IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


ජනවාරියේ රැකියා 54,000 ක් දෙනවා

මේ වන විට රට පුරා උපාධිධාරින් 54,000 ක් සිටින බවත් දැනට රාජ්‍යය අංශයේ පවතින ලක්ෂයක පමණ රැකියා අබැර්තු වලින් ලබන ජනවාරියේ සිට එම උපාධිධාරීන්ට රැකියා දෙන බවත් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා කියයි. රාජපක්ෂ මහතා එසේ කීවේ අද (9 වැනිදා) නුවරඑළියේදී පැවැති ජනාධිපතිවරණ රැළියකදීය.

  • ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ පැවසීය

ප්‍රතිපත්ති ලේකණයට ඇතුලත් කරලා තියෙන කරුණු මන් කරලා අවසන් කරනවා , මේ රටේ ජිවන තත්වය නිසා විශාල ජනතාවක් අසිරුතාවයට පත් වෙලා තියෙනවා , එ ජනතාවට සහන ලබාදෙනවා කියලා මම පොරොන්දු වෙනවා , සැම ක්ෂේත්‍රයකට සහන ලබා දෙනවා.

අපේ රටේ දිලිදු භාවයෙන් ඉන්න ජන කොටසක් ඉන්නවා, මේ අය විශාල වශයෙන් අසරණ තත්වයට පත් වෙලා තියෙනවා, අපි ආර්ථිකය සංවර්ධනය කරනවාත් සමග දිලිදු අය වෙනුවෙන් සහන මල්ලක් මාසිකව නොමිලේ ලබා දෙන්න අපි කටයුතු කරනවා.

උපාධිධාරින් 54,000 ක් ඉන්නවා අපි තිරණය කරලා තියෙනවා ජනවාරි 1 වෙනිදා ඉදලා මේ අයට රැකියා ලබා දෙන්න, රාජ්‍යය අංශයේ අද වෙනකොට ලක්ෂයක පමණ රැකියා අබැර්තු තියෙනවා, එවා වහාම සම්පුර්ණ කරනවා විරැකියාව අයින් කරන්න.

නිපුණත්වයක් ඇති දුප්පත් අයව ගොඩ ගන්න පුළුවන් වෙන්නේ රජයේ රැකියාවක් ලබා දිලා වැටුපක් ලබා දිමෙන්,

මම ආරක්ෂක ලේකම් විදිහට ඉන්න කාලයේ නාගරික අමාත්‍යංශයේ ලේකම්වරයා විදිහට ඉන්න කාලයෙත් නිවාස ප්‍රශ්නය විසදන්න විශාල නිවාස ප්‍රමාණයක් හැදුවා.

රණ විරුවන් වෙනුවෙන් එදා මම අපි වෙනුවෙන් අපි කියලා වැඩසටහනක් යටතේ මුදල් හොයාගෙන රණවිරු ගම්මාන හැදුවා, සැම දිස්ත්‍රික්කයකටම රණ විරුවන් වෙනුවෙන් හොද නිවස් ලබාදුන්නා.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ව්‍යාපෘතියක් හැටියට කොළඹ නගරයේ අඩු ආදායම් ලාභි පවුල් , පැල්පත්වාසින්ට මහල් නිවාස හදලා දුන්නා. සමහර නිවාස බෙදුවේ මේ රජයෙන් හැබැයි හැදුවේ මම.

අපි දන්නවා නිවසක් හදාගන්න තියෙන අපහසුතාවය ගැන, එ නිසා අපි සැම ක්ෂෙත්‍රයකටම සහන වැඩසටහන් ක්‍රියාත්මක කරනවා.

දැන් 12% ක ණය පොලියක් ගෙවන්න ඕනි , මම දන්නවා එක් කොපමණ අසිරුද කියලා, එ නිසා නිවසක් සදා ගන්න තියෙන අපහසුතාවය ගැන. එ නිසා අපි සැම ක්ෂෙත්‍රයක අයට සහනයක් දෙන්න කටයුතු කරනවා.

අපි ප්‍රතිපත්ති මාලාව තුල වැවිලි කර්මාන්තය වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා.

තේ පොල් රබර් කුරුදු ගම්මිරිස් මේ  සැම වැවිලි බෝග කර්මාන්තයක්ම මේ වන විට කඩා වැටිලා තියෙනවා මේ අදුර දර්ශි ක්‍රියාදාමය නිසා.

බාල තේ පිට රටින් ගෙනල්ලා ලංකාවේ ප්‍රමිතියෙන් වැඩි තේ සමග කවලම් කරලා පිට රටට අපනයනය කිරිම නිසා සිලොන් ටි වලට තිබුණ ඉල්ලුම ලෝක වෙලදපොලේ අඩුවෙලා තියෙනවා. ඒ නිසා අප කල යුත්තේ ගුණාත්මක තේ වෙලදපොලට ලබා දිලා වැඩි මුදලක් ලබා ගැනිමයි.

