IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මෙදා ඡන්ද ප්‍රතිඵලය ආණ්ඩුවේ පැවැත්මට මාරාන්තික තර්ජනයක්

(ඩයනා උදයංගනී)

ප්‍රධාන දේශපාලන පක්‍ෂ සියල්ල ජනතාව තමන්ගේ පැවැත්ම ගැන පමණක්සි තමින් කටයුතු කරන කාලයක තමන්ට ඡන්දය දුන් හා නොදුන් සියලු ජනතාවගේ අනාගතය පිළිබඳ වගකීම ජනතා විමුක්ති පෙරමුණට පැවරී ඇති බව එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (3) පැවැසීය.

එබැවින් ජනතා විමුක්ති පෙරමුණු පළාත් පාලන නියෝජිතයින් ගමට නව දේශපාලනයක් ගෙනයාමේ නියෝජිතයින් බවට පත්වන බව කී දිසානායක මහතා එය සාර්ථකව ඉටු නොකර ජනතාව වැටී සිටින මඩ ගොහොරුවෙන් ගොඩගත නොහැකි බවද සඳහන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණු නායකයා මේ බව පැවසුවේ කොළඹ ක්‍රීඩා අමාත්‍ය ශ්‍රවණාගාරයේදී පෙරේදා (3) පැවැති ජවිපෙ පළාත් පාලන මන්ත්‍රී හමුව අමතමිනි.

දිසානායක මහතා මෙසේ ද කියා සිටියේය.

පළාත් පාලන මැතිවරණය අවසන් වී සති තුනක් පමණ ගත වී තිබෙනවා. ගෙවුණු කාලයේ වඩාත් හොඳින් තහවුරු වී තිබෙන්නේ මැතිවරණ සමයේ ජනතා විමුක්ති පෙරමුණ, ජනතාවට ඉදිරිපත් කළ පණිවුඩයයි. සිදුවූ සිදුවීම් සහ  සිදුවන සිදුවීම් ගැන අධ්‍යයනය කළොත් ඒ බව හොඳින් තේරුම් ගන්න පුළුවන්. මැතිවරණයෙන් පසුව ආණ්ඩුවක් පවත්වාගෙන යාමේ අර්බුදයකට මුහුණ දී තිබෙනවා. මැතිවරණ ප්‍රතිඵලය විසින් ආණ්ඩුවේ පැවැත්මට මාරාන්තික තර්ජනයක් එල්ල කර තිබෙනවා. ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන ව්‍යාපාර ද පැවැත්ම සහ සුරක්‍ෂිතභාවය පිළිබඳ අර්බුදයකට මුහුණ දී සිටිනවා. සිහිමුර්ජා වූ අසරණ තත්ත්වයකට මේ පාලනය පත්වී අවසන්.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති පුටුවේ, රනිල් වික්‍රමසිංහ මහත්මයා අගමැති පුටුවේ වාඩි වී අවුරුදු තුනකට පසුව පැවැත් වූ මැතිවරණයක් මේක. මැතිවරණ ප්‍රතිඵලවලින් ජනතාව පෙන්වා දී තිබෙන්නේ මේ ආණ්ඩුව අසාර්ථක සහ ප්‍රතික්‍ෂේප කිරීමට සූදානම් වී තිබෙන පාලනයක් බවයි. 

එයින් ගොඩඒම සඳහා මේ වනවිට  ආණ්ඩුව ගනිමින් සිටින සමහර  ක්‍රියාමාර්ග යළි යළිත් අර්බුද නිර්මාණය කිරීමට සාධක වී තිබෙනවා. අනුගමනය  කරමින් තිබූ ආර්ථික ප්‍රතිපත්තිය ජනතාව  නොපිළිගන්නා බව ඡන්ද පණිවුඩයෙන්  කියා තිබෙනවා. දේශීය සම්පත් විකිණීම,  දේශීය කර්මාන්ත සහ ව්‍යාපාරිකයන්  බිඳවැටෙන නීති සම්පාදනය, අපේ රටේ  ස්වභාවික සම්පත් සහ ගොඩනගන  ලද සම්පත් බහුජාතික සමාගම්වලට  විකිණීමට දරන ප්‍රයත්නය වගේම  ජනතාවගේ සහනාධාර කප්පාදුව ආදී  ජනතා විරෝධි ක්‍රියාමාර්ග අනුමත  නොකරන පණිවුඩය මැතිවරණයේදී  ලබාදී තිබෙනවා.

