IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


පොලිස් නිලධාරියෙක්ට පහරදුන් අයෙක් අත්අඩංගුවට

(චමිල් රූපසිංහ)

පේරාදෙණිය ගැටඹේ නාගරික ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ‘ඇසළ මේලා‘  සැණකෙළිය නැරඹීමට පැමිණ ආපසු බිරිඳ හා දරු තිදෙනා සමඟ බීමතින් යමින් සිටි පුද්ගලයෙකු සිදුකළ පහර දීමකින් තුවාල ලත් පොලිස් නිලධාරියෙකු ප්‍රතිකාර සඳහා මහනුවර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.


මෙම පුද්ගලයා අධික ලෙස බීමත්ව බිරිඳට හා දරු තිදෙනාට අසභ්‍ය වචනයෙන් බැණ වදිමින් සිටියදී එම ස්ථානයේ ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරිවරයාට එහි සිටි පුද්ගලයෙකු දැනම්  දුන් පසු  ඒ පිළිබඳ විමසිලිමත්වී අදාළ පුද්ගලයා ගෙන් ප්‍රශ්න කර ඇත.


එම අවස්ථාවේ බීමත් පුදගලයා පොලිස් නිලධාරියාට පහර දීමට පටන් ගෙන තිබේ. මෙම සිද්ධිය වන අවස්ථාවේ උප පොලිස් පරීක්ෂකවරයෙකු හා තවත් පොලිස් නිලධාරීන් තිදෙනෙකු එම ස්ථානයේ සිට ඇතත් ඔවුන් සිද්ධියට කිසිදු මැදිහත් වීමක් නොකර සිද්ධිය නරඹමින් සිට ඇති අතර පොලිස් නිලධාරියාට පහර දෙන බව අසල සිටි පුදුගලයෙකු පේරාදෙණිය පොලිස් ස්ථානාධිපතිවරයාට දැනුම් දි ඇත.


 විගසින් ක්‍රියාත්මක වු පේරාදෙණිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද කල්දේරා මහතා එම ස්ථානයට ගොස් පොලිස් නිලධාරියා රෝහල් ගත කිරිමට කටයුතු කර ඇති අතර මේ සම්බන්දව පේරාදෙණිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ  දැනුම් දීම මත පරීක්ෂණයක් ආරම්භ කර ඇත.


නහයෙන් හා කටින් ලේ වැගිරෙන්නට පොලිස් නිලධාරියා පහර කත්දී කිසිවක් නොකළේ මන්දැයි අදාළ උප පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනා ගෙන් පේරාදෙණිය පොලිස් ස්ථානාධිපතිවරයා විමසූ අවස්ථාවේ ඔවුන් පවසා ඇත්තේ තමන් පැමිණියේ රථවාහන රාජකාරි වලට බැවින් මෙම සිදුවීම තමන්ට අදාළ නොමැති බවකි.


පහර දීමෙන් පසු සැකකරු ඔහුගේ දරු තිදෙනා හා බිරිඳ එම ස්ථානයේ දමා පළාගොස් ඇත. පේරාදෙණිය පොලිස් ස්ථානාධිපතිවරයා වහා ක්‍රියාත්මක වී ඔවුන් පොලීසියට රැගෙන ගොස් සැකකරු සම්බන්ධයෙන් ප්‍රශ්න කර ඇත.


ඔවුන් පැවසූ සියලු දේ අසත්‍යය බව හෙළි වීමෙන් පසු සැකකරු පළාගිය ප්‍රදේශය පිළිබඳ තොරතුරු ඒ අසළ සිටි පිරිස් වෙතින් පොලීසිය ලබා ගෙන තිබේ. පසුව සැකකරු අත්අඩංගුවට ගැනීමට ඔහුගේ දුරකථන අංකයට අමතා විමසන විට පොලිසියට එන්නට නොහැකි බව පවසා ඇති අතර පොලීසිය ඉතා සූක්ෂම අයුරින් මෙම පුද්ගලයා අත් අඩංගුවට ගැනිමට සමත්ව ඇත.



අදහස් (0)

පොලිස් නිලධාරියෙක්ට පහරදුන් අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

පාර්ලිමේන්තුව

පාර්ලිමේන්තු රැස්වීම් හෙට සිට 12 දක්වා
2021 පෙබරවාරි මස 08 908 0

මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම් පෙබරවාරි 9 (හෙට) සිට 12 වැනිදා තෙක් පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(8) පාර්ලිමේන්තුවේද


සංචාරකයන් ගෙන්වීමෙන් සත පහක ආදායමක් නෑ
2021 ජනවාරි මස 07 3236 12

ගුවන් තොටුපළ සහ ගුවන් සේවා බද්ධ ඉවත්කරමින් යුක්රේන සංචාරකයන් ගෙන්වීමෙන් කිසිඳු ආදායමක් නොමැති බවත් එයින් රටත් සංචාරක කර්මාන්තයත් විනාශ වන බව ජාතික ජ


හිස්බුල්ලා පෙන්නලා බිල්ලා මවනවා
2021 ජනවාරි මස 07 2815 10

ශානි අබේසේකර සහ හිජාස් හිස්බුල්ලා වැනි පුද්ගලයන් පෙන්වා බිල්ලන් මවා ජාතිවාදය වපුරවමින් රට විනාශ නොකරන ලෙස සමඟ ජනබලවේග මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහත


යුක්රේනයෙන් සංචාරකයන් ගෙනල්ලා කොරෝනාව ගරානාවක් කරගෙන
2021 ජනවාරි මස 05 3685 7

කඩා වැටුණු ආර්ථිකයක් තිබෙන, කොරෝනා රෝගීන් ලක්‍ෂ 11 කින් 19,000 ක් මියගිය යුක්රේනයෙන් සංචාරකයන් ගෙන්වා රටත් ජනතාවත් විනාශ නොකරන ලෙස ජාතික ජනබලවේගය පක්‍ෂයේ


තැබෑරුම් බලපත්‍ර 75 ක් දීලා - සීනි ජාවාරමෙන් බිලියන 10 ක්
2021 ජනවාරි මස 05 3901 3

වර්තමාන ආණ්ඩුව පසුගිය කාලය තුළ අලුතෙන් තැබෑරුම් බලපත්‍ර 75 කට වැඩි සංඛ්‍යාවක් ලබාදී ඇති බවට මන්ත්‍රී නලීන් බණ්ඩාර ජයමහ මහතා මෙම වසරේ පළමු පාර්ලිමේන්තු


ශ්‍රී ලංකාවේ සියලුම නීතිවලට ගරුකරන්න විදේශිකයන්ට පිස්සු නෑ
2021 ජනවාරි මස 05 14432 53

ශ්‍රී ලංකාවේ සියලුම නීතිවලට ගරුකරමින් සංචාරය කිරීමට විදේශිකයන්ට පිස්සුවක් නොමැති බවත් සංචාරකයන්ට දින 14 ක් තිස්සේ කාමර ඇතුළට වී නිදියන්න නොහැකි බවත්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1512 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1415 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site