IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


‘අපි ආගම්වාදය - ජාතිවාදය අතුගාද‌ානවා‘

(*** අංජුල මහික වීරරත්න)

‘‘ආගම් භේදයෙන්, ජාති භේදයෙන් රට අවුස්සා ගිනි තියන්නට හදන්නේ සැබෑ බෞද්ධයන් නොවේ’’ යැයි සමගි ජල බලවේගය නායක සහ හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ත්‍රිකුණාමලය මුතූර්හිදී පැවසීය.

‘‘සමගි ජන බලවේගයේ රජයක් යටතේ ආගම්වාදය, ජාතිවාදය, අන්තවාදය මෙන්ම ත්‍රස්තවාදය ද ශ්‍රී ලංකාවෙන් අතුගා දමන’’ බව සජිත් ප්‍රේමදාස මහතා එහිදී අවධාරණය කළේය.

මහ මැතිවරණය වෙනුවෙන් සංවිධානය කෙරුණු ජනරැලියේදී තවදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීවේය.

මේ ප්‍රදේශයේ ජනතාව ජීවත්වන්නේ ධීවර කර්මාන්තය මුල් කරගෙනයි. ඒ ජනතාවට ප්‍රශ්න රාශියක් තිබෙනවා.  ඒ ප්‍රශ්නවලට වහාම කඩිනම් පිළිතුරු දිය යුතුයි. මේ ධීවර තීරය දියුණු කිරීමේ කටයුත්තට ප්‍රමුඛතාව දෙන්න අප පැකිලෙන්නේ නැහැ. ධීවර ජනතාව මුහුණ දෙන සියලු ගැටලුවලට උත්තර හොයන්න රජයක් ලෙස අප කටයුතු කරනවා.

අපි අපේ උපරිම කැප කිරීම කරනවා. ඒ එක්කම මුළු රට පුරාම තිබෙන රැකියා ප්‍රශ්නයට උත්තර සෙවිය යුතු වෙනවා. උපාධිධාරීන්ට, උසස් පෙළ  සමතුන්ට රැකියා දීමේ කඩිනම් වැඩපිළිවෙළක් අප ආරම්භ කරනවා.

ඒ විතරක්ද නෙවෙයි, දේශපාලන පලිගැනීම්වලට ලක්වෙච්ච සියලු දෙනාට සහනදීම සහ ඔවුන්ට සාධාරණය ඉටුකිරීමේ වගකීම මා බාරගන්නවා.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ නව වී ගබඩා සංකීර්ණයක් ඉදිකර ඒ හරහා ගොවි ජනතාවගේ වී අස්වැන්නට හොඳ මිලක් දීමට අප කටයුතු කරනවා. ඒ විතරක් ද නොවෙයි, වෙරළබඩ තීරයේ ත්‍රිකුණාමලයේ ලුණු ලේවායක් ආරම්භ කිරීමට කටයුතු කරනවා.

අපි මේ මැතිවරණය ජයග්‍රහණය කරන්නේ රටේ ජීවත්වෙන සෑම ජන කොටසකටම එක හා සමාන සතුටින් සමාදානයෙන් ආත්ම අභිමානයෙන් ජීවත්වෙන්න පුළුවන් රටක් නිර්මාණය කරන්නයි මා ඒ රට නිර්මාණය කරනවා.

රණසිංහ ප්‍රේමදාස මැතිතුමා උසස් ශ්‍රේෂ්ඨ බෞද්ධයෙක් වූවා. එතුමා දැන් කාලේ ඉන්න සමහර බෝඩ් ලෑලි බෞද්ධයන් වගේ නෙවෙයි. අද ඉන්න සමහර කාඩ්බෝඩ් වීරයෝ තමයි, ජාතිවාදය අවුස්සන්නේ. ආගම්වාදය අවුස්සන්නේ.

ආගම් භේද තුළින් බලය තහවුරු කරන්න උත්සාහ කරන්නේ. රණසිංහ ප්‍රේමදාස මැතිතුමා දළදා හාමුදුරුවන්ට රන් වියනක් පූජා කළා. ගම් උදාවක් පාසා  චෛත්‍ය නිර්මාණය කළේ මගේ පියායි.

මාලිගාවිල ගරා වැටිලා තිබුණ බුද්ධ ප්‍රතිමාව විස්මයජනක විදියට ප්‍රතිනිර්මාණය කිරීමට කටයුතු කළේ එතුමායි.

බුද්ධශාසන අමාත්‍යාංශය ආරම්භ කළෙත් එතුමායි. අපිත් එහෙමයි. පසුගිය කාලේ සොළොස්මස්ථානය, අටමස්ථානය, දීඝවාපිය ඇතුළු විහාරස්ථාන ගොඩනැංවීම වෙනුවෙන් කටයුතු කළා. ඒවා ප්‍රතිසංස්කරණය දියුණු කිරීම වෙනුවෙන් කැපවුණා. තවත් විහාරසථාන ගොඩනැගුවා. දහම් පාසල් පද්ධතිය ශක්තිමත් කිරීම වෙනුවෙන් අපේ සහයෝගය දුන්නා. වර්තමාන පාලකයන් එක එක්කෙනා දම්මලා ඒවාට චෝදනා කරනවා. විවේචනය කරනවා. මඩ ගහනවා.

