IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ගමේ මිනිහට එන්න පුළුවන් තැනකට මේ අමාත්‍යංශය යන්න ඕනෑ

වේවැල්, පිත්තල, මැටි, ලී බඩු හා  ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන

රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර   

  • මිරිස් කුඩු සිද්ධිය ගැන මා සමාව ඉල්ලනවා  

 

 

තමන් වෙත පවරා ඇත්තේ ඉතා වගකීමක් සහිත අමාත්‍යධුරයක් බවත් එයින් ජනතාවට උපරිම සේවයක් ලබා දීමට ක්‍රියාකරන බවත් වේවැල්, පිත්තල, මැටි, ලී බඩු හා ග්‍රාමීය ප්‍රවර්ධන කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පවසයි. කිසි ආකාරයකින් හෝ ජාතික ධනය විනාශ කිරීමට තමා සූද‌ානම් නොවන බව ද ඔහු සඳහන් කළේය.  

 

විශේෂයෙන් ලක්ෂ 80 ක මාසික කුලී පදනම මත ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පවත්වාගෙන යන ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යාංශය අඩු වියදමකින් බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයට ගෙන යන බව ද ඔහු සඳහන් කළේය. සිය අමාත්‍යාංශයේ කටයුතු පිළිබඳව ‘ඉරිදා ලංකාදීප’ය සමඟ පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.   


ප්‍රශ්නය:- ඔබගේ අමාත්‍යාංශය ගැන සඳහන් කළොත්?   


පිළිතුර:- මට පැවරිලා තිබෙන්නේ ඉතා භාරදූර කාර්යභාරයක්. මෙරටේ දේශීය ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යාංශය කියන්නේ බරෑරුම් කාර්යයක් ජනතාව වෙනුවෙන් කරන්න පුලුවන්. මම පොඩි තැනකින් ආව කෙනෙක් හැටියට පොඩි මිනිසුන්ට සේවය කරන්න මට අවස්ථාවක් ලැබිලා තිබෙනවා. මම මේ ක්ෂේත්‍රයේ රාජ්‍ය අමාත්‍යවරයා විදිහට ඒ ක්ෂේත්‍රයේ දුර්වලතා හඳුනාගෙන ජනතාවට අවශ්‍ය සම්පත් ද‌ායකත්වය දීලා ඒ සඳහා වෙළෙඳපොළක් හදලා අවශ්‍ය කරන පහසුකම් ලබා දෙන්න කටයුතු කරනවා. ඒ වගේම එම කර්මාන්ත ක්ෂේත්‍රය නංවාලීමටත් කටයුතු කරනවා. ඒ වගේම දේශීය කර්මාන්තය තුළ ආනයනය කරන්නට අවශ්‍ය දේවල් ආනයනය කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ අපේ නිෂ්පාදන වැඩි කරලා ආනයන අවම කිරීමට තමයි මගේ බලාපොරොත්තුව. 

 

  • මම සම්පූර්ණයෙන්ම ජනතාවත් එක්ක එකතුවෙලා මේ වැඩේ කරනවා. ඔවුන්ට විශ්වාසයක් ලබා දෙනවා ඔවුන්ගේ කර්මාන්තය ඉදිරියට පවත්වාගෙන යන්න බාධාවකින් තොරව කටයුතු කරගෙන යන්න.  
  • මට විශ්වාසයක් තිබෙනවා. දක්ෂ නිලධාරීන් පිරිසක් සිටිනවා. මම කියලා තිබෙනවා ඒ අයට මගෙත් එක්ක වැඩ කරන්න.


ප්‍රශ්නය:- ඔබට බාර දීලා තිබෙන්නේ මැටි, පිත්තල, වේවැල් සහ ලී බඩු වගේම ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම. නමුත් ඔවුන්ට අමුද්‍රව්‍ය පිළිබඳ ප්‍රශ්න තිබෙනවා නේද? 

 
පිළිතුර:- අනිවාර්යයෙන්ම, ඔවුන්ගේ භාණ්ඩ නිෂ්පාදනයේදී අවශ්‍ය අමුද්‍රව්‍යවල ගැටලු රැසක් තිබෙනවා. පසුගිය කාලයක සිටන් මේ ගැටලුව පැවතුනා. ජනාධිපති, අගමැතිවරයා සමග මේ පිළිබඳ සාකච්ඡා කරලා ජනතාවට අවශ්‍ය පහසුකම් ලබා දෙන්න කටයුතු කරනවා. වේවැල් වගේ අමුද්‍රව්‍ය සොයා ගැනීමේ ප්‍රශ්න තිබෙනවා. ඒ අමුද්‍රව්‍ය ලබා ගැනීම සඳහා තිබෙන බාධා ඉවත් කරමින් ඔවුන්ට අවශ්‍ය පහසුකම් සපයලා ඔවුන්ගේ නිෂ්පාදන දියුණු කරන්න තමයි අපේ බලාපොරොත්තුව. අනික වඩාත් ගුණාත්මක භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා ඔවුන්ව යොමු කිරීමට ද කටයුතු කරනවා.   


