IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ජවිපෙ කාර්යාලයක කටවුට්වලට ගිනි

(උපාලි රණවීර)

දොම්පේ ප්‍රාදේශීය සභාවට ජනතා විමුක්ති පෙරමුණෙන් තරග කරන අපේක්ෂක නිමල් ධර්මදාස මහතාගේ දංගල්ල පක්ෂ කාර්යයාලයේ කටවුට් කඩා ගිනිතැබීම සම්බන්ධයෙන් පුගොඩ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

අද(21) අලුයම මෙම ගිනි තැබීම සිදුකර ඇති අතර එයට විරෝධය පළ කිරීම සදහා පක්ෂ ක්‍රියාකාරීහු අද පෙරවරුවේදී එම කාර්යාලය අසල විරෝධතාවයකද නිරත වුහ. 



අදහස් (12)

ජවිපෙ කාර්යාලයක කටවුට්වලට ගිනි

Sanath Sunday, 21 January 2018 09:00 AM

මෙදාපාර හැමෝටම අභියෝගයක් වෙලා තියෙන්නේ ජ.වි.පෙ. ඒ නිසයි හැම පැත්තෙන්ම හිරිහැර වලට ලක් වෙන්න වෙලා තියෙන්නේ. ජ.වි.පෙ.ට බලය ලැබුණොත් හොරුන්ට යන එන මං නැති වෙන බව දන්නවා. සියළු බාධක මැද නොසැලී ජයග්‍රහණය තෙක් සටන් වදින්න ශක්තිය ලැබේවා. !!!

:       197       2556

vernon Sunday, 21 January 2018 01:39 PM

මේ පුවත කියවා ඇත්තේ (මේ ප්‍රතිචාරය දමන විට) 128කි. ජවිපෙට කඩේ යන්නන් 218ක් ලෙස අදහසට කැමති බව ප්‍රකාශ කර ඇත. ඒ සමහර විට ජවිපෙට හැඳුනුම්පත් දුන් අය විය හැක.

:       1016       557

LapayaMonday, 22 January 2018 02:23 AM

වැඩියෙන් කැමති බව ප්‍රකාශ කර ඇත්තේ 71, 88,89 ජවිපෙ බලන් ගත්ත ජනතාවගේ හැදුනුම්පත් පාවිච්චි කරලා වෙන්න ඇති. පව් කියලත් හිතෙනවා ජප්පෝ ගැන. යහපලානේ ගෙන්න කාලයක් මැරීගෙන කඩේ ගියා. දැනටත් යටින් කඩේ යන ගමන් උඩින් බටර් ගාන එක තමයි කරන්නේ. නැත්නම් ජිවත් වෙන්න ක්‍රමේ හද ගන්නේ කොහොමද? 1980 න් පස්සේ ඉපදුන යට ජප්පොන්ගේ අතීතය ගැන වැටහීමක් නැහැ.බලු නැට්ට වගේ තමයි මොකේ දැම්මත් කෙලින් කරන්න බැහැ.

:       276       9

SanathMonday, 22 January 2018 06:02 AM

ඉතිහාසය අමතක ඔබට මතක් කර දෙන්න කැමතියි, එදා දේ.ජ.ව්යාපාරය හැදුනුම්පත් එකතු කළේ එවකට රජය හැදුනුම්පත් පරීක්ෂා කරමින්, ගෝනි බිල්ලන් ලවා ඉන්ඳු ලංකා ගිවිසුමට එරෙහිව අරගල කළ දහස් ගණනක් තරුණයන් අත් අඩංගුවට ගෙන මරා දැමීමට එරෙහිවයි.

