(විනීතා එම් ගමගේ)
අපේක්ෂකයන්ට සම බිමක් නිර්මාණය නොවන්නේ වසර 39 ක් පැරණි මැතිවරණ පනත හේතුවෙන් යැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානය කියයි.
මේ නිසා මෙකී පැරණි පනත වෙනස් කොට නව පනතක් ගෙන ඒමට පියවර ගැනීම මෙවර මැතිවරණයෙන් ජය ලබා පාර්ලිමේන්තුවට තේරි පත්වන ජනතා නියෝජිතයන්ගේ පළමු වගකීම වන්නේ යැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා ලංකාදීපයට පැවැසීය.
වසර 39 ක් පැරණි මෙම පනත තවමත් වෙනස් කර නැති අතර සෑම මැතිවරණයක දීම සිදුවූයේ අවශ්‍ය වෙනස්කම් චක්‍රලේඛ මගින් සිදුකිරීම බවත් එය පක්ෂවල සහය ලබමින් සිදුකළ බවත් කී ඔහු එසේ නොකර මෙතෙක් බිහිවූ කිසිදු පාර්ලිමේන්තුවක් මෙම පනත වෙනස් කර ගන්නට කටයුතු නොකලේ මන්දැයි ප්‍රශ්න කළේය.
මෙවර එසේ චක්‍රලේඛවලින් පනතට සංශෝධන ගෙන එන්නට මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් දෙදෙනෙකු විරුද්ධ වීම නිසා නොහැකි වූ බවත් සභාපතිවරයා උත්සාහ කළ නමුත් කිසිවක් කර ගත නොහැකිවූ බවත් පෙන්වා දුන් ගජනායක මහතා පනතට සංශෝධන අවශ්‍ය නම් පාර්ලිමේන්තුව එය කරගන්නේ නැත්තේ මන්දැයි රත්නජීවන් හූල් මහතා නගන තර්කය සාධාරණ යැයි ද කීය.
පවතින පනත යටතේ අසමානකම් අපේකෂකයන්ට අසමානකම් සිදුවන බව පෙන්වා දුන් හෙතෙම අපේකෂකයන් අතරින් 150ත් 200 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන් 225 දෙනාගෙන් 208 ක්ම මෙවරත් ඉදිරිපත් වන බවත් ඔවුන් ද ප්‍රබල ප්‍රචාරණ ව්‍යාපාරයක් ගෙන යන බව ද පෙන්වා දුන්නේය.
සාධාරණ සම බිමක් නිර්මාණය නොවන බැවින් අපේක්ෂකයන් විවිධ නීති විරෝධී ක්‍රම භාවිතා කරන බව පෙන්වා දුන් ගජනායක මහතා නව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන්ගේ ප්‍රථම කාර්යය විය යුත්තේ මේ පනත වෙනස් කරගැනීම යැයි ද පෙන්වා දුන්නේය.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග
මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත
ලංකා දේශපාලන ඉතිහාසයේ තීව්‍රැතම ගැටුම ඉදිරි මාස හත අට තුළ නිර්මාණය වෙනවා. මේක ‘ඩූ ඕ ඩයි’ සටනක් යැයි ජාතික ජනබලවේගයේ නායක පාර්ලමේන්තු මන්ත්‍රී අනුර කුම
ආර්ථිකය ගැන දින හතක විවාදයකට එන්නැයි විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රවාහන හා මහා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට පාර්ලිමේන්තුවේ දී අභිය
මිනිස්සුන්ට අරගල තිත්ත වෙලා යැයි පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ජනාධිපතිවරුන් ලෙස සිට නැවත පාර්ලිමේන්තුවට පැමිණීම නීතියක් ගෙනැවිත් නතර කළ යුතුව තිබෙන බව පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘අලුත් පාර්ලිමේන්තුව මැතිවරණ පනත වෙනස් කළ යුතුමයි‘
Prasad Saturday, 01 August 2020 03:46 AM
බොරුවට නොමිනේෂන් දෙන අය අඩුකරගන්න ඡන්දෙ ගන්න ප්‍රතිශතයක් දාලා ඊට වඩා අඩු නම් ලක්ෂ 5ක විතර දඩයක් ගහන්න ඕනෑ.
Demuni Uduwara Saturday, 01 August 2020 01:54 PM
දෙකම 1972 තිබ්බ ප්‍රාථමික නීති...