IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ලබන 10 වැනිදායින් පස්සේ රටේත් ආර්ථිකයේත් ස්ථාවර බවක් ඇති කරනවා

(අංජුල මහික වීරරත්න, හිඟුරාන - නවරත්න සමරතුංග, ප්‍රියන්ත තිලකරත්න, පියසේන වතුදුර, රවී මැදගෙදර, ගයාන් චින්තක, චන්දන ලියනආරච්චි සහ හම්බන්තොට - අනිෂා මානගේ)

දේශපාලනික සහ ප්‍රතිපත්තිමය ස්ථාවරබව ඇති කළ අයුරින්ම පෙබරවාරි 10 වැනිදායින් පසුව රටේ ආර්ථික ස්ථාවරත්වය ඇති කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අම්පාරේදී පැවැසීය.

රාජපක්ෂ කල්ලිය විසින් වළපල්ලට ඇද දැමූ ශ්‍රී ලංකා ආර්ථිකය නැවත ගොඩ ගනිමින් රටක ආර්ථිකය හැසිරවීමට දක්ෂ කණ්ඩායම එක්සත් ජාතික පක්ෂය බව නැවතත් ඔප්පු කර පෙන්වීමට සමත් විණැයි ද” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේ පළාත් පාලන මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරන අපේක්ෂක අපේක්ෂිකාවන්ගේ ජය තහවුරු කිරීම සඳහා අම්පාර නගරයේ පැවැති ජන රැලියේදීය.
අම්පාර ජන රැලියට අමතරව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් තංගල්ල නගරයේදීද ජන රැලියක් පැවැත්විණි.

අම්පාරේ ජන රැලියේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.
“මඩකලපුව පැවැති එජාප රැලියට සහභාගීවීම සඳහා ඒ ප්‍රදේශයට යන අතුරතුර 2014 කාලය පිළිබඳව මමත්, දයා ගමගේ ඇමැතිතුමාත් කතා කරමින් සිටියා.

2014 ගංවතුර කාලයෙත් අප අම්පාර සිට ඔඩ්ඩමාවඩි ප්‍රදේශය දක්වා ගමන් කළා. එදා අපි ගමන් කළේ ජිප් රථයකින් නොවෙයි. ඒ ගමනට බෝට්ටුවක් අවශ්‍ය වුණා.

රාජපක්ෂ රෙජිමය යටතේ ඉහළ සිට පහළටත්, පහළ සිට ඉහළටත් හොරකම පැතිරුණා. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අතිවාසිකම් සීමා කළා. මාධ්‍යවේදීන් මරා දැම්මා. රටේ ආර්ථීකය කඩාකප්පල් කළා. නිදහස් අධ්‍යාපනයේත්, සෞඛ්‍යයේත් දියුණුව සඳහා යොදවන මුදල් ප්‍රමාණය අඩු කළා. රාජපක්ෂලා ඒ මුදල්වලින් කළේ රෙජිමය ශක්තිමත් කිරීම පමණයි.

මේ තත්ත්වය හේතුවෙන් එදා විරුද්ධ පක්ෂයේ සිටි අපත්, සිවිල් සමාජයත් එකට එකතු වුණා. පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කරමින් රාජපක්ෂ ජනාධිපතිවරණයෙන් පරාජයට පත් කිරීමට අපට එදා අවශ්‍ය වුණා.

ඒ වනවිට රටේ දේශපාලන සංස්කෘතිය සම්පූර්ණයෙන් විනාශවී තිබුණා. යහපාලනය විනාශ වී තිබුණා. යහපත් තත්ත්වය නැවත රට තුළ ඇති කිරීමට නම් එකට එකතුවූ සියලු පක්ෂ අතර දේශපාලනික එකඟත්වයක් ඇති කරගත යුතු වුණා. එය අවබෝධ කර ගනිමින් එක්සත් ජාතික පක්ෂය වුණ අපත්, ජනතා විමුක්ති පෙරමුණත් ද්‍රවිඩ ජාතික සංධානයත්, අනෙක් සියලු පක්ෂත්, සිවිල් සංවිධානත්, එදා ආණ්ඩුවේ කොටසක්ද එකතු කර ගනිමින් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත් කර එතුමාගේ ජයග්‍රහණයෙන් පසු අපි ආණ්ඩුව ඇති කළා.