විශාල විදේශ විනිමයක් උපයන තේ වතු කම්කරුවා විශාල ලෙස අද අපහසුතාවට පත් වෙලා තියෙනවා, සුළු මධ්‍යම ප්‍රමාණයේ තේ වැවිලි කරුවා තේ වගාව අත ඇරලා තියෙනවා, තේ කර්මාන්ත ශාලා අද වෙනකොට වහලා තියෙනවා, විශාල තේ සමාගම් අපහසුතාවයට පත් වෙලා තියෙනවා.

අපි සිලොන් ටි වලට නැවත හොද නමක් ලබා ගන්න රාජ්‍යය අනුග්‍රහය ලබාදෙනවා, ගොවියා වෙනුවෙන් පොහොර නොමිලේ ලබා දෙන්න අපි කටයුතු කරනවා.

දේශිය ගොවියා රැකගන්න අපි කටයුතු කරනවා,ගොවියාගේ අදායම වැඩි කරන තාක්ෂණය ගෙනල්ලා,තාක්ෂණය හරහා හොද බිජ නිෂ්පාදනය කිරිම ,පොහොර නිෂ්පාදනය කිරිම , තාක්ෂණික උපකරණ යොදාගෙන, වියදම අඩු නිෂ්පාදනය වැඩි කරන්න අපි කටයුතු කරනවා.

ව්‍යාපරිකයා බදු නිසා කඩා වැටිලා තියෙනවා, සංකිර්ණ බදු ක්‍රමය වෙනුවට සරල බදු ක්‍රමයක් ඇති කරනවා, අද සංකිර්ණ බදු නිසා ව්‍යාපාර කඩා වැටිලා. අපි වැට් බද්ද 8% දක්වා අඩු කරනවා.

විශාල වශයෙන් කර්මාන්ත වැහිලා තියෙනවා, අපි ඔහුන්ගේ කර්මාන්ත ආරක්ෂා කර ගැනිම සදහා පිටරටින් විවිධ බඩු ගේන  එක සිමා කරනවා,දේශිය කර්මාන්ත කරුවා ආරක්ෂා කර ගන්න අපි කටයුතු කරනවා.

අපි හැමවිටම අභියෝග ජය ගත් කණ්ඩායමක්,පොරොන්දු ඉෂ්ඨ කරලා තියෙනවා යනුවෙන් පැවසිය.

 

  • මහින්ද රාජපක්ෂ මහතා

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය  සිංහල දමිල ඉංග්‍රිසි සියළු භාෂාවන්ගෙන් තියෙන්නේ එකම දේ, නමුත් ප්‍රතිවාදි අපෙක්ෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ගත්තම සිංහල එකේ එකක්, දමිල එකේ එකක් , ඉංග්‍රිසි එකේ එකක්, එක පැත්තකින් සිංහල ජනතාව රවට්ටනවා, අනිත් පැත්තෙන් දමිල ජනතාව රවට්ටනවා.

එ නිසා මේ වගේ එකක කියන, තව එක්ක කරනා කෙනෙක් ගැන විශ්වාසය තියන්න පුළුවන්ද?, අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන එවා ඉටු කරන්න පුළුවන් එවා , එවා ඉටු කිරිම අපේ වගකිම.

අපි එදා පොහොර සහනාධාර දුන්නා, එනිසා මේ පාර ගොවියාට අපි පොහොර නොමිලේ ලබා දෙනවා, මේ අපි කරන්නේ රට ස්වයංපෝෂිත කරන්න, අපි වි වලින් ස්වයංපෝෂිත කලා , පස්සේ මොකද කලේ එ වි මත්තල ගුවන් තොටුපලේ ගබඩා කලා.

ඉතිහාසේ ප්‍රථම වතාවට ගුවන් තොටුපලක වි ගබඩා කල එකම රට ලංකාව, කවුද එතකොට එ ආසනයේ අමාත්‍යයවරයා සජිත් ප්‍රේමදාස.

එයගේ අනුමැතිය අවසරය මත තමයි එක සිදු කලේ.

මේකට ජනාධිපති කොමිසමේ වාර්තාවක් තියෙනවා, ඔහුට තියෙන චොදනාව තමයි  ජාත්‍යන්තර ගුවන් තොටුපලේ වි ගබඩා කරමින්  රාජ්‍යය අදායමට බාධා කරමින් කටුනායක ගුවන් තොටුපලේ ගුවන් පථ අලුත් වැඩි කිරිමට දිවා කාලයේදි ගුවන් වාර අවලංගු කිරිම  නිසා මත්තල තුන් තොටුපල විකල්ප ගුවන් තොටුපලක් ලෙස භාවිතා නොකර නිසා ඇති වුණ අලාභය දඩුවම් ලබා දිය යුතු බව කොමිසන් වාර්තාවේ සදහන් වෙලා තියෙනවා.

