IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


මන්ත්‍රීකමක් තිබුණත් නැතත් ප්‍රබල සමාජ ව්‍යාපාරයකට ඇප කැපවෙනවා

(*** විනීතා එම්. ගමගේ)

තම පක්ෂයට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර භාවිතා කළ යුත්තේ ප්‍රබල සමාජ ව්‍යාපාරයක් ඇති කිරීම සඳහා යැයි ද මන්ත්‍රී ධුරය ඇතත් නැතත් තමන් වහන්සේ ඒ අරමුණු වෙනුවෙන් දිවි දෙවැනි කොට කැපවන්නේ යැයි ද පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ඊයේ (18) පැවසූහ.  

ගැටුම්කාරි තත්ත්වයක් ඇතිවන්නේ නම් තමන් එතනින් ඉවත්ව සමාජ ව්‍යාපාරය ගොඩ නැගීම වෙනුවෙන් පමණක් යෙදෙන බවද උන්වහන්සේ කීහ.

රතන හිමියන් මේ අදහස් පළ කළේ රාජගිරිය සදහම් සෙවණේ ඊයේ 18 වැනිදා පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
අදහස් දැක්වූ උන්වහන්සේ කියා සිටියේ තම පක්ෂයට ඡන්දය දුන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කනගාටු නොවී මදක් ඉවසා සිටින ලෙසය.

අපේ ජනබල පක්ෂය පිළිබඳව මේ දිනවල සමාජයේ විශාල කතාබහක් ඇතිව ඇති බවත් තමන් වහන්සේ අතුරුදන්ව ඇතැයි ද සමාජයේ ආරංචියක් පැතිර ඇති බවත් රතන හිමියෝ කීහ.

අතුරුදන්ව ඇතැයි කියන තමන් වහන්සේ කොතැනක හෝ නොවැඩි බවත්, සෑම දිනකම රාත්‍රිය ගතකළේ සදහම් සෙවණේ බවත් කී උන්වහන්සේ අතුරුදන් වීමක් හෝ පැහැර ගැනීමක් සිදු නොවු බවත් පැවැසූහ.

ප්‍රශ්නයක් පවතින්නේ නම් සමගි සම්පන්නව එය විසඳාගත යුතු යැයිද අනවශ්‍ය අන්දමින් කතා බහට ලක්කෙරෙන මාධ්‍ය ප්‍රචාර සහිත මාධ්‍ය සංදර්ශනයක් බවට මේ සිද්ධිය පත් කරගෙන ඇතැයි පෙනී යන්නේ යැයි රතන හිමියෝ සඳහන් කළහ.

ඉදිරියේදී ගිවිසුම් ප්‍රකාරව තමන් වහන්සේ දෙන නිර්දේශ මත මන්ත්‍රීවරයා පත් කිරීමට පක්ෂයේ ලේකම්වරයා බැඳී සිටින බවත් උන්වහන්සේ කීහ.

ඉදිරි කාලය තුළ නීතියේ ආරක්ෂාව ප්‍රාර්ථනා කරන බවත් සාමකාමීව සාකච්ඡා කරමින් සාධාරණ විසඳුමකට එළැඹෙන බවත් කී උන්වහන්සේ ඡන්දය දුන් ජනතාවට කියන්නේ මේ සම්බන්ධ කනගාටු නොවන ලෙස යැයි ද ජාතික ව්‍යාපාරයක් වෙනුවෙන් ඇති කැපවීම මන්ත්‍රී ධුරයක් ඇතත් නැතත් ඒ අන්දමින්ම ඉටු කරන්නේ යැයි ද රතන හිමියෝ තව දුරටත් කීහ. ශක්තිමත් ජාතික ව්‍යාපාරයක් සඳහා දැක්ම හා වැඩ පිළිවෙළ තමන් සතු බැවින් මන්ත්‍රීධුර ඇතත් නැතත් එම වගකීම ඉටු කරන බව උන් වහන්සේ පැවැසූහ.



