IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


රතුපස්වල කඳුළු විකුණූ අය තඹුත්තේගමදී කළ ප්‍රහාරය නින්දිතයි - මුසම්මිල්

නිමල කොඩිතුවක්කු

රතුපස්වල ජනතාවගේ කදුලූ විකුණා  බලයට පත්වුනු වත්මන්  ආණ්ඩුව තමන්ගේ  වතුර ටික ආරක්ෂා කරගැනීමට පාරට බැස්ස තඹුත්තේගම ජනතාවට සිහි නැති වෙනතුරු  පහර දුන් බව ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මහතා පැවසීය.
 
ජනතාවගේ ගැටලූ සඳහා වත්මන් ජාතික ආණ්ඩුවට ඇති එකම අවිය මර්දනය පමණක් බවත් අහිංසක ජනතාවට එල්ල කළ එම නින්දිත ප‍්‍රහාරය හෙලා දකින බවත්  ඔහු කියා සිටියේය.
 
පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණු මූලස්ථානයේ අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය. 
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මහතා මෙසේද කීය.
 
       ‘‘ රාජාංගනය වැව පානීය ජල ව්‍යාපෘතියකට පැවරීමට එරෙහිව විහාල විරෝධතාවයක් ඇතිවුනා. තඹුත්තේගම ප‍්‍රදේශයේ සංවිධානය  කළ මෙම විරෝධතාවයට පොලිසිය ඉතාම අමානුශික  ලෙස පහරදිමක් සිදුකලා. මේ වැව විදේශිකයන්ට ලබාදීම එරෙහිව තමන්ගේ ජල අයිතිය ආරක්ෂා කර ගැනිම වෙනුවෙන් සටන් කළ ඒ  රජරට ජනතාවට අපගේ ප‍්‍රණාමය අපි පුදකරනවා.
 
මේ  යමපාලන ආණ්ඩුව අද ඒ  මිනිස්සුන්ව සිරකරලා තියෙනවා. මේ ජනතාව  එම  ඓතිහාසික සටන ක‍්‍රියාත්මක කළේ මේ රටේ  අනාගත පරපුර වෙනුවෙන් වසර 2500ක උරුමය වෙනුවෙන්. ඒ වෙනුවෙන්  තමයි මේ අයට අද සිරබත් කන්න වෙලා තියෙන්නේ.  මේ යමපාලන ආණ්ඩුව මේ ඇතුලට දැම්මේ  මේ රටේ පෞරාණික උරුමය ආරක්ෂා  කිරිම වෙනුවෙන් සටන් කරපු පිරිසක් කියන එක ඉතාම පැහැදිලියි.
 
මේ නින්දිත ප‍්‍රහාරය  අපි හෙලා දකිනවා. පොලිසිය පමණක් නෙමෙයි මැරයින්  යොදාගෙන තමයි මේ ප‍්‍රහාරය එල්ල කළේ. ඒ දර්ශන වල ඉතා පැහැදිලිව පොලූ අතින් ගත්ත මැරයො ඉන්නවා. ඔවුන් පොලීසියත්  එක්ක හවුලේ මේ ජනතාවට පහරදෙනවා.
 
මේක තමයි අගමැතිතුමා නීතිය හා සාමය අතට අරගෙන වැඩ පටන් ගත්ත පලවෙනි දවස  පනස් ගණනක් හිරේ දාලා, වයසක මිනිස්සුන්ගේ, කාන්තාවන්ගේ ඔලූ පලලා, සිහිනැති වෙනකම් පහරදීලා තමයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ආන්ඩුව නීතිය හා සාමය අමාත්‍යාංශයේ වැඩ ආරම්භ කළේ.
 
