IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


ආණ්ඩුවට මැතිවරණයකට යාමේ කිසිම තදියමක් නෑ

ශ්‍රී ලංකා පොදුජන පෙරමු​ෙණ් මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම් නායක මහින්දානන්ද අලුත්ගමගේ

ජූනි මස 20 වැනි දිනට මහ මතිවරණය පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේය. එදිනට මැතිවරණය පැවැත්විය හැකිද? ඒ වන විට කොරෝනා මාරාන්තික වයිරසයේ බලපෑම තුරන් වී තිබේද? එසේ නොමැති නම් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු නොකර මහ මැතිවරණයට යන්නේද? මේ ඒ ගැන විමසමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් නායක මහින්දානන්ද අලුත්ගමගේ මහතා සමග කළ සාකච්ඡාවකි.


ප්‍රශ්නය:- ජනතාව බිල්ලට දීලා ආණ්ඩුව තුනෙන් දෙකක බලය ගන්න මැතිවරණයට යන්න හදනවා.


පිළිතුර:- ආණ්ඩුවට කිසිසේත්ම කඩිනමින් මැතිවරණයකට යාමේ අවශ්‍යතාවක් නැහැ. ජනාධිපතිතුමා අපේ. අගමැතිතුමා අපේ. කැබිනට් මණ්ඩලය අපේ. ආණ්ඩුව අපේ. ඉතින් මොකටද අපි මේ කලබල වෙන්නේ? අපි ඉන්නේ විපක්ෂයේ නම්, මැතිවරණයක් තිබ්බොත් අපිට වාසිදායකයි නම් ඔන්න අපි කලබල වුණා නම් ඒක හරි. ඒ නිසා අපට කිසිම තදියමක් නෑ.


ප්‍රශ්නය:- මගේ ප්‍රශ්නය වුණේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය ගැනයි.


පිළිතුර:- මතක තියාගන්න, අපේ ආණ්ඩුවේ අංක එකත්, අංක දෙකත් අංක තුනත් මේ කොරෝනා මාරාන්තික වයිරසය ව්‍යාප්තවීම වැළැක්වීම හා එය තුරන් කිරීම. ඒ සඳහා ගත යුතු සෑම පියවරක්ම ආණ්ඩුව මේ වන විටත් අරගෙන තියෙනවා. ඒ වගේම රට ඉදිරියට යන්නත් ඕනෑ. රටේ ව්‍යාපාර සියල්ල කඩා වැටිලා. සමාගම් සියල්ල වහලා. ඒ විදිහට රටේ ආර්ථිකය කඩා වැටෙන්න දෙන්නත් බෑ. ජනතාවට අවශ්‍ය සහනාධාර ලබා දෙමින් කොරෝනා ආසාදිතයන් අවම කිරීමට සියලු පියවර අරගෙන තියෙනවා. කොරෝනා ආසාදිතයන් ඉන්න ප්‍රදේශ වහලා අනෙක් පළාත්වල ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඇදිරි නීතිය ලිහිල් කළා. ඒක මැතිවරණයකට යාමක් හෝ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ගැනීමේ ප්‍රශ්නයක් නොවෙයි.

 

අපේ ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු කැබිනට් මණ්ඩලය රට පාලනය කරනවා. තවත් මොනවද? අපට ආණ්ඩු බලයේ අඩුවක් නෑ. අපට මෙහෙම යන්න පුළුවන්.


ප්‍රශ්නය:- ඇදිරි නීතිය ලිහිල් කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය විශේෂඥයන් පවා දැඩි විවේචනයක් එල්ල කරනවා. රටේ ඇත්ත තත්ත්වය ආණ්ඩුව තේරුම් අරගෙන නෑ කියලයි ඔවුන්ගේ චෝදනාව.