 ආණ්ඩුව විසින් ගන්නා ලද සමහර ක්‍රියාමාර්ග අකුළා ගනිමින්  ගොඩ ඒමට දරන ප්‍රයත්නයක් දකින්න  ලැබෙනවා. පාසල් දරුවන්ට ටැබ්  ලබාදීමට ගෙනා යෝජනාව නතර කළා. ග්ලයිෆොසේට් වැනි කෘෂි රසායන ද්‍රව්‍ය  තහනමට කටයුතු කරපු අයම තහනම  ඉවත් කිරීමට ප්‍රයත්න දරමින් තිබෙනවා. ආණ්ඩුව විසින් අනුගමනය කළ සැලසුම් හකුළා ගනිමින් ජනතාවගේ ජන ජීවිතයත් එක්ක කිසිදු සම්බන්ධතාවයක් නැති ඇමැති මණ්ඩල සංශෝධනවලින් ගොඩ ඒමට උත්සාහ කරනවා.

මැතිවරණ ප්‍රතිඵලයේ ආණ්ඩුවට ලබාදී  තිබෙන සිහිමුර්ජා තත්ත්වයෙන් ගොඩ ඒමට දරන මෙවැනි ක්‍රියාමාර්ගවලින් නැවත නැවතත් අර්බුදය උත්සන්න වී තිබෙනවා.

ආණ්ඩුවේ ප්‍රබලම හවුල්කරුවා වන එක්සත් ජාතික පක්‍ෂය ආණ්ඩු බලය දරමින් ලබාගත් විශාලම කඩා වැටීම මෙහිදී පෙන්වා තිබෙනවා. විපක්‍ෂයේ සිටියදී පවා ඔවුන් ජයග්‍රහණය කර තිබූ පළාත් පාලන අයතන මෙහිදී බිඳවැටී තිබෙනවා.

එක්සත් ජාතික පක්‍ෂයේ අනාගත පැවැත්මට ප්‍රබල තර්ජනයක් මෙම මැතිවරණ ප්‍රතිඵලයෙන් එල්ල කර තිබෙනවා. මේ මැතිවරණ ප්‍රතිඵලය විසින් එක්සත් ජාතික පක්‍ෂයේ ඇතුළෙම නායකත්වයට එරෙහිව විවිධ කල්ලි කණ්ඩායම් ගොඩනැගෙමින් තිබෙනවා. සාමාන්‍යයෙන් සිදුවන්නේ විපක්‍ෂයේ දී කැඩී බිඳී යාමයි. හැබැයි අද වෙලා තිබෙන්නේ ආණ්ඩු බලය හොබවද්දීම ගැටුම් තත්ත්වයක් මතු වී තිබීමයි.

මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ පාර්ශ්වය ආණ්ඩුවේ ලොකුම පංගුව අතේ තියාගෙන මේ මැතිවරණයට අවතීර්ණ වුණා. අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් 42 ක් දැනට ක්‍රියාත්මක වන පළාත් සභා හයෙන් පළාත් සභා පහක බලය වගේම හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරු, නගරාධිපති, හිටපු ඇමැතිවරු ආදීන් නියෝජනය කරපු කඳවුරක්. 

එම කඳවුරේ පැවැත්ම මුළුමනින්ම අහෝසිවන තත්ත්වයක්වි ධායක ජනාධිපතිවරයා යටතේ ඇති වී තිබෙනවා. නීතිය හා සාමය අමාත්‍යාංශය  සරත් ෆොන්සේකා මහත්තයාට ලබාදෙන්න ජනාධිපතිවරයා උත්සාහ කරන විට ඔහුගේම ඇමැතිවරුන්  ඊට විරුද්ධව විපක්‍ෂයේ අසුන් ගන්නා බව ප්‍රකාශ කරනවා. ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට තිබෙන බලය පවා ක්‍රියාත්ම කළ නොහැකි ආකාරයට කේවල් කිරීමේ ගනුදෙනුවකට ගිහින් තිබෙනවා.

මෛත්‍රීපාල සිරිසේන මහත්මයා දැන් සිටින්නේ විවිධ අවස්ථාවලදී පැන නැගුණු අතරමැදි කණ්ඩායමක් වශයෙනි. 1993 දී ලලිත් ගාමිණී කණ්ඩායම පළාත්  සභා මැතිවරණයට ඉදිරිපත් වී පළාත් සභා මන්ත්‍රීධුර සංඛ්‍යාවක් ලබා ගත්තා. හැබැයි 94 මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයට සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එක්වී ඔවුන් අහෝසි වී ගියා. 

