IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කලාකාරයෝ රැසක් අපේ පෙරමුණෙන් ඡන්දය ඉල්ලන්නත් සූදානම්

(සිටිනාමළුව - අනීෂා මානගේ)

මැතිවරණයට දැන් අපි සූදානම් වෙලා තියෙනවා. අනෙක් පක්ෂ එක්කත් අපි සාකච්ඡා කරනවා. පෙරමුණක් විදියට අපි ඡන්දය ඉල්ලන්න බලාපොරොත්තු  වනවා යැයි හිටපු ජනාධිති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසූයේ ඊයේ 3 වැනිදා තංගල්ල කාර්ල්ටන් නිවෙසේදීය. 

කලාකරුවන් 150ක පමණ පිරිසක් මේ වන විට තමන් හමුවට පැමිණ සිටින බව සඳහන් කළ හිටපු ජනාධිපතිවරයා එම කලාකරුවන් තමන්ට සහයෝගය දීමට සූදානමින් සිටින බවත් ඒ අයගෙන් සෑහෙන  පිරිසක් මැතිවරණයට ඉදිරිපත් වන බවත් සඳහන් කළේය. 

මාලිනී ෆොන්සේකා, බන්දුල විජේවීර, රෝහණ බැද්දගේ මහතා ඇතුළු කලාකරුවන් හා කලාකාරිනියෝ රැසක් තංගල්ල කාර්ල්ටන් නිවෙසට පැමිණ මහින්ද රාජපක්ෂ මහතා සමග සුහද කතාබහක නිරත වූහ. ඔවුන් සමග කළ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවැසීය.

පාර්ලිමේන්තුවේදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා ඇතුළු කිහිප දෙනෙක් හම්බන්තොට වරාය සිදුවීම පිළිබඳව කතා කළා. මම ඇමතිවරයටත් කතා කළා. මොකද ආබිට්රේෂන් එකක් තියෙන වෙලාවක කම්කරුවෝ එළවන්න බැහැ.

ඒත් මේ අය කම්කරුවෝ එළවලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ ගැන අදාල සමාගමටත් කතා කරලා කියන්න මේ වැඬේ කරන්න බැහැ කියලා. සමාගමට අයිතියක් නැහැ මෙයාලා එළවන්න. වරාය තමයි මේකට වගකියන්න ඕන. වරාය කියලා පොරොන්දු වෙලා තමයි මේව දුන්නේ. ඒ වෙලාවේ කිව්වා ඔක්කොටම රැකියා තියෙනවා කියලා වරාය ඇමැතිවරයා. ඔක්කොටම රැකියා දෙනව කියපු එක දැන් හාරසිය ගානකට රැකියා නැති වෙලා තියෙනවා. 

සමහර තරුණයෝ විවාහ වෙන්න යෝජනා කරලා විවාහ වෙන්න ලෑස්ති වෙලා ඉන්නවා. සමහරු විවාහ වෙලා තියෙනවා. සමහරු ණය අරගෙන ගෙවල් හදල තියෙනවා. ඒකට ගෙවන්නේ කොහොමද. තරුණයෝ අද සැලැස්මක් එක්කයි වැඩ කරන්නේ. ගේ හදපු එකට ණය ගන්නේ සථිර රැකියාවක් තියෙනවා කියන විශ්වාසය අනුව.

ඒ විශ්වාසය නැති වෙලා ගියාම මේ අය ඉතාම අනාථ තත්ත්වයට පත් වෙනවා. මේවට ආණ්ඩුව වග කියන්න ඕනෑ. කම්කරු ඇමැතිවරයා ඔවුන්ගේ නීතිය ක්‍රියාත්මක කරන්න ඕන. ඒ වගේම රජය වහාම මැදිහත් වෙලා මේ හාරසිය ගානට නැවත රැකියා ලබා දීමේ වැඩපිළිවෙලකට යන්න ඕන. 



