IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘නීතිය හා සාමය ඇමැතිකම වෙනස් වෙනවා’ - අමරවීර


 
චන්ද්‍රසේන ගමගේ
 
අග්‍රාමාත්‍යවරයාට ලබා දුන් නීතිය හා සාමය පිළිබඳ කැබිනට් අමාත්‍ය ධූරය ඊළඟ අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ දී වෙනස් වෙන බවත් එම අමාත්‍යාංශය අපක්ෂපාති හා රටේ වංචාවවට දූෂණයට එරෙහි වන පාතලයත් මත්ද්‍රව්‍ය වංසගතයත් මැඩලිය හැකි පුද්ගලයකුට හිමිවිය යුතු බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (2) අගුණකොළපැලැස්සේ දී පැවසීය. 

ඉන්දිය ආධාර යටතේ ඇමැතිවරයාට ලැබුණු පාපාදි 1000 ක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභි පවුල් වලට බෙදා දීමේ උත්සවයෙන් පසුව ඇමැතිවරයා එසේ කීවේය.

පසුගියදා සිදුවු කැබිනට් සංශෝධනය තමන් බලාපොරොත්තු වූ ආකාරයෙන් වෙනසක් සිදු නොවු බවයි. අපි මීට වඩා වෙනසක් කැබිනට් සංශෝධනයේ දී බලාපරොත්තු වුණා. නමුත් පක්ෂයේ තීන්දු තීරණ වලට හා ජනාධිපති තුමාගේ තීරණ වලට අපි ගරු කරනවා.

නමුත් ජනතාව මීට වඩා යමක් බලාපොරොත්තු වුණා. යම් සාධණීය ලක්ෂණ ද එම සංශෝධනයේ දී සිදුවු බව පවසන්න කැමතියි යැයි ඇමැතිවරයා වැඩිදුටත් සඳහන් කළේය. 
 



අදහස් (16)

‘නීතිය හා සාමය ඇමැතිකම වෙනස් වෙනවා’ - අමරවීර

latha Friday, 02 March 2018 09:44 AM

හොරු බය වෙලා... අනේ පව් !!!

:       419       615

GihanFriday, 02 March 2018 11:00 PM

හොරාට පොලීසිය බාරදුන්නම, ඇත්තටම භය වෙන්න ඕනේ හොරු නෙමේ.. සාමාන්‍ය ජනතාවයි.

:       164       107

anthonySaturday, 03 March 2018 08:35 AM

ඇයි ඒක විතරක්... ඔබත් ඔබ පත්කර ඇති නිලධාරිනුත් කරුණාකරලා ඔබගේ අමාත්‍යංශයෙන් ඉල්ලා අස්වෙන්න .. ධිවර කර්මාන්තය විනාශවෙලා ඉවරයි. කිසිම තේරුමක් නැතුව අනවශ්‍ය ලෙස නීති දානවා.

:       2       19

Raveendra Friday, 02 March 2018 10:13 AM

මොනවා වුණත් හාදයා සිනහ මුසු මුහුණින් ඉන්න එකත් ලොකු දෙයක්නේ...

:       0       14

mihindu Friday, 02 March 2018 10:30 AM

"අපක්ෂපාති හා රටේ වංචාවවට, දූෂණයට එරෙහිවන පාතාලයත්, මත්ද්‍රව්‍ය වසංගතයත් මැඩලිය හැකි පුද්ගලයකුට හිමිවිය යුතු බවත්..." ඒ කියන්නේ නීතිය හා සාමය අමාත්‍ය ධුරය හිස්ව තියනවා කියන එකද? නැත්නම් වෙනත් රටක කෙනෙක්ව මේ ඇමැතිකමට පත් කරනවා කියන එකද?

:       1       123

Chandra Friday, 02 March 2018 02:27 PM

රටේ වංචාවවට දූෂණයට එරෙහි වන පාතාලයත්, මත්ද්‍රව්‍ය වසංගතයත් මැඩලිය හැකි පුද්ගලයකු මෙම අමාත්‍ය ධුරය පිරිනමනවා කියන්නේ, ඔබලා රජකරපු පසුගිය සමයේ රටම කොල්ලකාපුවා ගැන හොයන කෙනෙකුට මේ තනතුර දෙන්නේ නැද්ද? ඔබ ජනාධිපති සිරිසේන මහතාව ජනාධිපති කරන්න ඔබගේ ඡන්දය දුන්නද? දැන් ඔබයි නිගමනය කරන්නේ කාටද ඇමති ධුර පිරිනමන්නේ කියලා. පක්ෂ, පාට නොබලා දඬුවම් කරන්නයි ජනතාව මේ ජනාධිපතිතුමාව පත්කෙරුවේ. අනේ ජනතාවට වෙච්ච දේ... ජයවේවා !