පිරිසුදු බෞද්ධයකු හැටියට මා චෛත්‍යක් හදනවා. පන්සල් ගොඩනංවනවා. වෙහෙර විහාරස්ථානවලට උදව් උපකාර කරනවා. මා  දහම් පාසල් හදන බෞද්ධයෙක්. මා විහාරස්ථානවලට උදව් උපකාර කරන බෞද්ධයෙක්.

බොරුවට බෞද්ධකම බෝඩ් ලෑල්ලක් විදියට පාවිච්චි කර ජාතිභේදය, ආගම් භේදය, වර්ගවාදය, ත්‍රස්තවාදය ඇතිකරන්න මා කටයුතු කරන්නේ නැහැ. ඒවාට උඩ ගෙඩි දෙන්නෙත් නැහැ.

මා ආගම් භේදයෙන්, ජාති භේදයෙන් රට අවුස්සා රට ගිනි තියන බෞද්ධයකු නොවෙයි.

රට කොතනටද මේ ගෙනියන්නේ? එහෙම කරලා බලය අරගෙන පුළුවන්ද රට දියුණු කරන්න? පුළුවන්ද රට ඉදිරියට ගෙනියන්න? මොනවද මේ කරන්නේ?
පස්වැනිදාට දුරකතන දිනවන තීන්දුව ගන්න. ආගම්වාදය, අන්තවාදය, ජාතිවාදය, ත්‍රස්තවාදය රටෙන් අතුගා දමන වැඩපිළිවෙළක් මා ක්‍රියාත්මක කරනවා.

මේ ආණ්ඩුවේ අලුත්ම න්‍යාය පත්‍රය කුමක්දැයි දන්නවාද? රටට විශාල කීර්තියක් ගෙනාවේ ක්‍රිකට් ක්‍රීඩාවෙනුයි. ක්‍රිකට් ක්‍රීඩාව නිසා අපේ රට කීර්තියක් අත්කර ගත්තා. නමුත් මේ ආණ්ඩුව අද කරන්නේ ඒ ක්‍රිකට් ක්‍රීඩකයන්ටත් මඩ ගහන එකයි.

ඒ ක්‍රිකට් ක්‍රීඩකයන්ට චෝදනා කර ඔවුන් ගෙන්වලා පොලිසිය ලවා ප්‍රශ්න කර විශාල ව්‍යසනයක් ඇතිකරලා තියෙනවා.

ආණ්ඩුව චෝදනා කරන ඒ තරගාවලියේ ශ්‍රී ලංකාව අවසාන මහා තරගයට ආවා. අවසාන මහා තරගයේදී ඉතාම ලොකු තරගයක් දී පරාජයට පත් වුණා. ජය පරාජය ක්‍රීඩාවේ ස්වභාවයයි. ආගම්වාදයෙන්, අන්තවාදයෙන් යන ගමන සාර්ථක ගමනක් නොවෙයි.
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් බුදුදහමට ප්‍රමුඛතාවක් දී තියෙනවා. ඒ එක්කම ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම සෙසු ආගම්වලට රැකවරණය දිය යුතුයි කියලත් සඳහන් කර තිබෙනවා. අප ඒ ප්‍රතිපත්තිය අකුරට ඉටු කරනවා.

පසුගිය වකවානුවේ කොරෝනා ව්‍යසනය ආපු වෙලාවේ ආණ්ඩුව ඉතාම පහත් විදිහට ජාතිවාදය, ගෝත්‍රවාදය, අන්තවාදය පාවිච්චි කළා. රටට කොරෝනා ව්‍යසනය රැගෙන ආවේ මුස්ලිම් ජාතිකයන් කියන තරමට ඔවුන්ගේ දේශපාලනය පටු පහත් ජාතිවාදී කොනකට තල්ලු වෙලා තිබුණා.

මේ වැඩ බැරි අසාර්ථක, ආණ්ඩුව පලවාහරින ගමනට එකතු වෙන්න කියලා තමුන්නාන්සේලාට ආරාධනා කරනවා.



අදහස් (15)

‘අපි ආගම්වාදය - ජාතිවාදය අතුගාද‌ානවා‘

mp Friday, 10 July 2020 10:47 AM

ඉදලක් අරගෙනද - කොස්සක් අරගෙනද?

:       1       100

K Perera Friday, 10 July 2020 11:21 AM

ඕවා කියලා වැඩක් නැහැ... ලංකාවේ ඉන්න බයියන්ට ඕවා තේරෙන්නේ නැහැ... අනිවාර්යයෙන් ඔබ මෙවර පරාජය වෙනවා. ලබන සැරේවත් ආගම්වාදය සහ ජාතිවාදය ගෙනෙන්න. ඔබ දිනනවා සිකුරටම... විශෞෂයෙන්ම දකුණේ...!!! 