ප්‍රශ්නය:-මෙම නිෂ්පාදන අළෙවි කරගැනීමට හොඳ වෙළෙඳ පොළක් නැති බවට කාලයක සිට ඔවුන් නගන මැසිවිල්ලක්. ඒ ගැන කතා කළොත්?   


 පිළිතුර:- ඒ ගැන අපි මේ වෙනකොටත් දේශීයව සහ ජාත්‍යන්තරවත් ඒ භාණ්ඩ අළෙවි කරන්න හොඳ වෙළෙඳ පොළක් ලබා දෙන්න කටයුතු කරනවා. ඒ වගේම අපි උත්සාහ කරනවා දේශීයව නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ සියල්ලක්ම වගේ දැන් පිටරටින් ගෙනෙන්නේ. කොස්ස, ඉදලේ ඉඳලා. අපි ඒවාව ගෙන්වීම නවත්වලා අපේ දේශීය දෙයට ජනතාව නැවත යොමු කරන්න උත්සාහ ගන්නවා. ලක්ෂ 65 ක් පමණ වෙන මේ පවුල් ඒකක සඳහා ඒ අවශ්‍ය කරන සම්පත් ටික අවශ්‍ය කරන උපකරණ ටික ඔවුන්ට ලබා දෙන්න තමයි අපි උපරිම උත්සාහ කරන්නේ.  


ප්‍රශ්නය:- අපේ මැටි කර්මාන්තයටත් අමුද්‍රව්‍ය ලබා ගැනීමේදී විශාල ගැටලුවක් පවතිනවා. මැටි ලබා ගැනීම, ඒවා ප්‍රවාහනය කිරීම පිළිබඳව?  


පිළිතුර:- මගේ බලාපොරොත්තුව මැටි කර්මාන්තය යළි නංවන්න. ඒ තුළ තිබෙන නීති රීති හා බාධක සොයා බලා කටයුතු කරන්න ඕනෑ. ඒවා ඉවත් කරලා ඔවුන්ට සහනයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මැටි කැපීමේදී වගේම මැටි ප්‍රවාහනයේදී බලපාන කරුණු පිළිබඳ අධ්‍යයනය කරලා ඊට කඩිනමින් විසඳුම් ලබා දෙන්න අපේක්ෂා කරනවා.  


ප්‍රශ්නය:- ඒවා මිලදී ගන්න ක්‍රමවේදයක් සකස් කරනවා ද?  


පිළිතුර:- අනිවාර්යෙන්ම, ඔවුන්ගේ නිෂ්පාදන අපිම මිලදී අරගෙන අනිකුත් ආයතනවලට ලබා දීම මගේ අරමුණ වෙලා තිබෙනවා. මොකද නිෂ්පාදකයාට තමන් නිෂ්පාදනය කරන භාණ්ඩය ගන්න ගැනුම්කරුවෙකු සොයා ගන්න එක විශාල ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. ඒ ගැනුම්කරුවන් ඇතිකරලා ඒ භාණ්ඩ අළෙවි කරන්න නියම වෙළෙඳ පොළක් ඇති කිරීම තමයි මගේ බලාපොරොත්තුව. ඒ කාර්යභාරය මම ඉෂ්ට කරනවා. මේ සඳහා අමුද්‍රව්‍ය සොයා ගැනීම සඳහා ජනාධිපතිවරයාගේ මැදිහත් වීම මත පරිසර අමාත්‍යාංශයත් එක්ක විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන්න අපේක්ෂා කරනවා. අපි අනිවාර්යෙන්ම ඔවුන්ගේ අමුද්‍රව්‍ය ලබා දෙන්න කටයුතු කරනවා.  


ප්‍රශ්නය:- ඔබගේ අමාත්‍යාංශ කාර්යාලය පිහිටි ගොඩනැගිල්ලට කුලිය වශයෙන් විශාල මුදලක් ගෙවනවා. ඔබ ඒක වෙනස් කරන බව කීවා.  