:       0       532

lal Saturday, 03 March 2018 01:00 AM

"භීතිය හා නෑවීම" ලෙස වෙනස් කළ යුතුයි.

:       1       103

ajith Saturday, 03 March 2018 02:35 AM

අපේ හාදයා රාජ්‍ය ඇමතිකමකුත් දරනවා. පා පැදියක් තියා විල් බැරෝවක්වත් මේ පැත්තට හම්බ වෙන්නේ නැහැ. එයා යූඑන්පී හින්දාද මන්දා?

:       0       27

පිට රැටියා Saturday, 03 March 2018 04:54 AM

ඔයාලා කරපු ගොඩක් වැඩ නිසා මිනිසුන්ට ආණ්ඩුව අප්‍රසන්න වුණා. ඔය දැන් කරන්න හදන්නේ ඊ ළඟ වැඩේ... ඔය මනුස්සයා ඇවිල්ලා පළිගන්න පටන් ගත්තාම... ආණ්ඩුව වැටෙනවා මාසයෙන්..

:       132       126

de silva Saturday, 03 March 2018 08:21 AM

2020 වෙනකම් ඔබතුමාලා හරියට වතුර රත්වෙනකම් ඇතිලියේ දිය කෙලින කකුළුවන් මෙන් දිය කෙළිමින් ඉන්න. පුංචි ඡන්දේදි ජනතාව ඔබතුමාලට දුන් "රතු එළිය " තේරුම් ගන්න තරම්වත් වුවමනාවක් නැතිනම් මොකද කරන්නේ? පොරොන්දු ඉටු නොකරන, හරි කෙනෙකුට ඇමති ධුරයක්වත් දී ගන්න බැරි අකාර්යක්ෂම ඔබතුමාලා ලබන ඡන්දෙදි ගෙදර යවනවා හැරෙන්න අපට වෙන විකල්පයක් නැත.

:       0       52

Shan Saturday, 03 March 2018 08:49 AM

ඕක දෙන්න ඕනෑ සරත් ෆොන්සේකාට...

:       758       720

athula Saturday, 03 March 2018 08:55 AM

දැන් ඔයාලගේ ඔය කතා අහලා අපට නම් එපාම වෙලා. අඩු තරමේ රටේ ආරක්ෂක අංශය ගැන හසල අත්දැකීම් ඇති විශේෂඥයෙක් තමයි සරත් ෆොන්සේකා. එ්ක මේරටේ ගහක් කොළක් පවා දන්නා කරුණක්... ඔහුට සුදුසුම අමාත්‍යාංශයක් දීගන්න කොන්දක් නැති හොරු රැලක් හිටපු හොරු රැකගන්න කරන පිළිකුල් සහගත වෑයමක්... මේකත් ටිකෙන් ටික රටට අමතක කරන්න හදන උප්පරවැට්ටියක් විතරයි. හොරු එතරම්ම බලවත් !!!

:       0       821

de silva Saturday, 03 March 2018 11:55 AM

ඔය ඇමතිකම නැත්නම්, ආරක්ෂක අැමැතිකමවත් සරත් ෆොන්සේකාට දෙන්න බැරිනම් මොකටද එතුමාව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කර ගත්තේ? කැබිනට් එකේ ලස්සනට තබන්නද? බොරුකාර හොරු රැළක්...

:       0       410

Liyanage Sunday, 04 March 2018 05:48 AM

මහින්ද මහතාට දොස් කියන අය තමන්ගේ ආසනය පරදින්න හේතුව දන්නවද?