එහිදී ද්‍රවිඩ ජාතික සංධානයත්, ජනතා විමුක්ති පෙරමුණත් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගත්තා. රටේ දේශපාලන ස්ථාවරභාරවයත්, ජනවාර්ගිත අර්බුදයට දේශපාලන විසඳුමක් දීමට නම් අප එක්වී වැඩ කළ යුතු වුණා. ඒ සඳහා රටේ ප්‍රධාන පක්ෂ දෙක කාලයක් එක්වී වැඩ කටයුතු කිරීමේ අවශ්‍යතා මතු කෙරුණා.

එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු මැතිවරණයේදී තුනෙන් දෙකක බලය ගත්තත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එකතුවී යහ පාලනය වෙනුවෙන් ජාතික ආණ්ඩුව නිර්මාණය කිරීමට සූදානමින් සිටින බව මා මහ මැතිවරණයට පෙර සිටම පැවසුවා. පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණයෙන් පසු ජාතික ආණ්ඩුව ඇති කළා.

ප්‍රධාන පක්ෂ දෙක එක්වී වැඩ කරන විට රටේ දේශපාලන ස්ථාවරභාවය ඇති කිරීමට හැකියාව ලැබෙනවා. ඒ නිසාම ජාතික ආණ්ඩුව ඉදිරියට ගෙන ගියා.

දේශපාලනික වශයෙන් අන්තවාදී නොවී කටයුතු කිරීමට අපට හැකියි. යුරෝපයේ පවතින සමබර දේශපාලන ක්‍රමයට සමාන දේශපාලනය ඇති කිරීමට මට අවශ්‍ය වුණා. දැන් පවතින මැතිවරණ ක්‍රමය ඊට හොඳ උදාහරණයයි.

නව මැතිවරණ ක්‍රමය තුළ කිසිවකුත් ගැටුම්, කෝලහල ඇතිකර ගන්නේ නැහැ. අති විශාල ලෙස මුදල් වියදම් නොකරන සාමකාමී මැතිවරණ ක්‍රමය ඇති කිරීමට අපට හැකි වුණා. වසර 5 ක ජනතා වරම අපට ලැබී තිබෙන්නේ ඒ ආකාරයට කටයුතු කිරීමටයි. නව දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමටයි.

නව ක්‍රමය දැන් ආරම්භ කර තිබෙනවා. ඒ වගේම අප එය ඉදිරියට ගෙන යනවා. අපේ ඇතැම් ක්‍රියා මාර්ග හේතුවෙන් විනාශවී තිබූ දේශපාලන සංස්කෘතියේ යම් යම් වෙනස්කම් කිරීමටත් හැකි වුණා.

රටේ දේශපාලන ස්ථාවරභාවය ඇති කිරීමට එක්සත් ජාතික පක්ෂය විශාල වශයෙන් කැපවී සිටිනවා. ප්‍රතිපත්තිමය ස්ථාවරභාවය රට තුළ ඇති කරමින් එකට එකතුවී ජනවරම අනුව ආණ්ඩුව ඉදිරියට ගෙනයාමට අපට අවශ්‍යයි.

තනි බලය සහිතව ආණ්ඩුව ඉදිරියට ගෙන යාමට අවශ්‍ය බලය ගැනීමට ජනතාවගෙන් වරම ඉල්ලීමට හැකියාව තිබුණා. ඒත් අප ඔබෙන් ජනවරම ඉල්ලුවේ ප්‍රධාන පක්ෂ දෙක එක්වී රට ඉදිරියට ගෙන යාමටයි. ඔබ ජනවරම දුන් ආකාරයටම අසමගිය ඇති කර නොගනිමින් මේ වසර 5 ඉදිරියට යාමට අප කටයුතු කරනවා. අපට ජාතික ආණ්ඩුව බිඳ දැමීමට අවශ්‍ය නැහැ. එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය වන්නේ ජනතාවගේ දියුණුවට අවශ්‍ය දේශපාලන ස්ථාවරභාවය ඇති කිරීමයි.