පිළිතුර:- නෑ. අපි මේ මොහොතේ සෑම තීන්දු තීරණයක් ගන්නේ සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස්වලට අනුවයි. ඇදිරි නීතිය ලිහිල් කිරීමත් ඒ විදියටම තමයි ගත්තේ. එහෙම නැතිව කිසිම ප්‍රදේශයක ඇඳිරිනීතිය ලිහිල් කරලා නෑ. බස්නාහිර පළාතේ ඇඳිරි නීතිය 22 වැනිදා ඉවත් කිරීමේ තීරණයක් ගත්තා. නමුත් කොරෝනා ආසාදිතයන් බහුල වශයෙන් හඳුනා ගැනීමත් සමඟ ඇදිරි නීතිය පැනෙව්වා. ආණ්ඩුවට මැතිවරණයකට යාමේ කිසිම තදියමක් නෑ. මම මුලින් කිව්ව විදියට මේ විදියට තියෙන එකත් ගොඩක් හොඳයි. අපේ ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු කැබිනට් මණ්ඩලය රට පාලනය කරනවා. තවත් මොනවද? අපට ආණ්ඩු බලයේ අඩුවක් නෑ. අපට මෙහෙම යන්න පුළුවන්.


ප්‍රශ්නය:- එහෙම නම් මැතිවරණයකට යාමේ තදියම තියෙන්නේ කාටද?


පිළිතුර:- මෙහෙමනේ. එක්සත් ජාතික පක්ෂය දන්නවා මේ කොරෝනා මාරාන්තික වයිරසය පිටුදැකීමට එය තුරන් කරන්න ජනාධිපතිතුමා, අගමැති තුමා, ඇතුළු අපේ ආණ්ඩුව විශාල පරිශ්‍රමයක් දරනවා. ඒකේ ප්‍රතිඵල අද අපේ රට භුක්ති විඳිනවා. ඒ ගෞරවය ජනාධිපතිතුමා ඇතුළු අපේ ආණ්ඩුවට ලැබිලා තියෙනවා. ඒ නිසා මේ අය උත්සාහ කරනවා. ජූනි මාසයේ 2 වැනිදාට කලින් මැතිවරණය පැවැත්තුවේ නැත්නම් රට ව්‍යවස්ථාමය අර්බුදයකට යනවා කියලා.


ප්‍රශ්නය:-එ්ක එහෙම තමයි නේද?


පිළිතුර:- නෑ එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ.


ප්‍රශ්නය:-එහෙම ප්‍රශ්නයක් නෑ කියලා ඔබ කොහොමද කියන්නේ?


පිළිතුර:- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළව එහෙම කිසිම ගැටලුවක් නෑ. ජනාධිපතිතුමාට අවශ්‍ය වුණොත් පාර්ලිමේන්තුව යළිත් කැඳවිය හැකියි. එහෙම නැත්නම් එතුමාට කැඳවන්නේ නැතිව ඉන්න පුළුවන්. එක්සත් ජාතික පක්ෂය ඔය තර්කය ගේන්නේ වෙන මොකක්වත් නිසා නොවෙයි. ඒ පක්ෂය දැන් ඉතාම පැහැදිලිව දෙකට බෙදිලා. ඒ නිසා ඔවුන් උත්සාහ කරනවා පරණ පාර්ලිමේන්තුව යළිත් කැඳවලා එක්සත් ජාතික පක්ෂය නැවත එකට එකතු වෙලා යන්න ඔවුන් උත්සාහ කරනවා. අපි රට හැටියට වගකීමෙන් කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තමයි රටේ මූලික නීතිය. ඒ මූලික නීතියෙන් දශමයක් අපි පිට පනින්නේ නෑ. අපට මේ මොහොතේදී ප්‍රධාන වෙන්නේ මේ ලෝක වසංගත උවදුරෙන් අපේ රට නිදහස් කර ගන්න. ඒ වෙනුවෙන් ගත යුතු සෑම පියවරක්ම අපි අරගෙන තියෙනවා. හැබැයි ජන ජීවිතයත් යථා තත්ත්වයට පත් වෙන්න ඕනෑ. අපි තේරුම් ගන්න ඕනෑ. රටක් විදියට අපිට මේ ආකාරයටම ඉස්සරහට යන්න බෑ. ව්‍යාපාර කඩා වැටිලා. සමාගම් වහලා. මිනිසුන්ව ගෙවල්වල තියාගෙන පඩි දෙනවා. දැන් බලන්න මොනරාගල දිස්ත්‍රික්කය. ඒ දිස්ත්‍රික්කයේ කිසිම ප්‍රශ්නයක් නෑ. තවත් දිස්ත්‍රික්ක ගණනාවක කිසිම ආසාදිතයෙක් හඳුනාගෙන නෑ. හැබැයි මුළු රටම මේ ප්‍රශ්නයෙන් බැට කනවා. මහනුවර දිස්ත්‍රික්කය ගත්තොත් අකුරණ පමණයි මේ ප්‍රශ්නය තියෙන්නේ. නමුත් දිස්ත්‍රික්කයෙ පොලිස් බල ප්‍රදේශ 25ක ජනතාව දුක් විඳිනවා. මිනිසුන්ට එදිනෙදා රැකියාව කරගන්න බෑ. කන්න නෑ. තේ දළු ටික කඩාගන්න නෑ. රටක් මෙහෙම ඉස්සරහට යන්න පුළුවන්ද? රට එහෙම නවත්වන්න බෑ. රට ඉදිරියට යන්න ඕනෑ. සෞඛය අමාත්‍යාංශය උපදෙස් මත තමයි අපි මේ සෑම තීන්දුවක්ම ගන්නේ.


