(නිමල කොඩිතුවක්කු)
ඉදිරි ජනාධිපතිවරණයේදී රාජපක්ෂ හෝ රාජපක්ෂ නොවන කිසිඳු අයකු එක්සත් ජාතික පක්ෂයට කිසිම අභියෝගයක් නොවන බව එම පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කොළඹදී අද (17) පැවසීය.
එක්සත් ජාතික පක්ෂයට වාසිදායකම මැතිවරණය ජනාධිපතිවරණය බවත් මෙවර එක්සත් ජාතික පක්ෂයෙන් රටේ නායකයා බිහිකිරීමට කටයුතු කරන බවත් ඒ මහතා සඳහන් කළේය.
හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ 112 වැනි ජන්ම දින සැමරුම වෙනුවෙන් පිටකෝට්ටේ පිහිටි ජාතික සේවක සංගම් මූලස්ථානයේ අද (17) පැවති උත්සවයකින් පසුව මාධ්‍යවේදීන් කළ විමසීමකදී මහලේකම්වරයා මේ බව පැවසීය.
2020 මැතිවරණ ජයග්‍රහණය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය සංවිධාන ගත වෙමින් සිටින බවත් මේ සම්බන්ධයෙන් වන තීන්දු තීරණ පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්ව ඉදිරියේදී තීරණය කරන බවත් ඔහු කියා සිටියේය.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග
මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත
ලංකා දේශපාලන ඉතිහාසයේ තීව්‍රැතම ගැටුම ඉදිරි මාස හත අට තුළ නිර්මාණය වෙනවා. මේක ‘ඩූ ඕ ඩයි’ සටනක් යැයි ජාතික ජනබලවේගයේ නායක පාර්ලමේන්තු මන්ත්‍රී අනුර කුම
ආර්ථිකය ගැන දින හතක විවාදයකට එන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රවාහන හා මහා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට පාර්ලිමේන්තුවේ දී අභිය
මිනිස්සුන්ට අරගල තිත්ත වෙලා යැයි පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ජනාධිපතිවරුන් ලෙස සිට නැවත පාර්ලිමේන්තුවට පැමිණීම නීතියක් ගෙනැවිත් නතර කළ යුතුව තිබෙන බව පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඉදිරි ජනපතිවරණයේ දී රාජපක්ෂ කිසිදු අයෙක් එජාපයට අභියෝගයක් වෙන්නේ නෑ
Raveendra Monday, 17 September 2018 05:50 PM
බලයේ ඉන්නකොට හැමදෙනෙක්ම ඔය කතාවමයි කිව්වේ. ඉතින් අපි මැරිලා ඉපදුනේ නැහැ නොවැ.......
Senarath Tuesday, 18 September 2018 09:01 AM
ඡන්දෙකට එන්නකෝ අපි ඡන්දදායකයාගේ තරම පෙන්වන්න.
Adam Tuesday, 18 September 2018 11:06 AM
මෙයාගේ මොලේ කොහොමත් ටිකක් කචල්...... දවල් හීනයක්ද දැන් නැහැ..... බඩුමිල ඒවගේම බදු ගහන විදියට අඩු නැතිව ඡන්දෙ ලැබේවි
Sanath Kandy Wednesday, 19 September 2018 03:45 AM
එහෙම වෙන්න තිබුණා ආණ්ඩුව පිහිටවපු ගමන් පරණ හොරු ටික අල්ලලා ඇතුලට දාලා ජනතා අපේක්ෂාවන් අනුව වැඩ කළානම්. දැන් ඉතින් පරක්කු වැඩියි. එජාපයේ නොහැකියාව ජනතාව තේරුම් අරන් ඉන්නේ. ඊළඟ ජනාධිපතිවරණයේදී රාජපක්ෂවරුන්ට අභියෝග කළ හැකි කිසිම නායකයෙක් එජාපයේ නෑ. රට වෙනුවෙන් කළ හැකි හොඳම දේ රාජපක්ෂවරුන්ට අභියෝග කළ හැකි පොදු අපේක්ෂකයෙකුට සහයෝගය දීම.
ravi Wednesday, 19 September 2018 10:46 AM
ශ්‍රී ලංකාව විකුණගෙන කාලා.. ඒ මුදල් වලින් "ඇමෙරිකාවේ පුරවැසිභාවය" ලබාගත්ත මෙවැනි අයට නැවතත්.. මේ රටේ ජනාධිපතිලා වෙයි කියන එක" මිථ්‍යාවක් " පමණයි.