අප එක්වී කටයුතු කරන්නේ ජාතික ආණ්ඩුව තුළ පමණයි. මෙවැනි මැතිවරණවලදී අප තනි පක්ෂය ලෙස වෙනම තරග කරනවා. අපේ පක්ෂයේ අනන්‍යතාව ආරක්ෂා කර ගන්නවා.

මැතිවරණය යනු විවිධ මත අදහස් ප්‍රකාශ වන අවස්ථාවයි. ඒත් කිසිවිටෙක දේශපාලනිකව අන්තවාදී වන්නේ නැහැ. ඒ නිසා වෙනත් අය ඔබේ අමාත්‍යාංශ විවේචනය කරන විට ඒවාට පිළිතුරු දීමට නොයන ලෙස මා අපේ අමාත්‍යවරුන්ට විශේෂම උපදෙස් දුන්නා. අප ආණ්ඩුව තුළ එක්ව වැඩ කිරීම ඊට හේතුවයි. ජාතික ආණ්ඩුව බිඳ දැමීමට එක්සත් ජාතික පෙරමුණට කිසිදු අවශ්‍යතාව නැති බව මා පවසනවා.

පොරොන්දු වූ ආකාරයට රට තුළ ජාතික සමගිය, සංහිඳියාව අප ඇති කළා. සිංහල, දෙමළ, මුස්ලිම්, ක්‍රිස්තියානි, හින්දු ඕනෑම ජාතියක, ආගමික ජනතාවට එකට ජීවත්වීමට හැකි පරිසරය අප නිර්මාණය කර තිබෙනවා.

තම ආගම ඇදහීමට හැකිවේවි දැයි විශාල බියක් එදා මුස්ලිම් ජනතාවට ඇතිවී තිබුණා. ඒ තර්ජනය ද්‍රවිඩ ජනතාවටත් එල්ලවී තිබුණා. යුද්ධය අවසන් වුණත් අයිතිවාසිකම් තමන්ට ලැබේදැයි ඔවුන්ට ගැටලුවක් තිබුණා. එදා බිය පැවතියේ මුස්ලිම්, දෙමළ ජනතාව අතර පමණක් නොවෙයි.

මල්වතු මහානායක ස්වාමීන්වහන්සේටත් නිකාය කැඩීමට උත්සාහ කරනවා යයි කියා එදා තර්ජනය එල්ල කෙරුණා. ඒ වගේම දළදා මාලිගාව අවට ප්‍රදේශය රේස් පිටිය බවට පත්වීමේ තර්ජනයකුත් ඇතිවී තිබුණා. අද මල්වතු මහානායක ස්වාමීන්වහන්සේට, දළදා මාලිගාවට පවා තර්ජනය නොවන තත්ත්වය අප ඇති කළා. අද රටට අවශ්‍ය නිදහස ලැබිලා.

අද ලංකාවේ මාධ්‍ය අපට චෝදනා කරනවා. ඒත් ඔවුන් පැහැරගෙන යාමට සුදු වෑන් එවන්නේ නම් නැහැ. ඒ නිසා කාඞ්බෝඞ් වීරයන් වගේ තවත් අපට බැණීමට ඔවුන්ට නිදහස තිබෙනවා. බැණීම ගැන මට කිසිම ප්‍රශ්නයක් නැහැ.

අප හොරුන් ඇල්ලීම කරනවා. ජනතාව අපව පත් කර එව්වේ හොරුන් ඇල්ලීම සඳහායි. ඒත් එය කරන්නේ නීතියට යටත්වයි.

මේ වනවිට රාජපක්ෂලා කිහිප දෙනකුම උසාවියට ඉදිරිපත් කරලා. ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට හැකි වුණේ අප ගත් පියවර නිසයි. එපමණක් ද නොවෙයි. රජයට එරෙහි චෝදනාත් අපි සොයා බලනවා.

බැඳුම්කරය ගැන පරීක්ෂණ පැවැත්වීමට අප ආණ්ඩුව ලෙස ක්‍රියා කරන්නේ ඒ නිසායි. බැඳුම්කරය සම්බන්ධයෙන් පියවර ගැනීමට මා නීතිපතිතුමාට ලිඛිතව දැනුම් දුන්නේ 2016 දීයි.