:       101       254

SanathMonday, 22 January 2018 06:22 AM

ජෙප්පොන්ගේ අතීතය වගේම​, අවුරුදු හැත්තෑවක් මේ රට අඳුරට ඇද දැමූ සේනානායක​, බන්ඩාරනායක​, ජයවර්ධන​, ප්‍රේමදාස​, වික්‍රමසිංහ​, රාජපක්‍ෂ​, සිරිසේන වරුන්ගේ ඉතිහාසය ගැනත් අපි හොඳට හදාරලා තියෙනවා ලපයෝ. ඒකට උපන් අවුරුද්ද මොකද්ද කිය එක වැදගත් නෑ.

:       13       119

SanathMonday, 22 January 2018 03:55 AM

මහ බැංකුව කොල්ල කෑ යහපාලකයන්ට හෝ සුණාමි සහණාධාර කොල්ල කෑ රාජපක්‍ෂවරුන්ට කඩේ යනවාට වඩා හැදුනුම්පත් කොල්ල කෑ ජ​.වි.පෙ.ට කඩේ යෑම ආඩම්බරයකි.

:       57       209

vernonMonday, 22 January 2018 05:14 AM

1971 කැ‍රැල්ල 1973දි පටන් ගත්ත කොටි සංවිධානයට හොඳ පිටිවහලක් වුනා.

:       206       146

Dr. Vajira FernandoMonday, 22 January 2018 06:12 AM

වෙරෝන්, 1971 අරගලය​, 88,89 අරගලය මෙන්ම කොටි ත්‍රස්තවාදයටත් පිටිවහළක් උනේ 70 වසරක් තිස්සේ මේ රට පාලනය කළ එකම කඳවුරේ ප්‍රධාන පක්‍ෂ දෙකේ අමණ ප්‍රතිපත්ති හා ජනතා විරෝධී වැඩ පිළිවෙලයි.

:       102       310

මාවිල්මඩ වජිර හිමිMonday, 22 January 2018 06:40 AM

ලෝක ඉතිහාසය පොඩ්ඩක් හදාරන්න වෙරෝන්. 1971 ලංකාවේ සිදුවූ අරගලයට මෙන්ම ඒ වකවානුවේ වියට්නාමයේ, නිකරගුවාවේ, චිලියේ, ඉන්දුනීසියාවේ, කාම්බෝජයේ, ඇන්ගෝලාවේ, කොංගෝවේ, නැමීබියාවේ, ඇෆ්ඝනිස්තානයේ, යේමනයේ, ඉතියෝපියාවේ සිදුවූ අරගල වලටත් ආදර්ශය සැපයුවේ ෆිඩෙල් කැස්ත්‍රෝ හා චේ ගුවේරාගේ නායකත්වයෙන් 1959 ජයග්‍රහණය කළ කියුබානු සමාජවාදී විප්ලවයයි. 1971 අරගලය ජයග්‍රණය කළානම්, කොටි ත්‍රස්තවාදය බිහිවීමට හේතු වූ පසුබිම වෙනස් කරනවා නොඅනුමාණයි.

:       1       157

pakeerMonday, 22 January 2018 04:27 PM

කවුරුත් ඉතින් කාට හරි කඩේ යන එක තමයි කරන්නේ. නැත්නම් ඉතින් ඉතින් ලැජ්ජාවක් නැත්නම් ඡන්දෙ දෙයිද මේ හොරුන්ට නැවත නැවත

:       0       2

ධනුෂ්ක Tuesday, 23 January 2018 12:38 AM

කවුරු කවුරුත් ජ.වි.පෙ පරණ කුණු අවුස්ස අවුස්ස හිටියට. නිකමට කල්පනා කරාද. අවුරුදු 70ක් රට පාලනය කරපු පක්ෂ දෙක. මෙතෙක් කල් අනික් රටවලට සාපේක්ෂව ලංකාවට මොකද කලේ. රුපියල් කෝටි දසලක්ෂයක් අපිව ණය කරලා. ණය ගෙවන්න අාදායම් මාර්ග හදලද නෑ. යුද්දේ ඉවර කරාට යුද්ධයක් පටන් ගන්න පසුබිම හැදුවේ කවුද? එයාලා නිර්මාණය කරපු යුද්ධෙ මේ රටේ භාගයක් විනාශ කරලා එයාලම ඉවර කරා. යුද්ධයෙ ඉතිහාසය පොඩ්ඩක් හොයලා බලන්න. කවුරුත් රැවටෙන්න එපා කොළඹ තියන ගොඩනැගිලි. හදපු වරායවල්. ගුවන් තොටුපලවල් අපේ කියලා. ලංකා භූමියේ තිබුනට එ්වා වෙන අයට අයිති හා අයිති වීමට නියමිත. අපි එ්වට කඹුරන සේවකයෝ විතරයි. එ්ක සංවර්ධනයක් නෙමේ.

