IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ඒකාබද්ධ විපක්ෂය එක්ක එකතුවෙලා වැඩ කරන්න බැරිකමක් මට නෑ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදය ඇතුළු දේශපාලන මාතෘකා පිළිබඳ සිය අදහස් දැක්වීමට “ඉරිදා ලංකාදීප”ය සමඟ එක්වුණේ වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසාය. 

 

පඹගාලක පැටලිච්ච ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ ආරවුල ඉවරයක් නැද්ද ඇමැතිතුමා?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ ප්‍රශ්නය විසඳන්න ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි අපි සාකච්ඡා කරලා ඒකාබද්ධවෙලා මැතිවරණවලට ඉදිරිපත් වීම. ඒකට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දැන් දොර ඇරලා තියෙන්නේ. එතුමා මහගෙදර දොර ඇරලා තියෙන්නේ. දැන් දරුවො කාටත් ඇවිත් එකතු වෙන්නයි තියෙන්නේ. ඒත් පෙර නිමිත්තක් විදියට අපේ පක්ෂෙ විධායක සභා රැස්වීමට රාජපක්ෂ පවුලෙ කෙනෙක් ආවා. චමල් රාජපක්ෂගෙ පැමිණීම හොඳ පෙර නිමිත්තක්. ඒක නිසා අපිට සමඟිවෙන්න කිසිම බාධාවක් නෑ.


අපේ පක්ෂෙ ඉතිහාසය පුරාම යම් යම් අවස්ථාවල නොයෙකුත් අර්බුදවලට මුහුණදීලා තියෙනවා. ඒක නිසා මේ ප්‍රශ්න අපිට අමුතු දේවල් නොවෙයි. ඒත් අපි අමාරුම අවස්ථාවලත් එතකුවෙලා පක්ෂය ආරක්ෂා කරගෙන තියෙනවා. හැම පක්ෂෙකටම අමාරු කාලවල් එනවා. ඒවා සාමාන්‍ය දේවල්.

 


ඔබ කියන්නේ චමල් රාජපක්ෂ පක්ෂෙ විධායක සභාවට පැමිණීම සුබ පෙර නිමිත්තක් කියලා. කසකාරයාට පස්සෙන් ඒකාබද්ධ විපක්ෂෙ පෙරහර ඇවිත් කසාදෙ අලුත් කර ගන්නද හදන්නේ?
අපේ කසාදෙ අලුත් කරගන්න දෙයක් නෑ. අපේ කසාදය එහෙම්මම තියෙනවා. දික්කසාද වුණේ නෑනේ. පරණ “ලව්” එක පොඞ්ඩක් එහෙ මෙහෙ වුණා විතරයි නේ. ඒක පොලිෂ් කරලා ගන්න විතරයි තියෙන්නේ.

 


කවද්ද මහින්ද රාජපක්ෂ මහ ගෙදරට එන්නේ?
දරුවන්ගෙ මඟුල් ගෙදරදි කාටත් එකතුවෙන්න පුළුවන්. දෙන්නා දෙමහල්ලො මොන තරහ මරහ තිබුණත් දරුවන්ගෙ මඟුලට එනවනේ. දරුවො අපේ පක්ෂෙ පළාත් පාලන නියෝජිතයො නම් මඟුල තමයි පළාත් පාලන ඡන්දය. ඒ පළාත් පාලන ඡන්දය තියා මඟුල ජයටම ගන්න නම් දෙන්න දෙමහල්ලො එකතුවෙන එක වැදගත්. මේ හැම දෙනාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ. මේ කාටවත් වෙන තැනක් නෑ. 

 


මළා කියපු අප්පච්චි ආපහු මහගෙදරට ආවොත් විජයමුණි සොයිසා දරුවට මොකද වෙන්නේ? මුහුණ දෙන්න පුළුවන්ද?
මට මොනව වෙන්නද? මට කිසිම ප්‍රශ්නයක් නෑ.  පක්ෂයක් හැටියට අපි මතයක් දැරුවා. ඒක නිවැරැදියි කියලා දැන් ඔප්පුවෙලා තියෙනවා. අප්පච්චි එනවද නැද්ද කියන එක මම හරියටම දන්නෙ නෑ. ඒත් ඒකාබද්ධ විපක්ෂය එක්ක එකතුවෙලා වැඩ කරන්න බැරිකමක් මට නෑ. මට මහින්ද රාජපක්ෂ ආවා කියලා කිසිම ප්‍රශ්නයක් නෑ. එතුමා දැනටත් පක්ෂෙ තමයි ඉන්නෙ පොහොට්ටුවට හොරෙන් හොරෙන් වතුර පොහොර දැම්මට.