:       103       38

dakune janahitha Saturday, 11 July 2020 09:29 AM

ආගම්වාදයක් ගැන කතාකරන්නේ... පසුගියදා බෝම්බ පිපුරුණේ පල්ලිවල බව නොදන්නා නිසා වෙන්නැති බයියන්ට මේවා තේරුණත් කොළඹ 07 අය බෝම්බ පිපිරෙන කොට හිටියේ ඇඳන් යට හැංගිලා දැන් පාරම් බානවා.

:       0       0

dakune api Saturday, 11 July 2020 09:31 AM

කුරුඳුවත්තේ අයට තේරෙන හැටි...!!!

:       0       0

api matara Saturday, 11 July 2020 09:37 AM

මුග්ධයින් බෝම්බ ගැහුවේ එම ආගමිකයන් කිහිප දෙනෙක් ඔවුන්ගේ විශ්වාසය සත්‍යයට වඩා තහවුරු වුණු නිසා පුපුරවාගත්තා. දකුණේ ජනතාව එහෙම නොවේ. සොරකමක් වුණත් සීමාවෙන් පිට නැහැ. මහබැංකුව වුණත් කුරුඳුවත්තේ අය වගේ මුලුමනින්ම හොරකම් කරන්නේ නැහැ. ටික ටික තමයි.

:       0       0

BamunuarachchiSunday, 12 July 2020 04:28 AM

දැන්වත් පෙරේරා තේරුම් ගන්න අපි ජාතිවාදී නොවුණොත් මෙරට පාලනය වෙන්නේ ශරියා නීතියෙන්.. ඒක මතක තියාගන්න. සිංහල අපේ ජාතිවාදය පළමුව ක්‍රියාත්මක විය යුත්තේ ලෝකය ගැන නොදැන ජීවත්වෙන ඔබලා වැනි සිංහලයින්ටයි.

:       10       0

Bamunuarachchi Friday, 10 July 2020 12:53 PM

හලෝ ඔබලා ආගම්වාදීන්ට අවනත නොවුණොත් ඔවුන් ඔබලාව අතුගා දමන බව දන්න නිසා නේද ඔය කෑගැහිල්ල.. ඔබලා කවලම් වුණාට... අපි සිංහල ජාතිවාදියෝ... ඒක නවත්වන්න කාටවත් බැහැ.

:       46       65

mpWednesday, 15 July 2020 05:38 AM

හරියට හරි!!!  අපි සිංහල ජාතිවාදීන්...

:       8       0

Raveendra Friday, 10 July 2020 01:56 PM

ඔව් ඔව්... අපිට මතකයි ප්‍රේම් අයියා මැද කොළඹ ඡන්ද ගොඩ බලාගෙන නියෝජිත ප්‍රතිශතය ඉතාමත්ම කෙටි කාලෙකින් සම්මත කරගත්ත විදිය.. ඒ කරේ මොකටද කියලා සජි පුතාට මතක නැතිව ඇති නේද? ජාතිවාදය ගැන හිතලා වෙන්න ඇති නේද අහිංසක නිරායුධ පොලිස් නිලධාරින් සිය ගණනකට ම්ලේච්ඡ කොටින්ට අවිඅායුධ දුන්නේ.. ඔට්ටුතාන් සෙල්ලම් කරන්න වෙන්න ඇති නේද? අනේ හැබෑටම සජි මල්ලියේ ඔහේ කොහෙන්ද කතා කරන්නේ?

:       0       104

asvar Saturday, 11 July 2020 09:24 AM

අපේ ආගමික න්‍යායට අනුගත වෙනවා නම්, පුරාවිද්‍යා සංකල්පය අතුගා දමනවා නම් අපේ ඡන්දය ඔබතුමාට රටේ නායකයන් පත්කරන්න අපට ජනබලය තියෙනවා.

:       0       0

Ranil Monday, 13 July 2020 07:04 AM

ඔන්න අහගන්න... උපාධිදාරී, අතිගරු සජිත් ප්‍රේමදාස මැතිතුමන් කියපුවා...

:       0       0

kamal Wednesday, 15 July 2020 02:38 AM

මහත්තයෝ, ඔය අතුගාන්න ගන්න කොස්ස මහජන මුදලින්ද ගන්නේ.?

:       1       0

jinthu Wednesday, 15 July 2020 03:07 AM

ඔබ තුමා මොනතරම් සේවයක් මේ දක්වා රටට කරලා තියෙනවද.?

:       1       0

ranga Wednesday, 15 July 2020 07:48 AM

ගෙයක්, දොරක් අතුගා ගත්තානම් හොඳයිනේ... ඔබතුමාගේ 30 වසරක දේශපාලන දිවිය තුළ මේ රටට කළ සේවය කුමක්ද කියලා කියන්න පුළුවන්ද?

:       1       0

sunilWednesday, 15 July 2020 09:29 AM

දකින දකින ගහක්, ගලක් ගානෙම නැවතී කතා පැවැත්වීම බාරගන්න පුළ්වන්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 65 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1160 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 900 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2300 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2151 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3681 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site