අපිට හොරු කිය කිය මේ අය තමයි හොරකම් කලේ,මේ අයට රැවටෙන්න නරකයි,අපි බොහෝම පැහැදිලිව මේ රටේ කාන්තාව රැක ගැනිමේ වගකිම තියෙනවා.

වතු කම්කරුවාගේ ඉදලා ඉහල තැන ඉන්න කාන්තාව දක්වා අපි කන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අපි කටයුතු කරනවා.

උසස්පෙල සමත් සියළු දෙනාට විශ්ව විද්‍යාලය අධ්‍යාපනය ලබා ගැනිමේ අවකාශය අපි ලබා දෙනවා, අපි කරන දේ කියන කියන දේ කරන පුද්ගලයෝ.

අවුරුදු 30 ක් තිබ්බ යුද්ධය අවුරුදු 2 ½ ඉවර කලා, අපේ රට සංවර්ධන කලා, අධිවේගි මාර්ග හැදුවා.

මේක වැඩ කරන්න බැරි ආණ්ඩුවක්, වැඩ කරන්න බැරි අය ඉන්නේ, යනුවෙන් පැවසිය.

 

  • සි.බි රත්නායක මහතා

අපිට ඕන කෘෂිකර්මය නගා සිටුවන එලවලු ගොවියාව නගා සිටුවන නුවරඑලියේ ජනතාවගේ සහ ගොවියාගේ ජීවන තත්වය ගොඩනන්වන නායකයෙක්. ඒ වෙනුවෙන් අද අපිට නායකයෙක් ඉන්නවා. ඒ වගේ නායකයෙක් තමයි අද අපිට අවශ්‍ය වන්නේ. එහෙම නැතුව රටේ ආරක්ෂාව ඉල්ලුවම සනීපාරක්ෂාවගැන කතා කරන කෙනෙක් නෙවෙයි.  සජිත් පේ්‍රමදාස මහත්තයා කියනවා එතුමා නිල නිවාස ගන්නෑ, නිල වාහන ගන්නෑ කියලා. නමුත් හිටපු ජනාධිපතිවරයෙක්වන එතුමාගේ පියා එතුමාගේ බිරිද නඩත්තු කිරීම ආන්ඩුක්‍රම ව්‍යවස්තාවටත් දාලා තියනවා. ඇයි එහෙනම් ඒවා ගන්නේ? ජනතාව රැවටීම කරන්නේ. මේ වගේ වංචා වලට අහු වෙලා රට පවා නොදී අපි ශක්තිමත්ව ඉන්න ඕන. අන්න ඒ සදහා නුවරඑලියේ ජනතාව අපිට සහයෝගය ලබා දෙන බවට අපිට විශ්වාසයි. විරුද්ධ පැත්තෙන් කියනවා පොහොට්ටුවට සුලු ජාතීන්ගේ ඡන්ද නෑ කියලා. එයාලගේ පැත්තෙන්මයි 2010 වර්ෂයේදී දැන් ආරක්ෂක ඇමතිකම ගන්ඩ බලාගෙන ඉන්න සරත් ෆොන්සේකා යුද්ධ හමුදා හමුදාපති වෙලා හිටියේ නැද්ද? ඔහුට ඡන්දය දෙන්න පුලුවන් නම් පේදුරුතුඩුවේ ඉදන් දෙවුන්දරතුඩුව දක්වා ජනතාව කැමති ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ඡන්දය දෙන්න මිනිස්සු ඉන්නවා.

අපි නුවරඑලිය දිනනවා කියන්නේ නිකන් නෙවෙයි. අපි ගිය වර පලාත් සභා මැතිවරණයෙදී පොහොට්ටුවෙන් ඡන්ද 107,000 (එක් ලක්ෂ හත් දාහක්) ගනිවම ගත්තා. ලංකා කම්කරු කොංග්‍රසය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්ද 135,000ක් ( එක් ලක්ෂ තිස් පන් දාහක් ) මේ ඡන්ද එකතු කරලා ගත්තම ඡන්ද 242,000යි ( දෙලක්ෂ හතලිස්දෙදාහයි ). එ.ජා.පයෙන් ගත්ත සංඛ්‍යාව 165,000යි. ( එක්ලක්ෂ හැටපන්දාහයි) අන්න ඒ නිසා මේ පාරත් තොන්ඩමන් මැතිතුමා සහ පොහොට්ටුවේ අපි එකතු වෙලා නුවරඑලිය පමනක් නෙවෙයි මුලු ලංකාවම දිනවනවා කියලා අපි කියන්න කැමතියි



අදහස් (7)

ජනවාරියේ රැකියා 54,000 ක් දෙනවා

Kumar Saturday, 09 November 2019 04:20 PM

මේ මාසේ අන්තිම වෙන කොට රැකියා පුරප්පාඩු 54000 ඇතිවෙනවද? දැනට පින් පඩි ගන්න අයට තව කට්ටියට තව එක්කරනවද? එහෙමත් නැතිනම් දැනට රැකියා කරන අය 54000 ක් පන්නා දමනවාද?