අදහස් (41)

කලාකාරයෝ රැසක් අපේ පෙරමුණෙන් ඡන්දය ඉල්ලන්නත් සූදානම්

ruwan Monday, 04 December 2017 06:22 AM

ඡන්දය දිය යුත්තේ උගත් සැබෑ දේශපාලනඥයින්ටයි. අනෙකුත් වෘත්තීන් වල සිටින අය ඒ ඒ වෘතීන්වල කටයුතු නිසි අයුරින් කිරීම ප්‍රමාණවත්.

:       148       262

dinithMonday, 04 December 2017 08:16 AM

ඔය ආවයි කියන කලාකරුවන්ට දේශපාලනය ගැන, කලමනාකරණය ගැන, නායකත්වය ගැන තියෙන අවබෝධය කොහොමද? එහෙම කිසි දෙයක් නැත්නම් සහ පුළුවන් කලාව පමණක්ව නම් කලාකරුවන් කළ යුත්තේ කලා කටයුතු මිස දේශපාලන කටයුතු නොවන බව ජනතා මතයයි.

:       5       395

maththanandaMonday, 04 December 2017 08:30 AM

හැබැයි කිලින්වුණු සහ දැන් යන විදියට හිතෙනවා. දේශපාලන දැනුමත් එපා, උගත්කමත් එපා හොරකම් නොකරනවා නම් එයම පමණක්ම ඇතියි කියලා. මේ නිල්, කොළ දෙගොල්ලොම කොලේ ඉරාගත්තු නිසා නිකමට වගේ එකපාරක් ජවිපෙට දීලා බලන්න. ජනතාව හිතනවා නම් හොඳයි කියලා මට හිතෙනවා. එයාලත් හොඳ නැති වෙන්න පුළුවන්. හැබැයි මේ හොරඩීල් කාර අටපාස් නැති දේශපාලකයන්ට වඩා නම් අනිවාර්යයෙන්ම හොඳ වෙයි. දැන් ඉන්න පාර්ලිමේන්තුවේ 225 න් එකසිය ගාණක්ම සා.පෙල වත් සමත් නැහැයි කියනවනේ. එහෙම අයනේ මේ ටයි දාගෙන මහා ලොකු ඇමතිකම් අරගෙන මහාබැංකු වාර්තා අරගෙන ලොකුවට කතා කරන්නේ. ඉතිං එහෙම එකේ ජවිපෙ අයට රට කරන්න නැහැ කියලා හිතන්න නරකයි.

:       178       687

Shan Monday, 04 December 2017 07:38 AM

මෙයාට ඡන්ද ළඟ එනකොට හැම එකම මතක් වෙනවා. ඡන්දෙ ගන්න ඕනෙ දෙයක් දෙයි.

:       761       1069

janatha anura Monday, 04 December 2017 04:52 PM

වරාය, ගුවන් තොටුපල, හමුදා කඳවුරු, නොයෙක් නොයෙක් දේවල් භාණ්ඩාගාර තෙල් ටැංකි ඔක්කොම දේවි ඡන්දෙ ගන්න.

:       0       15

jagathTuesday, 05 December 2017 04:41 AM

කලාකාරයෝ නම් දන්නා කලාවක් කරගෙන හිටුකෝ............. අපේ සල්ලි කාලා අපිටම වින කටින්න ඡන්දය ඉල්ලන්නෙ නැතුව...............

:       42       122

nadun Monday, 04 December 2017 08:17 AM

මාලිනී ෆොන්සේකා, බන්දුල විජේවීර, රෝහණ බැද්දගේ කියන්නේ දේශපාලනය පිළිබද හසල දැනුමක් ඇති, හොඳ තරුණ ජවයක් ඇති රටට යමක් කළ හැකි තත්වයක සිටින අයද?

