IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


සජිත්ගේ ප්‍රධානත්වයෙන් නව සන්ධානයක් ගොඩනගනවා

  (නිමල කොඩිතුවක්කු) 
සජිත් පේ‍්‍රමදාස මහතාට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය නොලැබුනහොත්  ඉදිරි මහමැතිවරණය සදහා ඔහුගේ ප‍්‍රධානත්වයෙන් නව සන්ධානයක් ගොඩ නගන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් මදුද්මබන්ඩාර මහතා ලංකාදීපයට අද(5) පැවැසීය.

මෙම නව සන්ධානය සදහා සහයෝගය ලබාදෙන බවට එක්සත් ජාතික පෙරමුණේ සෙසු නායකයන් එකඟතාවය පළ කර ඇති බවත්  මන්ත‍්‍රිවරයා සදහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් පේ‍්‍රමදාස මහතාට ලබාදිම සම්බන්දයෙන් පසුගිය සිකුරාදා(3) පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සමග ඒ මහතාගේ නිවසේදී පැවැත්වූ සාකච්ඡා අසාර්ථක වූ බවත් ඒ මහතා පැවැසීය.

මෙම සාකච්ඡාව සදහා එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම්, උප නායක රවී කරුණානායක, තලතා අතුකෝරල, මලික් සමරවික‍්‍රම, රංජිත් මද්දුමබණ්ඩාර,  කබීර් හෂීම් යන මහත්ම මහත්මින් එක්ව සිටියහ.

මෙම සාකච්ඡවට පෙර එක්සත් ජාතික පෙරමුණේ නායකයන්ගේ සාකච්ඡාවක් පවත්වා ඇති අතර ඒ සදහා විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස, පක්ෂ නායකයින් වන පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන්, පී. දිගම්බරම්, රවුෆ් හකීම් ඇතුලූ පිරිසක් එක්ව සිටියහ.

මෙම සාකච්ඡාවලට පෙර  එක්සත් ජාතික පෙරමුණේ මන්ත‍්‍රීවරුන් පස්වරු 5.00 ට පමණ  මලික් සමරවික‍්‍රම මහතාගේ නිවසේ රැස්ව තිබේ.


පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පනස් දෙනෙකු පමණ මේ සදහා එක්ව සිටි බවත් සජිත් පේ‍්‍රමදාස මහතාට නායකත්වය නොලැබෙන්නේ නම් වෙනම තරඟ කළ යුතු බව  ඔවුන් සියලූ දෙනාගේ  ඒකමතික තිරණය  වූ බවත් රංජිත් මද්දුමබන්ඩාර මහතා වැඩිදුරටත් පැවැසීය.



අදහස් (0)

සජිත්ගේ ප්‍රධානත්වයෙන් නව සන්ධානයක් ගොඩනගනවා

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 71 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1160 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 904 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2302 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2152 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3681 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 228 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site