:       0       16

Chanak los angeles Saturday, 09 November 2019 10:04 PM

එලවලා දාපු හොරු ටික මොකක්දෝ දෝෂයකින් හිරේ නොවැටී ආයිමත් ඇවිල්ලා මේ බොරුකාරයාට අහුවෙන්න එපා.

:       1       41

ඩේසි නැන්දා Sunday, 10 November 2019 01:04 AM

සියලු දේම නොමිලේ දෙනවා කියනවා. බදු අඩුකරනවා කියනවා. ජනවාරියේ රැකියා දෙනවා කියනවා. නිකම්ම රැකියා දෙන්න බැහැනේ ඒවාට සැලසුමක් තියෙන්න ඕන.මොනවද තියෙන සැලසුම්? මේවාට මුදල් අවශ්‍ය වෙනවා කියලා ඔහේ දන්නේ නැද්ද? ඒවා සොයන්නේ කොහොමද කියලත් කියන්න. අඩු තරමින් ඩේසි නැන්දා මැණික් මලු කීපයක් දෙන්න පොරොන්දු වුනා කියලවත් කියන්න. සාමාන්‍ය ජනතාව හිතන්නේ සල්ලි අච්චු ගහලා කරන්න පුළුවන් කියල. ඒ නිසා දුප්පත් ජනතාව රවටන්න එපා. ඔයාට පව්.

:       0       19

Chanak los angeles Sunday, 10 November 2019 04:47 AM

රැකියා දෙන එක කෙසේ වෙතත් අකුලගෙන යන්න වෙන බව පේනවා. ඇමරිකන් පුරවැසිකම ඉවත්කරගැනීමේ නොවැම්බර් ලිස්ට් එකෙත් සාටක අපේක්ෂකගේ නම නැත. ඒ වගේම ගෝඨා තවමත් ඇමරිකානු පුරවැසියෙකුව සිටිමින් ලංකාවේ රජයට හා ජනතාවට බොරු කරමින් ජනපතිකමට ඉල්ලීම තම පුරවැසි රටට කරන ද්‍රෝහීකමක් කියමින් ඊට රටේ අධිකරණයේ නිසි ප්‍රතිචාරය දක්වනු කියා නිව්යෝක් නගරයේ පුද්ගලයෙක් මෙරට අධිකරණයේ නඩුවක් ගොනු කරලා.

:       16       36

Rata Perata Sunday, 10 November 2019 08:30 AM

කවුරු ආවත් කමක් නෑ. පිටරැටියෙක්ගේ පක්ෂයකින්, පිටරැටියෙක් එන්නේ නැතුව... අායෙත් ලංකාව කොලනියක් කරන්න අපිට ඕනෑ නෑ.

:       0       41

Saman Sunday, 10 November 2019 09:54 AM

මේ අයියයි, මල්ලියි ගැන දුකත් හිතෙනවා අප්පා.. අයියා සුමාන 5කට කලින් කිව්ව එක්සත් ජාතික පක්ෂය 3කට කැඩෙන එක කාටවත් නවත්වන්න බැහැ කියලා. මල්ලි කිව්වා එයා ලේකම් කාලේ තම අමාත්‍යාංශයටත් උපාධිධාරීන් 800ක් අනුයුක්ත කිරීමට රජය සූදානම් වුවත් තමන් එය ප්‍රතික්ෂේප කළ බවත්.. එ්ත් දැන්?

:       0       23

Chanak los angeles Sunday, 10 November 2019 08:56 PM

හිට්ලර්ගේ මුහුණමයි .

:       0       0

ඔබේ අදහස් එවන්න

දේශපාලන

විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1110 1

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 849 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2266 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2136 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3671 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේක 'ඩූ ඕ ඩයි’ සටනක්
2024 ජනවාරි මස 03 1589 5

ලංකා දේශපාලන ඉතිහාසයේ තීව්‍රැතම ගැටුම ඉදිරි මාස හත අට තුළ නිර්මාණය වෙනවා. මේක ‘ඩූ ඕ ඩයි’ සටනක් යැයි ජාතික ජනබලවේගයේ නායක පාර්ලමේන්තු මන්ත්‍රී අනුර කුම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 135 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1410 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1343 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site