 


බැසිල් රාජපක්ෂලා මහින්දට දරුවන්ගෙ මඟුලට එන්න දෙයිද ඔය කියන විදියට?
බැසිල් රාජපක්ෂ ගැන මෙතන කතාවක් නෑ. බැසිල් රාජපක්ෂලා එක්ක අපිටත් තියෙනවා ගනුදෙනුවක් බේරගන්න. ඡන්දෙ පැරැදිච්ච ගමන් ඇමෙරිකාවට පැනලා ගියා. අඩුම තරමේ පාක්ෂිකයින්ට කරුණු කියලා මඟපෙන්වීමක් කරලා ඇමෙරිකාවට ගියානම් කමක් නෑ. ඔය “ඩුවල් සිටිසන්” කට්ටිය එන්නේ අස්වැන්න කපන කාලෙට. ඒ කාලෙට ඇවිත් අස්වැන්න කර තියාගෙන යනවා. ඒ අය ජනතාවට ආදරෙන් එන්නේ නෑ. මීට කලිනුත් බැසිල් ඕකම කළා. එක්සත් ජාතික පක්ෂයට එක සැරයක් අපිව පාවල දුන්නා. ඒක නිසා අපි හිතන්නේ ජනතා ජයග්‍රහණවලට බැසිල් රාජපක්ෂලා අවශ්‍ය නෑ කියලා. 


දැන් බැසිල් රාජපක්ෂට ඔහොම කතා කිව්වට පහුගිය ආණ්ඩුව කාලේ කට්ටියම හිටියෙ බැසිල් ළඟ දණ ගහලා.


මම නම් එහෙම දණ ගැහුවෙ නෑ. මම කතා කරන්න ඕනැ තැන්වල කතා කරලා තියෙනවා. මම බැසිල්ට ප්‍රතික්‍රියා දක්වල තියෙනවා. ඡන්දෙදි සල්ලි බෙදනකොට, බඩු බෙදනකොට මම විරුද්ධ වුණා.


අපි බඩු බෙදලා ඡන්ද දිනපු පක්ෂයක් නෙවෙයි. අපි භීෂණය මැද්දේ මැතිවරණ කරද්දි බැසිල්ලා කොහේ හිටියද කියලා අපි නම් දන්නෙවත් නෑ. මහින්ද රාජපක්ෂලා, චමල් රාජපක්ෂලා නම් හිටියා. ඒක අපි පිළිගන්නවා. 

 


එතකොට පොහොට්ටුවට මොකද වෙන්නේ?
පොහොට්ටුවෙ ඉන්නෙ ඉතිං අපේ ජී.එල්. පීරිස් මහත්තයයි බැසිල් රාජපක්ෂයි දෙන්නනේ. දෙන්නම ගැළපෙනවා. හරියට ජාඩියට මූඩිය වගේ. ඔය අයට පොහොට්ටුව පුප්පන්න පුළුවන්ද කියන එක තමයි ප්‍රශ්නෙ.

 


චමල් රාජපක්ෂ අගමැති කරවන්න සමහරු කතා වෙනවා. ඔබත් ඒ කතාව කියන කෙනෙක්ද? 
සමහරු කියනවා චමල් රාජපක්ෂ අගමැති කරවන්න ඕනෑ කියලා. තව සමහරු කියනවා කථානායක කරවන්න ඕනෑ කියලා. තවත් සමහරු කියනව ඇමැතිකමක් දෙන්න ඕනැ කියලා. කවුරු මොනවා කිව්වත් ඒ තීරණ තියෙන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අතේ. අපිට බෑ ඒවා තීරණය කරන්න. හැබැයි ඉතිං දැන් අගමැති කෙනෙක් ඉන්නවනේ. අගමැති පුටු දෙකක් නෑනේ. චමල් අගමැති කළොත් රනිල්ට මොකද වෙන්නේ? ඒක ගැනත් හිතන්න ඕනැ. ඕනැ වෙලාවට ජනාධිපති තුමා හොඳ තීන්දුවක් ගනීවි.

 


එක්සත් ජනතා නිදහස් සන්ධානෙ එක්ක හිටපු අනෙක් පක්ෂ ටික ටික ගැලවිලා යනවා. හෙළ උරුමය ගැලවුණා. දැන් විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ අයින් වෙනවලු. පාඩුවක් නේද ඒක? 
එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්ක ඉන්න කණ්ඩායම් ඉන්නවා. එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්ක ගිවිසුමක් ඇති කණ්ඩායම් නෙවෙයි විමල් වීරවංශලගේ කණ්ඩායම. හැබැයි එයාලා මන්ත්‍රීලා වුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානය හරහා තමයි. ඒ අයටත් ලැබුණෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ ඡන්ද. මේ කට්ටිය ස්වාධීන වෙනවද නැද්ද කියන එක අපිට ප්‍රශ්නයක් නෙවෙයි. 
එයාලට පුළුවන් එයාලට ඕනැ තීරණයක් ගන්න. ඒක අපිට පාඩුවක් නෙවෙයි. එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්ක පක්ෂ ගණනාවක් තවමත් ඉන්නවා.

