(විනීතා එම් ගමගේ)
පළාත් පාලන ආයතන 93 ක් සඳහා නාමයෝජනා බාරදී අවසන් වූ අද (14) තුළ පැවැත්වෙමින් තිබු අපොස සා.පෙළ විභාගය පවා නොතකා ප‍්‍රධාන පක්ෂ සියල්ලේම පාහේ පෙළපාලි යන බවට පැමිණිලි රැසක් ලැබෙමින් පවතින බව පැෆරල් සංවිධානය කියයි.
විශේෂයෙන් රත්නපුර දිස්ත‍්‍රික්කයේ පෙළපාලි රැසක් යන බවට පුරවැසි පැමිණිලි ලැබී ඇතැයි පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවැසිය.
මෙම පැමිණිලි තහවුරු කර ගැනීමෙන් පසුව මැතිවරණ කොමිෂන් සභාව වෙත යැවීමට කටයුතු කරන බව ද හෙට්ටිආරච්චි මහතා ප‍්‍රකාශ කළේය.
මේ මැතිවරණයේ ප‍්‍රචාරක කාල සීමාව යෙදී ඇත්තේ සා.පෙළ විභාගය පවත්වන කාලසීමාව තුළ වන බැවින් විභාග අපේක්ෂක දරුවන්ට අවහිර නොවන පරිදි ප‍්‍රචාරක කටයුතු කරගෙන යන්නට සැලසුම් කරන්නැයි පැෆරල් සංවිධානය අපේක්ෂකයින් ගෙන් ඉල්ලා සිටින බව ද හෙතෙම සඳහන් කළේය.
විභාග ශාලා ආසන්නයේ රැස්වීම් පැවැත්වීම මෙන්ම පාසල් දරුවන් නිවෙස්වල පාඩම් කරමින් සිටින බැවින් ඒ පිළිබඳව ද අවධානය යොමු කරමින් රථ පෙළපාලිවල ගමන් නොකරන ලෙස අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටි හෙට්ටිආරච්චි මහතා කොට්ඨාස සීමිත ඒවා බැවින් ප්‍රචාරක ක‍්‍රම ඊට සුදුසු වන පරිදි යොදා ගන්නැයි ඉල්ලා සිටියේය.
එමෙන්ම පොලිතින් වැනි පරිසරයට හානි කරන දෑ යොදා නොගැනීමට වග බලා ගන්නා ලෙසත් මැතිවරණ නීති ගරු කරමින් කටයුතු කරන්නට වග බලා ගන්නැයි ද පැෆරල් සංවිධානය ඉල්ලා සිටින බව ඔහු සඳහන් කළේය.
නොරෝච්චෝල ලක් විජය බලාගාරයේ සේවකයින් පිරිසක් හදිසියේ උණ හා අනිකුත් රෝග ලක්ෂණ පෙන්නුම් කිරිමත් සමග අදාල සේවක පිරිස වෛද්‍ය පරික්ෂණ සදහා යොමු කර රාජකාර
බීමත් රියදුරන් සහ රථවාහන වැරදි සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයින පුරා පැය 24ක් තුළ සිදුකළ මෙහෙයුමෙන් බීමත් රියදුරන් 245දෙනෙකු අත්අඩංගුවට
පාතාල සාමාජිකයෙකු වන ‘වැල්ලේ සාරංග’ නැමැත්තා රුපියල් ලක්ෂ 15 ට අධික අයිස් මත්ද්‍රව්‍ය හා හොරොයින් සමග අද(09) මෝදර රොක්හවුස් පටුමග ප‍්‍රදේශයේදී අත්අඩංගු
ඩුබායි හි හෝටලයක පැවති උපන්දින සාදයක් අතරතුර මාකදුරේ මධුෂ් ඇතුළු පිරිසක් සමග එරට පොලිස් අත්අඩංගුවට ගෙන සිට පිටුවහල් කිරීමෙන් පසු කටුනායක ගුවන් තොට
හෙරොයින් මත්කුඩු පැකට් 36ක් සමඟ අඹුසැමි යුවළක් ගල්කිස්සේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.
ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින පාතාල නායක මාකඳුරේ මධුෂ් නැමැත්තා මේ සතිය ඇතුළතදී ලංකාවට පැමිණීමට නියමිතව ඇතැයි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දීලීප පී
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
විභාග මධ්‍යස්ථාන ළඟ පෙළපාලි - පැෆරල්