 පිළිතුර:- සාමාන්‍යයෙන් මේ කර්මාන්තයේ නියැලෙන්නේ ග්‍රාමීය ජනතාව. ඔවුන්ට නිතරම අමාත්‍යාංශය එක්ක සම්බන්ධ වෙන්න ඕනෑ. මගේ අමාත්‍යාංශය තිබෙන්නේ කොටුවේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 36 වැනි මහලේ. එතකොට ගමේ කෙනෙකුට එන්න නුපුරුදු ස්ථානයක් ඒක. ඒ නිසා පුරුදු තැනකට අපි යා යුතුයි. අනික අධික වියදම් කපා හරින්න ඕනෑ. ජාතික ආර්ථිකයට අපි එතනින් ආදර්ශයක් ලබා දිය යුතුයි. අපිට ඒ නිසා අවශ්‍ය වෙන්නේ තැන නොවෙයි වැඩ. ඒ නිසා අපි ඒ අවශ්‍ය වැඩ ටික කරන්න පහසු තැනක් අරගෙන සියලු නිලධාරීන් එක්ක එකට ඉන්න පුලුවන් තැනකට යන්න ඕනෑ. එතන ඉඳලා නිලධාරීන් මෙහෙයවන වැඩපිළිවෙළකට යන්න ඕනෑ. ඒකයි මගේ බලාපොරොත්තුව.  


ප්‍රශ්නය:- කොපමණ පිරිසක් විතර මේ කර්මාන්තයේ නිරත වෙලා සිටිනවා ද?  


පිළිතුර:- හරියටම සංඛ්‍යා ලේඛන දෙන්න අමාරුයි. මොකද බොහෝ පිරිසක් මේ කර්මාන්තයෙන් ඉවත් වෙලා ඉන්නේ. ඒ නිසා ඉදිරියේදී මේ පිළිබඳ සංඛ්‍යා ලේඛන රැස්කරලා ඒ ඒ කර්මාන්තයේ නියැලෙන පිරිස පිළිබඳ ගණනයක් කරනවා. විශාල පිරිසක් මේ කර්මාන්තයේ නිරත වෙනවා. අපි ඒ සියලු දෙනාගේ දත්ත එකතු කරමින් සිටිනවා මේ දවස්වල.

  
ප්‍රශ්නය:-මේ කර්මාන්තවල නිරත වෙන අයට ඉදිරියේදී විශ්වාසයෙන් කර්මාන්තය කරගෙන යාමට ඉඩකඩක් ලැබේ ද?  


 පිළිතුර:- මම සම්පූර්ණයෙන්ම ජනතාවත් එක්ක එකතුවෙලා මේ වැඩේ කරනවා. ඔවුන්ට විශ්වාසයක් ලබා දෙනවා ඔවුන්ගේ කර්මාන්තය ඉදිරියට පවත්වාගෙන යන්න බාධාවකින් තොරව කටයුතු කරගෙන යන්න. විශේෂයෙන් ඔවුන්ගේ නිෂ්පාදනවලට අවශ්‍ය සියලු අමුද්‍රව්‍ය සපයා දෙන්න. ඒ සඳහා නියමිත වෙළෙඳපොළක් සකස් කරන්න. ඔවුනට සහාය ලබා දෙන්න වගේ කරුණු මේ දිනවල අධ්‍යයනය කරනවා. මගේ මූලික අරමුණ තමයි දේශීය දේවල් නැවත ජනතාවට පුරුදු කරන්න.  

 

  • මම ජනතාව සමග ඉතා ලෙන්ගතුව සිටින කෙනෙක්. විවිධ මාධ්‍ය තුළින්, සමාජ මාධ්‍ය මගින් එක එක දේවල් ප්‍රචාරය කළාට ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව දන්නවා ප්‍රසන්න රණවීර කියන්නේ කොයි වගේ කෙනෙක් ද කියලා. 
  • මට මැටි ඇමැති කියලා ජනතාව ප්‍රකාශ කරනවා නම් ඒක කරන්නේ මුලු මැටි කර්මාන්තයේම නිරත වෙලා ඉන්න අයටයි. 


ප්‍රශ්නය:- ඒ සඳහා නිලධාරීන්ගෙන් ලැබෙන සහාය කොයි වගේද?  


පිළිතුර:- මම හිතනවා හොඳ නිලධාරි පිරිසක් ඉන්නවා කියලා. ඔවුන් එක්ක කතා බහ කරලා අපි කොහොමද මේ කර්මාන්තය නංවන්නේ කියලා සාකච්ඡා කරලා ඉදිරි ක්‍රියාමාර්ග සකස් කරනවා. ඒ ඒ නිලධාරීන්ගේ හැකියාවන් හා සම්පත් උපයෝගී කරගෙන ඉදිරියටත් මේ කර්මාන්ත ජනතාව තුළ ප්‍රචලිත කිරීමටයි මම බලාපොරොත්තු වෙන්නේ. මම ඒ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා මාත් එක්ක එකතු වෙලා සහයෝගයෙන් ඉදිරියට යමු කියලා.  