 


ඕනැ ඡන්දෙකට සූදානම්ද?
අපොයි ඔව්. අපි ඕනැ ඡන්දෙකට ඕනැ වෙලාවක සූදානම්. අපි දැනටමත් පළාත් පාලන ඡන්දෙට අවශ්‍ය අපේක්ෂකයෝ තෝරලා ඉවරයි. අපි නැවුම් චරිත රාශියක් ඉදිරිපත් කරලා තියෙනවා.

 


2020 මහ මැතිවරණය ගැනත් හිතලද තියෙන්නේ?
අපි මහ මැතිවරණය ගැන විතරක් නෙවෙයි ඊළඟ ජනාධිපතිවරණය ගැනත් හිතලා ඉවරයි.

 


කවුද අපේක්ෂකයා?
වෙන කවුද මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා

 


එතුමා කැමැතිද ඒකට?
එතුමට පක්ෂෙ කැමැත්තට වැඩ කරන්න වෙනවා.

 


එයා කිව්වෙ ආපහු ජනාධිපතිවරණයට තරග කරන්නේ නෑ කියලනේ?
බුදු වුණාට පස්සේ බුදු හාමුදුරුවොත් මාරයගෙන් මරණය කල්දාගත්තනේ තුන් පාරක්. ඒක නිසා කලින් දීපු පොරොන්දු අදාළ නෑ රටේ අලුතෙන් ඇතිවෙන ඉල්ලීමට. රටේ මතයට අනුව එතුමට කටයුතු කරන්න වෙනවා. ජනාධිපතිවරණය කාලේ එතුමා කතා කරපු සරල කතාවේ දැන් ඉන්න බෑ. එතුමට ලැබිච්ච ජනවරම සැහැල්ලු එකක් නෙවෙයි. ඒක මහ බරක්. ඒ බරට එතුමටත් නියමිත බරක් තියන්න වෙනවා.

 


ඔබ කියන්නේ දේශපාලකයෝ කාලෙන් කාලෙට දෙන පොරොන්දු රටේ ජනතාව එච්චර “සීරියස්” ගන්න ඕන නෑ කියලද?
නෑ. මම එහෙම කියන්නේ නෑ. ඒත් ඒ සමහර පොරොන්දු නිශේධනය වෙනවා. තව සමහර ඒවා සංශෝධනය වෙනවා. සමහර විට දීපු පොරොන්දුවලට වඩා උසස් අරමුණුවලට යන්න වෙනවා. ඒක තමයි දේශපාලනය කියන්නේ.


එක්සත් ජාතික පක්ෂය නම් කියන්නේ ඊළඟ ඡන්දවලින් එයාලව පරද්දනවා බොරු කියලා.


ඉතිං අපිත් කියන්නේ ඔය කතාවමනේ. වැඩි වාසිය නම් අපිට. එයාලත් ඒ කතාවම කියනවා ඇති. අපි එකට ආණ්ඩුවක් ගෙනිච්චට අපි අතරේ සීතල යුද්ධයක් තියෙනවා. එක්ව ගමන් කරන අතරේ වෙන්ව සටන් කරනවා. එකට කෑවත් බොක්ක වෙනස්.
ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා හොරු අල්ලනවා කියලා. ආණ්ඩුවක් හැදුවට පස්සේ හොරු ටිකක් ඇවිත් ආණ්ඩුව අල්ලගෙන කියලා. 


ජනතා විමුක්ති පෙරමුණ එක එක කතා කියනවා. එයාලට ඕනෑ දෙයක් කියන්න අයිතියක් තියෙනවා. අපිට ඒ අය එක්ක මොන විවේචන වාද විවාද තිබුණත් ඒ අයත් තීරණාත්මක වැඩ කොටසක් කරපු දේශපාලන පක්ෂයක්. හැබැයි ඔය ගැලරියට කියන කතා ඔක්කොම ඇත්ත නෙවෙයිනේ. 

