ඩයනා උදයංගනී
එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී කොළඹ දිස්ත‍්‍රික්කයේ පළාත් පාලන ආයතන 10ක් සඳහා දේශපාලන පක්‍ෂ 62ක් සහ ස්වාධීන කණ්ඩායම් 14ක් අද (21) නාමයෝජනා භාරදුන් බව කොළඹ දිස්ත‍්‍රික් ලේකම් සහ ප‍්‍රධාන තේරීම් භාර නිලධාරී සුනිල් කන්නන්ගර මහතා පැවසීය.
මින් දේශපාලන පක්‍ෂ දෙකක් සහ එක් ස්වාධීන කණ්ඩායමක් ඉදිරිපත් කළ නාමයෝජනා පත‍්‍ර ප‍්‍රතික්‍ෂ්ප විය.
ජාතික ජනතා පක්‍ෂය කොළඹ මහ නගර සභාව සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා පත‍්‍රය නියමිත අපේක්‍ෂක සංඛ්‍යාව නොසිටීම නිසාත්, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාව සඳහා එක්සත් සමාජවාදී පක්‍ෂය ඉදිරිපත් කළ නාමයෝජනා පත‍්‍රය නියමිත ප‍්‍රමාණයට වඩා වැඩි අපේක්‍ෂක සංඛ්‍යාවක් ඇතුළත් කරතිබීම නිසා සහ කැස්බෑව නගර සභාවට ස්වාධීන කණ්ඩායමක් ඉදිරිපත් කර තිබූ නාමයෝජනා පත‍්‍රය නියමිත කාන්තා නියෝජනය නොතිබීම නිසාත් ප‍්‍රතික්‍ෂ්ප වී තිබිණි.
මීට අමතරව තවත් පක්‍ෂ හා ස්වාධීන කණ්ඩායම්වල නාමයෝජනාවලින් අපේක්‍ෂක නම් කිහිපයක් ඉවත් කිරීමට තීරණය කළ බව ද දිස්ත‍්‍රික් ලේකම්වරයා සඳහන් කළේය.
කොළඹ දිස්ත‍්‍රික්කයේ කොළඹ, මොරටුව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සහ කඩුවෙල මහනගර සභා, කොලොන්නාව, සීතාවකපුර හා කැස්බෑව නගර සභා මෙන්ම හෝමාගම, කොටිකාවත්ත මුල්ලේරියාව සහ සීතාවක ප‍්‍රාදේශීය සභා යන ආයතන 10 සඳහා මෙහිදී නාමයෝජනා භාරදුන් වූ අතර ඒ අනුව ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එම ආයතන 10 සඳහා පිළිගත් දේශපාලන පක්‍ෂ 60කුත් ස්වාධීන කණ්ඩායම් 13ක් ඇතුළු කණ්ඩායම් 73ක් තරඟ කිරීමට නියමිතය.
එයින් කොළඹ මහනගර සභාවට පිළිගත් දේශපාලන පක්‍ෂ 9ක් හා ස්වාධීන කණ්ඩායම් 2ක්, මොරටුව මහනගර සභාවට පිළිගත් දේශපාලන පක්‍ෂ 5ක් සහ ස්වාධීන කණ්ඩායම් 1ක්, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවට පිළිගත් දේශපාලන පක්‍ෂ 6 ක් සහ ස්වාධීන කණ්ඩායමක්, කඩුවෙල මහනගර සභාවට පිළිගත් දේශපාලන පක්‍ෂ 7ක් සහ ස්වාධීන කණ්ඩායම් 4, කොලොන්නාව නගර සභාවට පිළිගත් දේශපාලන පක්‍ෂ 6ක්, කැස්බෑව නගර සභාවට පිළිගත් දේශපාලන පක්‍ෂ 6ක් හා ස්වාධීන කණ්ඩායමක්, සීතාවකපුර නගර සභාවට පිළිගත් දේශපාලන පක්‍ෂ 4ක් හා ස්වාධීන කණ්ඩායමක්, සීතාවක ප‍්‍රාදේශීය සභාවට පිළිගත් දේශපාලන පක්‍ෂ 6ක්, හෝමාගම ප‍්‍රාදේශීය සභාවට පිළිගත් දේශපාලන පක්‍ෂ 5ක් සහ ස්වාධීන කණ්ඩායම් 3ක්, කොටිකාවත්ත මුල්ලේරියාව ප‍්‍රාදේශීය සභාවට පිළිගත් දේශපාලන පක්‍ෂ 6ක් වශයෙන් තරඟ කරන බව ද දිස්ත‍්‍රික් ලේකම්වරයා පැවසීය.
මෙම නාමයෝජනා සඳහා විරෝධතා 42ක් ඉදිරිපත් වී තිබූ අතර එයින් පිළිගනු ලැබූයේ කැස්බෑව නගර සභාව සඳහා ස්වාධීන කන්ඩායමක් ඉදිරිපත් කරනු ලැබූ නාමයෝජනා පත‍්‍රයට එරෙහිව ඉදිරිපත් වූ විරෝධතාව පමණක් බව ද හෙතෙම ප‍්‍රකාශ කළේය.
නොරෝච්චෝල ලක් විජය බලාගාරයේ සේවකයින් පිරිසක් හදිසියේ උණ හා අනිකුත් රෝග ලක්ෂණ පෙන්නුම් කිරිමත් සමග අදාල සේවක පිරිස වෛද්‍ය පරික්ෂණ සදහා යොමු කර රාජකාර
බීමත් රියදුරන් සහ රථවාහන වැරදි සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයින පුරා පැය 24ක් තුළ සිදුකළ මෙහෙයුමෙන් බීමත් රියදුරන් 245දෙනෙකු අත්අඩංගුවට
පාතාල සාමාජිකයෙකු වන ‘වැල්ලේ සාරංග’ නැමැත්තා රුපියල් ලක්ෂ 15 ට අධික අයිස් මත්ද්‍රව්‍ය හා හොරොයින් සමග අද(09) මෝදර රොක්හවුස් පටුමග ප‍්‍රදේශයේදී අත්අඩංගු
ඩුබායි හි හෝටලයක පැවති උපන්දින සාදයක් අතරතුර මාකදුරේ මධුෂ් ඇතුළු පිරිසක් සමග එරට පොලිස් අත්අඩංගුවට ගෙන සිට පිටුවහල් කිරීමෙන් පසු කටුනායක ගුවන් තොට
හෙරොයින් මත්කුඩු පැකට් 36ක් සමඟ අඹුසැමි යුවළක් ගල්කිස්සේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.
ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින පාතාල නායක මාකඳුරේ මධුෂ් නැමැත්තා මේ සතිය ඇතුළතදී ලංකාවට පැමිණීමට නියමිතව ඇතැයි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දීලීප පී
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කොළඹ පළාත් පාලන ආයතන 10ක් සඳහා නම් දෙයි