ප්‍රශ්නය:- ප්‍රසන්න රණවීර කියන්නේ කොයි වගේ කෙනෙක් ද?   


පිළිතුර:- මම ජනතාව සමග ඉතා ලෙන්ගතුව සිටින කෙනෙක්. විවිධ මාධ්‍ය තුළින්, සමාජ මාධ්‍ය මගින් එක එක දේවල් ප්‍රචාරය කළාට ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව දන්නවා ප්‍රසන්න රණවීර කියන්නේ කොයි වගේ කෙනෙක් ද කියලා. 


ප්‍රශ්නය:- ඔබගේ දේශපාලන ගමන ගැන විස්තර කළොත්? 


පිළිතුර:- මම දේශපාලනයට ආවේ පාසල් යන කාලයේ ඉඳලා. උසස් පෙළ විභාගය අවසන් වීමෙන් පසු එවකට බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය සමඟ එකතු වෙලා එතුමියගේ දේශපාලන ගමනට අපි බොහෝ ද‌ායක වුණා ඇයව ජයග්‍රහණය කරන්න. ඔය අතරතුරේ තමයි කැලණියෙ ප්‍රාදේශීය සභාවට තරග කරන්න ඉදිරිපත් වුණේ. 


මම ඉපදුනේ කැලණි පුරවරයට අයත් හුණුපිටිය වෙලේගොඩ කියන ග්‍රාමයේ. කුඩා කාලයේ සිටම මම පොදු සමාජ කටයුතුවල නිරත වුණා. අධ්‍යාපනය ලබන අවධිය තුළ බාහිර ක්‍රියාකාරකම් ලෙස මම තෝරා ගත්තේ සමාජ සේවා කටයුතුයි. ඒ නිසා සමාජය අතර මා ගැන පිළිගැනීමක් තිබුණා. මගේ පියා වාමාංශික දේශපාලනයට බර කෙනෙක්. ඒ ආභාෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ගම නියෝජනය කළ ප්‍රාදේශීය අපේක්ෂකයන්ට සහයෝගය දැක්වූවා. 


 වසර 2000 දී තමයි කැලණිය ආසන සංවිධායකවරයා වූ ජිනද‌ාස නන්දසේන මහතාගේ ආරාධනයෙන් ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් වුණේ. එහිදී එක්සත් ජාතික පක්ෂය ජයගත්තා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු හය දෙනෙකුට සීමා වුණා. ඔවුන්ගෙන් පස් දෙනෙකුම ජ්‍යෙෂ්ඨයන් මම තමයි ලාබාලතම නවක මන්ත්‍රීවරයා වුණේ. 2006 දී කැලණිය ප්‍රාදේශීය සභාවට මම පත්වුණා. එහිදී උපසභාපති ධුරය හිමිවුණේ මට. 2008 වසරේ දී එහි සභාපති ධුරයට පත්වුණා. 2011 වසරේ පැවැති මැතිවරණයේ දී කැලණිය ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් වෙලා මම ඡන්ද 17,000 කට ආසන්න සංඛ්‍යාවක් ලබා ගත්තා. එය කැලණිය ප්‍රාදේශීය සභා ඉතිහාසයේ වාර්තාවක්. ලංකාවේ එවැනි මනාප ප්‍රතිශතයක් ලද ලාබාලතම සභාපතිවරයා බවට මම පත්වුණා. 


ප්‍රශ්නය:- ඔබ ජාතික දේශපාලනයට ආවේ? 


පිළිතුර:- මහින්ද රාජපක්ෂ මහතාගේ හා ප්‍රසන්න රණතුංග මහතාගේ ආශිර්වාදයෙන් තමයි මම 2015 ජාතික දේශපාලනයට ඉදිරිපත් වුණේ. ඒ වසරේ අගෝස්තු මාසයේ පැවැත් වූ මහ මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයෙකු ලෙස මා ඉදිරිපත් වුණා. එහිදී මට මනාප 1,12,395 ක් (එක්ලක්ෂ දොළොස්දහස් තුන්සිය අනූපහක්) ලබා ගම්පහ දිස්ත්‍රික්කයෙන්ම දෙවැනි ස්ථානයට පත්වුණා. මට පරම්පරා ගත දේශපාලන බලයක් හෝ ධන බලයක් තිබුණේ නැහැ. මගේ ප්‍රධාන අධිෂ්ඨානය වුනේ ජනතාවගේ අරමුණු ඉටුකර දීමට. 