ඒ  වගේම 2004 මැතිවරණයේදී ඉන්දියාවේ බීජේපී පන්නයේ දේශපාලනයක් කරන බව කියමින් හෙළ උරුමය කණ්ඩායමක් ඉදිරියට ආවා. ඔවුනුත් ඉතා කෙටි කාලයක් තුළ දෙපසට බෙදී අවසන් වුණා. 2010න් පසුව ඉතාම කෙටි කාලයක් තුළ ෆොන්සේකා මහත්මයාගේ දේශපාලන ව්‍යාපාරය ඉදිරියට ආවා. හැබැයි ඔහුගේ දේශපාලන ගමන් මඟත් එක්සත් ජාතික පක්‍ෂයෙන් දැන් අවසන්. මේ තත්ත්වය මෛත්‍රීපාල සිරිසේන මහත්මයා වටේ ඉන්න කණ්ඩායමටත් අභාවාචක අත්දැකීම් ගෙන දෙමින් කෙටි කාලයක් තුළ නිමා වන බව පැහැදිලියි. මේ මැතිවරණ ප්‍රතිඵලවලින් ලබාදී තිබෙන්නේ එවැනි සංඥාවක්.මේ දේශපාලන ව්‍යාපාර නෙවෙයි. දේශපාලන බුබුලක්.

ඊට ප්‍රතිපාර්ශ්වවිකව රාජපක්‍ෂ කඳවුර ගොඩනැගෙනමින් තිබෙනවා. ඔවුන් මේ මැතිවරණයට අවතීර්ණ වුණේ පවතින පාලන බලය බිඳවට්ටලා අග්‍රාමාත ධුරය ලබාගැනීමේ අරමුණින්. පළාත් පාලන මැතිවරණයේ ගමේ නියෝජිතයා පත්කර ගැනීමේ අරමුණින් පැවැත්වූවද රාජපක්‍ෂ මහත්මයාගේ කණ්ඩායම එය ජාතික තලයේ දේශපාලනයක් දක්වා ඔසවා තැබුවා. 

ඩලස් අලහප්පෙරුම වැනි අය මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ප්‍රකාශ කළේ මහින්ද අගමැති කරන බවයි. ව්‍යවස්ථාව අනුව බැලුවත් පාර්ලිමේන්තුවේ සංයුතිය අනුව බැලුවත් මහින්ද රාජපක්‍ෂ මහත්මයාට අග්‍රාමාත්‍ය ධුරයේ වාඩිවෙන්න බැරි තරමේ තත්ත්වයක්  තියෙන්නේ. ඒ නිසා ඔවුන්ගේ මුළු මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධානම තේමාව අද බිඳවැටී තිබෙනවා. තමන්ගේ සාමාජිකයින් සහ ක්‍රියාකාරීකයින්  මුළාවේ දාපු දේශපාලන ව්‍යාපාරයක් බවට පත්වී තිබෙනවා. 

මේ තත්ත්වය යටතේ වර්තමාන අගමැතිවරයා ඉවත්කොට හෝ තමන්ගේ අනුගාමිකයින්ට බලාපොරොත්තුවක් ලබාදීමේ උත්සාහයක් තිබුණා. අඩුම තරමේ විපක්‍ෂ නායකකම හෝ ඉල්ලා සිටීමේ හීන්  කෙඳිරියත් දැන් අවසන් වී තිබෙනවා. පළාත් පාලන මැතිවරණ සීමාවෙන්  ඔබ්බට ජාතික තලය දක්වා ඔසවා ගන්නා ලද මැතිවරණය අද ඔවුන්ටම පාරා වළල්ලක් වී තිබෙනවා. මේ ජාතිවාදී ආගම්වාදී තීව්‍ර බෙදීමෙන් ජනතාව මුදවා ගැනීමේ දේශපාලන වගකීම අප වෙත පැවරී තිබෙනවා. වර්තමාන ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා, ජනාධිපතිවරයාත් ගෙවී ගිය අවුරුදු තුන පුරා සංකීර්ණ ලෙස මතුකර තිබෙන දේශපාලනය ජාතිවාදී, ආගම්වාදීන්ට ඉඩ සලසා දීමයි. 