ප්‍රශ්නය:- ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට හදිසි මැතිවරණයකට යෑමේ උවමනාවක් නැතත්, අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායමකට ඒ උවමනාව ඉතාම තදින් තියෙන බවයි කියන්නේ.


පිළිතුර:- ඔහොම කතන්දර කොච්චරනම් කිව්වද? රාජපක්ෂ පවුල සීසීකඩ කැඩිල විසිරිලා කිව්වා. කොච්චර දේවල් කියලා තියෙනවද? අපේ කිසි කෙනෙකුට කිසිම හදිස්සියක් නෑ. පැහැදිලිවම එක්සත් ජාතික පක්ෂය මේ වෙලාවේ හිතනවා ජූනි මාසේ 2 වැනිදා වෙනකම් මේක අදින්න ඕනෑ කියලා. එහෙම හිතන්නේ එක්සත් ජාතික පක්ෂය රටට ආදරේට නොවෙයි. මම මුලින් කිව්වා වගේම යූඑන්පිය දෙකට කැඩිලා. මේ වෙලාවේ මැතිවරණයකට ගියොත් හතර වරන් ගහලා පරදිනවා. යූඑන්පියට යන එන මං නැති වෙනවා. මන්ත්‍රීවරු 25ක් පාර්ලිමේන්තුවට එන්නේ නෑ. මේ කොරෝනා උවදුරෙන් රට සම්පූර්ණයෙන්ම නිදහස් කරගෙන ආණ්ඩුව මැතිවරණයකට ගියොත් ඔබ හිතන්න මොකද්ද වෙන්නේ. ඒකාන්ත වශයෙන්ම අපේ ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ලැබෙනවා. එක්සත් ජාතික පක්ෂය අන්ත පරාජයක් ලබනවා. ඔබ බහින්න රනිල් වික්‍රමසිංහගේ සපත්තුවට. ඔබ බහින්න සජිත් ප්‍රේමදාසගේ සපත්තුවට. එතකොට තේරෙයි ඔවුන් මේ කතා කරන්නේ රටට ආදරේටද කියලා. අද මේ රට පාලනය කරන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයයි, රනිල් වික්‍රමසිංහ මහත්තයයි නම් මේ රටට අද මොකද වෙන්නේ? එහෙමනම් අපිට දවස ගානේ මළ මිනී ගණන් කර කර ඉන්න වෙන්නේ. නමුත් ජනාධිපතිතුමා හා අගමැතිතුමා ඇතුළුව ආණ්ඩුව අවශ්‍ය තීන්දු තීරණ අවශ්‍ය වෙලාවට අරගෙන තියෙනවා. රටේ ජනතාව බයක් නැතිව විශ්වාසයෙන් ජීවිතයට මුහුණ දෙනවා. එක පැත්තකින් කොරෝනා ආසාදිතයන් අපි නවත්ව ගන්නත් ඕනෑ. මේක ව්‍යාප්තිය නවත්ව ගන්න ඕන. ඒ වගේම රට ඉදිරියට යන්නත් ඕනෑ. ආර්ථිකය කඩාබිම දාලා, ව්‍යාපාර වැටිලා මෙහෙම රටකට ඉදිරියට යන්න බෑ. අපිට එක පැත්තක් විතරක් බලාගෙන මේ ගමන යන්න බෑ. රටේ සෑම අංශයක් දිහාම අපි බලන්න ඕනෑ.