ප්‍රශ්නය:- ඔබ පාර්ලිමේන්තුවේ ප්‍රබල චරිතයක් වුණා නේද? මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කළ සිද්ධියේ? 


පිළිතුර:- ඇත්තටම ඒ සිද්ධිය පිළිබඳ මා කනගාටුව පළකරනවා. මම ඒ ගැන සමාව ඉල්ලනවා. ඒ අවස්ථාවේ අපට ඒ තීන්දු ගන්න සිද්ධ වුණේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයත්, ඒ වගේ අපිට ජනතාවගෙන් ලැබුණ ජනවරමේ නිසි ගෞරවයත් ආරක්ෂා කරන්න. අපේ හඬට ඇහුම්කන් නොදුන්න නිසා තමයි අපිට ඒ වගේ හඬක් නගන්න සිද්ධ වුණේ. වැරදි අනපනත් ගෙනල්ලා පාර්ලිමේන්තුව තුළ සම්මත කරගන්න හදපු වෙලාවේ තමයි අපිට සම්ප්‍රද‌ාය කඩන්න සිද්ධ වුණේ. ඒ පිළිබඳ සමාව ඉල්ලා සිටිනවා. ආයෙත් ඒ පිළිබඳ තත්ත්වයක් උද‌ාවෙන්නේ නැහැ. අපි වැඩකරන්නේ ජනතාවට. අපි ඔවුන් වෙනුවෙන් ඒ වැඩ කොටස ඉටුකරනවා. 


ප්‍රශ්නය:- ඔබට දී තිබෙන අමාත්‍යාංශය ගැන සෑහීමකට පත්වෙනවාද? 


පිළිතුර:- අනිවාර්යෙන්ම. අතිශයින්ම මම සෑහීමකට පත් වෙනවා මේ අමාත්‍යාංශය පිළිබඳව. මොකද අපිට වැඩ කරන්න පුළුවන් අමාත්‍යාංශයක් ලැබිලා තිබෙනවා. මිනිසුන් අතරට යන්න පුළුවන් අමාත්‍යාංශයක්. දැන් මට කරන්න තිබෙන්නේ ඒ කටයුතු සාර්ථක කරගෙන ඉදිරියට යාමයි. 


ප්‍රශ්නය:-දැන් මැටි කර්මාන්තයත් ඔබ යටතේයි. මැටි ඇමැති කියලා ජනතාව කියයි ද? 


පිළිතුර:- මට මැටි ඇමැති කියලා ජනතාව ප්‍රකාශ කරනවා නම් ඒක කරන්නේ මුලු මැටි කර්මාන්තයේම නිරත වෙලා ඉන්න අයටයි. අපේ රටේ දේශීය පාරම්පරික කර්මාන්තයක් තමයි මැටි කර්මාන්තය. ඒ කර්මාන්තයට තමයි ගරහන්නේ. මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරන කොට 18 කුලයක අය පැමිණුනා කියලා තිබෙනවා. ඒ අය අතර මැටි කර්මාන්තයේ නිරත වෙන අයත් සිටියා. 2500 ක ඉතිහාසයක් තිබෙන කර්මාන්තයකටයි ඔය ගරහන්නේ. මට ගැහුවට කමක් නැහැ. මේ කර්මාන්තයේ අයට ගරහන්න එපා කියලයි මම කියන්නේ. 


ප්‍රශ්නය:- ඔබගේ නිලධාරීන් සමග ඉදිරි ගමනක් යන්න පුළුවන්ද? 


පිළිතුර:- මට විශ්වාසයක් තිබෙනවා. දක්ෂ නිලධාරීන් පිරිසක් සිටිනවා. මම කියලා තිබෙනවා ඒ අයට මගෙත් එක්ක වැඩ කරන්න. එයාලගේ උදව් මට අවශ්‍යයි. ඒගොල්ලෝ ඒක එක සිතින් පිළිගත්තා. ඒ නිසා අපිත් එක්ක දුර ගමනක් යන්න පුළුවන් කියලා විශ්වාස කරනවා.

 

 

සාකච්ඡා කළේ 
නිශාන්ත කුමාර බණ්ඩාර 



අදහස් (0)

ගමේ මිනිහට එන්න පුළුවන් තැනකට මේ අමාත්‍යංශය යන්න ඕනෑ

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 78 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1161 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 907 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2303 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2152 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3681 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1548 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1436 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site