:       70       287

mahasen Monday, 04 December 2017 08:20 AM

කලාකරුවන් 150ක පමණ පිරිසක් මේ වන විට තමන් හමුවට පැමිණ සිටින බව සඳහන් කරලා තියෙනවනේ. 150 ටම නාමයෝජනා දුන්නනම් හරි. රට සුරපුරයක් වෙයි. නියම දේශපාලන දර්ශනයක් රටට කියලා දෙයි. නොදකින් මෙහෙම රටක ඉපදුනානේ අම්මපා....

:       189       341

Nandalal DE SILVA - FranceTuesday, 05 December 2017 12:19 AM

කලාකරුවන් 150ක පමණ පිරිසක් මේ වන විට තමන් හමුවට පැමිණ හිටියත් නම දීල තියෙන්නේ 3 දෙනෙකුගේ පමණයි. මෙයාට අනිත් 147 දෙනාගේ නම්, වාසගම් එහෙම අමතක වෙලා වගෙයි. වයසට යනකොටත්, අල්සයිමර් රෝගය දරුණු වෙනකොටත් ඔක්කොම අමතක වෙනවලු. කලාකරුවෝ 3 යි. ඉතිරි 147 අය ?

:       0       116

methuli Monday, 04 December 2017 08:33 AM

අප්පච්චියේ කලාකරුවන් 150 ක් ආවනම් ඉතිං තව මොනවද ? නියමෙට කරයි රට. මේක මාර රටක්. දේශපාලනඥයෝ ඉන්නේ පන්සල් වල. හාමුදුරුවරු ඉන්නේ දේශපාලන වේදිකා වල. කලාකරුවෝ ඉන්නේ පැරදුණු මහා පරිමාණ දූෂණ චෝදනා තියෙන දේශපාලනඥයෝ ලඟ.

:       166       514

niszeer Monday, 04 December 2017 08:39 AM

දේශපාලන අන්ධ භක්තියෙන් දෑස් වැසුනාම සත්‍ය පෙනෙන්නේ නැහැ. අනේ ඇයි අපේ අය දේශපාලනය කරනවා යයි කියලා... එක එක පුද්ගල චරිත පිටුපස වන්දනාවේ යන්නේ. කිසියම් පක්ෂයක හෝ පුද්ගලයෙකුගේ ප්‍රත්පත්තිවලට ඡන්දය දෙන රටක් කවදා නම් බිහිවේවිද?

:       0       205

mishelTuesday, 05 December 2017 04:38 AM

අපේ රටේ ඉන්නේ , අපි මහින්ද මහත්තයට, අපි රනිල්ට, අපි අහවලාට කියන ඡන්දදායකයො පිරිසක්. මේඅයට තමන් කැමති දේශපාගඥයා 8 පාස් නැතත් කමක් නැහැ. රටේම සල්ලි හොරකම ්කලත් කමක් නැහැ. වෙන මොන මගඩි කළත් කමක් නැහැ. තමන්ට පුංචි වාසියක් ගන්න පුළුවන් නම් එයාට .මයි ඡන්දය දෙන්නේ. අඩුගානේ ප්‍රතිපත්ති ප්‍රකාශය කියන්නේ මොකකද කියලාවත් බහුතර හුරේ දාන අය දන්නේ නැහැ. ඒ අයට ඒවා දැනගන්න ඕනකමක්තු නැහැ. දේශපාලඥයා කැමතිත් නැහැ ඡන්දදායකයා බුද්ධිමත් වෙනවට. ගොන්නුන්නව රවට්ටන්න ලේසියි කියලා එදා සිටම ඒ අය දන්නවා

:       0       25

rohana kumara mendis Monday, 04 December 2017 08:44 AM

අපෝ ඔව් ඉන්නවා වාසියට කඩේ යන්න ඉන්න. කලා කාරයෝ පිරිලා ලංකාවේ. උපදේශකයෝ වගේම කුලියට කරන අය. එ්කනේ පසුගිය ආණ්ඩුවෙන් හමුදාවේ වැඩ කලා කියලා පින් පඩි ගත්තු ගායකයෝ, නළුවෝ ඉන්නේ.

