IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


හාල් මාෆියාව නැතිකරන්න ජනපතිට පුළුවන්

(බිඟුන් මේනක ගමගේ) 

හාල් මිල ඉහළ යාමෙහි ඇත්තේ මෝල් හිමියන්ගේ මාෆියාවක් යැයි ද ගෝඨාභය රාජපක්ෂ මහතාට එය එක පෑන් පහරින් වැලැක්විය හැකි යැයි ද ජවිපෙ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ‘ලංකාදීප’ යට අද(18) කීය.

පසුගිය කාලයේ පැවැති ආණ්ඩුවේ කොටස්කරුවන් හැටියට කටයුතු කළ ඔවුන් විසින් ලංකාවට සහල් ගෙන්වන මිලත් කාලයත් තීරණය කරනු ලැබුවේ යැයි හඳුන්නෙත්ති මහතා චෝදනා කළේය.

මේ වනවිට රටෙහි වී මෙට්‍රි ටොන් ලක්ෂ පහලොවකට වඩා තිබුණත් එයින් ලක්ෂ දහතුනකට වඩා තිබෙන්නේ අතේ ඇඟිලි ගනණටත් වඩා අඩු මෙම වී මෝල්හිමියන් කීප දෙනා සන්තකයෙහි යැයි කී හෙතෙම මෙම මාෆියාව කොන්දේසි විරහිතව බිඳදැමිය යුතු යැයි ද අවධාරණය කළේය.

සහල් අධික මිල ගණන්වලට විකිණෙන්නේ පාරිභෝගික අධිකාරියෙන් උපරිම සහල් මිලක් නියම කර තිබෙද්දී යැයි ද රජය ඊට වහා මැදිහත් විය යුතු යැයි ද හඳුන්නෙත්ති මහතා කීවේය.

මෙතෙක් රට පාලනය කළ කිසිදු රජයකට කෘෂිකර්මාන්තය පිළිබඳ වගා සැලසුමක් නැතැයි ඒ ඒ කන්නයේ වගා කළයුතු බෝග වර්ග මොනවාද ඒවා පාරිභෝජනය කරන පාරිභෝගිකයන්ට ප්‍රමාණවත්ද, අතිරික්තයක් තිබෙනවාද අවශ්‍ය ප්‍රමාණයට සරිලන සේ නිෂ්පාදනය කරන්නේ කෙසේදැයි නිසි කළමනාකරණයක් නොතිබුණේ යැයි ද මන්ත්‍රීවරයා කීවේය.

මෙසේ වගා සැලසුමක් නොතිබීම එළවළු මිල ඉහළ යාමට සෘජුවම බලපා ඇතැයි ද වර්තමානයේ මිල ගණන් ඉහළ ගොස් ඇති එළවළු තවත් මාස කීපයකින් විකුණාගත නොහැකිව කුණු වීමේ අවදානමක් ද ඇතැයි හඳුන්නෙත්ති මහතා කීය.

මේ වනවිට වැඩි මිලක් ලබාගැනීම සඳහා ගොවීන් විශාල සංඛ්‍යාවක් කෙටිකාලීන බෝග වගා කිරීම ආරම්භ කර ඇතැයි ද වෙළෙඳපොළ හා වගාව අතර අසමතුලිතතාවය නිසා එම එළවළු මිල සීඝ්‍රයෙන් අඩුවනු ඇතැයි ද ඔහු කීය.

එමනිසා ආණ්ඩුව පැලැස්තර විසඳුම් යෝජනා කිරීම වෙනුවට එළවළු ගබඩා කරන ක්‍රමවේදයක් හා වෙළෙඳපොළ අවශ්‍යතාවයට ගැලපෙන පරිදි සැපයුම් කළමනාකරණයට අවධානය යොමු කළ යුතු යැයි ද එසේ නොවුවහොත් ගොවියත් පාරිභෝගිකයාත් අසරණ වීම නොවැලැක්විය හැකි යැයි ද හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 

 



අදහස් (2)

හාල් මාෆියාව නැතිකරන්න ජනපතිට පුළුවන්

chris Thursday, 19 December 2019 09:51 AM

ඔබතුමාට පුළුවන්නේ ජනාධිපති ගෝඨාභයත් සමග සාකච්ඡා කරලා මේවා ක්‍රියාවට නංවන්න. ඔය යු.ඇන්.පී අයටත් ඩයස්පෝරාවට කඩේ යනවාට වඩා එහෙම කළොත් ජනතාව ඔයාලටත් ජන්දය දේවී.

:       416       291

Bamunuarachchi Friday, 20 December 2019 12:40 PM

ඇයි ඒ කාලේ ඕවා කිව්වේ නැත්තේ?

:       159       84

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 170 2

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1180 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 954 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2318 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2164 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3691 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 302 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site