ප්‍රශ්නය:-ආණ්ඩුව වැරදි සංඛ්‍යා ලේඛන රටට ඉදිරිපත් කරනවා කියලා විපක්ෂය චෝදනා කරනවා.


පිළිතුර:- ආණ්ඩුවට සංඛ්‍යා ලේඛන දත්ත හංගන්න බෑනේ. ලංකාවෙම කොරෝනා රෝගීන් ඉන්න රෝහල් කිහිපයයි තියෙන්නේ. ඉතින් කොහොමද සංඛ්‍යා ලේඛන හංගන්නේ.? ඔබ මතක තියාගන්න මේ වෙලා තියෙන්නේ සජිත් ප්‍රේමදාසගේ කකුල් වෙව්ලනවා. මේ සියල්ල සමනය කරගෙන අපි මැතිවරණයකට ගියොත් අපි තුනෙන් දෙකක බහුතර බලයක් සහිත ආණ්ඩුවක් ගන්නවා. සජිත් ප්‍රේමදාසට මන්ත්‍රී ආසන 15ක් 20ක් ගන්න බෑ. රනිල්ට ආසන 5ක් ගන්න බෑ. රිෂාඩ් බදුර්දීන්ලාගේ පැටිකිරිය ඔක්කොම එළියට එමින් තිබෙන්නේ. යූඑන්පියට පාරට බහින්න බෑ. ගමට යන්න බෑ. මේක තමයි ඇත්ත තත්ත්වය. මේ එක්සත් ජාතික පක්ෂය කොරෝනා මාරාන්තික වයිරසයට මුවාවෙලා දේශපාලන වාසි ගන්නයි හදන්නේ.


ප්‍රශ්නය:- ජනාධිපති ගෝඨාභය කියනවා පාර්ලිමේන්තුව නැවත කැඳවන්නේ නෑ කියලා හමුදාව දාගෙන මේ එන්නේ ඒකාධිපති ගමනක්. ඔබ මොකද ඒ ගැන කියන්නේ?


පිළිතුර:- ජනාධිපතිතුමා හමුදාව දාගෙන රට පාලනය කරනවා කියන එක සම්පූර්ණයෙන්ම වැරැදි කතාවක්. හමුදාව යොදාගත යුතු තැන්වලට හමුදාව යොදා ගන්නවා. ඒකේ තියෙන වැරැද්ද මොකද්ද? හමුදාව දාලා හරි කොරෝනා වසංගතය තුරන් කරනවා නම් ඒක නරකද? ඒක නොවෙයිද මේ වෙන්නේ. එහෙම නැතිව හමුදාව දාගෙන හමුදා පාලනයක් ගෙන යනවා නොවෙයිනේ. මේ වසංගතය පාලනය කිරීම සඳහා ප්‍රයෝජනයට ගත යුතු සෑම අංශයක්ම ප්‍රයෝජනයට ගත යුතුයි. දැන් බලන්න, මාධ්‍යයත් අත්‍යවශ්‍ය සේවාවක් හැටියට ජනාධිපතිතුමා ගැසට් කළා. ඒකෙන් කියැවෙනවද මාධ්‍ය දාගෙනයි රට පාලනය කරන්නේ කියලා. මේවා තේරුම් ගැනීමත් වැදගත්. දැන් බලන්න, ඇඳිරි නීතිය ලිහිල් කරපු ප්‍රදේශවල ඇත්ත තත්ත්වය බලන්න. පළමුවැනි දවසේ වැඩි පිරිසක් හිටියේ කොහේද? මිනිස්සු වැඩටද ගියේ, බාර් එකටද ගි​යේ? අපේ රටේ මිනිස්සුන්ට විනයක් තියෙනවද කියලා හිතන්න. එදා ඇඳිරි නීතිය ලිහිල් කළා විතරයි ගොඩාක් දෙනෙක් හිටගෙන හිටියේ බාර් ඉස්සරහ. විනයක් නැති රටක්. විනයක් තියෙන නායකයෙක් අපට ඉන්නවා. ඒ විනය රට තුළ ක්‍රියාත්මක කරන්න හමුදාව පොලිසිය පාවිච්චි කරනවා.

