුන්නෙත්ති මහතා  ප‍්‍රකාශ කළේය. 

එම පනතට සිදු වූයේ සේනක බිබිලේ ප‍්‍රතිපත්තියට වුණ දේම යැයි ද සේනක බිබිලේ ප‍්‍රතිපත්තිය ගෙනා ආවත් ඒ තුළ සේනක බිබිලේ ප‍්‍රතිපත්තියේ කරුණු අඩංගු වුණේ නැතැයි ද හඳුන්නෙත්ති මහතා  කීය. 

සුනිල් හඳුන්නෙත්ති මහතා මේ අදහස් පළ කළේ ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ අද (08)  පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමිනි. 


එහි දී හඳුන්නෙත්ති  මහතා මෙසේ ද කියා සිටියේය.  

‘‘මෙම පනත සම්මත වීමෙන් පස්සේ විගණන කොමිසමට තිබෙන ඇතැම් බලතල අමාත්‍යාංශ ලේකම්ට යනවා. ඒක හරියට බල්ලගේ වැඬේ බූරුවා කිරීමක්. අවුරුදු 3ක් කෙකර ගාලා දාපු බිත්තරය විගණන කොමිසමටවත් විගණකාධිපතිවරයාටවත් සාධාරණයක් වෙලා නැහැ. එනිසා විගණන පනත තමන්ගේ දේශපාලන වුවමනාවන්ට අනුව වෙනස් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් වග කියන්න  ඕනෑ. 

ජාතික විගණන පනත වර්තමාන ආණ්ඩුවේ දින 100 ප‍්‍රතිපත්තියට අනුව දින 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව මේ ආණ්ඩුව ජාතික විගණන කොමිසම ස්ථාපිත කළත් එම කොමිසම සකි‍්‍රය කරගත නොහැකි වුණේ, ජාතික විගණන පතන සම්මත වීම ප‍්‍රමාද වීම නිසයි. 

ආණ්ඩුව ගෙන ආ විගණන පනත ජාතික විගණන කොමිසම ස්වාධීන කරලා, විගණකාධිපතිවරයාට හෝ කොමිසමට බලය පැවරීම සඳහා ගෙන ආ එකක් නොවෙයි. විගණකාධිපති දෙපාර්තම්න්තුවේ නිලධාරීන් මැදිහත් වෙලා සකස් කරන ලද මුල් විගණන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුවත් කැබිනට් මණ්ඩලයේ වුවමනාවට කිහිප අවස්ථාවකදී සංශෝධනයට ලක් කළා. 

ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ දේශපාලන වුවමනාවන් වෙනුවෙන් ඔවුන්ට  ඕන විදිහට සකස් කරපු පනතක් තමයි සම්මත වුණේ. ජාතික විගණන කොමිසම සකී‍්‍රය කරගත නොහැකිව විගණන නිලධාරීන්ගේ කාර්යභාරය අඩපණ වෙලා ඔවුන්ගේ වැටුප් පවා තීරණය කරගන්න බැරිව තිබුණු නිසා විගණන පනත කෙසේ හෝ සම්මතකර ගැනීමේ වුවමනාවක් තිබුණත් මේ ආකාරයේ පනතක් සම්මත වීම කණගාටුවට කරුණක්. 

මෙම විගණන පනතේ මුල් අඩංගුවේ සහ සම්මත වූ පනතේ විශාල පරස්පරයක් තිබෙනවා. මුල් පනත විගණන කොමිසමට ජාතික වැදගත්කමක් ලෙස සලකා  ඕනෑම ආයතනයක් විගණනයට ලක්කිරීමේ බලය සහිතව සකස් කරනු ලැබුවා. අවශ්‍ය නම් රජය සමඟ කටයුතු කරන කුමන හෝ ආකාරයක බැඳීමක් තිබෙන පෞද්ගලික ආයතන පවා විගණනයට ලක්කිරීමට මුලින් ඉදිරිපත් කළ පනතෙන් ප‍්‍රතිපාදන තිබුණා. නමුත් සම්මත වූ පනතෙන් එම බලය ඉවත් කරලා තිබෙනවා. සංස්ථා, මණ්ඩලවලට විගණන කමිටුවක් එපා කියලා සංශෝධන ආවා. 

රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර විගණනයන් පිළිබඳව විගණකාධිපතිවරයාට සොයා බැලීමේ හැකියාව කැබිනට් මණ්ඩලය විසින් මුල් පනතින් ඉවත් කොට තිබෙනවා. එම ආයතනවල අභ්‍යන්තර විගණනයන්වලදී යම් බලපෑමක් කරන්න විගණකාධිපතිවරයාට තිබෙන හැකියාව අහිමිවෙලා තිබෙනවා. 

රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර විගණනයන් පිළිබඳව සොයා බලන්න විගණකාධිපතිවරයාට බැරි ඇයි? ඒවා සොයා බලන එක වැරදිද? මේ ආණ්ඩුව යහපාලන ආණ්ඩුවක් නම් ආයතනවල අභ්‍යන්තර විගණනයන් පරීක්‍ෂා කිරීමේ බලය විගණකාධිපතිවරයාට අහිමි කරන්නේ ඇයි? 

රාජ්‍ය නිලධාරීන් යම් විගණන කි‍්‍රයාවලියකදී වැරදි තොරතුරු ඉදිරිපත් කළොත් විගණනය නොමග යවන අසත්‍ය තොරතුරු ඉදිරිපත් කළොත් එසේ ඉදිරිපත් කළා යැයි ඔප්පු වුණොත් එවැනි රාජ්‍ය නිලධාරියෙකුට රුපියල් ලක්‍ෂයක දඩයක් නියම කිරීමේ හැකියාව මුල් විගණන පනතින් යෝජනා කොට තිබුණා. නමුත් ආණ්ඩුව මැදිහත් වෙලා එම දඩය රුපියල් පන්දාහ දක්වා අඩු කරන්න සංශෝධනයක් ගෙනාවා. 

අපි එයට විරෝධය පළකළා. බොහොම අමාරුවෙන් තමයි එම දඩය රු. 25,000ක් දක්වා වැඩිකරගත්තේ. ජවිපෙ යෝජනාවක් ගෙනාවා, අවම දඩය 5,000ක් කළ යුතුයි කියලා. ජාතික විගණන පනත අවශ්‍ය හොරකම් අඩු කරන්න නම් හොරකම පාලනය කරන්න නම් ඇයි අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරන්නන්ට පනවන දඩය ලක්‍ෂයේ සිට පන්දාහට අඩු කරන්නේ? 

පනතට අනුව යම් මූල්‍ය අක‍්‍රමිකතාවයක් සිදුවී එම අලාභය අයකරගැනීමට නොහැකි වුවහොත් ඊට වගකිව යුතු නිලධාරීන්ට අධිභාරයක් පැනවිය හැකියි. එම අධිභාරය පැනවීමේ බලය විගණන කොමිසමේ සිට අමාත්‍යාංශ ලේකම්ට පවරන්න ආණ්ඩුව සංශෝධනයක් ගෙනාවා. රාජ්‍ය මූල්‍ය අපහරණයක් සිදුවුවහොත් ඊට වගකිවයුතු වන්නේ අමාත්‍යාංශයේ ගණන් දීමේ නිලධාරියා වන අමාත්‍යාංශ ලේකම්වරයායි. 

මෙහි තිබෙන අපූර්වත්වය තමයි විගණන කොමිසමෙන් අධිභාරයක් පැනවීමට තීරණය කළොත් එම අධිභාරය පැනවීමට පෙර අමාත්‍යාංශ ලේකම්වරයා තවත් විනය කි‍්‍රයාමාර්ගයකට යටත් කිරීමයි. විගණන කොමිසම අධිභාරයක් පැනවීමට තීරණය කළත් නැවත විනය කි‍්‍රයාමාර්ගයක් හෝ අධිකරණ කි‍්‍රයාමාර්ගයක් මගින් එම අධිභාරය පැනවීමට අනවශ්‍යයි කියා නියෝගයක් දුනහොත් ඇති වැඬේ මොකක්ද? ආණ්ඩුව සම්පූර්ණයෙන්ම විගණන කොමිසම සැක කරලා තමයි මේ සංශෝධනය ගෙනත් තිබෙන්නේ. 