:       0       0

sachith Tuesday, 23 January 2018 05:04 AM

ලංකාදීප පුවත්පතේ ලිපි ගැන අපිට අදහස් දක්වන්න අවස්ථාව දීල තියෙන එකට ස්තුති කරන අතරේම තියෙන පොඩි පොඩි අඩුපාඩුකම් ඉක්මනට හදාගන්න. ප්‍රධානම දේ, අදහසකට සීමාවකින් තොරව කැමැත්ත/අකමැත්ත ප්‍රකාශ කරන්න පුළුවන් එක.

:       0       0

ඔබේ අදහස් එවන්න

Others

නොරෝච්චෝල ලක් විජය සේවකයෝ 9ක් හදිසියේ ලෙඩ වෙති
2020 මැයි මස 22 13319 3

නොරෝච්චෝල ලක් විජය බලාගාරයේ සේවකයින් පිරිසක් හදිසියේ උණ හා අනිකුත් රෝග ලක්ෂණ පෙන්නුම් කිරිමත් සමග අදාල සේවක පිරිස වෛද්‍ය පරික්ෂණ සදහා යොමු කර රාජකාර


බීමත් රියදුරන් 245ක් අත්අඩංගුවට
2019 අප්‍රේල් මස 12 1770 14

බීමත් රියදුරන් සහ රථවාහන වැරදි සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයින පුරා පැය 24ක් තුළ සිදුකළ මෙහෙයුමෙන් බීමත් රියදුරන් 245දෙනෙකු අත්අඩංගුවට


පාතාල සාමාජික ‘වැල්ලේ සාරංග’ අත්අඩංගුවට
2019 අප්‍රේල් මස 09 1770 1

පාතාල සාමාජිකයෙකු වන ‘වැල්ලේ සාරංග’ නැමැත්තා රුපියල් ලක්ෂ 15 ට අධික අයිස් මත්ද්‍රව්‍ය හා හොරොයින් සමග අද(09) මෝදර රොක්හවුස් පටුමග ප‍්‍රදේශයේදී අත්අඩංගු


ඩුබායි රටෙන් පිටුවහල් කළ තවත් අයෙක් ප්‍රශ්න කර මුදාහරියි
2019 අප්‍රේල් මස 09 1038 1

ඩුබායි හි හෝටලයක පැවති උපන්දින සාදයක් අතරතුර මාකදුරේ මධුෂ් ඇතුළු පිරිසක් සමග එරට පොලිස් අත්අඩංගුවට ගෙන සිට පිටුවහල් කිරීමෙන් පසු කටුනායක ගුවන් තොට


මත්කුඩු පැකට් 36ක් සමඟ අඹුසැමි යුවළක් අල්ලයි
2019 අප්‍රේල් මස 09 408 0

හෙරොයින් මත්කුඩු පැකට් 36ක් සමඟ අඹුසැමි යුවළක් ගල්කිස්සේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.


මාකඳුරේ මධූෂ් මේ සතියේදී ලංකාවට
2019 අප්‍රේල් මස 09 5516 10

ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින පාතාල නායක මාකඳුරේ මධුෂ් නැමැත්තා මේ සතිය ඇතුළතදී ලංකාවට පැමිණීමට නියමිතව ඇතැයි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දීලීප පී


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 223 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1537 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site