 

  • මතක තියාගන්න, අපේ ආණ්ඩුවේ අංක එකත්, අංක දෙකත් අංක තුනත් මේ කොරෝනා මාරාන්තික වයිරසය ව්‍යාප්තවීම වැළැක්වීම හා එය තුරන් කිරීම. ඒ සඳහා ගත යුතු සෑම පියවරක්ම ආණ්ඩුව මේ වන විටත් අරගෙන තියෙනවා. ඒ වගේම රට ඉදිරියට යන්නත් ඕනෑ. රටේ ව්‍යාපාර සියල්ල කඩා වැටිලා. සමාගම් සියල්ල වහලා. ඒ විදිහට රටේ ආර්ථිකය කඩා වැටෙන්න දෙන්නත් බෑ.


ප්‍රශ්නය:- පාර්ලිමේන්තුව විසුරුවන කොටත් කොරෝනා තර්ජනය ඇවිත් තිබුණේ. රට ගැන හිතුණා නම් පාර්ලිමේන්තුව විසුරුවන්නේ නැතිව ඉන්න තිබුණා.


පිළිතුර:- පාර්ලිමේන්තුව විසුරුවන අවස්ථාව වන විට මේ වගේ තත්ත්වයක් තිබුණේ නැහැනේ අපේ රටේ. එහෙම ලොකු අවදානමක් තිබුණේ නැහැ අපේ රටේ. දැන් අපි ගත්තොත් කොරියාවේ මැතිවරණය තිබුණා. මැතිවරණයක් තියනවා නම් ඒකට විවිධ ක්‍රම තියෙනවා. ඉන්දියාවේ දවස් කීයකටද ඡන්දෙ තියන්නේ. අපට ඕනෑ නම් පුළුවන් දිස්ත්‍රික් මට්ටමින් ඡන්දය තියන්න. දැන් මැතිවරණ කොමිසන් සභාව මැතිවරණය පවත්වන දිනය ප්‍රකාශයට පත් කරලා තියෙනවනේ. මම ඔබට පැහැදිලිව කියනවා, මැතිවරණය අපට අදාළ නැත. මැතිවරණ සම්බන්ධයෙන් තීන්දු ගන්නේ මැතිවරණ කොමිෂන් සභාව. අපට තියෙන්නේ රට පාලනය කරගෙන යන එක විතරයි. ජනතාවට සහනාධාර ලබාදීලා, මේ ව්‍යාප්තිය වළක්වලා ජනතාව ගැන හිතන්න විතරයි අපිට තියෙන්නේ.


ප්‍රශ්නය:- අගමැති මහින්ද රාජපක්ෂ මැකෝට ලිපියක් යවලා මැතිවරණයට දින නියම කරන්න කියලා කිව්වා. මැකෝට එහෙම තර්ජනය කරන්නේ මොකෝ?