:       37       101

de silva Sunday, 04 March 2018 08:41 AM

ඕක සුදුසු කෙනෙකුට දෙනකම් ජනාධිපතිතුමා යටතේම තියාගත්තේ නැත්තේ මොකද? දැනට රටේ ආන්දෝලනාත්මක චරිතයක් වන අර්ජුන මහේන්ද්‍රන් රනිල්ගේ හොඳ මිත්‍රයෙකු නිසා, ඕක රනිල්ටම දෙන්න ඕනේ‍ද? කඩු සරඹ බැරි නම් ඡන්දෙට කලින් බොරුවට කඩු සටන් ගැන කියමින් උඩ පනින්න අවශ්‍යද? දැන් ඉස්සර වගේ නොවේ ඔබතුමාලගේ බොරු රඟපෑම් ටිකින් ටික තේරුම් ගන්න ජනතාවට පුළුවන්... එම නිසා ඔවුන් වැඩි කලබලයකින් තොරව ගිහින් අනිත් පැත්තට ඡන්දෙ දුන්නා. 2015 දුන් පොරොන්දු ඉටු කළානම් ඔබලාට ඔහොම වෙන්නේ නැත.

:       37       113

Ajantha Monday, 05 March 2018 09:27 AM

ඇමතිමාරුව බලාපොරොත්තු විදිහට සිදු වුණේ නැතිබව හැමෝම පිළිගන්නවා. සරත් ෆොන්සේකා නීතිය හා සාමය ඇමති කරනවට වඩාත්ම අකමැති බොරුවට කෑගහන ශ්‍රීලනිප කට්ටියමයි. සරත් ෆොන්සේකා ඇමති වුණොත් ජම්පරේ අඳින වැඩි දෙනෙක් ඉන්නේ එයාලා එක්ක... පොදු විපක්ෂයත් එක්ක. කොහොම හරි 32% ඡන්ද ගත්ත යූ.එන්.පී එක මොකක් හරි වෙනසක් කළානේ. ඉතින් 13% ගත්ත ශ්‍රීලනිප එක කයිවාරු ගහ ගහ ඉන්නේ නැතුව එයාලාගේත් වෙනස් කරලා පෙන්නුවා නම් නේද හොඳ?

:       0       0

ඔබේ අදහස් එවන්න

Others

නොරෝච්චෝල ලක් විජය සේවකයෝ 9ක් හදිසියේ ලෙඩ වෙති
2020 මැයි මස 22 13319 3

නොරෝච්චෝල ලක් විජය බලාගාරයේ සේවකයින් පිරිසක් හදිසියේ උණ හා අනිකුත් රෝග ලක්ෂණ පෙන්නුම් කිරිමත් සමග අදාල සේවක පිරිස වෛද්‍ය පරික්ෂණ සදහා යොමු කර රාජකාර


බීමත් රියදුරන් 245ක් අත්අඩංගුවට
2019 අප්‍රේල් මස 12 1770 14

බීමත් රියදුරන් සහ රථවාහන වැරදි සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයින පුරා පැය 24ක් තුළ සිදුකළ මෙහෙයුමෙන් බීමත් රියදුරන් 245දෙනෙකු අත්අඩංගුවට


පාතාල සාමාජික ‘වැල්ලේ සාරංග’ අත්අඩංගුවට
2019 අප්‍රේල් මස 09 1770 1

පාතාල සාමාජිකයෙකු වන ‘වැල්ලේ සාරංග’ නැමැත්තා රුපියල් ලක්ෂ 15 ට අධික අයිස් මත්ද්‍රව්‍ය හා හොරොයින් සමග අද(09) මෝදර රොක්හවුස් පටුමග ප‍්‍රදේශයේදී අත්අඩංගු


ඩුබායි රටෙන් පිටුවහල් කළ තවත් අයෙක් ප්‍රශ්න කර මුදාහරියි
2019 අප්‍රේල් මස 09 1038 1

ඩුබායි හි හෝටලයක පැවති උපන්දින සාදයක් අතරතුර මාකදුරේ මධුෂ් ඇතුළු පිරිසක් සමග එරට පොලිස් අත්අඩංගුවට ගෙන සිට පිටුවහල් කිරීමෙන් පසු කටුනායක ගුවන් තොට


මත්කුඩු පැකට් 36ක් සමඟ අඹුසැමි යුවළක් අල්ලයි
2019 අප්‍රේල් මස 09 408 0

හෙරොයින් මත්කුඩු පැකට් 36ක් සමඟ අඹුසැමි යුවළක් ගල්කිස්සේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.


මාකඳුරේ මධූෂ් මේ සතියේදී ලංකාවට
2019 අප්‍රේල් මස 09 5516 10

ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින පාතාල නායක මාකඳුරේ මධුෂ් නැමැත්තා මේ සතිය ඇතුළතදී ලංකාවට පැමිණීමට නියමිතව ඇතැයි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දීලීප පී


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1503 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site