(මුදිතා දයානන්ද)
‘ඇමරිකාවෙන් ලැබෙන ඩොලර් මිලියන 480 ට ලෝභ වෙලා ආණ්ඩුව එම්සීසී කබරගොයා තලගොයෙක් කරගෙන කන්න හදනවා’ යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අද (16) පැවසීය.
ඔහු මේ බව පැවසූයේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදි අදහස් දක්වමිනි.
එහිදි තවදුරටත් ඔහු මෙසේද පැවසීය.
“මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අපේ රටේ ස්වෛරීත්වයට හානිකරන ඇමරිකානු අධිරාජ්‍යවාද ව්‍යාප්ත කිරීමේම තවත් එක පියවරක්. එහි කොටසක් හොඳයි, කොටසක් නරකයි කියලා අත්සන් කරන්න ඉඩ දෙන්න බැහැ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්දේ කාලේ මේ ගිවිසුම මහා බිල්ලෙක් බවට පත් කරලා මිනිස්සු බය කළා. රට දෙකට බෙදෙන ගිවිසුමක් කිව්වා. ඊළම නැවත වෙනත් ක්‍රමයකට දෙන ගිවිසුමක් කිව්වා. අපි ආපු ගමන් මේක කුණු කූඩයට දානවා කිව්වා. දැන් මොකද වෙලා තියෙන්නේ?
දැන් කැබිනට් මණ්ඩලය තීන්දුවක් අරන් ඒක අධ්‍යයනය කරන්න ඕන කියලා. ඒකට අනුකමිටුවක් පත්කරලා. මේ සම්බන්ධයෙන් පනවපු නඩුවේදි නීතිපති අධිකරණයට දැනුම් දෙනවා දැන්ම ගිවිසුම අත්සන් කරන්නේ නැහැ. ඒ ගැන අධ්‍යයනයක් කරනවා කියලා. සමහර ඇමතිවරු කියනවා මේක අත්සන් කළොත් අපි ආණ්ඩුවේ ඉන්නේ නැහැ කියලා. කලින් කිව්වේ මේකෙන් රට බෙදෙනවා කියලානේ. බලයට ආවම කුණු කූඩයට දානවා කියලානේ. ඒවා කිව්වේ අධ්‍යයනයක් නොකරද? අධ්‍යයනයක් කරලා කිව්වා නම් ඇයි දැන් තවත් අධ්‍යයනය කර කර ඉන්නේ? ඇයි ඒවාට කැබිනට් මණ්ඩලයේදි විරුද්ධ නොවුණේ? එළියට ඇවිත් අරක මේක කියලා වැඩක් නැහැ.
කැබිනට් මණ්ඩලය තමයි රට වෙනුවෙන් තීන්දු ගන්න තැන. එතන ඉන්නවා නම් තමන් දැන ගන්න ඕන මේවාට විරුද්ධ වෙන්න. විසිකරන්න ඕන එකක් අධ්‍යයනය කරන්න යනවා කියනකොටම තියෙනවා නැවත සළකා බැලීමක් කෙරෙනවා කියන කාරණය. ජනතාවට කොලේ වහලා ගිවිසුම අත්සන් කරන්න දරණ උත්සාහයක් මේක. මේ ගිවිසුම තනියෙන් නෙවෙයි එන්නේ. තව ගිවිසුම් දෙකක් එක්ක. එවාත් එක්කයි මේක අධ්‍යයනය කළ යුත්තේ. ඒවා අත්සන් කරලා ඉවරයි. මේක අත්සන් කරලා නැහැ. අත්සන් නොකරපු එකකින් අයින් වෙන එක අමාරු වැඩක් නෙවෙයි. ඇයි අපි මේකට එකග නෑ නොකියා වටේ යන්නේ?
ගම්මන්පිල මහත්තයා කියනවා මේ ගිවිසුමේ 70%ක් හොඳයි. තිහක් තමයි නරක කියලා. එතකොට ඒ කාලේ කෑ ගැහුවේ මේ 30 ගැනද? ඔහු හිතනවා ඇති මේකේ ඉඩම් ඔප්පු ලබාදීම තමයි එකම ප්රශ්නය. ඒක තමයි30%. මෙහි දැක්වෙන ප්‍රවාහන වැඩපිළිවෙළ අවුලක් නෑ කියලා.එහෙම නැහැ. ඔවුන් අපේ මාර්ග පද්ධතියේ ආරක්ෂක කැමරා සවි කරනවා. ඒවා පරික්ෂා කිරීමේ බලයත් තියෙන්නේ මේ ප්‍රවාහන කළමණාකරනයට මැදිහත් වෙන ඇමරිකානු සමාගමටයි. අපේ රටේ අභ්‍යන්තර තොරතුරු පිටතට ගලායාමක් මෙමගින් සිදුවෙන බව වැටහෙන්නේ නැද්ද?
ඇමරිකාවෙන් ලැබෙන ඩොලර් මිලියන 480ක් වෙනුවෙන් කබර ගොයා තලගොයා කරලා කන්න ගන්න ඉඩ දෙන්න බැහැ” යැයිද ඔහු කීය.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග
මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත
ලංකා දේශපාලන ඉතිහාසයේ තීව්‍රැතම ගැටුම ඉදිරි මාස හත අට තුළ නිර්මාණය වෙනවා. මේක ‘ඩූ ඕ ඩයි’ සටනක් යැයි ජාතික ජනබලවේගයේ නායක පාර්ලමේන්තු මන්ත්‍රී අනුර කුම
ආර්ථිකය ගැන දින හතක විවාදයකට එන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රවාහන හා මහා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට පාර්ලිමේන්තුවේ දී අභිය
මිනිස්සුන්ට අරගල තිත්ත වෙලා යැයි පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ජනාධිපතිවරුන් ලෙස සිට නැවත පාර්ලිමේන්තුවට පැමිණීම නීතියක් ගෙනැවිත් නතර කළ යුතුව තිබෙන බව පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘ආණ්ඩුව එම්සීසී කබරගොයා තලගොයෙක් කරගෙන කන්න හදනවා’