අග්‍රාමාත්‍යවරයා ඒ කිසිවක් ගැන නොහිතා පහුගිය අවුරුදු තුන පුරාම ජනාධිපතිධුරය ගැන කල්පනා කරමින් වැඩ කරගෙන ගියා. ජනාධිපතිවරයා කල්පනා කළේ, ඊළඟ වාරයේ ජනාධිපති පුටුවේ වාඩිවීම ගැනයි. ජනවාරි 08 වැනිදා මේ රටේ ජනතාව ලබාදුන් ජනවරම ක්‍රියාත්මක කිරීම ගැන මේ දෙදෙනාම මායිම් කළේ නැහැ. මේ නිසා ජනතා විමුක්ති පෙරමුණේ අප වෙත ආගම්වාදී, ජාතිවාදී ප්‍රවණතා පරාජය කිරීම මෙන්ම විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම දක්වා ගෙනයාමේ වගකීමත් පැවරී තිබෙනවා.

 ආණ්ඩුව අනුගමනය කරමින් තිබෙන විනාශකාරී ආර්ථික ප්‍රතිපත්තිය එට්කා වැනි ගිවිසුම් ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය විකිධෑම, අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ ප්‍රතිපත්තිය වේගවත් කිරීම, සයිටම් අහෝසි කිරීමේ එකඟතාවයන් බිඳ දැමීම වැනි විනාශකාරී ක්‍රියාවන් පරාජය කිරීමේ වගකීමකුත් අප වෙත පැවරී තිබෙනවා. මෙවැනි අභියෝග රැසක් මැද්දේ ජනතා විමුක්ති පෙරමුණ ජාතික මට්ටමේ දේශපාලනයේ බලගතු ක්‍රියාවලියක යෙදී  සිටිනවා. මැයි දිනය සැමරීමේ දී අනෙක්  සියලුම පක්‍ෂ එක් පැත්තකට දමා ජනතා විමුක්ති පෙරමුණ අනෙක් පස තැබුවත්  අපේ මැයි දින සැමරුම එක්කෝ කරට කර, නැත්නම් ඒ සියලු දෙනාට වඩා  ඉහළින් සිටිනවා. පාර්ලිමේන්තුවේ අපේ මන්ත්‍රීවරුන් හය දෙනාත් ඒ වගෙයි. රූපවාහිනී සංවාදයකදීත් ඒ වගෙයි. 

විශාල දේශපාලන පෞරුෂයක් සහිතව අපි ජාතික තලයේ මතවාදයන් නිර්මාණය කරමින් විශාල කාර්යභාරයක්ඉටුකරමින් තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ මේ සහෝදර සහෝදරියන්ට පැවරී තිබෙන්නේ අපට ඡන්දය දීපු, ඡන්දදායකයන් ගැන වගකීම පමණක් නෙවෙයි. පොදු ජනතාව ගැන වගකීමක් අපට පැවරී තිබෙනවා. මේ වගකීමට උරදෙන්න අපේ මන්ත්‍රී කණ්ඩායම ලැහැස්ති වෙන්න ඕනෑ. අපි මේ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වෙනකොටම අපේක්‍ෂකයන් හැටියට ප්‍රතිඥා දුන් බව කාටත් මතකයි. “සෑම මහජන ඡන්දයකම වටිනාකම අරුත්ගැන්වෙන පරිදි අවංක ලෙසත්, ආදර්ශමත් ලෙසත් යුක්තිසහගත ලෙසත් මහජන සේවය කරනවා” ඡන්දය ලබාදීමෙන් පස්සේ ඡන්ද දායකයාගේ කාර්යභාරය ඉවරයි. නමුත් ඒ විශ්වාසය අවුරුදු හතරක් රැකීමේ වගකීම අපට තිබෙනවා. 