අදහස් (13)

මන්ත්‍රීකමක් තිබුණත් නැතත් ප්‍රබල සමාජ ව්‍යාපාරයකට ඇප කැපවෙනවා

Champa Wednesday, 19 August 2020 02:08 PM

ඔය කියන සමාජ මෙහෙවර කරන්න රතන හාමුදුරුවන්ට පාර්ලිමේන්තුවේ අවුරුදු 5ක කාලයක් තිබුණා. කළාද? ඒ හින්දා නැවත පාර්ලිමේන්තුවේ යාමෙන් ඵලක් නැහැ. ඒ අවස්ථාව දෙන්න ඕනේ ඥානසාර හාමුදුරුවන්ට... අනිත් හාමුදුරුවරුන්ට රාජපක්ෂ මහත්වරු වෙනුවෙන් කතා කරන්න තියෙන අයිතිය හා සමාන අයිතියක් ඥානසාර හාමුදුරුවන්ටත් රට වෙනුවෙන් තියෙනවා. සමහර පිරිස් ඥාණසාර හාමුදුරුවෝ පාර්ලිමේන්තු එන එක ගැන බය වෙන එකම ඇති ඥානසාර හාමුදුරුවන්ට පාර්ලිමේන්තු එන්න. රතන හාමුදුරුවෝ ලැජ්ජා වෙන්න ඕනේ වෙලා තියෙන වංචාවට... මෙතන හරියට ඡන්ද ගන්න ඥාණසාර හාමුදුරුවන් පාවිච්චි කරලා පස්සේ පැත්තකට දානවා වගේ වැඩක් කරලා තියෙන්නේ... රතන හාමුදුරුවන් අවංක නම් එහෙම වුනේ කොහොමද?

:       2       312

sidathThursday, 20 August 2020 03:25 AM

ඔය කවුරුත් එකතුවෙලා කරන්නේ බුද්ධාගමට කෙළවන එක.. මේ රටේ බෞද්ධයින්ට දැන් පිටරටකට ගිහින් කටක් ඇරලා බෞද්ධයෙක් කියන්න බැරිතරමට සිවුරටයි, බුද්ධාගමටයි වැඩේ වැරදිලයි තියෙන්නේ.. දැන්වත් මහනායක උන්නාන්සේලා එකතු වෙලා ඒ එකඑක වාහෙලා සිවුරු පොරවන් නටන නාඩගම් නවත්වන්න වැඩ පිළිවෙලක් හැදුවේ නැත්නම් මේ රටේ බුද්ධාගම විනාශ කරන්නේ ඔය ඊනියා බුද්දාගම් කාරයින්ම තමයි. හාමුදුරුවන් ඡන්දෙ ඉල්ලන එක ව්‍යවස්ථාවෙන්ම නතර කරවන්න ඕනෑ.

:       26       71

nimalSunday, 23 August 2020 06:35 PM

කොඩිය සලකුණෙන් දේශපාලන ව්‍යාපාරය මතින් ගොඩනැගී තිබෙන්නාවූ අපේ ජනබල පක්ෂය මේ වනවිට බුදු දහම, චිවරය, පමණක් නොව කොඩියද අගෞරව කරමින් කරන්නාවූ මේ දේශපාලන සෙල්ලම නිසා සිංහල බෞද්ධ ජාතිය තව තවත් අපහසු තාවයට පත්ව තිබේ. තණ්හාය ජායති සෝකෝ.

:       1       7

අරුණකුමාර Thursday, 20 August 2020 12:47 AM

ඉතා ආත්මාර්ථකාමී ස්වරූපයෙන් කටයුතු කළබව කිහිප වරක් පෙන්වා තියනවා. වාහන බලපත්‍රය විකිණීම මහජන මුදල් පිට් පොකට් ගැසීමක්... යහපාලනය හා විරසක වූයේ කෘෂිකර්ම ඇමතිකම නොදීම නිසා බවට කතාවක් තියනවා. මෙවර තමන් නොව ඥාණසාර හිමියන් පාර්ලිමේන්තු යැවිය යුතුයැයි මීටින් වල ප්‍රකාශ කළා. තමා ඉල්ලූ ගම්පහින් ප්‍රතික්ෂේප වුණු නිසා මන්ත්‍රීකමක් හිමි නැහැ. සසුනට ඉතා අශෝභන විදිහට කතා කරනවා. හැසිරෙනවා. මේවත් ආර්ත්මාර්ථකාමී බව නිසා කරන වැඩ....

:       0       45

kamal Thursday, 20 August 2020 01:34 AM

බුදුරජාණන් වහන්සේ බුදුදහම තුළින් නෙමෙයිද ප්‍රබල සමාජ සුබ සාධනයක් කළේ..?