පිළිතුර:-‌ ඒ ලිපියෙ කිසිදු තර්ජනයක් නැහැ. මහින්ද රාජපක්ෂ අගමැතිතුමා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට කියන්නේ රට මෙහෙම අරාජික වෙන්නත් බැහැනේ. ඒ වගේම මේ සියල්ල කරගෙන යන්න ආණ්ඩුවක් තියෙන්නත් ඕනෑනේ. මේ රටේ මිනිසුන්ගේ ආර්ථිකය ශක්තිමත් වෙන්නත් ඕනෑනේ. කොරෝනා කියලා මැතිවරණ තියන්නේ නැතිව වහගෙන ඉඳලා මාස ගාණක් වහගෙන ඉඳලා රටේ මිනිසුන්ට කන්න නැතිව හිඟමනට වැටිලා පාරේ මැරෙන්න කියලද කියන්නේ? මේ ව්‍යසනය ව්‍යාප්තවීම වළක්වන ගමන් රටත් ඉදිරියට යන්න ඕනෑ. තර්ජන නැති ප්‍රදේශ ඉදිරියට යන්න ඕනෑ. දැන් බලන්න මැලිබන් කර්මාන්ත ශාලාව පටන් ගත්තා. එළවළු නිෂ්පාදනය පටන් ගත්තා. දැන් මේවාට වෙළෙඳපොළ හදන්න ඕනෑ. මතක තියාගන්න මේක රෝදයක්. හැම පැත්තම අපි බලන්න ඕනෑ.


ප්‍රශ්නය:- මැතිවරණ කොමිෂන් සභාව දේශපාලනය කරනවා කියලා ඔබේ කඳවුරෙන්ම චෝදනා එල්ල වුණා. ඒ චෝදනාව ඔබත් අනුමත කරනවාද?


පිළිතුර:- මැතිවරණ කොමිසමේ හුල්ද බෝල්ද කියලා ඉන්නවා එක්කෙනෙක්. ඒ මහත්තයා කරන්නේ තනිකරම එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය දේශපාලනය. මැතිවරණ කොමිෂන් සභාව ස්වාධීන වෙන්න ඕනෑ. මහින්ද දේශප්‍රිය මහත්මයා බලන්න කොච්චර හොඳට වැඩ කරනවද කියලා. මැතිවරණ කොමිසමේ සාමාජිකයෙක් වෙච්ච ඔය හූල් ඡන්දය තියන්න එපා කියලා අධිකරණයට ගිය කෙනෙක්. මේ වගේ මිනිස්සු එක්කද මැතිවරණ කොමිසම වැඩ කරන්න හදන්නේ. මැතිවරණ තියන්න එපා කියලා මැතිවරණ කොමිසමේ සාමාජිකයෙක් උසාවි යනවා. එහෙම සාමාජිකයකුටද මේ වගකීම් පවරලා තියෙන්නේ? මැතිවරණ කොමිසම ස්වාධීන විය යුතුයි. ජනතාවගේ පැත්තෙන් බලල රටේ ව්‍යවස්ථාව දිහා බලල ඒ කොමිසම තීන්දු තීරණ ගත යුතුයි.


ප්‍රශ්නය:- රටේ දේශපාලන පක්ෂ සම්බන්ධ කරගෙන පොදු යාන්ත්‍රනයක් හදලා කොරෝනා මර්දන ව්‍යාපෘතිය විධිමත් කළ යුතු බවටත් යෝජනාවක් තියෙනවා.


පිළිතුර:- ඉතින් අපි ඒක එහෙම කරලා තියෙනවා. අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා දිගින් දිගටම සර්වපාක්ෂික රැස්වීම් කැඳෙව්වා. ඒ සියල්ලම ඒ විදියටම කෙරෙනවා.


ප්‍රශ්නය:- මුස්ලිම් ජාතික ආසාදිතයකු මිය ගියාම අවසන් කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් පවා ප්‍රශ්න මතුවුණා.


