IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


විධායකය අහෝසි කර 2025 තෙක් ඉන්න හදනවා - ගම්මන්පිල

විනීතා එම් ගමගේ
 
සීමා නිර්ණය හේතුව ලෙස පෙන්වා කල් දැමිය නොහැකි එකම මැතිවරණය ජනාධිපතිවරණය වන බැවින් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට එජාපය හා ජවිපෙ උත්සාහයක යෙදෙන බව පෙනී යන්නේ යැයි පිවිතුරු හෙළ උරුමය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කළේය. 
 
එසේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර ගත හොත් 2025 වන තුරු මැතිවරණ සිතියම හකුළා ගැනීමට ඔවුන් සැලසුම් කර ඇති බව ද  ගම්මන්පිල මහතා පැවැසීය. 
 
ගම්මන්පිල මහතා මේ අදහස් පළ කළේ පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ ප‍්‍රධාන කාර්යාලයේ අද (09)  පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. එහි දී තව දුරටත් අදහස් දැක්වූ මන්ත‍්‍රීවරයා මෙසේ ද කීය. 
 
‘ජවිපෙත් එජාපයත් එක් වී විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න විසි වන සංශෝධනය ගේන්නේ 2025 දක්වා මැතිවරණ සිතියම හකුලා දැමීමේ යටි අරමුණෙන්.  
 
පුංචි ඡන්දයේ ප‍්‍රතිඵල වලට ආණ්ඩුව තවම මුහුණ දෙනවා.  ශ‍්‍රීලනිපය අර්බූදයක් ඇති වෙලා 16 දෙනෙක් විපක්ෂයේ වාඩි වුණේ පුංචි ඡන්දයේ ප‍්‍රතිපලයක් විධියට.  එජාප නායකයා එලවන කැරැල්ලක් ඇති වෙලා තිබෙන්නේ පුංචි ඡන්දයේ ප‍්‍රතිඵලයක් විදියට.  ඒ නිසා මේ ආණ්ඩුවට තදින්ම මැතිවරණ භීතිකාව තිබෙනවා.
 
ජවිපෙ සහයෙන් පළාත් සභා මැතිවරණ පනත වෙනස් කරලා කොට්ඨාස ක‍්‍රමය හඳුන්වා දීලා සීමා නිර්ණය මත දාලා පළාත් සභා මැතිවරණය නම් දින නියමයකින් තොරව කල් දා ගත්තා. පුංචි ඡන්දයට කළෙත් ඔය දෙයමයි. සීමා නීර්ණය පෙන්වමින් අවුරුදු තුනක් කල් දැම්මා. අපි අධිකරණයට ගිය නිසා ඡන්දය තිබ්බා. ‘‘



අදහස් (8)

විධායකය අහෝසි කර 2025 තෙක් ඉන්න හදනවා - ගම්මන්පිල

kalani Wednesday, 09 May 2018 11:20 AM

විධායකය අහෝසි කරන්න පොරොන්දු වුනේ ශ්‍රී.ල,නි.ප. ප්‍රධාන සන්ධානය, බොරු දවල් හීන දකින්න එපා.

:       13       26

kalani Wednesday, 09 May 2018 11:20 AM

විධායකය අහෝසි කරන්න පොරොන්දු වුණේ ශ්‍රී.ල.නි.ප. ප්‍රධාන සංධානයයි. බොරු දවල් හීන දකින්න එපා.

:       21       27

rocky Wednesday, 09 May 2018 02:44 PM

මේ මහත්තයා මහා ඉසේ රදයක්. බැරිද මේ පොකැට් කටට සිප් එකක් වත් දාන්න?

:       4       54

Saththaya Thursday, 10 May 2018 12:45 AM

කියන්න දේවල් නැතුව හැමදාම විකාර කියවනවා, දේශපාලනය තුට්ටු දෙකට දානවා .

:       12       213

ධනුෂ්ක Thursday, 10 May 2018 01:30 AM

ගමක හාමුගේ වලව්වෙත්. ගැමියගේ ගැමි ගෙදරත් සුරතල්ලු ඉන්නවා. හැබැයි ලැබෙන කටු වල වෙනසක් තියනවා. ජනාධිපති ධූරයත් හරියට වලව්වේ හාමු වගේ එ් වෙනුවෙන් බුරනකොට හුරතල් වෙනකොට ලැබෙන වාසි වැඩි. රට, ජාතිය, අාගම හැම දේකට ගත්තම මිනිස්සුන්ගේ හදවතට සමීපවෙන්න පුලුවන් මෙයාලා එ්ක නිහීන විදියට යොදා ගන්නවා. හැම එකටම බෙදුම්වාදි බිල්ලා. කියන්න තියෙන්නේ අර හැමදාම බොරුවට කොටියා කනවෝ කියලා කෑගහලා අන්තිමට අැත්තටම කොටියා අාව දවසට. වෙච්ච දේ තමා.

:       1       60

enama Thursday, 10 May 2018 09:15 AM

මෙයා කියන දේවල් අහන්න කිසි කෙනෙක් නැහැ.

:       4       66

viddya sri shanthikumara Saturday, 12 May 2018 10:58 AM

1978 ඉඳන් නැති කරන්න කතා කළ ජේ.ආර්. ගේ බහුබූත ආණ්ඩුක්‍රමය මේ අවුරුදු 40න් 20ක්ම බලයේ හිටි වැදගතුන්ට වෙනස් කරන්න බැරිවුණු වෙලේ.... ඒ දෙය කරන්න උත්සාහ ගනිද්දී මේවා තමයි කියවන බහුබූත... අවංකවම මේ අයගේ පැවැත්මේ ගැටළුවක් නිසාම මිස වෙනයම් හේතුවක් නම් නොවේ. පව්.. අනුකම්පා කරන්න ඕනේ මේ දේශපාලන යැපෙන්නන්ට... එදා වේල කන්න නැති හිඟන්නොත් මේ අයට වඩා වැදගත්..

:       0       1

enama Tuesday, 15 May 2018 07:43 AM

විධායකය අහෝසිකර 2025 තෙක් ඉන්න හදනවා නම් ඒකට අපි සතුටු වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 184 3

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1183 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 965 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2318 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2165 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3693 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1703 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site