(විනීතා එම් ගමගේ)
මෙරට බන්ධනාගාර කුඩු ජාවාරම්කරුවන් හා අපරාධකාරයින් සැළසුම් සකසන ආරක්ෂිත බංකර බවට පත්ව ඇතැයි දූෂණ විරෝධී පෙරමුණේ සභාපති උලපනේ සුමංගල හිමියෝ පැවැසූහ.
ඉක්මණින් මේ තත්ත්වය පාලනය නොකළහොත් පාතාලය නීතිය අතට ගන්නා දවස වැඩි ඈතක නොවේ යැයි ද උන්වහන්සේ කීහ.
දිගින් දිගටම පැන නැගුණු අපරාධ රැල්ල තවදුරටත් වැඩිවෙමින් පවතිතැයි ද සුමංගල හිමියෝ කීහ.
උලපනේ සුමංගල හිමියෝ මේ අදහස් පළ කළේ රාජගිරිය වැලිකඩවත්ත පිහිටි දූෂණ විරෝධී පෙරමුණේ කාර්යාලයේ දී අද (11) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහි දී තවදුරටත් අදහස් දැක්වූ උන් වහන්සේ මෙසේ ද පැවැසූහ.
‘‘ දේශපාලඥයන් සිවිල් ක්‍රියාධරයින් ඇතුළු පිරිස්වල කථාබහට ලක්වූ විශේෂ අධිකරණ පිහිටුවා දූෂීතයන්ට වංචාකරුවන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරන්න පනතක් ගෙනාවා. බරපතල සිද්ධීන් පිළිබඳ නඩු අහන්න මේ අධිකරණ පිහිටුවන්න තිරණය කළේ.
එයින් එක අධිකරණයක් පමණක් පිහිටුවන්න සූදානම් වුවත් එහි ක්‍රියාකාරිත්වය පවා මන්දගාමියි. අධිකරණ ඇමතිනිය කිව්වා වහලෙ ලීවල ප්‍රශ්න තියෙනවා කියලා. මේක හාස්‍යයට කරුණක්.
දිගින් දිගටම වැඩිවුණ අපරාධ රැල්ල තව දුරටත් වැඩිවෙමින් පවතිනවා. නමුත් ඉතා සුළු සිද්ධීන්ට ඉක්මණින් කි‍්‍රයාත්මක වුණත් බරපතල සිද්ධීන් ගැන නීතිය ක්‍රියාත්මක කිරීම ඉතාම මන්දගාමියි. ගෙවුණු වසර තුන හමාරෙදි පහුගිය ආණ්ඩුවේ සිදුවුණ වංචා දූෂණ ගැන කිසිවෙකුට දඬුවම් දිම සිදුවුනේ නැහැ.
දැන් හදන්නේ හිලව් කරගන්නයි. උදයංග ගෙනාවොත් අර්ජුන් ගේන්නම් වගේ කතා නිතර ඇහෙනවා. මෙයින් පහුගිය ආණ්ඩුව කාලෙ සිදුවුණ වංචා දූෂණ අලාභය ගෙවන්න වුණේ ඍජු හා වක්‍ර අන්දමින් ජනතාවටයි.‘‘
ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග
මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත
ලංකා දේශපාලන ඉතිහාසයේ තීව්‍රැතම ගැටුම ඉදිරි මාස හත අට තුළ නිර්මාණය වෙනවා. මේක ‘ඩූ ඕ ඩයි’ සටනක් යැයි ජාතික ජනබලවේගයේ නායක පාර්ලමේන්තු මන්ත්‍රී අනුර කුම
ආර්ථිකය ගැන දින හතක විවාදයකට එන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රවාහන හා මහා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට පාර්ලිමේන්තුවේ දී අභිය
මිනිස්සුන්ට අරගල තිත්ත වෙලා යැයි පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ජනාධිපතිවරුන් ලෙස සිට නැවත පාර්ලිමේන්තුවට පැමිණීම නීතියක් ගෙනැවිත් නතර කළ යුතුව තිබෙන බව පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අපරාධ රැල්ල වැඩිවෙලා - උලපනේ සුමංගල හිමි
lusena Wednesday, 11 July 2018 06:07 PM
මෙයට එකම විසඳුම මරණීය දණ්ඩනයට ලක්වූ සියලුම කුඩු ජාවාරම්කරුවන්ට කිසිම බාහිර හෝ අභ්‍යන්තර පුද්ගලයින් හමුවීමට ඉඩ ලබා නොදීමයි.
dhamneth Thursday, 12 July 2018 11:16 AM
එහෙමයි අපේ හාමුදුරුවනේ , දැන් හාමුදුරුවරුත් රාජකාරියේ යෙදී සිටින පොලිස් නිලධාරීන් මරන්න පටන් අරන්න.