(*** අංජුල මහික වීරරත්න)
සමගි තරුණ බලවේගය සමග එකතු වන්නැයි තරුණ පරපුරට ආරාධනා කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා මාධ්‍ය හමුවේදී පැවසීය.
රට පුරා තරුණ පරපුර සමඟ එක්ව සමගි ජන බලවේගය සඳහා දැවැන්ත ශක්තියක් එක් කිරීමට කටයුතු කරන්නේ යැයිද මයන්ත දිසානායක මහතා සඳහන් කළේය.
ඇතුල්කෝට්ටේ සමගි ජන බලවේග කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක් වූ මයන්ත දිසානායක මහතා මෙසේද කීවේය.
රටේ තාරුණ්‍යය වෙනුවෙන් සමගි තරුණ බලවේගය ගොඩ නගන්න අප බොහෝ කැප වී ක්‍රියා කළා. අප සමග එක්වන ලෙස තරුණ පරපුරට ආරාධනා කරනවා.
අවුරුදු හැත්තෑ හයක් වන මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ආණ්ඩුවේ ආයතන 85 කට වඩා පවරාගෙන සිටිනවා. මුදල් අමාත්‍යාංශය, සංස්කෘතික ආගමික ඇතුළු අමාත්‍යාංශ රාශියක්ද පවරාගෙන තිබෙනවා.
නව ව්‍යවස්ථාවක් ගෙන ඒම පිළිබඳවද පොහොට්ටු ආණ්ඩුව කතා කරනවා. එය ඉතා භයානක තත්ත්වයක් ජනතාව එය තේරුම් ගත යුතුයි.
එක් පවුලකට පමණක් බලය දිය යුතුද? දේශපාලන ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීමට හැකියාව ඇත්තේ සමගි ජන බලවේගයටයි. ජනතාව දුන් පණිවිඩය තේරුම් ගෙන රට පුරා අපේ සංවිධානය ව්‍යාප්ත කිරීමට කටයුතු කරනවා.
මෙහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න සහ මයන්ත දිසානායක මහතා ඒවාට දුන් පිළිතුරු මෙසේය.
ප්රශ්නය: සමගි ජන බලවේගයේ පළාත් සභා මැතිවරණ සූදානම කෙබඳුද?
පිළිතුර: පුවත්පත් නිවේදනයක් හරහා ඉල්ලුම්පත් ප්‍රසිද්ධ කර සුදුසු අපේක්ෂකයන් තෝරා ගන්නවා. එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය සමග අප වටා විශාල පිරිසක් එක් වනු ඇතැයි කල්පනා කරනවා.
දේශපාලන පක්ෂයක් ලෙස ඕනෑම මැතිවරණයකට මුහුණ දෙන්න අප සූදානම්.
ප්රශ්නය: පාර්ලිමේන්තු මැතිවරණයේ දී පරාජයට පත් වූ අපේක්ෂකයන්ට පළාත් සභා මැතිවරණයේ නාම යෝජනා දෙනවාද?
පිළිතුර: පක්ෂ නායකත්වය තීරණයකට පැමිණේවි. අප ප්රජාතන්ත්රවාදී දේශපාලන පක්ෂයක් සාකච්ඡා කර ඒ තීන්දුව ගන්න හැකියි.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග
මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත
ලංකා දේශපාලන ඉතිහාසයේ තීව්‍රැතම ගැටුම ඉදිරි මාස හත අට තුළ නිර්මාණය වෙනවා. මේක ‘ඩූ ඕ ඩයි’ සටනක් යැයි ජාතික ජනබලවේගයේ නායක පාර්ලමේන්තු මන්ත්‍රී අනුර කුම
ආර්ථිකය ගැන දින හතක විවාදයකට එන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රවාහන හා මහා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට පාර්ලිමේන්තුවේ දී අභිය
මිනිස්සුන්ට අරගල තිත්ත වෙලා යැයි පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ජනාධිපතිවරුන් ලෙස සිට නැවත පාර්ලිමේන්තුවට පැමිණීම නීතියක් ගෙනැවිත් නතර කළ යුතුව තිබෙන බව පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සමගි තරුණ බලවේගය සමග එක්වන්නැයි ඇරියුම් කරනවා
Bamunuarachchi Saturday, 22 August 2020 12:29 PM
රෑ වැටුණු වලේ දවල් වැටෙන්නේ කවුද? සමගි ගොයියෙක්ම මිසක්...