IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


මහනුවර ඡන්ද පෙට්ටි නිකුත් කිරීමේ ප්‍රමාදයක්

සෙනරත් බණ්ඩාර
 
පළාත් පාලන මැතිවරණය සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 925 ක් සඳහා ඡන්ද පෙට්ටි නිකුත් කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් නොවීම හේතුවෙන් මැතිවරණ රජාකාරී සඳහා පැමිණි නිලධාරීන් දැඩි දුෂ්කරතාවට පත්වූහ.
 
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුළ ඉහළ පහසුකම් සහිත ගොඩනැගිල්ලක් අලුතින් විවෘත කර තිබියදී මහනුවර සිට කිලෝ මීටර 10 ක් පමණ දුරින් පිහිටි ගන්නෝරුව රණබිම රාජකීය විද්‍යාලීය පරිශ්‍රය ඡන්ද පෙට්ටි නිකුත් කිරීමට මහනුවර මැතිවරණ බලධාරීන් පියවර ගෙන තිබිණි.
 
හසලක,උඩුදුම්බර,ගලගෙදර,නාවලිපිටිය,දොළොස්භාගේ,උඩගල්දෙබොක්ක ආදී දුෂ්කර ප්‍රදේශ ගණනාවකට ගෙන ආයුතු ඡන්ද පෙට්ටි නිකුත් කිරීම පැය ගණන් ප්‍රමාද වීම නිසා ඒවා අවසානයේ නිකුත් කිරීමට සිදුවූයේ මැතිවරණ රජකාරී සඳහා පැමිණි නිලධාරීන්ගේ හූහඬ මධ්‍යයයේය.
 
පැය තුනක පමණ ප්‍රමාදයකින් පසු ලැබුණු නිල ඡන්ද පෙට්ටි එම මධ්‍යස්ථානයේ සිට කිලෝ මීටරයක පමණ දුරින් පිහිටි බස් රථ ගාල වෙත ගෙන යෑමට ඒවා බාරව ගිය නිලධාරීන්ට සිදුවූයේ එම මාර්ගයේ ගමන් ගනිමින් තිබූ පෞද්ගලික වාහන වල පටවාගෙනය.
 
 
මැතිවරණ රාජකාරී සඳහා පැමිණි නිලධාරීන්ට රාජකාරී පැවරීම සඳහාද නිසි ක්‍රමවේදයක් නොවූ අතර මේ නිසා නිලධාරීන් 400 දෙනකුට පමණ ආපසු නිවෙස් බලා හැරී යාමට සිදු වුනු අතර ඔවුන්ගේ සහයට ඡන්ද පෙට්ටි රැගෙන යාමට පැමිණි සහයකයින් ද උදෑසන සිට දහවල් වන තුරු අහාරයක්වත් නොමැතිව හිස් අතින්ම යෑමට සිදුවූ බව එම නිලධාරින් ප්‍රකාශ කර සිටින ලදී .

ඡායාරූප - චමිල් රූපසිංහ

 



අදහස් (2)

මහනුවර ඡන්ද පෙට්ටි නිකුත් කිරීමේ ප්‍රමාදයක්

kalpa Saturday, 10 February 2018 01:07 AM

මෙහෙම වුණාම ඉතාම කරදරයට මෙන්ම අපහසුතාවයට පත්වෙන්නේ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපති.. ඔහු උදේම පෙට්ටි ගන්න එන්නේ සමහරවිට බඩගින්නේ... පෙට්ටි ගත්තට පස්සේ මධ්‍යස්ථානයට ගියවෙලාවේ සිට ඉවරයක් නොමැති වැඩ... බොහෝවේලාවට රාත්‍රියට නින්දක් නැහැ. ඡන්දෙ දවසෙත් විවේකයක් නැහැ. ඒ මදිවට අපේක්ෂකයන්ගෙනුත්, සහචරයින්ගෙනුත් වන හිරිහැර ඡන්ද පෙට්ටි ආපසු ගෙනාවම බාර ගැනීමේදී වන හිරිහැර බොහෝ වෙලාවට ගණන් කරන්නත් තිබුණොත්, පසුදාත් නොමැරී වැඩ කරන්න වෙනවා. මැතිවරණයකදී ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපති තරම් දුක්විඳින කිසිකෙනෙක් නැහැ. නමුත් ලැබෙන දීමනාව අනෙක් නිලධාරීන් සමග සසඳන විට ඉතාම පහත්... මේ නිසා ඉහත තත්වය ඇතිකළ නිලධාරීන්ට දඬුවම් කලයුතුයි.

:       0       0

සුසිල් කරුනාතිලක Saturday, 10 February 2018 02:12 PM

මහනුවර මැතිවරණ කාර්යාලයේ උඬඟු තීරණ වල ප්‍රතිඵලයක්...

:       0       45

ඔබේ අදහස් එවන්න

Others

නොරෝච්චෝල ලක් විජය සේවකයෝ 9ක් හදිසියේ ලෙඩ වෙති
2020 මැයි මස 22 13319 3

නොරෝච්චෝල ලක් විජය බලාගාරයේ සේවකයින් පිරිසක් හදිසියේ උණ හා අනිකුත් රෝග ලක්ෂණ පෙන්නුම් කිරිමත් සමග අදාල සේවක පිරිස වෛද්‍ය පරික්ෂණ සදහා යොමු කර රාජකාර


බීමත් රියදුරන් 245ක් අත්අඩංගුවට
2019 අප්‍රේල් මස 12 1770 14

බීමත් රියදුරන් සහ රථවාහන වැරදි සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයින පුරා පැය 24ක් තුළ සිදුකළ මෙහෙයුමෙන් බීමත් රියදුරන් 245දෙනෙකු අත්අඩංගුවට


පාතාල සාමාජික ‘වැල්ලේ සාරංග’ අත්අඩංගුවට
2019 අප්‍රේල් මස 09 1770 1

පාතාල සාමාජිකයෙකු වන ‘වැල්ලේ සාරංග’ නැමැත්තා රුපියල් ලක්ෂ 15 ට අධික අයිස් මත්ද්‍රව්‍ය හා හොරොයින් සමග අද(09) මෝදර රොක්හවුස් පටුමග ප‍්‍රදේශයේදී අත්අඩංගු


ඩුබායි රටෙන් පිටුවහල් කළ තවත් අයෙක් ප්‍රශ්න කර මුදාහරියි
2019 අප්‍රේල් මස 09 1038 1

ඩුබායි හි හෝටලයක පැවති උපන්දින සාදයක් අතරතුර මාකදුරේ මධුෂ් ඇතුළු පිරිසක් සමග එරට පොලිස් අත්අඩංගුවට ගෙන සිට පිටුවහල් කිරීමෙන් පසු කටුනායක ගුවන් තොට


මත්කුඩු පැකට් 36ක් සමඟ අඹුසැමි යුවළක් අල්ලයි
2019 අප්‍රේල් මස 09 408 0

හෙරොයින් මත්කුඩු පැකට් 36ක් සමඟ අඹුසැමි යුවළක් ගල්කිස්සේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.


මාකඳුරේ මධූෂ් මේ සතියේදී ලංකාවට
2019 අප්‍රේල් මස 09 5516 10

ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින පාතාල නායක මාකඳුරේ මධුෂ් නැමැත්තා මේ සතිය ඇතුළතදී ලංකාවට පැමිණීමට නියමිතව ඇතැයි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දීලීප පී


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 141 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1424 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1349 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site