අපි යෝජනා කළේ අධිභාර පැනවීමේ සම්පූර්ණ බලය විගණන කොමිසමට හිමිවිය යුතුයි කියලා. නමුත් දැන් සිදුවී තිබෙන්නේ විගණන කොමිසමට වඩා අමාත්‍යාංශයේ විනය නිලධාරියා බලවත් වීමයි. යම් රාජ්‍ය නිලධාරියෙකුට අධිභාර පැනවීමෙන් පසුව එය අසාධාරණ නම් අධිභාර අභියාචනා කමිටුවකට යන්න හැකියාව තිබෙනවා. එසේ තිබියදී එය අමාත්‍යාංශයේ විනය බලධාරියාට යොමුකරන්නේ ඇයි? 

එසේ සිදුකොට තිබෙන්නේ විගණන කොමිසමේ කි‍්‍රයාවලිය අකී‍්‍රය කරන්නයි. එයින් විගණන කොමිසමේ බලය හෑල්ලූකර තිබෙනවා. ඒ විතරක් නොවෙයි, අමාත්‍යාංශ ලේකම් විගණන කොමිසම නියම කරන අධිභාරය සංශෝධනය කරන්නේ නම් හෝ අධිභාරය පනවන්නේ නැත්නම් එම තීරණය විගණන කොමිසමට දැනුම් නොදී ඉන්නත් පුළුවන්. 


එවිට විගණන කොමිසමෙන් ඇති පලක් නැහැ. විගණන කොමිසමට අල්ලගත්තට හපන්න බැරි තත්වයක් ඇතිකොට තිබෙනවා. ඒ වගේම අමාත්‍යාංශ ලේකම්වරයා වරදක් කළොත් අධිභාර පැනවීමේ බලය තිබෙන්නේ ජනාධිපතිවරයාටයි. අමාත්‍යාංශ ලේකම් පත්කරන්නේ ජනාධිපතිවරයාම නිසා ලේකම්ට අධිභාර පනවයි කියලා හිතන්න පුළුවන්කමක් නැහැ. එක පැත්තකින් ජනාධිපතිවරයා දඩ අයකරන්නෙක් බවට පත්කරලා තිබෙනවා. ඒ වගේම අමාත්‍යාංශ ලේකම්වරයෙකුට අධිභාර පැනෙව්වොත් ඔහුට අධිභාර අභියාචනා කමිටුවකට යන්නත් හැකියාව නැහැ. 


අපි මැදිහත් වෙලා සංශෝධනයක් ගෙනාවා ලේකම්වරුන්ට අධිභාර පැනවීම විගණන කොමිසමට පවරන්න කියලා.නමුත් ආණ්ඩුව අමාත්‍යාංශ ලේකම්වරුන්ට අධිභාර පැනවීමේ බලය ජනාධිපතිවරයාගේ සිට මුදල් අමාත්‍යාංශ ලේකම්ට පවරන්න සංශෝධනයක් ගෙනත් තිබුණා. එවිට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා යම් මූල්‍ය අපහරණයක් සිදුකළහොත් ඔහුට එරෙහිව අධිභාර පනවන්නේ කවුද කියලා පනතේ සඳහන් වෙන්නේ නැහැ.

ජනතා විමුක්ති පෙරමුණේ අපි මෙම විගණන පනත යම් තරමකට හෝ බලවත් කිරීමේ අරමුණින් සංශෝධන 16ක් ගෙනාවා. ඉන් සංශෝධන කිහිපයක් ආණ්ඩුව පිළිගත්තා. තවත් සංශෝධන කිහිපයක් ජවිපෙ ඉදිරිපත් කරපු නිසා ප‍්‍රතික්‍ෂෙප කරලා එම සංශෝධන ආණ්ඩුවේ සංශෝධන විදිහට ගෙනාවා. ඒක හරියට ’මගේම කලිසම අගේට ඇඳගෙන උගේ වගේ යනවා’ කියන ගමේ කතාව වගෙයි. විගණන පනතින් යෝජනා කරලා තිබුණේ ඒකාබද්ධ අරමුදලේ මුදල් පමණක් විගණනයට ලක් කිරීමට හැකිවන පරිදියි. නමුත් අපි සංශෝධනයක් ගෙනාවා, 