එක්සත් ජාතික පාක්ෂිකයන්ට එක් ආකාරයකටත්, අනෙක් පාක්‍ෂිකයන්ට තවත් ආකාරයකටත් සලකන්නේ නැහැ. එක්සත් ජාතික පක්‍ෂයේ අයට ආරක්ෂාවත්, අනෙක් අය පමණක් නීතියේ රැහැනට අසු කර දීමත් අප කරන්නේ නැහැ. අප නීතිය ක්‍රියාත්මක කරන්නේ එක සමානවයි.

රාජපක්ෂලා ආරක්ෂා කිරීමටත්, අනෙක් අයට නඩු දැමීමටත් අප කටයුතු කරන්නේ නැහැ. රාජපක්ෂලාට එක නීතියකුත්, අනෙක් අයට තවත් නීතියකුත් අප ක්‍රියාත්මක නොකරන බව මා පවසනවා. අප රටේ දේශපාලනික සහ ප්‍රතිපත්තිමය ස්ථාවරබාවය ඇති කර තිබෙනවා. දැන් අපි බලාපොරොත්තු වන්නේ ආර්ථිකමය ස්ථාවරබාවය ඇති කිරීමටයි.

අප බාරගන්නා විට රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් බිඳ වැටී තිබුණා. රාජපක්ෂලා ගත් ණය පියවීමටත් රටේ ආර්ථිකය ප්‍රමාණවත් වුණේ නැහැ. මහින්ද රාජපක්ෂ නියමිත කාලයට පෙර ජනාධිපතිවරණය පැවැත්වූයේ මේ අර්බුදය නිසයි.

අප බලයට පත් වූ විට ණය ගෙවා ගැනීමට නොහැකිව ආණ්ඩුව බිඳ වැටෙනු ඇතැයි රාජපක්ෂලා කල්පනා කළා. ඒත් ආර්ථික පාලනයට එක්සත් ජාතික පක්ෂය දක්ෂයි. බිඳ වැටුණු ආර්ථිකය බාරගත්තා. එය බාරගෙන වසර දෙකක් ගතවෙන විට ගෙන තිබූ ණය වෙනුවෙන් අවශ්‍ය වාරික ගෙවීමට හෝ හැකි වන මට්ටමට ආර්ථිකය නගා සිටුවීමට අපට හැකි වුණා.

අප රට ක්‍රම-ක්‍රමයෙන් සංවර්ධනය කරනවා. වසර 66කට පසු රටේ ප්‍රාථමික ගිණුම් ශේෂයේ අතිරික්තය අද ඇති වෙලා ආර්ථිකය කළමනාකරණය කර තිබෙන්නේ ඒ ආකාරයටයි.

ඩොලර් බිලියන 15ක ශ්‍රී ලංකාවේ වැඩිම අපනයනය 2017 දී වාර්තා වුණා. වැඩිම විදේශ ආයෝජනය වන ඩොලර් බිලියන 1.5ක් වාර්තා වූයේ පසුගිය වසරේදීයි. මා නම් ඉන් සෑහීමට පත් වෙන්නේ නැහැ. රටේ විරැකියාව විසඳීමට සංවර්ධනය කිරීමට මීටත් වඩා ඉදිරියට යා යුතුයි. මෙය ආරම්භය පමණයි.

රාජපක්ෂලා පාලනය අත හැර පැන ගිය අවස්ථාවේ මා මෙය බාරගත්තා. 2001 දීත් මට බාරගැනීමට වූයේ ඍණ වර්ධනය සහිත ආර්ථිකයයි. දැන් මෙවර භාරගත් ආර්ථිකය ද සංවර්ධනය කළ යුතුයි. මේ වෙනුවෙන් විශාල සංවර්ධන ව්‍යාපාරය ආරම්භ කළ සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය බවට පත් කරනවා ද නැද්ද කියා ඔබ තීරණය කරන්න.