රතුපස්සල සිද්දිය ගැන ජනතා විමුක්ති පෙරමුණ ඉහලින්ම කතා කළා. දැන් ජවිපේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ගම තඹුත්තේගමයි. වෙනසකට මුල පුරපු ආණ්ඩුව තමන්ගේම  ගමේ ගොවියන්ට, තමන්ගේ  හිතවතුන්ට පහරදිලා තියෙනවා. යනුවෙන්ද ඔහු පැවසීය.‘‘



අදහස් (10)

රතුපස්වල කඳුළු විකුණූ අය තඹුත්තේගමදී කළ ප්‍රහාරය නින්දිතයි - මුසම්මිල්

Mahinda Thursday, 01 March 2018 12:27 PM

රතුපස්වල වැඩේට ජනතාව කැමතියි. එ්කනේ එක්කෙනා දෙතුන්පාරක් එකම තැනට ගිහින් මඩේ එරෙන්නේ...

:       0       0

Aith Nissanka Thursday, 01 March 2018 04:30 PM

තඹුත්තේගමදී කළ ප්‍රහාරය නින්දිතයි ! එතකොට රතුපස්වල ප්‍රහාරය නින්දිත නැද්ද! අති උත්කෘෂ්ටද?

:       1       228

nishan Thursday, 01 March 2018 10:09 PM

තමුන්නාන්සේලා තමයි ජනතාව කුලප්පු කලේ. ආණ්ඩුවේ පානීය ජාල ව්‍යාපෘතිය ගැන බොරු ප්‍රචාර ඇරලා ජනතාව රැවට්ටුවා. රතුපස්වල උනේ එහෙම දෙයක්ද? එතන කිසිම දේශපාලනයක් තිබුනේ නෑ. එතන ෆැක්ටරියක අපද්‍රව්‍ය වතුරට මිශ්‍ර වෙනවා කියලයි විරෝධය තිබුනේ. තමුන්නාන්සේලා එතැනදී ගත්තේ කාගේ පැත්තද? එදා වෙඩි කාපු ජනතාව වෙනුවෙන් තමුන්නාන්සේලා මොනවද කලේ ?

:       120       314

V.warnakulasuriya Thursday, 01 March 2018 10:56 PM

ජනතා උද්ඝෝෂණයකදී කරන ප්‍රහාරයක් නින්දිතය. එහෙත් තමන්ගේ කාලයේදී නින්දිත ප්‍රහාර අමතක කර සුදනන් වශයෙන් කතා කිරීමද නින්දිතය. මේකත් හිටපු හොරු අලුත් හොරුන්ට හොරු කියනවා වගේ කතාවකි. ශ්‍රී ලංකාවේ දේශපාලකයන් මෙතරම් නින්දිත තත්ත්වයකට පත්වීම ඇත්තෙන්ම කණගාටුවට කරුණකි. අද දේශපාලනය විකට නළුවන්ගේ රඟපෑම් බලනවාට සමානය. මුසම්මිල් මහතා සහ ඔහුගේ නායකතුමාත් එහි කැපී පෙනෙන නළු චරිතයන්ය.

:       1       208

Dilruk Friday, 02 March 2018 12:25 AM

කෝ මේ අනුර.? රතුපස්වල සිද්ධිය සෝද සෝද මඩේ දාපු රතු කොළ මල්ලිලා දැන් නිස්සබ්ධ ඇයි .

:       505       263

ajith Friday, 02 March 2018 02:46 AM

එතකොට මුසම්මිල්ට පේන්නේ ගහපු එකේ වැරැද්ද. ඔය දෙකම වැරදියි. මිනිස්සුත් ඕනේ එකටයි එපා එකටයි පාරට බහින එකත් වැරදියි..

:       23       280

අමල් Friday, 02 March 2018 04:40 AM

රතුපස්වල මිනිස්සු ඉල්ලුවේ පිරිසිදු පානීය ජලය. තඹුත්තේගම මිනිස්සුන්ට පිරිසිදු පානීය ජලය එපා නම් ඔයා ව්‍යාපෘතිය කුරුණෑගල වගේ නියගයෙන් පිඩා විදින තැනකට දෙන්න. වැව් වලින් කොපමණ පානීය ජල ව්‍යාපෘති කරනවද? කන්තලේ වැවෙන් වතුර ත්‍රිකුණාමලයට ගෙනියනවා. එතකොට ඒ මිනිස්සුත් විරුද්ද වෙන්න එපෑය. කුහක වෙන්න එපා මිනිස්සුනේ. අනික දේශපාලන අතකොලු වෙන්න එපා.