ලංකාවේ පනතට අනුව විගණකාධිපතිවරයාට බලය තිබෙන්නේ පාර්ලිමේන්තුව දැනුවත් කිරීම පමණයි. ඒ වගේම සම්මත වූ පනත මගින් තොරතුරු දැනගැනීමේ පනත උල්ලංඝනය වන අවස්ථා තිබෙනවා. විගණකාධිපතිවරයා විසින් යම් විගණන පරීක්‍ෂණයක් සිදුකිරීමෙන් පසුව ලැබෙන වාර්තා එම පරීක්‍ෂණය පිළිබඳව යම් අධිකරණ කි‍්‍රයාවලියක් සිදුවන්නේ නම් හෝ සිදුවීමට ඉඩ ඇත්නම් වාර්තා ප‍්‍රසිද්ධ කිරීමට හැකියාවක් නැහැ. එවිට එම විගණන කටයුතු පිළිබඳව ජනතාවට තොරතුරු දැනගැනීමට ඇති අයිතිය උල්ලංඝණය වෙනවා. 

ඒ පිළිබඳව අපි සංශෝධනයක් ඉදිරිපත් කළත් ආණ්ඩුව බාරගත්තේ නැහැ. 


ඒ නිසා ආණ්ඩුව ජාතික විගණන පනත සම්මත කරගැනීමේදී කටයුතු කළේ විගණන කොමිසමට විගණකාධිපතිවරයාට විගණන නිලධාරීන්ට, ජනතාවට සාධාරණයක් වන ආකාරයෙන් නොවෙයි. රටේ රාජ්‍ය මූල්‍ය පාලනයට සාධාරණයක් වන ආකාරයෙන් පනත සම්මත වුණේ නැහැ. ඒ නිසා අපි ජනතාවටත් මේ රටේ මාධ්‍යවලටත් කියනවා, මේ සම්බන්ධයෙන් ආණ්ඩුවට බලපෑමක් කළ යුතුයි කියලා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ ලෙස අප ඉදිරියේදී මෙම පනතට සංශෝධන ඉදිරිපත් කිරීමට හැකියාවක් තිබේදැයි අවධානයෙන් ඉන්නවා. 


ආණ්ඩු පාර්ශ්වයේ මන්තී‍්‍රවරුන් පවා අප විසින් ඉදිරිපත් කළ සංශෝධන සාධාරණ බව පිළිගත්තා. නමුත් ඔවුන්ටත් අන්තිමේදී ආණ්ඩුව නියෝජනය කරමින් එම සංශෝධනවලට විරුද්ධ වෙන්න සිදුවුණා.’’ යැයි ද හඳුන්නෙත්ති මහත

 



අදහස් (6)

‘ආණ්ඩුව හත්පොලේ ගාගෙන‘

kalani Sunday, 08 July 2018 11:55 AM

යහපත් මූල්‍ය විනයක් පවත්වා ගැනීම ජනතාවාදී ආණ්ඩුවක වගකීමකි. පක්ෂ දේශපාලනය මුල්කරගෙන පත්වන මහජන නියෝජිතයින් සැබෑ අර්ථයෙන් ජනතා නියෝජිතයින් නොව පක්ෂවල කොටස් හිමියන්ය. ආකර්ෂණිය පොරොන්දුවල මුවාවෙන් බලයට පත්වීමෙන් පසු ස්වකීය සමාගමේ ආත්මාර්ථකාමී ප්‍රතිලාභ වෙනුවෙන් පෙනී සිටිනවා මිස ජනතාව ගැන නොසිතති. වසර තුනහමාරක කාලයක් විගණන පනත ප්‍රමාද වුයේත් පසුව එය ජනතා හිතසුව පිණිස නොව හුදු මැතිවරණ පොරොන්දුවක් ඉටු කිරීමක් ලෙස සම්මත කර ගත්තේත් ඉහත සඳහන් හේතුන් නිසාය. ජනතා දේපල පහසුවෙන් වංචා කිරීම, කොල්ලකෑම පිණිස විගණන පනත බාධාවක් නොවන්නට එහි සියුම් සංවේදී ස්නායු සිඳ දමා ඇතිබව සිතමි. විපක්ෂය, විශේෂයෙන් ජවිපෙ විසින් ඉදිරිපත් කළ සංශෝධන වැඩි ප්‍රමාණයක් භාර නොගැනීම සුපුරුදු පක්ෂ දේශපාලන කුහකකම ප්‍රදර්ශනය කිරීමකි. "බත් නැති ගෙට සුන් සහල් කැඳත් හොඳ ආහාරයකි" කියන්නාක් මෙන් විගණන පනත බරින් අඩු නොමේරු ළදරුවෙකු ලෙස හෝ එළිදැකීම හොඳයි.