නියත වශයෙන්ම අම්පාර සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය බවට මා පත් කරනවා. මේ ප්‍රදේශයට තව තවත් ව්‍යාපාර ගෙන එනවා. එදා මා මෙහි පැමිණ නව බස් නැවතුම්පොළ විවෘත කිරීමටත් සහභාගී වුණා.
ප්‍රදේශයට පැමිණෙන වෙළෙඳ කලාපය වෙනුවෙන් මේ වනවිට අවශ්‍ය ඉඩම් සොයා ගෙන අවසානයි. ඉදිරි වසර 5 තුළ ඔබට සංවර්ධනය දැක ගැනීමට හැකියි. අම්පාර නගරයේ ඔබට ඇති වී තිබෙන ගැටලු විසඳනවා. බදු ගෙවීම සඳහා අප නව ක්‍රමය හඳුන්වා දෙනවා. ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය දීමේ නීතිය අප මේ වසරේදී අනුමත කරනවා.

මේ වැඩ මධ්‍යම ආණ්ඩුවට පමණක් කිරීමට නොහැකියි. ඒ සඳහා අපට ගමේ ආණ්ඩුවේ බලය ද දෙන්න. රට සංවර්ධනය කළ හැක්කේ එක්සත් ජාතික පක්ෂයට පමණයි. ගම සංවර්ධනය කළ හැක්කේ ද එක්සත් ජාතික පක්ෂයටයි. ආර්ථික ශක්තිය තිබෙන්නේත් අප සතුවයි.

ඔබේ ගම නගරය සංවර්ධනය කිරීමට ගමේ ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂයට දෙන්න. ඔබ අපට රට බාර දුන්නා. අප රටේ දේශපාලන ස්ථාවරභාවය ඇති කළා. ඒ ආකාරයෙන්ම ගම සංවර්ධනය කරමින් ගමේත් දේශපාලන ස්ථාවරභාවය ඇති කිරීමට ඔබේ අනාගතය දියුණු කර ගැනීමට පෙබරවාරි 10 වැනිදා ගමේ බලය එක්සත් ජාතික පක්ෂයට දෙන ලෙස මා ඉල්ලා සිටිනවා” යයි ද රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් පැවැසීය.
ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා

“ඔබට සින්නක්කර ඉඩම් ඔප්පු දීමට අගමැතිතුමා අද පොරොන්දු වුණා.

අම්පාර දිස්ත්‍රික්කයේ 100%කට විදුලිය දීමට අපට හැකි වුණා. 2018 වසරේදී අප අම්පාරේ සියලුම ජනතාවට පානීය ජලය දීමට කටයුතු කරනවා.

2018 වසරේදී අම්පාරේ ඉඩම් ප්‍රශ්නය ද විසඳීමට කටයුතු කරනවා. මේ වනවිට අම්පාරේ නිවාස 3000ක් ඉදිකර තවත් නිවාස 3000ක වැඩ අවසන් කිරීම සඳහා උපකාර කරලා.”


පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා

“පිරිසක් මේ මැතිවරණය ජාතික මැතිවරණයක් බවට පත් කර ගැනීමට උත්සාහ කරමින් සිටිනවා. රාජපක්ෂගේ ආණ්ඩු පෙරළීම කෙඳිරීමක් පමණයි.

ජනාධිපතිතුමා 96 දෙනකුට එතුමාගේ පැත්තේ හිටගන්න කිව්වා. කවුරුවත් හිටගත්තේ නැහැ. එතුමා තවම තනියම සිටිනවා. අගමැතිතුමා අපට ඒ ගැන කතා කරන්න එපා කියා තිබෙන නිසා මීට වඩා මුකුත් කියන්නේ නැහැ.”

ජන රැලිය සඳහා අම්පාර බස් නැවැතුම්පොළ භූමිය පිරී යන තරමේ විශාල ජනතාවක් සහභාගි වී සිටියහ.
විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය අජිත් ප්‍රනාන්දු, නියෝජ්‍ය ඇමැතිනී අනෝමා ගමගේ යන මහත්ම මහත්මීහු ද සහභාගි වී සිටියහ.

 



අදහස් (5)

ලබන 10 වැනිදායින් පස්සේ රටේත් ආර්ථිකයේත් ස්ථාවර බවක් ඇති කරනවා

Bamunuarachchi Monday, 05 February 2018 06:50 AM

මේ අවුරුදු 3 ම මොකද කළේ? 10 වෙනිදා පහුවෙනකම් ඉන්නේ? හලෝ ඔබලාට මේ කල්පයම දුන්නත් රටට වැඩක් කරන්න බැරි කොටසක්.... කරන්න පුලුවන් කෙනෙකුට දීලා ඇස්දෙකට නොපෙනී යන්න.

