(*** විනීතා එම්.ගමගේ)
මුදල් බලය හෝ ජාත්‍යන්තර බලය කොපමණ තිබුණත් ජනතා හදවත්වල නැති පක්ෂවලට පැවැත්මක් නැති බව මහ මැතිවරණයේ ප්‍රතිඵලවලින් පෙනී යන්නේ යැයි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහමඩ් මුසම්මිල් මහතා ප්‍රකාශ කළේය.
එමෙන්ම බෙදුම්වාදී දේශපාලකයන්ට අන්තවාදය කරපින්නාගෙන ගිය දේශපාලනඥයින්ට හා වංචාව, මුලාව දේශපාලනය කරගෙන ගිය දේශපාලනඥයින්ට ද මෙවර මැතිවරණයෙන් ජනතාව හොඳ කනේ පාරක් දී ඇතැයිද ඔහු කියා සිටියේය.
මුසම්මිල් මහතා මේ අදහස් පළ කළේ ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (11) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ මොහමඩ් මුසම්මිල් මහතා දේශපාලන පක්ෂවලට හා දේශපාලනඥයින්ට ජනතාව බද්ධ වන්නේ මාළුවාට වතුර මෙන් යැයි ද දේශපාලනඥයින් සිටිය යුත්තේ ජනතාව නමැති දියේ යැයි ද කීය.
මහ මැතිවරණයේ දී අතිවිශාල පිරිසක් එනම් සියයට හැත්තෑවක් ජනතාව ඡන්දය පළ කර තිබූ බවත් ඔවුන් සියලු දෙනාට ස්තූති කරන අතර එයින් පොදුජන පෙරමුණ කෙරෙහි විශ්වාසය තබා පොහොට්ටුවට ඡන්දය දුන් අයට තම විශේෂ ස්තූතිය පළ කරන බවත් ඔහු පැවැසීය.
මෙරට පැරණි දේශපාලන පක්ෂවලින් එකක් වන එක්සත් ජාතික පක්ෂය මේ වන විට ජනතාව අහිමි කරගත් මියගිය දේශපාලන පක්ෂවලින් එකක් බවට පත් කරගෙන ඇතැයි පැවසූ ඔහු ඉතිහාසයේ පළමු වතාවට 1977 න් පසු රනිල් වික්‍රමසිංහ මහතා නැති පාර්ලිමේන්තුවක් ඇති වී ඇතැයි ද පැවසීය.
මැතිවරණයට පෙර පාඨලී, අනුර, සජිත් රාජිත වැනි අය විශාල උත්සාහයක් දරමින් මැතිවරණය කල් දමා ගැනීමට උත්සාහ දරමින් සිටි බවත් එසේ බැරිවූ තැන කොරෝනා දෙවැනි රැල්ලක් ගැන කියමින් ඡන්දය කල් දමාගැනීමට තැත් කළ බවත් කී මුසම්මිල් මහතා ඊට හේතුව මේ මැතිවරණ ප්‍රතිඵලවලින් පෙනී යන්නේ යැයිද පැවසීය.
සජිත් ප්‍රේමදාස මහතා මාස නවයක් ඡන්ද තුළ ලක්ෂ විස්සක් අහිමි කරගෙන ඇති බව කී ඔහු ජනාධිපතිවරණයේදී ලක්ෂ පනස් පහක් ලබාගත් ප්‍රේමදාස මහතා මහ මැතිවරණයේදී ඡන්ද ලක්ෂ 35ක් වත් ලබා නැතැයි කීය.
මීළඟ පළාත් සභා මැතිවරණයේදී ඔහු අතහැර දමන ඡන්දදායකයින් සංඛ්‍යාව ලක්ෂ කොපමණ වේ දැයි සිතා ගත නොහැකි බව ද හෙතෙම කියා සිටියේය.
විද්වතුන් පමණක් දේශපාලනයේ සිටිය යුතු යැයි තමන් විශ්වාස නොකරන බවත් විවිධ සමාජ ස්ථර නියෝජනය කරන සමාජ ක්‍රියාකාරිකයින් දේශපාලනයේ සිටියු යුතු යැයි කියන අනුර දිසානායක මහතා ජාතික ලැයිස්තුවෙන් පත් කරන්නේ කවුරුන්දැයි ජනතාව දෑස් දල්වා බලා සිටින්නේ යැයිද සඳහන් කළේය.
ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය අනුර දිසානායක මහතා ලබා ගත් දා සිට එහි පරාජයේ මාවත විවර වී යැයි කී මුසම්මිල් මහතා නිවැරදි දේශපාලන මාර්ගයක් තෝරා ගත් අවස්ථාවක ජනතාව ජනතා විමුක්ති පෙරමුණට ආසන 37ක් දුන් බව අමතක කළ යුතු නැතැයි ද පැවසීය.
එ ජනතා විමුක්ති පෙරමුණ දැන් හොට පටළවාගෙන සියයට තුන අභිභවා ගොස් 225 ටම තුන බවට පත්ව ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
මේ පරාජයේ වගකීම අනුර මහතා භාරගනී ද ටිල්වින් මහතා භාර ගනීද යන්න පැහැදිලි නැති බවත් එජාප පරාජයේ වගකීම භාරගෙන රනිල් වික්‍රමසිංහ මහතා නම් ඉල්ලා අස්වීමට සූදානමින් සිටින්නේ යැයිද ඔහු සඳහන් කළේය.
මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා
අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ
අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල
ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග
මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කොරෝනා දෙවැනි රැල්ලේ කතාව ඡන්ද ප්‍රතිඵලවලින් පේනවා