:       93       514

Sunil Friday, 02 March 2018 05:26 AM

එතකොට රතුපස්වල කඳුළු තියෙන්නේ කොහොමද මහත්තයෝ? රතුපස්වලත් කඳුළු තිබුනා කියල පිලිගන්නවා එහෙනම්? කට බොරු කිව්වත් දිව බොරු කියානේ නැහැ කියන්නේ ඕකනේ? කියන වචන තෝරලා බේරලා ගන්න ඕනි කියන්නේ ඔය නිසා තමා!

:       1       96

Amara Friday, 02 March 2018 06:40 AM

රතුපස්වල කඳුළු ගත්ත ඔබත් වැරදියි

:       2       23

Amarapaala Friday, 02 March 2018 10:32 AM

මුසම්මිල් මහත්තයෝ, එතකොට අම්පාර ප්‍රශ්නයේදී පොලිසිය නැට්ට පස්සේ ගහගෙන හිටපු එකට ඔබතුමා මොනවත් කියන්නේ නැද්ද? අපිට වෙන්න ඕනෑ විදිහට එතන වැඩ සිදුවුණා නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

Others

නොරෝච්චෝල ලක් විජය සේවකයෝ 9ක් හදිසියේ ලෙඩ වෙති
2020 මැයි මස 22 13319 3

නොරෝච්චෝල ලක් විජය බලාගාරයේ සේවකයින් පිරිසක් හදිසියේ උණ හා අනිකුත් රෝග ලක්ෂණ පෙන්නුම් කිරිමත් සමග අදාල සේවක පිරිස වෛද්‍ය පරික්ෂණ සදහා යොමු කර රාජකාර


බීමත් රියදුරන් 245ක් අත්අඩංගුවට
2019 අප්‍රේල් මස 12 1770 14

බීමත් රියදුරන් සහ රථවාහන වැරදි සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයින පුරා පැය 24ක් තුළ සිදුකළ මෙහෙයුමෙන් බීමත් රියදුරන් 245දෙනෙකු අත්අඩංගුවට


පාතාල සාමාජික ‘වැල්ලේ සාරංග’ අත්අඩංගුවට
2019 අප්‍රේල් මස 09 1770 1

පාතාල සාමාජිකයෙකු වන ‘වැල්ලේ සාරංග’ නැමැත්තා රුපියල් ලක්ෂ 15 ට අධික අයිස් මත්ද්‍රව්‍ය හා හොරොයින් සමග අද(09) මෝදර රොක්හවුස් පටුමග ප‍්‍රදේශයේදී අත්අඩංගු


ඩුබායි රටෙන් පිටුවහල් කළ තවත් අයෙක් ප්‍රශ්න කර මුදාහරියි
2019 අප්‍රේල් මස 09 1038 1

ඩුබායි හි හෝටලයක පැවති උපන්දින සාදයක් අතරතුර මාකදුරේ මධුෂ් ඇතුළු පිරිසක් සමග එරට පොලිස් අත්අඩංගුවට ගෙන සිට පිටුවහල් කිරීමෙන් පසු කටුනායක ගුවන් තොට


මත්කුඩු පැකට් 36ක් සමඟ අඹුසැමි යුවළක් අල්ලයි
2019 අප්‍රේල් මස 09 408 0

හෙරොයින් මත්කුඩු පැකට් 36ක් සමඟ අඹුසැමි යුවළක් ගල්කිස්සේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.


මාකඳුරේ මධූෂ් මේ සතියේදී ලංකාවට
2019 අප්‍රේල් මස 09 5516 10

ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින පාතාල නායක මාකඳුරේ මධුෂ් නැමැත්තා මේ සතිය ඇතුළතදී ලංකාවට පැමිණීමට නියමිතව ඇතැයි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දීලීප පී


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1516 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site