:       0       116

dinith Monday, 04 December 2017 08:45 AM

මේ අය හිතන් ඉන්නේ රටේ බහුතරය රට තණකොල කන අය කියලයි. රඟපාන්නත් අමාරුයි, සින්දු කියන්නත් අමාරු 60-70 පැන්න කලාකරුවන්ව දේශපාලනයට ආඳාගන්නයි හදන්නේ. ඒ මිනිස්සු අමාරුවෙන් හදාගත්තු නමත් නැතිවෙනවා මේ වැඩෙන්. බැරි වැඩ නොකරන් අබරෝ කියලා අපිට නම් ඒකාලේ අපේ කිරි අම්මලා කියලා දිලා තියෙනවා.

:       7       82

kanthi Monday, 04 December 2017 08:52 AM

මෙසිරිලකේ වැඩිපුරම දේශපාලනය කරන්නේ කතා කරන්නේ හාමුදුරුවොයි කලාකරුවොයි. ඒකනේ මෙහෙම රටට හෙන ගැහිලා තියෙන්නේ. පාන්කිරිත්තා ගීතය මතක් වෙනවා... තමන් දන්න දේ හරියට කරපන් කියලා කීය....

:       2       195

Asitha Monday, 04 December 2017 09:49 AM

යහපත්, ගුණවත් පුද්ගලයන්ටයි අවස්තාව දියයුතු වන්නේ. ඒ කෙනා කලාකරුවෙක්ද, ගුරුවරයෙක්ද, මේසන් බාස් කෙනෙක්ද නෙවේ. වැදගත් පොදු ජනතාවගේ නායකයෙක් වීමයි.

:       0       79

samanTuesday, 05 December 2017 12:09 AM

ඇත්ත යහපත්, ගුණවත් විතරකුත් මදි. දැනුමකුත් ජවයකුත් හැකියාවකුත් තිබිය යුතුයි. යහපත් ගුණවත් කියලා ගමේ ඉන්න 80 පැනපු උපාසාක මහත්තයා මේකට සුදුස නැහැනේ. පසුගිය කාලේ ලංවෙලා හිටපු අය රට කරවන්න සුදුසුද?

:       5       103

Muha Monday, 04 December 2017 10:57 AM

පසුගිය ඡන්ද වලදී කඩේ ගිය සෙට් එක වෙන්න ඇති.

:       4       120

kumar (galf) Monday, 04 December 2017 12:41 PM

තව හොර රෑනක් හදාගෙන ඇවිල්ලා ආයේ රට කන්නද හදන්නේ? කොහොම ආවත් වලිගේ හිටන් ගොම ගාගෙන පරාද වෙනඑක තමා වෙන්නේ. මිනිස්සු ඡන්දෙ පාවිච්චි කරන්නේ බුද්ධිමත්වයි. හරක් වගේ නොවෙයි.

:       107       385

chathuri Monday, 04 December 2017 04:41 PM

කලාකාරයෝ කලිනුත් හිටියා. මොනවද කෙරුවේ ජනතාවට. නමුත්, ජනතාවගේ මුදලින් පින් පඩි ගන්නවා.

:       0       139

rohana Monday, 04 December 2017 04:53 PM

මමනම් කවදාවත් කඩේ යන්නේ නැහැ.

:       0       9

bathiya Monday, 04 December 2017 11:37 PM

පහුගිය කාලේ ජනාධිපති උපදේශක කම් එහෙම ගත්තු කලාකරුවො හිටියා. පඩිය මාසෙට ලක්ෂ ගානක් සහ වෙනත් වරප්‍රසාද. තව කලාකරුවො සෙට් එකක් හිටියා තමන්ගෙ කලාව දේශපාලඥයින්ට විකුනලා කෝටි ගනන් හරි හම්බ කරගත්තු. තව සෙට්ක එක් හිටියා නොමිලයේම ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගිය. යන්තම් වසර 5 ක් පුටු රත් කරලා අපේ සල්ලි කාලා දැනි හොඳ විශ්‍රාම වැටුපකුත් ගන්නවා. මෙහෙම තමයි මේ අය රටට සේවය කරන්නේ.