ඡන්දය කියන්නේ සම්මුතියක්. ඒ සම්මුතිය රැකීමයි අපට පැවරී තිබෙන්නේ. ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය ලබා දුන් හැම ඡන්දදායකයාටම පෞරුෂයකින් ඒබව ප්‍රකාශ කිරීමේ හැකියාව තිබෙනවා. මේ ලෙස ඡන්දය ලබාදෙන කෙනාගේ ගෞරවය රැකීමේ එකම දේශපාලන ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණ විතරයි. අපේ පක්‍ෂයේ ප්‍රතිපත්ති අනුව මහජන සේවයට  කැපවීමත් මේ සහෝදර සහෝදරියන්ට පැවරී තිබෙන වගකීමක්. අපේ රටේ විශාල ලෙස අල්ලස සහ දූෂණය පැතිරී තිබෙනවා. ග්‍රාමීය මට්ටමේදී එය විශාල ලෙස සම්බන්ධ වෙන්නෙ ප්‍රාදේශීය සභාවටයි. හොරකම් කිරීමේ අභිලාෂයක් රජවී තිබෙන සභාවක් ඔබ නියෝජනය කරන්නේ. ඒ නිසා අල්ලස, දූෂණය, නාස්තිය, මුළුමනින්ම පිටුදැකීමේ ක්‍රියාමගක මන්ත්‍රීවරයා බවට ඔබ පත්වී තිබෙනවා. ඒ වෙනුවෙන් ජනතාව පෙළ ගැස්වීමේ නියමු කාර්යභාරයත් ගම් මට්ටමේදී පැවරී තිබෙනවා. අපි කාටවත් මන්ත්‍රීධුරය ආභරණයක් නෙවෙයි. ඒ නිසා නිහතමානී ආචාරශීලී පැවතුම්වලින් ජනතාවට සංග්‍රහ කිරීමේ කටයුතු පැවරී තිබෙනවා. අපට ඉතාමත් හොඳ දේශපාලන වාතාවරණයක් රටේ නිර්මාණය වෙලා තිබෙනවා. 

අපට ඡන්දය දීපු, නොදීපු ජනතාවගේ අනාගතය රඳා පවතින්නේ ජනතා විමුක්ති පෙරමුණ තුළින් බව ඉතා හොඳින් පැහැදිළි වී තිබෙනවා. රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්‍ෂයට මේ රටේ ජනතාවගේ අනාගත වගකීම පවරා ගන්න බැහැ. මේ බව තඹුත්තේගමදී වඩාත් හොඳින් ඔප්පු කර දී තිබෙනවා. වාර්ෂිකව තමන්ගේ කුඹුරු ටික වගා කරගන්න අවශ්‍ය වතුර ලබාදීමවත් ඔවුන්ට කරන්න බැහැ. තමන්ගේ ගොවිතැන් වෙනුවෙන් වතුර ඉල්ලා උද්ඝෝෂණය කරන ජනතාවට  පහර දී මර්දනය කරන්නේ ඒ නිසා. මෛත්‍රීපාල සිරිසේන මහත්මයා විධායක ජනාධිපතිධුරය දරමින් විටෙක එක්සත්  ජාතික පක්‍ෂයේ සජිත් ප්‍රේමදාස සමගත්, විටෙක කරු ජයසූරිය මහත්තයත් සමගත්  තවත් විටෙක නිමල් සිරිපාල ද සිල්වා සමගත් සාකච්ඡා කරමින් අගමැතිධුරයට පත්කරගෙන ආණ්ඩු පිහිටුවීමේ උත්සාහයක යෙදී ඉන්නවා. ජනතාවගේ අනාගතය පිළිබඳ කිසිත් නොකර තමන්ගේ පැවැත්ම පිළිබඳ ප්‍රශ්නය වෙනුවෙන් ක්‍රියාකරන මේ පිරිසට අපේ රටේ පොදු ජනතාවගේ අයිතීන් ලබාදීම සම්බන්ධව කිසිසේත්ම වගකීම බාර ගන්නේ නැහැ. ඔවුන් ජනතාව පිළිබඳ වගකීම අත්හැරලා තිබෙන්නේ.
 
සාහිත්‍යවේදී කමල් පෙරේරා මහතා මෙහිදී මෙසේ අදහස් දැක්වීය.

පළාත් පාලන මන්ත්‍රීවරුන් වශයෙන්  තේරී සිටින ඔබ සැම ඉදිරියේ අභියෝගයක් තියෙනවා. ඔබ සැම අපටත් වගකිව  යුතුයි. ඔබ යන ගමන්මඟ දිහා අපි බලාගෙන ඉන්නවා. බර්ටෝල් බ්‍රෙෂ්ට්  එක වෙලාවක කියනවා. ‘ඔබ සටන් කළ යුත්තේ පාලකයන් වෙනස් කිරීමට නොව ජනතාව වෙනස් කිරීමටයි’ කියලා. මේක මතභේදයට තුඩුදුන් කියමනක්. මම එය මුහුණු පොතේ දැමූ වෙලාවේ ජනතාවට ඇඟිල්ල දික් කරන්න එපා කියලා බොහෝ දෙනෙක් තර්ක කළා. නමුත්  අපි දකින්නේ බ්‍රෙෂ්ට්ගේ අර්ථයෙන්  ගත්තාම ජනතාව වෙනස් නොවී පාලකයන් වෙනස් කරන්න බැහැ කියන එකයි. ජනතාවගේ හදවත්, ජනතාවගේ හැඟීම්, ජනතාවගේ අවබෝධය වෙනස් කිරීම සඳහා බාහිර බලවේග විසින්  මැදිහත්වීමක් කළ යුතුයි. කලාකරුවන්  වෙත එහිදී විශේෂ වගකීමක් පැවරී
තිබෙනවා.