:       2       22

කමල් Thursday, 20 August 2020 03:09 AM

දැන් ඉතින් වෙස් මූහුණ ගැලවිලා නියම ස්වරූපය මතුවෙලා ඉවරයි. ආපසු නම් ඡන්දය ඉල්ලා එන්න එපා. අවුරුදු 15ක් කරපු බොරු දැන් අපිට පැහැදිලියි. ගලගොඩඅත්තේ හාමුදුරුවන්ට මිසක් අපි මෙයාට දුන්න ඡන්දයක් නැහැ. මොන මගුලකට ආපසු එනවා ද?

:       1       97

dhamneth Thursday, 20 August 2020 03:09 AM

රතන හාමුදුරුවෝ 2005 සිට දැන් අවුරුදු 15ක් පාර්ලිමේන්තුවේ හිටියා. හාමුදුරුවෝ අතහරින්න කියා ගිහියන්ට කියනවා මිසක් අත්හරින්න කියා හාමුදුරුවරුන්ට කියන කෙනෙක් නැහැ. අතහැරීම කියා මීට පසු ගිහියන්ටවත් නොකියනවා නම් හොඳ නැදද්ද? බණ කියන විට අත්හරින්න කියන විටම සමහරුන්ට ඔය හාමුදුරුවරු 3 දෙනාගේ ආසන පොරය මතක් වෙනවාලු...

:       0       31

Champa Thursday, 20 August 2020 10:46 AM

හාමුදුරුවන් ඇතුළු මේ රටේ සියලු පුරවැසියන්ට ඡන්දෙ ඉල්ලන්න අයිතියක් තියෙනවා. නවත්තන්න ඕනේ හාමුදුරුවරු ඡන්දෙට ඉල්ලන එක නෙමෙයි, මුනි බණ වෙනුවට කියන අමුතු බණ සහ තමන් විවිධ ඵලවලට ආවා කියල කරන බෞද්ධයින් නොමඟ යැවීම... සමහර හාමුදුරුවරු සෝවාන් වෙලාලු. සමහර හාමුදුරුවරු අරහත් ඵලයට ඇවිල්ලලු. තව සමහරු සෝවාන් සකෘදාගාමී අනාගාමී අරහත් මුකුත් නැතුව කෙලින්ම බුදු වෙලා. බුදු වෙනකොට සුදු වෙනවා. නවත්තන ඕනේ මේ විදිහට සිවුරේ ඉඳගෙනම බුදු දහම විකෘති කිරීම. කාලෙකට ඉස්සෙල්ල බෞද්ධයන්ගේ ගෞරවයට පාත්‍ර වුණු සුමධුර බණ දේශනා කළ අමිතානන්ද හාමුදුරුවෝ කතා කරන්නත් බැරි තරමට රෝගී වෙලා කියල ප්‍රවෘත්තියක් දැක්කා. බුදුසසුනට වෙනම අමාත්‍යාංශයක් තිබුණත් අමිතානන්ද හාමුදුරුවෝ සුවපත් කරන්න කිසිදෙයක් කරලා නැහැ. රටට, ජාතියට, සම්බුද්ධ ශාසනයට කෙරෙන කෙනෙහිලිකම් පාවාදීම් ගැන කතා කරන්නයි... ඥානසාර හාමුදුරුවෝ පාර්ලිමේන්තු යන්න ඕනේ..

:       44       127

ChampaThursday, 20 August 2020 11:05 AM

මේක උඩ කොමෙන්ට් එකක් දාල තියෙන සිදත්ට දීපු උත්තරේ !!!

:       1       1

Jayantha Saturday, 22 August 2020 07:08 PM

රතන හාමුදුරුවෝ දැන් අවුරුදු කීයක් හිටියද? වැඩක් කළේ නැහැනේ.. ඥාණසාර හාමුදුරුවන්ට දෙන්න.

:       0       1

nimal Sunday, 23 August 2020 08:21 AM

එය ලැජ්ජාවකි. විකාරය නැවැත්වීම වඩා හොඳය. මහජනතාව ගරු නොකරනු ඇත. ඔබ කොතැනට යනු ඇත්දැයි සිතා බලන්න

:       1       4

mp Tuesday, 25 August 2020 02:36 AM

එතකොට නිර්වාණයට මොකද වෙන්නේ?

:       0       0

පැතුම් Wednesday, 26 August 2020 03:57 AM

මමනං කියන්නෙ රතන හාමුදුරැවෝ දැං මේ විකාර අතෑරලා මහන වෙන්න. සාසනයටවත් වැඩක් කරන්න බැරි වෙන එකක් නෑ...

:       0       1

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 132 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1174 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 937 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2317 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2162 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3688 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 266 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1611 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1505 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site