:       0       41

kavantissa Tuesday, 05 December 2017 12:13 AM

මේකට බේතක් කියකෝ මුත්තේ.

:       0       5

kavantissa Tuesday, 05 December 2017 02:09 AM

කළා කාරයෝ කියන උදවිය කුලියට අඬන සිනාසෙන වෙනත් ශාරීරික කර්තව්‍යයන් කිරීමට නිපුනත්වයක් ඇති හපන්නු තමයි. හැබැයි හිටපු ජනපති තුමාට උවමනා කර තියෙන්නේ එහෙම අය මයි. මේක නියම වැඩක්. හොඳ නැටුමක් සංදර්ශනය කරන්ට ලෑස්ති වෙන හැඩයි

:       0       18

Kosala Tuesday, 05 December 2017 02:49 AM

ජැක්සන් ආවේ නැද්ද?

:       2       36

SAMANTHA Tuesday, 05 December 2017 03:53 AM

ඔය දේශපාලනය ගැන අල්ප මාත්‍රයක්වත් දන්නේ නැති කළාකාරයෝ තමයි පාර්ලිමේන්තුවට නුසුදුසු අය ගෙනාවේ ..මතකනේ අර රුපවාහිනී සාකච්චාවක එක මන්ත්‍රීවරියක්(උපේක්ෂා) 13 වෙනි ව්‍යවස්තාව විග්‍රහ කරපු හැටි ..තවත් උන්වගේ උන්ව ගෙනල්ල රට අගාදයට දාන්නයි හදන්නේ............

:       1       77

priyanthaTuesday, 05 December 2017 04:24 AM

රට කනවා විතරනම් මොකද? මන්ත්‍රි වරප්‍රසාද. වැටුප්. වාහන ඉන්ධන කාර්ය මණ්ඩල නිල නිවාස මේ සේරමත් අපේ සල්ලි වලින් දිලා තව විශ්‍රාම වැටුපකුත් දෙනවා මේ ගොන් නාම්බන්ටයි නෑම්බියන්ටයි. ඡන්දෙ ගන්න මේ වගේ අයව දානවා. දාලා එයාලා දිනලා අලේ සල්ලි වලින් මුන්ට රජසැප දෙවනවා.

:       0       44

harsha Tuesday, 05 December 2017 04:31 AM

නළුවා වුනත් රන්ජන් රාමනායක රටට යමක් කරනවා. හොරු ගැන බය නැතුව හෙලි කරනවා. හොරුන් සමඟ උරෙන් උර ගැටෙනවා. උසාවි යනවා. අහිංසක මැදපෙරදිග දුනක් විදින ජනතාව වෙනුවෙන් වැඩක් කරනවා නිහඩවම.

:       2       208

සමන්Friday, 08 December 2017 02:17 AM

එහෙම මිනිස්සු දෙන්නයි එක්කෙනෙක් මෙයා අනිත් මනුස්සය ගාමිණී ෆොන්සේකා. අනික් ඔක්කෝම වාසිය බලාගෙන වැඩ කරන්න ආපු එවුන්.

:       0       0

RONAN Tuesday, 05 December 2017 06:59 PM

නියම කලාකරුවෝ දේශපාලනය නොකරයි ..... දේශපාලනයට කඩේයන්නෝ කලාකරුවෝ නොවෙති .

:       1       0

SAMAN Tuesday, 05 December 2017 07:01 PM

නියම කලාකරුවෝ දේශපාලනය නොකරයි. දේශපාලනයට කලාකරුවෝ නොසුදුසුයි.