පිළිතුර:- මුස්ලිම් ආසාදිතයකු මියගියාම ආදාහනය කිරීමේ තීන්දුව සදාකාලික තීන්දුවක් නොවෙයි. ඒක මේ ප්‍රශ්නයට අදාළව ගත්ත තීරණයක්. ඒ වගේම ඒක දේශපාලන තීන්දුවක් නොවෙයි. සෞඛ්‍ය විශේෂඥයන් ගත් තීරණයක්. තත්ත්වය සමනය වුණාම භූමිදානය කිරීමේ තීරණයට යන්න පුළුවන්. මෙතැන වුණේ රාවුෆ් හකීම් බැලුවා මේක පාවිච්චි කරලා ඡන්ද කීයක් හරි කඩාගන්න. මේගොල්ලෝ කරන්නේ දේශපාලනය. කොරෝනා එකෙන් දේශපාලන වාසි ගන්න බලනවා. මරණයෙන් දේශපාලන වාසි ගන්න බලනවා. යූඑන්පී එකේ මේකද මේ තුට්ටු දෙකේ දේශපාලනය. යූඑන්පිය කොරෝනා පාව්ච්චි කරලා මහ මැතිවරණය නොපවත්වන්න බලනවා. රාවුෆ් හකීම් ආදාහනය පාවිච්චි කරලා ඡන්දයක් දෙකක් කඩා ගන්න බලනවා. මොකද්ද මේ තුට්ටු දෙකේ දේශපාලනය. මේගොල්ලොත් එක්කද අපට මේ රට හදන්න කියන්නේ.


ප්‍රශ්නය:- ඇඳිරි නීතිය අයින් කළත් අවශ්‍ය පහසුකම් නෑ. මිනිස්සු බස්වල යන්නේ වවුල්ලු වගේ එල්ලිලා. මේ සම්බන්ධයෙන් ආණ්ඩුවට වැඩපිළිවෙළක් නෑ.


පිළිතුර:- පළමුවැනි දවසෙ අඩුපාඩු තිබුණා. මම ඒක පිළිගන්නවා. ඒ බස් රථ සියල්ලම අත්අඩංගුවට ගන්නවා. බලපත්‍ර අවලංගු කරනවා. සියයට 78ක් බස් සේවය සාර්ථකයි. වැරදි කරපු සියලු දෙනාට අවශ්‍ය නීතිමය පියවර ගන්නවා. බලපත්‍ර අවලංගු කරලා. කීප දෙනෙක්ව හිරේ දැම්මොත් නීතියටම වැඩේ කෙරේවි.


ප්‍රශ්නය:- ඔබ හිතනවද ජූනි 20 වෙනකොට බාධාවකින් තොරව මැතිවරණය තියන්න පුළුවන් වෙයි කියලා.


පිළිතුර:- මේක අපි විතරක් නෙවෙයි මුළු ලෝකයම මුහුණ දීලා තියෙන ප්‍රශ්නයක්. අපි ඔප්පු කරලා තියෙනවා මේ අභියෝගය ජය ගන්න ශක්තිය අපිට තියෙනවා කියලා. ජනතාවගේ පැත්තෙන් බලලා අවශ්‍ය සියලු තීන්දු තීරණ අපි ගන්නවා. ඒ සම්බන්ධයෙන් කිසිම සැකයක් තියාගන්න එපා. ජූනි 20 කියලා කිව්වට තත්ත්වය බලලා තමයි ඒ තීන්දුවට යන්නේ.

 

 

 

සාකච්ඡා කළේ 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්



අදහස් (0)

ආණ්ඩුවට මැතිවරණයකට යාමේ කිසිම තදියමක් නෑ

ඔබේ අදහස් එවන්න

දේශපාලන

විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1110 1

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 849 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2268 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2136 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3671 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේක 'ඩූ ඕ ඩයි’ සටනක්
2024 ජනවාරි මස 03 1589 5

ලංකා දේශපාලන ඉතිහාසයේ තීව්‍රැතම ගැටුම ඉදිරි මාස හත අට තුළ නිර්මාණය වෙනවා. මේක ‘ඩූ ඕ ඩයි’ සටනක් යැයි ජාතික ජනබලවේගයේ නායක පාර්ලමේන්තු මන්ත්‍රී අනුර කුම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 136 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1411 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1343 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site