හිටපු අමාත්‍යාංශ ලේකම් ඒ.පී. ගුණසේකර මහතා මෙහිදී මෙසේ සඳහන් කළේය.

මේ රටේ බොරළු කැට වැඩියි. මැණික් කැට අඩුයි. පසුගිය පළාත් පාලන මැතිවරණයේ මතු කරගත්  මැණික් කැට ටික මේ සභාවේ දකින්න  ඉන්නවා. ඔබලාට මැණික් කැට කියන වචනය සත්‍ය වශයෙන්ම අපට භාවිතා කරන්න පුළුවන්. ඔබ මෙතැන්ට එන්නේ පෞද්ගලික අරමුණු මුදුන්පත්කර ගැනීමට නොවන නිසයි එහෙම කියන්නේ. මැතිවරණයට පෙර පළාත්පාලන ආයතන මන්ත්‍රීධුර 74ක් පමණයි ජනතා විමුක්ති පෙරමුණට තිබුණේ. අද එය 437ක් වෙලා තියෙනවා. ඒ එක්කම ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දීපු පිරිස ලක්‍ෂ එක හමාරකින් පමණ වැඩි වී තිබෙනවා. පැවති තත්ත්වය එක්ක බලනකොට ඔබේ පක්‍ෂය විශාල ඉදිරි පිම්මක් පැන තිබෙන බවයි මම දකින්නේ. බලාපොරොත්තු වූ ප්‍රමාණය නොලැබුණේ මේ රටේ ඡන්දදායකයාගේ හැසිරීම පුදුමාකාර විදිහට සිදුවන නිසයි.



අදහස් (9)

මෙදා ඡන්ද ප්‍රතිඵලය ආණ්ඩුවේ පැවැත්මට මාරාන්තික තර්ජනයක්

vajira Monday, 05 March 2018 08:01 AM

ජවිපෙට ඡන්දය නොදුන් අය දැන් පසුතැවෙනවා. රටට ඇති එකම බලාපොරොත්තුව ජවිපෙ පමණයි.

:       358       308

Nimal Monday, 05 March 2018 08:31 AM

අලුත් රටක් අලුත් දේශපාලන සංස්කෘතියක් ඇති කරන්න... මෙන්න අපෙන් සුභ පැතුම් !!!

:       140       125

cham Monday, 05 March 2018 09:46 AM

කූඹියෝ බැලුවා නම් තේරෙනවා ජේවීපී කාරයෝ කවුද කියලා...

:       14       7

champikat Monday, 05 March 2018 11:58 AM

සමහර මාධ්‍ය පෙන්නුවේ ආණ්ඩුවට බැනපු ටික විතරයි . පැත්තක් නොගෙන අපිට මේ අදහස් පෙන්නුවට ස්තුතියි

:       2       11

buddy Monday, 05 March 2018 02:44 PM

කූඹියෝ බලලද ජවිපෙ දේශපාලනය තේරුම් ගන්නේ? ඉතින් කොහොමද රට හදන්නේ කූම්බියෝ නොබලා ඒ අයගේ ක්‍රියාකාරකම් බලන්න.. නොතේරෙනවා නම් කල් අරගෙන ස්ටඩි කරන්න..

:       1       311

emerson Monday, 05 March 2018 05:50 PM

අනේ මන්ද පුදුම ආදරයක් තමයි රටට තියෙන්නේ

:       0       0

Senarath Tuesday, 06 March 2018 03:55 AM

ජේ වී පි එක ගැන ජනතාවගේ කැමැත්තක් නැහැ.

:       110       1

kalani Tuesday, 06 March 2018 07:44 AM

කුඹියෝ ටෙලියෙන්....... න් ජවීපෙ අධ්‍යනය කරන්න.

:       72       0

buddy Tuesday, 06 March 2018 10:36 AM

කලණි, ටෙලිඩ්‍රාමා එකක සහ සත්‍ය දේශප‍ාලනයේ වෙනස හදුනාගන්න නොතේරෙනවා නම් තමන්ගේ දනුම ගැන ස්වයං විවේචනයක් කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 187 3

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1185 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 967 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2318 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2166 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3693 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site