:       0       1

BANDAARA Tuesday, 05 December 2017 07:02 PM

දේශපාලනයට කඩේ යන්නේ කලාකරුවෝ නොවෙති .

:       0       1

Anada Tuesday, 05 December 2017 07:28 PM

නියම කළා කලාකරුවෝ දේශපාලනය නොකරයි සමහර කලාකරුවන්ට වෙලාතියෙන්නේ කුම්බලා මාළු කැවානම් දුක් විදපක් බළලෝ කියන වැකියයි .

:       0       2

nimal madawala Wednesday, 06 December 2017 07:30 PM

අනේ මොනවා කරන්නද අර රුප පෙට්ටියේ ,මුණ ටිකක් පෙනුණාම මුන් මහා ලොකු කලාකාරයෝ ,මුන් හිතන් ඉන්නේ හරි පොරවල් කියාලා,අනික මට කියනවද මුන් ආව කියාලා රටට මොනවාද ඇති සෙතේ ,අනේ මේ පගර නාට්ටෝ ටිකක් අාව කිවම හිතනවා ඇති , රටේම ජනතාව ඉන්නේ මුන් රැල පස්සේ කියාලා මේක මාර වැඩක් නේ ,එහෙනම් අපිත් එනවා විදේස රටවල ඉදලා .,මොනවා කරත් වහල කැමති නැහැ වහල් කමින් මිදෙන්න ,මුන් රැල කලාවත් කාල දැන් රටත් කන්න දගලනවා වගේ ,

:       0       0

nimal Wednesday, 06 December 2017 11:55 PM

මෙයා ළඟ ගිය පාරත් කලා කරුවෙක් හිටියා, අර 13 සහ 17 ව්‍යවස්ථාව සංශෝදන ගැන ජනතාවට හොඳ අවභෝදයක් දුන්නේ, මේ ගේන අයත් ඒවගේ හොඳට කරාවී.

:       0       0

Rohana Thursday, 07 December 2017 06:25 AM

කලාකරුවන් හෝ කවුරු ඡන්දය ඉල්ලුවත්, දිනපු දවසේ ඉඳලා මුදල් හම්බ කිරීම තමයි මුලික අරමුණ. ජනතාවට කිසිදු සරණක් නැත. අපි බලය දෙනවා වසර ගණනක් හොරකම් කරන්න බලපත්‍රයක්. අඩුවෙන් හොරකම් කරන කෙනාට ඡන්දය දෙන්න.

:       0       1

සෙනෙවි Thursday, 07 December 2017 06:51 PM

මාලනී ෆොන්සේකා මහත්මිය ඉල්ලන්නේ මොන ප්‍රාදේශීය සභාවටද? දැනගන්න කැමතියි.

:       0       0

Priya Friday, 08 December 2017 07:44 AM

ෂුවර් එකටම 2008 සිට හමුදාවෙන් වැටුප් ලබන කට්ටිය වෙන්න ඕනෑ.

:       0       3

silva Saturday, 16 December 2017 11:40 AM

ඔයවගේ කලාකාරයෝ තව ටිකක් වැඩිය දාගන්න. ආයේ ගොඩ ඒමක් නැහැ.

:       0       0

Sathyayaa Saturday, 13 January 2018 07:01 AM

විරුද්ධ කණ්ඩායමක් ලෙස ඔබ ඉදිරි අනාගතයේදී කරන්න බලාපොරොත්තු වෙන වැඩ පිළිවෙලට ඔබට අවශ්‍ය වන්නේ කලාකරුවන් නොව කලහකරුවන්ද?.

:       0       0

අය්යෝ සංසාරේ Monday, 15 January 2018 10:49 AM

අනේ අපොයි... හිටපු ජනාධිපතිතුමා මේ මොනවද කියන්නේ? ලැජ්ජාවේ බෑ ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 76 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1160 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 906 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2302 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2152 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3681 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1548 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1435 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site