 


මොණරාගල දේශපාලනයේදී ඔබලගෙ තිබුණු අඬදබර ඉවරද දැන්?
ඒවා මේ මනාප ක්‍රමය පවතිනකම් තියෙන ප්‍රශ්න. මම කා එක්කවත් එහෙම මහ ලොකුවට අඬදබර කරගත්ත කෙනෙක් නොවෙයි. කවුරු එක්කවත් මගේ පුද්ගලික අමනාපයක් නෑ. හැබැයි ශෂීන්ද්‍ර රාජපක්ෂ මොණරාගලට ඇවිත් තමයි අපේ පක්ෂයට විනාශයක් කෙරුවෙ. ඒක මම අදත් කියනවා. කොටින්ම මහින්ද රාජපක්ෂ මොණරාගලදි පැරදුණේ ශෂීන්ද්‍රලා නිසා. ශෂීන්ද්‍ර මොනරාගලට ඇවිත් අපේ පක්ෂය ලොකු අවුලක පටලපු කෙනෙක්.

 


ඊළඟ මහ මැතිවරණයට ඉල්ලනවා ඔබ?
ඔව්. මම ඉල්ලන්න බලාපොරොත්තු වෙනවා.

 


ඒ ඡන්දෙන්වත් දිනන්න පුළුවන් වෙයිද?
ඒක ඒ වෙලාවට බලමු. මූද හත් ගව්වක් තියාගෙන අමුඩ ගහන්න ඕනැ නෑනේ.

 


පහුගිය ඡන්දෙන් පැරදුණු එකේ කලින්ම අමුඩෙ ගහලා සූදානම් වෙන එක ඇඟට ගුණයි නේද?
ඒකට තව අවුරුදු තුනක් තියෙනවා. බලන්නකෝ ඊළඟ මැතිවරණයේදී මම දිනන හැටි. ඒකට කලබල වෙන්න ඕනැ නෑ. මම පහුගිය ඡන්දෙ පැරදුනෙ මගේ දුර්වලතාවයකින් නෙවෙයි. මම එක්සත් ජාතික පක්ෂයට ගියා කියලා බොරු ප්‍රචාර ගෙනියපු අය නිසා තමයි ඡන්ද අඩු වුණේ. ඒ බොරු කතා කියපු අය අද යහපාලන ආණ්ඩුවට එකතුවෙලා තනතුරු අරගෙන ඉන්නවා. තනියම නොවෙයි පවුල් පිටින්. මම යූඑන්පීයට ගියා කියලා බොරු ප්‍රචාර ගෙනියපු ව්‍යාපාරයේ නායිකාවනේ සුමේධා ජයසේන. අද ඔය යහපාලන ආණ්ඩුවෙ ඇමැතිකමක් කරන්නේ ෂෝක් එකට.


ආණ්ඩුවෙ වැඩ ගැන නම් රටේ මිනිස්සු ඉන්නේ එච්චර සතුටකින් නෙවෙයි. ජීවත්වීමත් අමාරු වෙලා මිනිස්සුන්ට.


ජනතාවට යම් යම් අමාරුකම් තියෙනවා. ඒක අපි පිළිගන්නවා. හාල් මිල වැඩි වෙලා තිබුණා. ඒකට පාලන මිලක් ගෙනාවා. පුළුවන් තරම් සහන දෙන්න තමයි ආණ්ඩුව බලන්නේ. 


හැම දේම එක රැයකින් මවන්න අපිට බෑ. ඒත් අපි ක්‍රම ක්‍රමයෙන් රට හොඳ තැනකට ගේනවා. අත්‍යවශ්‍ය බඩු රැසක මිල අඩුකළා අපි. ඒවත් අමතක කරන්න එපා. ගොවියොයි, වෙළෙන්ඳොයි, පාරිභෝගිකයොයි එකවිට සන්තෝස කරන්නත් බෑ. ආර්ථිකය ශක්තිමත් කරලා ජනතාවට හොඳ කලක් උදාකරන්න තමයි අපිත් උත්සාහ කරන්නේ.



අදහස් (0)

ඒකාබද්ධ විපක්ෂය එක්ක එකතුවෙලා වැඩ කරන්න බැරිකමක් මට නෑ

ඔබේ අදහස් එවන්න

දේශපාලන

විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1154 1

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 883 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2297 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2149 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3677 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේක 'ඩූ ඕ ඩයි’ සටනක්
2024 ජනවාරි මස 03 1596 5

ලංකා දේශපාලන ඉතිහාසයේ තීව්‍රැතම ගැටුම ඉදිරි මාස හත අට තුළ නිර්මාණය වෙනවා. මේක ‘ඩූ ඕ ඩයි’ සටනක් යැයි ජාතික ජනබලවේගයේ නායක පාර්ලමේන්තු මන්ත්‍රී අනුර කුම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1404 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site