(අයි. ආර්. ඉන්දික)
මොනරාගල, හම්බන්තොට හා අම්පාර දිස්ත්‍රික තුන කේන්ද්‍ර කරගෙන තවත් පුළුල් සංස්කෘතික සංචාරක වැඩසහනක් ආරම්භ කිරීමට කටයුතු සැලසුම්කර ඇති බවත් සුපුරුදු සංචාරක ත්‍රිකෝණය ක්‍රියාත්මක වෙන අතරතුර මෙම දිස්ත්‍රික්ක තුන කේන්ද්‍ර කරගනිමින් අලුත් සංචාරක සංස්කෘතික ත්‍රිකෝණක් ක්‍රියාත්මක කිරීමට කටයුතු සැලසුම්කර ඇති බවත් නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රෙමදාස මහතා පැවසීය.
ඓතිහාසික වැල්ලවාය බුදුරුවාගල විහාරස්ථාන පරිශ්‍රයේ රුපියල් ලක්ෂ 473ක වියදිමින් ඉදිවන සංචාරක පොදු පහසුකම් ඒකකය සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට පෙරේදා (11) එක්වෙමින් අමාත්‍යවරයා ඒ අදහස් පළකර සිටියේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ කීය.
"ඉපැරණි සිද්ධාස්ථාන සංරක්ෂණය ආරක්ෂා කිරීම ගොඩගැනීම සුරක්ෂා කරලා අපේ උරුමය මතුපරම්පරාවට පරිත්‍යාග කළ යුතුයි. ඒ අතර අපි බලාපොරොතු වෙනාව සංචාරක කර්මාන්තතය ප්‍රවර්ධනය කරලා වැඩිදියුණු කරලා යටිතල පහසුකම් ඇතිකරලා පූජනීය ස්ථාන රටට දැයට ආදායම උත්පාදිත ස්ථාන බවට පත්කරලා එහි ප්‍රතිලාභ අවට ගම්මානවල ජීවත්වෙන අයට ලබාදෙන්න නිර්මාණය කිරීම සඳහා ලක්ෂ නවසියයක් වෙන්කරගෙන තියෙන්නේ.
ඉතාම ප්‍රසිද්ධියට පත්වෙලා තියෙන සංස්කෘතික ත්‍රිකෝණය අනුරාධපුර පොලොන්නරුව නුවර යන බලප්‍රදේශ කේන්ද්‍රකරගෙන ක්‍රියාත්මක වෙනවා. ඒක සුපුරුදු විදිහට ක්‍රියාත්මක වෙනකොට අලුත් සංචාරක ත්‍රිකෝණය මේ වයඹ චතුරශ්‍රය හරහා පුත්තලම කුරුණැගල දිස්ත්‍රික්ක කේන්ද්‍රකරගෙන ජාතික වැඩසටහනක් හැටියට අපි ක්‍රියාත්මක කරනවා.
මේ හැම වැඩසටහනකින්ම අපි බලාපොරොතුවෙන්නේ ඉපැරණි සිද්ධස්ථාන එක පැත්තකින් සංරක්ෂණය කිරීම, එක පැත්තකින් ආරක්ෂා කිරීම, ගොඩනැගීම, රැකබලා ගැනීම මතුපරපුර වෙනුවෙන් ඓතිහාසික සිද්ධස්ථාන සුරක්ෂාකරලා අපේ උරුමය මතුපරම්පාවට පරිත්‍යාග කිරීමයි.
සංචාරක සංවර්ධන කටයුතු ආරම්භ කරන්නවත් ඉදිරි සති කිහිපය තුළ අපි පැමිණෙනවා. ශාසනික සේවාවක් වගේම සංචාරක සංවර්ධනයක් පොදුජනතාවගෙ අතමිට සරුවන වැඩසටහන් බවට පත්කිරීමයි අපි බලාපොරොත්තු වෙන්නේ.
කවුරුත් නොසිතු මොහොතක ජාත්‍යන්තර ත්‍රස්ත ප්‍රහාරයකට මුහුණ දුන්නා මේ ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිත රැසක් අහිමිවුණා. අප ඒ ගැන කනගාටුවෙනවා. දැඩිලෙස ශෝකයට පත්වෙනවා. ජීවිත අහිමි වුණාට පස්සේ මොන දේ කළත් ඒ පාඩුව පිරිමහගන්නට බෑ. විපතට පත්වු පවුල්වලට සීමාමායිම්වලින් තොරව චක්‍රෙල්ඛ රෙගුලාසි නියෝග පැත්තකට විසිකරලා දමලා ඒ හැම පවුලක්ම රැකබලාගැනීමේ වගකීම අපි සතුව තිබෙනවා. ඒ හැම පවුලක්ම අපි ආරක්ෂා කළ යුතුයි. මව්පියන් අහිමිවුණු දු දරුවන්, දු දරුවන් අහිමිවුන දෙමව්පියන්ගේ දුක බෙදා හදා ගන්නවා පමණක් නෙවෙයි ඒ අනාථභාවයට පත්වුණු ජීවික ආරකෂා කරන්නට වගකීම භාරගන්නට ඕනෑ.
මේ ව්‍යපෘතිය අවසන්කරනකොට රුපියල් ලක්ෂ නවසියක් පමණ වැයකරනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතාටත් නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාටත් දිසාපතිතුමියටත් විශේෂ ස්තුතියක් පුද කළ යුතුයි. මොනරාගල දිස්ත්‍රික් සුරක්ෂිත කිරීමත් සංචාරක ප්‍රවර්ධනය කිරීමත්, ශක්තිසම්පන්න සංස්කෘතික වැඩසටහනක් ආරම්භ කිරීම සඳහා මුල් විම සම්බන්ධයෙන් තුති පළ කළ යුතුයි. ඒ වගේම මාස හයක් වැනි කෙටි කාලයක් තුළ දී මෙම සංවර්ධන ව්‍යපෘතියේ වැඩ අවසන් කිරීමටත් අපි බලාපොරොතුවෙනවා."
මෙම උත්සවය අමතා රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර නියෝජ්‍ය කතානයක ආනන්ද කුමාරසිරි යන මහත්වරු ද අදහස් දැක්වූහ.
මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා
අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ
අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල
ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග
මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මොනරාගල - හම්බන්තොට - අම්පාර යා කෙරෙන සංචාරක සංස්කෘතික ත්‍රිකෝණයක්