:       112       4

Sudath Sri Monday, 05 February 2018 11:37 AM

බමුණුආරච්චි මහත්මයා මොනවද අහන්නේ? රටක ආණ්ඩුව කල යුත්තේ ආර්ථික කලමණාකරණයයි. ඕනෑම කෙනෙකුට ණය අරගෙන පාලම් පාරවල් ගුවන්තොටුපලවල් හදන්න පුලුවනි. ඒත් ඒවා ගෙවන්නත් ඕනෑ සහ ඒවායින් ආදායම් ලබන්න ඕනෑ. දැන් හෙමීට වුණත් වෙන්නෙ මේ දේවල් තමයි. ඒත් අනාගතය සුභ වේවි.!!!

:       3       7

saly Monday, 05 February 2018 12:55 PM

ගතවුණු අවුරුදු තුන ගැන පැහැදීමක් නැති වුණත්, ඒ ආණ්ඩුවේ පොඩි අස්ථාවර බවක් තේරුණා. මට හිතෙන්නේ රනිල් වික්‍රමසිංහ එක්ක මේ අවුරුදු දෙක, තුන රටේ දියුණුවක් ඇති වෙයි කියලා. එයාට හම්බවෙන අවසාන අවස්ථාව මේක. මිනිහට තාම තනි බලයක් කවදාවත් ලැබිලා නෑ. මන් හිතන්නේ. ලෝකෙත් එක්ක එයා ගොඩ නංවන සම්බන්ධය හරිම ලස්සනයි. හැබැයි අනාගනියිද දන්නේ නෑ... ලාංකිකයෙක් හැටියට සුභ පතනවා අපේ රටට පැහැදිලි සේවයක් අවශ්‍ය මොහොතක් නිසා මේ... ලොක්කයි, දෙවැනියයි දෙන්නම කතා කරලත් මහින්ද ටික කාලෙකටවත් ඇයි ජාතික ආණ්ඩුවට සහය දෙන්නේ නැත්තේ කියන එක නං කුහකකමක්... දැන් රටේ තියන අවශ්‍යතාවයත් එක්ක.. එයා බලන්නේම ජාතිවාදය, යුද්ධය... ආයි ඒ වගේ ප්‍රචාර හරහා අහිංසක සිංහල මිනිස්සුන්ගේ කර උඩින් බලය ගන්න වගේ... ඔය තුන් දෙනා එකතු වුණා නම් ප්‍රතිපත්ති පැත්තකට දාලා රට වෙනුවෙන්.. සංහිඳියාව උතුරනවා මේ රටේ. අනිත් පක්ෂ රටට අවශ්‍ය දක්ෂ විපක්ෂයක් හදයි.

:       0       8

Sathyayaa Wednesday, 07 February 2018 09:33 PM

"රටක ආර්ථිකය හැසිරවීමට දක්ෂ කණ්ඩායම එක්සත් ජාතික පක්ෂය බව නැවතත් ඔප්පු කර පෙන්වීමට සමත් විණැයි........" ඔවු ඔවු හොරුන් විසින් සොරකම් කරන ධනය ඒ රටේම නොරැන්දුනත් වෙන රටවල බැංකුවල හෝ සුරක්ෂිතව තිබීමත් ආර්ථික හැසිරවීමක් තමයි.

:       0       0

Sathyayaa Wednesday, 07 February 2018 09:39 PM

"2018 වසරේදී අප අම්පාරේ සියලුම ජනතාවට පානීය ජලය දීමට කටයුතු කරනවා..." (දයා ගමගේ) 1977 සිට 2004 දක්වා සහ 2001 සිට 2002 දක්වාත් මේ අය බලයේ සිටියත් 2018 පෙබරවාරි 10 දින පැවැත්වෙන පළාත් පාලන ජන්දය වෙනුවෙන් අසරණ ගැමියන්ට බීමට සුදුසු ජලය ලබා දෙන බව කියමින් කරන රැවටිල්ලට පිළිතුරු ඇත්තෙත් ජනතාව අතමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 39 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1155 1

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 888 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2298 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2150 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3679 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1512 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1415 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site