:       1       19

RaveendraSunday, 08 July 2018 10:54 PM

kalani වෙත, ඔබගේ නිවැරදි කෙටි විශ්ලේෂණය සමග අපද සිටින්නෙමු. " නිකං ඉන්න අපට අහල ගියත් මදෑ" යන කියමන සිහියට නගමින් මහජනතාවට බලා සිටීමට සිදුවී ඇත, කෙසේ වෙතත් අම්බරුවන් 225 ම හත්පොලේ නොව 49 ම පොලේම ගාගෙන පමණක් නොව නාගෙනද ඇති බව කිව හැක.

:       0       0

Jerami Sunday, 08 July 2018 03:55 PM

අපොයි දෙයියනේ... ඔයාලා ගාගෙන තියෙන ටික දැක්කම හත්පොල මොකද්ද?

:       2       2

BamunuarachchiMonday, 09 July 2018 12:16 AM

හලෝ මේ පුද්ගලයා කියනදේ ත්රුම් ගන්න උත්සාහ කරන්න. ඒ ගොල්ලන්ගේ හත් පොළ හෝදන්න ගිහිල්ල ඔහේ ගාගන්න එපා. ඔඩිට් එකෙන් එනවා කීවම හැම රාජ්‍ය ආයතනයක්ම බයයි. කොටින්ම අපි ට්‍රැවලින් ක්ලෙම් එකක් දැම්මෙත් හරි පරිස්සමින්. මේ ආණ්ඩුවේ කැබිනට්ටුවේ ඉන්නවාද ව්ගණනවිෂය දන්නා අය?

:       0       55

gayan Monday, 09 July 2018 12:09 AM

මම පොඩි උදාහරණයක් කියන්නම්. දැනට සෑහෙන කාලයකට පෙර පොළොන්නරු පැත්තෙ ගංවතුරක් ආවා. සත්තු විශාල පුමාණයක් මැරිල දුර්ගන්ධය හා අපවිත්‍රබව පැතුරුනා. දිසාපති තුමාට මේ මළකුණු ඉවත්කරන්න මිනිස්සු සොයාගැනිම පහසු උනේ නෑ. සොයාගත්ත අයට අරක්කු දෙන්න සිද්දවුනා. මුදල් රෙගුලාසි අනුව එහෙම කරන්න බෑ. වැඩකරන මින්ස්සුන්ට රෙගැලාසි වැඩක් නෑ. දිසාපත් තුමා භයානක සෞඛ්‍ය ප්‍රශ්නයක් කාර්යක්ෂමව විසඳුව. එතුමට විරුස්ධව විගණනයක් වුනා මුදල් රෙගුලාසි උල්ලංඝණය කරල මත්පැන් අරන් දුන්න කියල. ඒ කාලෙ ඒක පුශ්නයක් වුනේ නෑ. හැබැයි මේ පනත තිබුනනං ඒතුම රාජ්‍ය දේපළ අපහරණය කිරීමේ වැරැද්දට දඩුවම් ලබනවා. ආයතන පරිපාලනය කියන්නෙ පොල්පොට් මානසිකත්වයෙන් හැදේම රෙගුලාසියට කරන්න පුළුවන් එකක් නොවේ. හදුන්නෙත්තිට සියළු රජයේ නිළධාරීන් හොරු වගේ පේන අසනීපයක් තියෙනවා. මේ පනත අනුව විගණන විමසුමක් යටගහන්න දෙන්න වෙන පගාව 25000කට අඩුයි. තව ඩිංගෙන් ඒක 100000ට කිට්ටු වෙනව. දූෂණයට විගණන නිළධාරීන් සම්බන්ධ නෑ කියන වැරදි සහගත නිගමනයට එන්න එපා කරුණාකරලා.

:       0       0

kalani Monday, 09 July 2018 01:16 AM

මඩ වලක ලැග සිටින මහිෂයන් වමාරා කනවා හැරෙන්නට අලුතින් යමක් සිතන්නට නො සිතයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 163 2

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1180 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 951 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2318 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2164 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3691 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 296 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1669 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1527 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site